The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කොවිඩ් 19 : කාන්තාවන් බස් කොන්දොස්තරට-ත්‍රීවීල් රියදුරුට දුරකතන අංකය දිය යුතුද?

T

The Leader Desk

October 16, 2020 • 5:28 AM

කොවිඩ් 19 : කාන්තාවන් බස් කොන්දොස්තරට-ත්‍රීවීල් රියදුරුට දුරකතන අංකය දිය යුතුද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොදු ප්‍රවාහන සේවයේ සහ කුලීරථ වල යන මගීන්ගේ පෞද්ගලික තොරතුරු
  • UNFPA එක කියන විදියට ලංකාවෙ කාන්තාවන්ගෙන 80% වැඩි පිරිසක් පොදු ප්‍රවාහනයේදී කිසියම් හෝ අතවරයකට පත්වෙලා තියෙනවා.
  • මගෙ කාන්තා යාලුවෝ 10 ක් ගත්තොත් හත් අට දෙනෙක්වත් අනිවාර්යයෙන්ම නන්නාදුනන ත්‍රීවීල් රියදුරන්ගෙන් අඩුම ගානේ කුණුහරපයක් හරි අහල තියෙනවා.
  • ඇත්තටම සිද්දවෙලා තියෙන්නේ පොදු ප්‍රවාහනයේදී හෝ කුලීරථ වලදී අතවරයට හා හිංසනයට (වාචිකව හෝ) පත්වෙන එක එදිනෙදා සත්‍යක් බවට පත්වෙලා, කාන්තාවනුත් 'කාටවත් කියල තේරුමක් නෑ' කියල හිතල සද්ද නැතුව ඉන්න පුරුදු වෙමින් ඉන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):

එකතුකරල තියාගන්න කියල සෞඛ්‍ය අංශවල උපදෙස් මත ආරක්ෂක අංශවලින් මහජනතාව දැනුවත් කලා.

ප්‍රවාහන අමාත්‍යාංශය ඊට අවශ්‍ය සහය දෙනව කීව.

ලංකාවේ ත්‍රීරෝද රථ සංගමයත් ඊට සහය පලකරල තිබ්බා.

ඔය සේරම අස්සෙ ඊයෙ නිවුස් එකකුත් තිබ්බා කොරෝනා ආසාධනය වුන පුද්ගලයන් ගමන් කරන බස් හයක් ප්‍රවාහන අමාත්‍යාංශය හදුනාගත්තා කියල.

දැං ඒ බස් වල ගිය අයට ස්වයං නිරෝධායනය වෙන්න පුලුවන්, අවශ්‍ය වුනොත් ටෙස්ට් කරන්නත් පුලුවන්.

 

අර්බුදය ඒක නෙමෙයි.

ඊයෙ සමාජමාධ්‍ය වල ලොකු සාකච්ඡාවක් ගොඩනැගුනා, බස්වල කොන්දොස්තරලා බස් එක වටේම CR පොතක් යවනවා නම, දුරකතන අංකය හා ලිපිනය ලියන්න කියල.

ඒවයේ පෞද්ගලික තොරතුරු ලියල යවපු සමහර ගෑණු ළමයින්ට නාදුනන පුද්ගලයන්ගෙන් කුණුහරප SMS සහ කෝල් ඇවිත් තිබුණා.

UNFPA එක කියන විදියට ලංකාවෙ කාන්තාවන්ගෙන 80% වැඩි පිරිසක් පොදු ප්‍රවාහනයේදී කිසියම් හෝ අතවරයකට පත්වෙලා තියෙනවා.

දැං දුරකතන අංකයත් වටේ යවන්න වෙලා.

ඊලග ප්‍රශ්නෙ තමයි ත්‍රීවීල්.

දැන් එයාලටත් දුරකතන අංකය දෙන්න ඕන.

මගෙ කාන්තා යාලුවෝ 10 ක් ගත්තොත් හත් අට දෙනෙක්වත් අනිවාර්යයෙන්ම නන්නාදුනන ත්‍රීවීල් රියදුරන්ගෙන් අඩුම ගානේ කුණුහරපයක් හරි අහල තියෙනවා.

