The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කෝවිඩ්-19 පාලනයට සහ ජීවිත ආරක්ෂාවට කුසල් පෙරේරාගෙන් සැලැස්මක්

T

The Leader Desk

May 6, 2021 • 2:53 PM

කෝවිඩ්-19 පාලනයට සහ ජීවිත ආරක්ෂාවට කුසල් පෙරේරාගෙන් සැලැස්මක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෝවිඩ්-19 ව්‍යාප්තිය පාලනයට සහ ජීවිත ආරක්ෂාවට “රෝග නිවාරණ ප්‍රජා සෞඛ්‍ය සේවා” වැඩසටහනක් වහා සමාජය හමුවේ තැබිය යුතු බව ප්‍රකට සමාජ ක්‍රියාකාරීකයකු අවධාරණය කර සිටියි.
  •   ඔහු විසින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනය පහත පළවේ.
  •     ''අප සියල්ලන් දන්නා පරිදි, දරුණු කෝවිඩ්-19 වයිරස් තෙවන රැල්ලකට අපි ගොදුරුව සිටිමු.
  • එය මේ වනවිට සියලු දිස්ත්‍රික්ක වෙත ව්‍යාප්තව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
දරුණු කෝවිඩ්-19 වයිරස් තෙවන රැල්ලකට ශ්‍රී ලංකාව ගොදුරුව සිටින බව පෙන්වා දෙමින් මාධ්‍ය නිවේදනයක් හරහා එම අවධාරණය කර ඇත්තේ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයකු මෙන්ම දේශපාලන විචාරකයකු වන කුසල් පෙරේරා යි.
 
මෙය වහා ජනතාව හමුවේ තැබිය යුතු සැළසුමක් බව පවසන කුසල් පෙරේරා,  පී.සී.ආර් පරීක්ෂණ වැඩි කිරීමටත් ඇඳන්, ඔක්සිජන්, දැඩි ප්‍රතිකාර ඒකක පහසුකම් වැඩි කිරීමට කෙරෙන යෝජනා ජනතාව මත පටවා ඇති අර්බූදය හමුවේ ක්ෂණිකව ඉටු කළ යුතු අවශ්‍යතාවන් වුවත්, ඒවා මේ වසංගත රැල්ල පාලනය කිරීමට විසඳුම් නොවන බව ද අවධාරණය කර සිටියි.
 
ඔහු විසින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනය පහත පළවේ.
 
alta libre aspect ratio default 0
 
''අප සියල්ලන් දන්නා පරිදි, දරුණු කෝවිඩ්-19 වයිරස් තෙවන රැල්ලකට අපි ගොදුරුව සිටිමු. එය මේ වනවිට සියලු දිස්ත්‍රික්ක වෙත ව්‍යාප්තව ඇත. කොළඹ දිස්ත්‍රික්කය වඩාත්ම බලරපතල යැයි කියනු ලැබේ.
 
 අවුරුද්දක පමණ කාලයක් පුරා බිඳ වැටෙමින් ඇති ආර්ථිකයෙහි කෝවිඩ්-19 විසින් සමාජ ජීවිතයද බරපතල බලපෑමකට ලක් කර ඇත.
 
සිංහල-දෙමළ අළුත් අවුරුද්ද වන විට කෝවිඩ් මරණ 604 ක් පමණ වූ අතර, මේ වන විට එය 700 ඉක්මවා ඇත. 
 
මැයි මාසය ආරම්භ වූයේ ආසාදන සංඛ්‍යාද ඉහළ දමමින් ය. මැයි මස 03 වන දිනය වනවිට දෛනික ආසාදන සංඛ්‍යාව 1,923 ක් විය. බොහෝ හේතු වෙනුවෙන් දැන් අපට සෞඛ්‍යාරක්ෂණ පිළිවෙත වෙනස් කරන්නට බල කෙරෙන්නේය. 
  
එළැඹෙන සිංහල-දෙමළ අළුත් අවුරුදු උත්සව, සාප්පු සවාරි ආදිය සමග ඊළග කොව්ඩි රැල්ල කලින් දෙවරටම වඩා බරපතල විය හැකි යැයි අනාවැකි තිබිණ. 
 
