The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

1948 : පළමු 'නිදහස් දිනයේ' පත්තර මුල් පිටු

T

The Leader Desk

February 4, 2024 • 4:40 AM

1948 : පළමු 'නිදහස් දිනයේ' පත්තර මුල් පිටු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සියවස් ගණනාවක් තිස්සේ බටහිර ජාතීන්ගේ පාලනයට යටත් ව තිබූ ශ්‍රී ලංකාවට නිදහස හිමි වී මේ වසරේ පෙබරවාරි 4 වැනි අද දිනට වසර 76 කි.
  • දීර්ඝ කාලීන අරගල, සාකච්ඡා මෙන් ම ඉන්දියානු උප මහද්වීපයට නිදහස ලැබීමේ බලපෑම යන විවිධ හේතු නිසාවෙන් 1796 සිට බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් වූ ශ්‍රී ලංකාවට 1948 පෙබරවාරි 04 දින ඩොමීනියන් තත්වයේ නිදහසක් හිමි විය.
  • 'අද පටන් ලක්වැසියෝ ලෝකයේ නිදහස් ජාතීන්ට සමානයි' දිනපතා පළවන පුවත්පතක් වන දිනමිණ පුවත්පත 1948 පෙබරවාරි 04 දින පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය සඳහන් කර තිබුණේ ඉහත පරිදි ය.
  • එහි තවත් උප ශීර්ෂ යටතේ කරුණු වාර්තා කර තිබෙන අතර නිදහස සම්බන්ධයෙන් පුවත්පතේ පළකර ඇති වාර්තාවේ කොටසක උපුටා ගැනීමක් පහත දැක් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 np 6

 

සියවස් ගණනාවක් තිස්සේ බටහිර ජාතීන්ගේ පාලනයට යටත් ව තිබූ ශ්‍රී ලංකාවට නිදහස හිමි වී මේ වසරේ පෙබරවාරි 4 වැනි අද දිනට වසර 76 කි.

දීර්ඝ කාලීන අරගල, සාකච්ඡා මෙන් ම ඉන්දියානු උප මහද්වීපයට නිදහස ලැබීමේ බලපෑම යන විවිධ හේතු නිසාවෙන් 1796 සිට බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් වූ ශ්‍රී ලංකාවට 1948 පෙබරවාරි 04 දින ඩොමීනියන් තත්වයේ නිදහසක් හිමි විය.

එතැන් පටන් වසරක් පාසා නිදහස් උත්සවය සැමරීම සිදු කරනු ලබයි.

මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ වසර හැත්තෑ හයකට පෙර ශ්‍රී ලංකාව නිදහස ලැබූ ආකාරය එකළ මුද්‍රිත මාධ්‍ය විසින් වාර්තා කර තිබූ ආකාරයයි.

'අද පටන් ලක්වැසියෝ ලෝකයේ නිදහස් ජාතීන්ට සමානයි'

දිනපතා පළවන පුවත්පතක් වන දිනමිණ පුවත්පත 1948 පෙබරවාරි 04 දින පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය සඳහන් කර තිබුණේ ඉහත පරිදි ය. එහි තවත් උප ශීර්ෂ යටතේ කරුණු වාර්තා කර තිබෙන අතර නිදහස සම්බන්ධයෙන් පුවත්පතේ පළකර ඇති වාර්තාවේ කොටසක උපුටා ගැනීමක් පහත දැක් වේ.

"අද ලංකාව සම්පූර්ණ නිදහස් හා ස්වතන්ත්‍ර රාජ්‍යක් ලෙස කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, පකිස්තානය යන නිදහස් රාජ්‍ය අතර ස්ථානයක් ගන්නා බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවර සී. ආර්. ඇට්ලි මහතා ලංකාවට නිදහස ලැබීම නිමිත්තෙන් ලංකාවේ අග්‍රාමාත්‍යවර ඩී. ඇස්. සේනානායක මහතා වෙත එවන ලද පණිවුඩයේ සඳහන් වේ."

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සතුව ඇති පුවත්පත් අධ්‍යනය කිරීමේ දී, නිදහස් දිනයට මාස කිහිපයකට පෙර සිට ම ජාතික ධජය සම්බන්ධයෙන් පැවති විවාදයන් ද පුවත්පත් විසින් වාර්තා කර තිබුණු අයුරු නිරීක්ෂණය විය.

