පහතරට වතුකරය ලෙස සැලකෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, නෙළුව, නියාගම, උඩුගම, නාගොඩ, බද්දේගම සහ ඇල්පිටියත්, මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය, කොටපොල, මොරවක පිටබැද්දර සහ අකුරැස්ස යන ප්‍රදේශත් ය.උඩරටට වඩා පහතරට වතුකරයේ තත්වය මේ වන විට යම් මට්ටමකට දියුණු ය. පාසල් මෙන් ම පෙරපාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන යන මේ සියලු පහසුකම් මෙම වතුවල පවතින අතර දරුවන් අනිවාර්යයෙන්ම පාසල් යැවිය යුතුය. සවස් කාලයට සමහර වතුවල පාසල් දරුවන් වෙනුවෙන් ටියුෂන් පන්ති පවා පැවැත්වේ. එම ගුරුවරුන්ට වැටුප් ලබාදෙන්නේ එම වතුයාය අයත් සමාගම මගිනි.
පිට පළාත්වලින් ඉඩකඩම් මිලදී ගෙන ගෙවල් සාදා විවාහයන් ද සිදුකරගෙන ඔවුන් ගත කරන්නේ වත්තේ ගතකළ ජීවිතය නොවේ.
වත්තෙන් පිට පාසල්වලට ගොස් උසස් අධ්‍යාපනය හදාරා ඉහළ රැකියාවන්වල නිරතව හිඳින වතු දෙමළ දරුවෝ බොහෝ වෙතිවත්තේ කම්කරුවකුට ලැබෙන දෛනික වැටුප දැනට රුපියල් එක්දහස් එකසිය පනහකි. නමුත් පිට වැඩට ගියොත් ඔවුනට ඊට වඩා වැඩි මුදලක් සොයාගත හැකිය. මෙසේ වත්තෙන් පිට නොයෙකුත් කුලී වැඩවලට යාම ඔවුන් හඳුන්වන්නේ "ගොඩේ වැඩට යනවා" යනුවෙනි. වත්තේ ලයිම්වල පදිංචිවී සිටින කම්කරුවන් පිට වැඩවලට යන්නේ එහි නිලධාරීන්ට හොර රහසේ ය. නමුත් වත්තෙන් පිට පදිංචි වී සිටින කම්කරුවන්ට එවැනි තහංචි කිසිත් නැත. ගොඩේ වැඩ කිරීමෙන් රුපියල් එක්දහස් එකසිය පනහකට වඩා ඉතා පහසුවෙන් ඔවුනට දෛනිකව ඉපයිය හැකිය. තේ වැවෙන පළාත්වල පෞද්ගලික තේ ඉඩම් ඕනෑ තරම් තිබේ. මේවායෙහි දළු කැඩීම, වතු එළිපෙහෙළි කිරීම වැනි කුලී වැඩ තිබෙන අතර ඒ හැරුණු විට මේසන් බාස්ලාට අත්වැඩ කිරීම ආදී නොයෙකුත් කුලී වැඩ මේ ගම් පළාත්වල හිඟයක් නැත. තවත් සමහර වතු කම්කරුවන් වත්තේ "අත්තම" දහවල් 2.00ට පමණ අවසන් වූ පසු තවත් අත්තමකට පිට වැඩට යයි. මෙහි අත්තම යනුවෙන් හඳුන්වන්නේ දවසේ කරනු ලබන වැඩ ප්‍රමාණයයි. වත්තේ අත්තමකට ගෙවන්නේ රුපියල් 1150 ක් වුවද, පිට අත්තමකට ගොස් ඔවුහු රුපියල් දෙදහසක් පමණ උපයා ගනිති. සමහරු උදේ වත්තේ වැඩට ගොස් සවසට ෆැක්ටරියේ දළු හලන්නට යති.