එහෙත් සමාජ වගකීම් පැහැර හැරීම් මොනවට ප්‍රදර්ශනය විය. 
 
නාගරික වත් පොහොසතුන් නුවර එළියේ අවුරුදු සැණකෙළි සමගින් නිවාඩු ගත කරන්නට බුරුතු පිටින් ගියහ. 
 
සිංහල බෞද්ධ බැතිමතුන් ශ්‍රී පාද වන්දනාවේ ගියහ. 
 
වත්මන් ආණ්ඩුවේ නායකයින් ප්‍රධාන අමුත්තන් ලෙස සහභාගි වූ රාජ්‍ය උත්සවද පැවතින. 
 
එහෙත් කෝවිඩ්-19 සීඝ්‍රයෙන් පැතිරීම පිළිබඳව දොස් පවරනු ලැබූයේ සාමාන්‍ය ජනතාවට ය. සෞඛ්‍යාරක්ෂක මාර්ගෝපදේශ කඩ කළැයි අත්අඩංගුවට ගනු ලැබුවේද ඔවුන්ව ය.
 
මෙය විශේෂයෙන් අවධාරණය කළ යුත්තකි. කෝවිඩ්-19 පාලනය සඳහාවන විශේෂ කාර්යසාධන කමිටුව මගින් කොළඹ සිට තීන්දු ගැනීම සහ විධාන ලෙස සෞඛ්‍යාරක්ෂක මාර්ගෝපදේශ නිකුත් කිරීමත් බොහෝවිට ඒවා පොලීසියේ සහාය ඇතිව ක්‍රියාත්මක කිරීමත් නිසා ජනතාව හා කෝවිඩ් පාලනය අතර අනවශ්‍ය විභේදනයකට හේතුවී ඇත.
  
 ක්‍රියාත්මක කරන්නන් සම්බන්ධව විශ්වාසයක් තහවුරු නොවන හෙයින් ඇතැමුන් නිවැරදි තොරතුරු දීමට අකමැති අතර තවත් අය ප්‍රතිකාර ගැනීමෙන්ද වැළකීමට උත්සාහ දරති.
 
පසුගිය අවුරුද්දේ මාර්තු මස ආරම්භ වූ පළමු රැල්ල මැයි මාසයේ අවසන් විනැයි වාර්තා කෙරුණු පසු ජනතාව මත දොස් පැවරීම් හැරුණු විට අපි දෙවන කෝවිඩ් රැල්ලටද මුහුණ දෙන්නෙමු.
 
 මාස 09 ක් ඇතුළත මේ දෙවන රැල්ල පළමු රැළි දෙකටම වඩා අනතුරුදායක ය. 
 
 
 
පාසල් ඇරීම සහ වැසීම මහා අවුලකි :
 
sCHOOL Covid
 
රජයේ සහ පෞද්ගලික පාසල් ඇරීම සහ වැසීම සරළව කිවහොත් මහා අවුලකි. 
 
මිලියන 4.5 ක පමණ සිසු සිසුවියන් ගේ අනාගතය විනාශ කෙරුණකි. 
 
කිසිදු පූර්ව සූදානමක් හා සැළසුමක් නොමැතිව ළමුන් හා ගුරුවර ගුරුවරියන් මත පැටවූ “ඔන්ලයින් ඉගැන්වීම” දරාගත නොහැකි විනාශයක්ව ඇත. 
 
විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනද එවැනිමය.
 
විධිමත් ආර්ථිකයෙහි හාම්පුතුන් කෝවිඩ්-19 වසංගතයට මුවාවී සේවක සංඛ්‍යා අඩු කරන්නට උත්සාහ කිරීම සමග සේවක සේවිකාවෝ රැකියා අනාරක්ෂිතතාවකට මුහුණ දෙන්නාහ. 
  
හාම්පුතුන් තම කර්මාන්ත ශාලාවල සෞඛ්‍යාරක්ෂිත පියවර නොගැනීම හේතුවෙන් රැකියාවේ අනාරක්ෂිත භාවය තවත් වැඩිවී ඇත. 
 
