The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගුණසේන මහානාම (1944 - 2023) අපේ ආචාරය !

T

The Leader Desk

June 6, 2023 • 10:40 AM

ගුණසේන මහානාම (1944 - 2023) අපේ ආචාරය !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු වසර 79ක ජීවිත කොටස තුළ කම්කරු පන්ති අරගලය වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටියෙකි.
  • ගාලු දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රදේශයේ උපත ලැබු ගුණසේන මහානාම 1962 දී ලිපිකරුවෙකු වශයෙන් අම්පාර, ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ රැකියාව හිමිවිය.
  • අනතුරුව 1967දී රජයේ ලිපිකරු සේවා සංගමයේ සාමාජිකත්වය ලබා ගත් මහානාම එතැන් සිට කම්කරු පංතියේ අයිතීන් දිනා ගැනිමේ අරගලයේ ප්‍රධාන පෙලේ ක්‍රියාකාරිකයෙකු බවට පත් වූ අතර ඒ සමග ලංකා සමසමාජ පක්ෂයේ සාමාජිකයෙකු බවටද පත් විය.
  • මහානාම අපට මුණ ගැසෙන්නේ සමසමාජ පක්ෂය තුල ධනපති සභාග දේශපාලනයට එරෙහිව වික්‍රමබාහු, සුමණසිරි සහ මා ඇතුලු පිරිසක් ගෙන ගිය අරගල යේදීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු වසර 79ක ජීවිත කොටස තුළ කම්කරු පන්ති අරගලය වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටියෙකි.

ගාලු දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රදේශයේ උපත ලැබු ගුණසේන මහානාම 1962 දී ලිපිකරුවෙකු වශයෙන් අම්පාර, ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ රැකියාව හිමිවිය. අනතුරුව 1967දී රජයේ ලිපිකරු සේවා සංගමයේ සාමාජිකත්වය ලබා ගත් මහානාම එතැන් සිට කම්කරු පංතියේ අයිතීන් දිනා ගැනිමේ අරගලයේ ප්‍රධාන පෙලේ ක්‍රියාකාරිකයෙකු බවට පත් වූ අතර ඒ සමග ලංකා සමසමාජ පක්ෂයේ සාමාජිකයෙකු බවටද පත් විය.

මහානාම අපට මුණ ගැසෙන්නේ සමසමාජ පක්ෂය තුල ධනපති සභාග දේශපාලනයට එරෙහිව වික්‍රමබාහු, සුමණසිරි සහ මා ඇතුලු පිරිසක් ගෙන ගිය අරගල යේදීය.

gmmඔහු 1975 ලසසප වාම කණ්ඩායම ගෙන ගිය දේශපාලන මතවාදයට ඔහු එක්වූ අතර ඒ සමග සභාග දේශපාලනයට එරෙහි අරගලය රජයේ ලිපිකරු සේවා සංගමය තුල දියත් කළ අතර එහි ප්‍රතිපලයක් ලෙස එන්.එම්., කොල්වින් ඇතුලු ලසසප නිල නායකත්වයේ කණ්ඩායමට එරෙහිව සටන් කරමින් 1977දී පැවති නිලවරණයේදී පී.ඒ.වනසිංහ කණ්ඩායම පරාජය කරමින් රජයේ ලිපිකරු සේවා සංගමයේ නායකත්වයට පත්විය.

එතැන් සිට රජයේ සේවය තුල ක්‍රියාත්මකවූ කාර්යාල කාර්ය සේවක සංගමය, රජයේ බෙහෙත් ගබඩාව, කොලොන්නාව රජයේ වැඩ දෙපාර්තමේන්තුව, ජනරජ සෞඛ්‍ය සේවක සංගමය හා රජයේ මුද්‍රණාලය වැනි සංගම් තුල ධනපති සභාග දේශපාලනයට එරෙහි අරගලය දියත් කරමින් එම වෘත්තිය සංගම් තුල සටන්කාමී නායකත්වයන් බලය අත්පත් කර ගැනීම සඳහා සටන් කල අතර එම සංගම් සියල්ලම අපගේ ලසසප නවනායකත්වය වෙත දිනා ගැනීම සඳහා ඔහු අති විශාල වැඩ කොටසක් ඉටු කරන ලදි. යු.ඊ.පෙරේරා, ධර්මබන්දු, සත්‍යපාල, නන්දසේන හා අමරදිවාකර වැනි සටන්කාමී වෘත්තිය සමිති නායකයින් සමග උරෙන් උර ගැටෙමින් පංති අරගලයේ නායකයින් ලෙස කටයුතු කිරීමට මහානාම පියවර ගනු ලැබීය.

උතුරේ දෙමළ ජනතාවගේ ස්වයංනිර්ණ අයිතිය වෙනුවෙන් සෘජු ස්ථාවරක පිහිටා කටයුතු කළ මහානාම රජයේ ලිපිකරු සේවා සංගමය සටන්කාමීන්ගේ පොදු මධ්‍යස්ථානය බව පත් කරන ලදි. 1980 ජූලි වැඩ වර්ජන තීන්දුව ගැනීමේදී මහානාම -  සවනදාසගේ නායකත්වය විසින් විශාල වැඩ කොටසක් ඉටු කරන ලදි. එපමණක් නොව වැඩ වර්ජනය පරාජය වීමෙන් අනතුරු වැඩවර්ජකයින් ආරක්ෂා කර ගැනීම සඳහා රජයේ ලිපිකරු සේවා සංගමය වශයෙන් විශාල මැදිහත් වීමක් කළ අතර වැඩ වර්ජකයින්ගේ පොදු මධ්‍යස්ථානය බවට රලිසේසයේ fදාරවල් විවෘත කිරීමට පිටවර ගනු ලැබුවේ මහානාමගේ නායකත්වයෙනි.

1986දී කොළඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා වූ දයා පතිරණ හා 1989 දී එහි නායකයා වූ කේ.එල්.ධර්මසිරි ජවිපෙ විසින් ඝාතනය කළ අවස්ථා වලදී එම අවමගුල් කටයුතු සඳහා එඩිතර නායකත්වයක් මහානාම ඇතුලු රලිසේසය විසින් ඉටු කළ බව පංති සටන් ඉතිහාසයේ සටහන්ව ඇත. එවැනි සටන්කාමී ඉතිහාසයකට උරුමකම් කියන ගුණසේන මහානාම ඔහුගේ ජීවිතයේ අවසාන කාලයේ ක්‍රියාත්මකවූයේ වමේ විප්ලවවාදී ව්‍යාපාරය උපදෙස් දෙන තනි පුද්ගල ක්‍රියාධරයෙකු වශයෙනි.

අවිවාහකයෙකු වූ ඔහු මිය යන තුරු පංති අරගලය සිය ජීවිතය බවට පත් කර ගත් ගුණසේන මහානාම සටන් සගයාට එක්සත් සමාජවාදී පක්ෂයේ ආචාරය.


(සිරිතුංග ජයසූරිය)
ලේකම්
එක්සත් සමාජවාදී පක්ෂය


 
 JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගුණසේන මහානාම (1944 - 2023) අපේ ආචාරය ! | The Leader