වතුකරයේ කම්කරු ජනතාවට ස්ථිර නිවාස සාදා දීමේ වැඩපිළිවෙළකට අනුව සාදන ලද එක් නිවාස ව්‍යාපෘතියක ඔවුනට අයිතිය පවරාදුන් පසුවත් එහි පදිංචියට ගොස් ලැයිමේම රැඳුණු පවුල් බොහෝ ය.
කඳුකරයේ වතු කම්කරුවන් මෙන්ම පහතරට වතු කම්කරුවන් අතර ද සුරාපානය බහුල යකඳුකරයේ වතු කම්කරුවන් මෙන්ම පහතරට වතු කම්කරුවන් අතර ද සුරාපානය බහුල ය. සමහර කම්කරුවන් උදේ අත්තම අවසන් කර සවසට තවත් අත්තමකට ගොස් උපයා ගන්නා මුදල මුළුමනින්ම පාහේ වැය කරන්නේ මත්පැන්වලට ය. නමුත් ඔවුන් සීල් අරක්කු ලෙසින් සාමාන්‍ය ජනතාව හඳුන්වන නීත්‍යානුකූල මත්පැන් භාවිතා කරන්නේ නැති තරම් ය. ඒවා මිල අධික බැවින් ගම් මට්ටමින් පෙරනු ලබන විවිධ මත්පැන් වර්ග මොවුහු භාවිතයට ගනිති. මේ අතර පහතරට වතුකම්කරුවන් අතරේ වඩාත් ප්‍රචලිත මත්පැන් වර්ගයක් වන්නේ කරිඤ්ඤා ය. මෙය සීනි පල් කර පෙරා ගන්නා මත්පැන් විශේෂයකි. කඳුකරයේ දෙමළ කම්කරු කාන්තාවන් තරමටම පහතරට වතුකරයේ දෙමළ කම්කරු කාන්තාවන් මත්පැන් පානය නොකළත් ඔවුන් අතරද මත්පැන් ප්‍රචලිත නැත්තේ නොවේ. කඳුකර දෙමළ කම්කරු කාන්තාවන්ට මෙන් මොවුන්ටද මත්පැන් පානය බොහෝවිටම හුරු කරන්නේ මත්පැන්වලට ඇබ්බැහි වී සිටින ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් ය.
සබැඳි ලිපි :
නොරට සිට ආ මුතුන් මිත්තෝ (18) : සිලෝන් ටීවලට කුමක් වෙයි ද? - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (17) : තුන් වේලට කෑම වෙනුවට බීම (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (16) : "දරුවන් වෙනුවෙන් හීන දුටු වල්ලි අම්මා (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (15) : "සාරායන් ටිකක් නොගහ මේකි එක්ක දීග කෑම නම් බොරු" (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (14) : ඔය මිනිස්සුන්ට මොකටද කරන්ට් එක ? (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (13) : රුපියල් අසූවක දුම්රිය ප්‍රවේශ පත්‍රයකින් ඉන්දියාවට (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (12) : උපන් බිමට හිමිකම් නොලද උපන් බිමේ අසරණයෝ (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (10) : වතුකර දෙමළ ජනතාව ඉන්දියාවට භාර ගැනීමට කැමැත්ත - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (9) : දෙමළ බෙදුම්වාදයට පාර කැපෙයි - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (8) : වතු දෙමළ ජනතාවගෙන් ලක්ෂ 8කට පුරවැසිභාවය අහිමියි - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (7) : දකුණු ඉන්දීය ශ්‍රමිකයන්ට ඩී. එස්. ගෙන් කෙනෙහිලි - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (6) : අපෙන් බදු මුදල් ! සුද්දන්ගෙන් පාරවල් !! - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (5) : මාතලේ කුලදෙවියන් පිදූ තැන දේවතාවියක් - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (4) : සිලෝන් ටී වෙනුවෙන් ඔවුහු දිවි පිදූහ - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (2): සිංහලයන්ට කටඋත්තර නැති කළ සුද්දෝ (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන්මිත්තෝ : ලංකාවට කම්කරුවන් සොයා ඉන්දියාවේ පෝස්ටර් (ඉන්දු පෙරේරා)