බොහෝ අවස්ථාවන්හි සැළකිය යුතු සේවක සංඛ්‍යා ආසාදනය වීමෙන් කටුනායක, කොග්ගල ඇතුළු තවත් ප්‍රදේශයන්හි කර්මාන්ත ශාලා වැසීමේ අවදානමකටද මුහුණදී ඇත. තවත් සමහර ප්‍රදේශවල කර්මාන්ත ශාලා වැසීමට ප්‍රදේශවාසීන් බලකර ඇත.
 
covid bandex
 
ග්‍රාමීය ආර්ථිකය දැන් යාන්තමින් පවතින්නකි.  ප්‍රවාහනය අඩාලව ඇත. 
 
ඒ සමග ඉරිදා හා සති පොළවල්ද ඇහිරී ඇත. ඒවාට පැමිණෙන වෙළඳුන් හා පාරිබෝගිකයින්ද අඩුවී ඇත. බෝග එකතුකරන්නන්ද දැන් ගමට පැමිණීම දුලබය. ඒ සමග ගමේ මුදල් සංසරණය පහත වැටී ඇත.
 
සීඝ්‍රයෙන් ඉහළ යන ආසාදන හා මරණ සංඛ්‍යා විසින් සියලු රෝහල් සේවක සේවිකාවන් අතිශය බරපතල ආතතියකට ගොදුරුකර ඇත. 
 
ඒ සමග මානව සම්පත් හා අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක්ද වර්ධනය වන්නේය.
 
 තව තවත් රෝහල් ඇඳන්, වායුකරණ යන්ත්‍ර, ඔක්සිජන් සහ දැඩි සත්කාර ඒකක පහසුකම් අවශ්‍යයැයි වන වාර්තා විසින් සමාජයේ අවිනිශ්චිත බවක් වර්ධනය කරන්නේය. 
 
ඒ අතර එන්නත් ලබාදීම ගැන ඇත්තේද අවුල් සහගත තත්ත්වයකි. 
 
කෝවිඩ් පාලනය යනු වැඩිවන ආසාදිත සංඛ්‍යා සඳහා රෝහල් ප්‍රතිකාර ලබාදීමට පියවර ගැනීම නොවේ. එය සමාජයෙහි ආසාදනය වන සංඛ්‍යා දැඩිව පාලනය කරමින් රෝගීන් අවම කිරීම ය.
  
ඒ සඳහා අප “රෝග නිවාරණ ප්‍රජා සෞඛ්‍ය සේවා” වැඩසටහනක් වහා ජනතාව හමුවේ තැබිය යුතුය. 
 
එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී යටතේ ක්ෂේත්‍ර සෞඛ්‍ය සේවක සේවිකාවන් විසින් සක්‍රීයව ක්‍රියාත්මක කරන්නකි. 
 
ඒ වෙනුවෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය “ප්‍රාදේශීය කෝවිඩ් පාලන ඒකකය” ලෙස තහවුරු කළ යුතුව ඇත.
 
MOH
එවැනි “ප්‍රජා සෞඛ්‍ය සේවා” වැඩසටහනකට මහජන සෞඛ්‍ය පරීක්ෂක හා පවුල් සෞඛ්‍ය සේවිකාව අත්‍යාවශ්‍ය දෙපළකි. ඔවුන්ගේ සහායට ග්‍රාම නිලධාරීද හවුල් කළ යුතුව ඇත. 
 
ප්‍රදේශයේ කෝවිඩ් පාලනයේ වගකීම් සියල්ල ඔවුන්ට පැවරිය යුතු ය.
 
 ප්‍රදේශයේ ජනතාව ඔවුන් හැම හඳුනන්නාහ. නිවැරදි තොරතුරු ලබා ගැනීමේදී තමන් හා ගනුදෙනු කරන නිලධාරීන් ගැන ජනතාව තබන්නාවූ විශ්වාසය අතිශය වැදගත් ය.
 