1948 පෙබරවාරි 04 දිනමිණ පුවත්පතේ මුල පිටුවේ ඒ වන විට සම්මත කරගෙන තිබූ ධජයේ රූපයක් ද ඇතුලත් කර තිබේ.

 

np 1

එමෙන් ම එම පිටුවේ ම "අමුත්තන් පිළිගැනීම" ශීර්ෂය යටතේ, නිදහස් උත්සවය වෙනුවෙන් බ්‍රිතාන්‍යයෙ පැමිණුනු අමුත්තන් වන ග්ලෝස්ටර්හි ආදිපාදවරයා ඇතුලු දූත කණ්ඩායම ඉදිරියේ රටේ ගෞරවය ආරක්ෂාවන අන්දමින් රටේ පුරවැසියන් හැසිරිය යුතු බව ද එහි සඳහන් ය.

 

සිරකරුවන් 1886කට නිදහස

පුවත්පත පුරා විවිධ ආයතන මුදල් ගෙවා නිදහස් උත්සවයට සුබපතා පළකළ දැන්වීම් රැසක් ද විය.

පුවත්පතේ සිවුවන පිටුවේ සඳහන් පරිදි නිදහස වෙනුවෙන් බන්ධනාගාරගත ව සිටි සිරකරුවන් 1886 දෙනෙකුට නිදහස ලබා දීමට ද කටයුතු කර ඇත.

එමෙන් ම එම පිටුවේ ම "අමුත්තන් පිළිගැනීම" ශීර්ෂය යටතේ, නිදහස් උත්සවය වෙනුවෙන් බ්‍රිතාන්‍යයෙ පැමිණුනු අමුත්තන් වන ග්ලෝස්ටර්හි ආදිපාදවරයා ඇතුලු දූත කණ්ඩායම ඉදිරියේ රටේ ගෞරවය ආරක්ෂාවන අන්දමින් රටේ පුරවැසියන් හැසිරිය යුතු බව ද එහි සඳහන් ය.

1948 පෙබරවාරි 05 වන දින දිනමිණ පුවත්පතේ පළමු පිටුවම පාහේ වෙන් වී ඇත්තේ නිදහස් උත්සවය පිළිබඳ වාර්තාවන්ට ය. අග්‍රාණ්ඩුකාරවයා විසින් නිදහස් චතුරස්‍රයේ දී දිවුරුම් දීමෙන් අනතුරුව ආරම්භ වූ නිදහස් උත්සවය පිළිබඳව ද එහි වාර්තා කර තිබේ.

එහි එක් ශීර්ෂ පාඨයක නිදහස් උත්සවය සම්බන්ධයෙන් පළ කර ඇත්තේ මෙසේ ය.

"කොළඹ නගරය එකම මගුල්ගෙයක් වැනි වීම

දස දීගුන් කනින් නාදකරමින් ඇරඹුණු නිදහස් උත්සවය"

ශ්‍රී ලංකාවේ ඒ වන විට පැනනැගී තිබූ ජාතිවාදී කෝලාහල ද නිදහස නිසා දුරුවෙතැයි එක් ශීර්ෂ පාඨයක සඳහන් ය.

නිදහස් වෙනුවෙන් 'සිංහල ජාතිය' විශේෂ කලාපයක්

 

np 2

'සිංහල ජාතිය' පුවත්පතේ නිදහස් දිනය සඳහා වන විශේෂ අතිරේකයේ තෙවන පිටුවේ සිට නිදහස පිළිබඳ විස්තර පළ කර තිබේ. එහි ශ්‍රී ලංකාවට නිදහස හිමි වන "1947 ලංකා ස්වාධීනතා පනත" සැකෙවින් විස්තර කර තිබේ.

 

එවක පළ වූ සතිපතා පුවත්පතක් වන 'සිංහල ජාතිය' පුවත්පතේ විශේෂ කලාපයක් නිදහස් දිනය වෙනුවෙන් නිකුත් වී ඇත. පිටු පනහකට ආසන්න ප්‍රමාණයක් පුරා මුදල් ගෙවා පළ කළ සුබපැතුම් පණිවුඩ රාශියක් එහි අන්තර්ගත විය.

නිදහස් දිනය සඳහා වන විශේෂ අතිරේකයේ තෙවන පිටුවේ සිට නිදහස පිළිබඳ විස්තර පළ කර තිබේ. එහි ශ්‍රී ලංකාවට නිදහස හිමි වන "1947 ලංකා ස්වාධීනතා පනත" සැකෙවින් විස්තර කර තිබේ.

