The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

19 අහෝසි කිරීම දේශපාලන මිලේච්ඡත්වය කරා ආපසු යාමක් - රජිත් කීර්ති තෙන්නකෝන්

T

The Leader Desk

August 26, 2020 • 9:33 AM

19 අහෝසි කිරීම දේශපාලන මිලේච්ඡත්වය කරා ආපසු යාමක් - රජිත් කීර්ති තෙන්නකෝන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 19 වන සංශෝධනය අහෝසි කරන්නට කථා කරන උදවිය ලංකා දේශපාලන ශිෂ්ඨාචාරය ශිෂ්ඨත්වයෙන්, මිලේච්චත්වය කරා ගෙන යන්නට
  • හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සමීපතම හිතවතකු වන ඔහු එබව සඳහන් කාලේ රාජගිරියේ පැවති විද්වත් වෘත්තිකයින්ගේ රැස්වීමක් අමතමිනි.
  •   බලය ගොණු කර ගන්නා මිලේච්ඡත්වයෙන්, දේශපාලන ශිෂ්ඨත්වය කරා ලංකාවේ දේශපාලනය ගෙන ආවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය බව පෙන්වා දෙමින් ඔහු තවදුරටත් මෙසේද සඳහන් කළේය.
  • ''බලය ගොණු කර ගන්නා මිලේච්ඡත්වයෙන්, දේශපාලන ශිෂ්ඨත්වය කරා ලංකාවේ දේශපාලනය ගෙන ආවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යි.'' ''13 වන සංශෝධනය තුලින් බලය බෙදුවා.
අකුරු ප්‍රමාණය (Font Size):

උත්සහ කරන බලලෝභීන් පිරිසක් ලෙස ඉතිහාසයට එක්වනු ඇතැයි ද හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සමීපතම හිතවතකු වන ඔහු එබව සඳහන් කාලේ රාජගිරියේ පැවති විද්වත් වෘත්තිකයින්ගේ රැස්වීමක් අමතමිනි.

1978 ව්‍යවස්ථාව කෙටුම්පත් වූ දා පටන් ව්‍යවස්ථා සංශෝධන 19 න් 17  ක් ගෙනාවේ බලයේ සිටි පක්ෂයේ, නැත්තම් රාජ්‍ය නායකයාගේ බලය තහවුරු කර ගැනීම සඳහා බවත් 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අකමැත්තෙන් හෝ පළාත් වලට බලය බෙදු බවත් සිහිපත් කල තෙන්නකෝන්, ''19 සංශෝධනයෙන් ජනාධිපතිවරයා සතු බලය අතහැරියා විතරයක් නෙවෙයි, අධිකරණය, පාර්ලිමේන්තුව හා විධායක අතර තුලන හා සංවරණ ක්‍රමයක් ඇති කළා. '' යයි ද අවධාරණය කර සිටියේය.  

බලය ගොණු කර ගන්නා මිලේච්ඡත්වයෙන්, දේශපාලන ශිෂ්ඨත්වය කරා ලංකාවේ දේශපාලනය ගෙන ආවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය බව පෙන්වා දෙමින් ඔහු තවදුරටත් මෙසේද සඳහන් කළේය.

''බලය ගොණු කර ගන්නා මිලේච්ඡත්වයෙන්, දේශපාලන ශිෂ්ඨත්වය කරා ලංකාවේ දේශපාලනය ගෙන ආවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යි.''

''13 වන සංශෝධනය තුලින් බලය බෙදුවා. හැබැයි අද පළාත් සභාවක් නෑ.  ඡන්ද ක්‍රමය පිළිබඳ ගැටළුවක් ඉස්සරහට දාලා පළාත් සභා අක්‍රීය කර තිබෙනවා.  කොමිෂන් සභා නිසා ලංකාවේ දේශපාලනය දේශපාලනඥයින්ගෙන් මිදිලා ශිෂ්ඨත්වයේ මාර්ගයට පැමිණියා.

18 වන සංශෝධනයට අත උස්සපු, බලලෝභී දේශපාලනඥයින් අද 19 අහෝසි කරලා ලංකාවේ දේශපාලනය ශිෂ්ඨත්වයෙන්, මිලේච්ඡත්වය කරා දක්කන්න හදනවා.