“රෝග නිවාරණ ප්‍රජා සෞඛ්‍ය සේවා” වැඩසටහන සමග සවිස්තරාත්මක ක්‍රියාකාරකම් සැළසුමක්ද තිබිය යුතුය. එය ප්‍රජා සෞඛ්‍ය සේවය පිළිබඳ විශේෂඥයින් කිහිප දෙනෙකු විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂක හා පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ වෘත්තීය සමිති නියෝජනයක්ද සමගින් සැකසිය යුත්තක් යැයි මම කියමි. 
 
 
යෝජනා කිහිපයක් :
 
ඒ සඳහා මා ඉදිරිපත් කරන යෝජනාවට පහත කරුණු කාරණා ඇතුළත් විය යුතුව ඇත.
 
01. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල “ප්‍රාදේශීය කෝවිඩ් පාලන ඒකක” ලෙස තහවුරු කළ යුතුව ඇත. තම බල ප්‍රදේශයෙහි සියලු නිවාස (දළ වශයෙන් නිවාස 1,000 ත් 1,500 ත් අතර) නියාමනය කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හා පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට බාර කළ යුතුය.
 
 
02. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සියලු ක්ෂේත්‍ර සේවක සේවිකාවන්ට ආරක්ෂණ උපකරණ, මුහුණු ආවරණ හා අවශ්‍ය සියලු සම්පත් ලබා දිය යුතුය. 
 
 
03. දෛනික වැඩ ප්‍රමාණය හා අවදානම සළකා දිරි ගැන්වීමක් ලෙස ඔවුන් සැමට රුපියල් 5,000 ක විශේෂ දීමනාවක් ගෙවිය යුතුය. 
 
 
04. දිස්ත්‍රික්කයේ සමාජ ආර්ථික පැවැත්ම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා දිස්ත්‍රික්කයේ සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහාය ඇතිව දිස්ත්‍රික් ලේකම් යටතේ අධික්ෂණය හා නියාමනය කළ යුතුය.
 
 
05. ලබන ජුනි 01 වන දින සිට ඉදිරි 06 මසක කාලය සඳහා පාසල් විවෘතකර පවත්වාගෙන යාම සඳහා විශේෂ වැඩසටහනක් එයට ඇතුළත් විය යුතු අතර, රජයේ සේවකයින්ට හා ගුරුවරුන්ට විශේෂ අවධානයක් ඇතිව පොදු මගී ප්‍රවාහන සැළසුමක්ද ඇතුළත් විය යුතුය.
 
 
06. පෞද්ගලික අංශයේ තම සේවක සේවිකාවන් සඳහා දිස්ත්‍රික්කය ඇතුළත ප්‍රවාහන පහසුකම් හාම්පුතුන් විසින් සංවිධානය කළ යුතුය.
 
 
07. දිස්ත්‍රික්කයට අදාල තොරතුරු හා දත්ත වහා යාවත්කාලීන කරමින් මහජනයාට ලබා ගත හැකි අයුරු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් දෛනිකව නඩත්තු කළ යුතුය.
 
  
කෙටියෙන් කියන්නේ නම්, මෙය වහා ජනතාව හමුවේ තැබිය යුතු සැළසුමකි. පී.සී.ආර් පරීක්ෂණ වැඩි කිරීමටත් ඇඳන්, ඔක්සිජන්, දැඩි ප්‍රතිකාර ඒකක පහසුකම් වැඩි කිරීමට කෙරෙන යෝජනා ජනතාව මත පටවා ඇති අර්බූදය හමුවේ ක්ෂණිකව ඉටු කළ යුතු අවශ්‍යතාවන් ය. එහෙත් ඒවා මේ වසංගත රැල්ල පාලනය කිරීමට විසඳුම් නොවන බව අවධාරණය කරමි. 
 
Kusal Perera(කුසල් පෙරේරා)
මාධ්‍යවේදී, දේශපාලන විචාරක හා සමාජ ක්‍රියාකාරී
 
 

 

 

 


 

THE LEADER TV 

චීන එන්නත අනුමත කළ හැටි රහසක්! තොරතුරු හෙළිකරන්න බෑ -NMRA

 

අපේ රට හැම පැත්තෙන්ම පහතට යනවා ස‘- මේක කාන්තාව ගැන කතාවක්!

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...