මේ තත්වය බොහොමයක් Uber සහ PickMe කැබ්වලටත් පොදුයි.

පැමිණිලි නොකර කරබාගෙන බැහැල යන එකෙන් කියවෙන්නෙ නෑ කාන්තාවන් මේ හැම තැනකදීම පීඩනයට ලක්වෙන එක අඩුවෙලා කියල.

ඇත්තටම සිද්දවෙලා තියෙන්නේ පොදු ප්‍රවාහනයේදී හෝ කුලීරථ වලදී අතවරයට හා හිංසනයට (වාචිකව හෝ) පත්වෙන එක එදිනෙදා සත්‍යක් බවට පත්වෙලා, කාන්තාවනුත් 'කාටවත් කියල තේරුමක් නෑ' කියල හිතල සද්ද නැතුව ඉන්න පුරුදු වෙමින් ඉන්නවා.

Weelපැමිණිලි නොකර කරබාගෙන බැහැල යන එකෙන් කියවෙන්නෙ නෑ
කාන්තාවන් මේ හැම තැනකදීම පීඩනයට ලක්වෙන එක අඩුවෙලා කියල.

 

ආරක්ෂාව Vs පෞද්ගලිකත්වය :

මම මේ ගැන මුලින්ම ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගමව දැනුවත් කලා.

ඊට පස්සේ බැසිල් රාජපක්ෂ මහත්මයාව දැනුවත් කලා.

 ඊටත් පස්සේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයාව දැනුවත් කලා.

තුන් දෙනාටම මේ කාරණය හොදින්ම තේරුණා.

මේ වෙලාවේ ආරක්ෂාව Vs පෞද්ගලිකත්ව කියන කාරණාවේදී මුල්තැන දෙන්නෙ මොකේටද කියල තමා තුන්දෙනාම මගෙන් ඇහුවේ.

 පෞද්ගලික තොරතුරු වෙනුවට ID අංකය හරි සටහන් කරල තියාගන්න ක්‍රමයක් අවශ්‍යයි නේද කියල තුන්දෙනාම මගෙන් ඇහුවා. ඔව් එකගයි. හැබැයි CR පොත් වල නෙමෙයි.

 

තාක්ෂණික පිළිතුරක් නැද්ද?

"රටේ ආරක්ෂාව Vs පෞද්ගලිකත්වය Vs පෞද්ගලික සෞඛ්‍ය ආරක්ෂාව" (විශේෂයෙන්ම කාන්තාවන්ගේ) ගැන ඇතිවෙලා තියෙන මේ සංවාදයට තාක්ෂණික පිළිතුරක් නැද්ද?

අපිට බැරිද SMS Code එකක් හදුන්වා දෙන්න, බස් එකට වීල් එකට නගින කොට ඒ වාහනේ අංකය / වෙලාව සහ තමුන්ගෙ ID අංකය SMS කරන්න පුලුවන්.

එතකොට කවදහරි අවශ්‍යවෙලාවක සෞඛ්‍ය හෝ ආරක්ෂක අංශවලට ඒ බස් එකේ අංකය සහ වෙලාව ගැහුවම ගිය හැමෝගෙම තොරතුරු එක තැනක තියෙනවා.

එහෙම නැත්නම් වෙන විදියක තාක්ෂණික විසදුමක් ඔබට යෝජනා කරන්න පුලුවන්.

 ඩයලොග් Dialog Axiata මොබිටෙල් Mobitel වගේ අයටත් අලුත් දෙයක් යෝජනා කරන්න පුලුවන්.

ඔය SMS එක free කරන්නත් පුලුවන්.

ප්‍රායෝගික යෝජනාවක්/විසදුමක් ආවොත් ඒක රජයේ අදාල අංශවලට යොමුකරවල ක්‍රියා කරවන්න මහන්සිවීමේ වගකීම මම භාරගන්නවා.


Milinda Rajapaksha(මිලින්ද රාජපක්ෂ)
කොළඹ නාගරික මන්ත්‍රී
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

Milinda.rajapaksha@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...