අද වසර 4 ½ ක් යන තුරු මහජන ඡන්දයෙන් පත්වන ආණ්ඩුවක් විසිරුවා හරින්නට බෑ.  2015 වසර දක්වාම මහජන ඡන්දයෙන් පත්වන පාර්ලිමේන්තුවක් වසරක් යන තුරු විසිරුවා හරින්න බෑ කියලා නියමයක් තිබුණා.  අද ජනාධිපතිට කැමති වෙළාවක පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය දෙන්න අධිකරණ ඇමති අලි ෂබ්රි ව්‍යවස්ථා හදනවා.

Sabry Gotabaya courtජනාධිපතිට කැමති වෙළාවක පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය දෙන්න
අධිකරණ ඇමති අලි ෂබ්රි ව්‍යවස්ථා හදනවා. එයින්,
අගමැති මහින්දගේ ආණ්ඩුව කැමති වෙලාවකට විසරුවාහරින්න
ජනාධිපති ගෝඨාභයට බලය දෙන්න හදනවා.  මේක අශිෂ්ඨ වැඩක්.  දේශපාලන නරුමකමක්.

අගමැති මහින්ද ගේ ආණ්ඩුව කැමති වෙලාවකට විසරුවාහරින්න ජනාධිපති ගෝඨාභයට බලය දෙන්න හදනවා.  මේක අශිෂ්ඨ වැඩක්.  දේශපාලන නරුමකමක්. මහාචාර්ය ජී.එල්. පීරිස් 19 වන සංශෝධනය පතුරු ගහනවා දැක්කා.  ජී.එල්. වගේ ‘ශ්‍රාස්ත්‍රීය වංකයෙකුගෙන්‘ එයට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ''

19 අහෝසි කිරීමේ උත්සාහය පරාජය කිරීමට විද්වතුන්, වෘත්තිකයින්  පෙළ ගැසිය යුතු යි, නායකත්වය දිය යුතු යැයි ද හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් පැවසීය.

 

''කොහෙද ආණ්ඩුවට තුනෙන් දෙකක් තියෙන්නේ? ''

''ආණ්ඩුවට තුනෙන් දෙකක් තියෙනවා කියලා කියනවා.  ඇත්තටම ආණ්ඩුවේ පාර්ශවකරුවන් එකතුවුණාම තියෙන්නේ ආසන 150 යි.  කථානායක ඉවත්වුණාම තියෙන්නේ ආසන 149 යි.  මේ පාර්ලිමේන්තුවේ දැනට දිවුරුම්දීලා ඉන්නේ 223 යි.  ඉතින් කොහෙද ආණ්ඩුවට තුනෙන් දෙකක් තියෙන්නේ?  රටට ශක්තිමත්, ක්‍රියාශීලි  විපක්ෂයක් අවශ්‍යයි. විද්වතුන්ගේ දායකත්වය නැතිව එවැන්නක් අති වන්නේ නෑ.

BR''අද රටේ මතයක් තියෙනවා, බැසිල්ට පාර්ලිමේන්තුව එන්න 19 අහෝසි කරන්න හදනවා කියලා.''

අද රටේ මතයක් තියෙනවා, බැසිල් රාජපක්ෂ ට පාර්ලිමේන්තුවේ දොර අරින්න 19 අහෝසි කරන්න හදනවා කියලා.  ඊලඟ ආණ්ඩුවක අගමැති කරන්න ඔහු පාර්ලිමේන්තුවට ගේන්න අවශ්‍ය ‘ද්විත්ව පුරවැසි‘ ප්‍රශ්නය ලිහා ගැනීමට වැඩි දෙයක් 19 අහෝසි කිරීම තුල තිබෙනවා. '

මේ රටේ දේශපාලනයට ශිෂ්ඨත්වය ගෙනාපු ‘කොමිෂන් සභා අහෝසි කිරීමේ පාපකර්මයට අතගහන්න එපා කියලා මේ රටේ උගත්තුන්ට, වියතුන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කියනවා යැයි ද තෙන්නකෝන් පැවසීය.

සබැඳි පුවත් 

ශ්‍රීලනිපය මහජන මෙහෙයුමක් හරහා 2/3 කේවල් කිරීමේ සූදානමක!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...