මෙම විශේෂ කලාපය පුරා විවිධ සුබපැතුම් පණිවුඩ, කවි පන්ති රැසක් පළ වී ඇති අතර එහි එක් පිටුවක නිදහස ලැබීම සම්බන්ධයෙන් ලිපියක් සහ පාසල් ශිෂ්‍යාවකගේ කවි පන්තියක් පළ කර ඇති අතර එහි පිටු අංකය අපැහැදිලි ය.

එලෙස පළ කර ඇත්තේ එවකට මරදාන මහබෝධි විද්‍යාලයේ ඉගෙනුම ලැබූ චන්ද්‍රාණි එස්. කටුගොඩ ආරච්චි නම් ශිෂ්‍යාවකගේ නිර්මාණයකි.

1948 පෙබරවාරි 10 පුවත්පතේ පළමු පිටුවේ වැඩි ප්‍රමාණයක් වාර්තා කර ඇත්තේ ද නිදහස් උත්සවය සම්බන්ධයෙනි. එහි ප්‍රධාන ශීර්ෂ පාඨයට යටින් "ලක්ෂ සංඛ්‍යාත විදුලි බුබුළු වලින් සෑම නගරයක් ම ආලෝකමත් වෙද්දී ඝණ්ටා නාද හා ඔල්වරසන් මධ්‍යයේ ලංකාම්බරයේ උදා වූ ස්වාධීනත්වයේ සූර්යයා" යනුවෙන් නිදහස හඳුන්වා දී තිබේ.

 

np 3

1948 පෙබරවාරි 10 පුවත්පතේ පළමු පිටුවේ වැඩි ප්‍රමාණයක් වාර්තා කර ඇත්තේ ද නිදහස් උත්සවය සම්බන්ධයෙනි. එහි ප්‍රධාන ශීර්ෂ පාඨයට යටින් "ලක්ෂ සංඛ්‍යාත විදුලි බුබුළු වලින් සෑම නගරයක් ම ආලෝකමත් වෙද්දී ඝණ්ටා නාද හා ඔල්වරසන් මධ්‍යයේ ලංකාම්බරයේ උදා වූ ස්වාධීනත්වයේ සූර්යයා" යනුවෙන් නිදහස හඳුන්වා දී තිබේ.

 

මුල් ජාතික ගීය

මෙම පුවත්පත් වාර්තාවේ ඇති විශේෂම කරුණක් වන්නේ ජාතික ගීය සම්බන්ධයෙන් පළ වී ඇති වාර්තාවයි. ජාතික ගීයක් තෝරාගැනීම වෙනුවෙන් පැවති තරඟයේ දී ජයග්‍රහණය කළ ගම්පොළ ජිනරාජ විද්‍යාලයේ කණ්ඩායම ගායනා කළ ගීතය, ජාතික ගීය ලෙස නිදහස් දින ගුවන් විදුලියේ ප්‍රචාරය කළ බව වාර්තාවේ සඳහන් ය.

මෙම ගීතය රචනා කර ඇත්තේ පී.බී. ඉලංගසිංහ විසින් ය. මේ ගීතය වර්තමානයේ භාවිත වන ජාතික ගීය නොවේ.

මහජන මුදල් නාස්ති කළ මහජන නියෝජිතයන්ට විවේචන

 

np 4

"විව්ධ වූ කෙළිසෙල්ලම් සඳහා ඉමක් කොනක්, ලවක් දෙවක් නැතිව මහජන මුදල් නැතිනාස්ති කළ මේ මහජන නියෝජිතයන් යයි කියවාගන්නා අය අන්ත ලජ්ජාවකටත්, නිර්දය හෙළාදැකීමකටත් පාත්‍ර වූයේ මේ ගිණිකෙළිය නිසා ය. සාමාන්‍යයෙන් ගමේ පන්සලක ගිණිකෙළියක් මීට වඩා දර්ශණීයය. එහෙත් දහපහළොස්දහක් යෙදූ මේ ගිණිකෙළිය නත්තලකට ගෙයි පිටිපස්සා පැත්තට වී අවුරුදු හයේ හතේ ළමයින් කරන රතිඤ්ඤා පත්තු කිරීමකට දෙවැනි නැත.''

 

1948 පෙබරවාරි 17 පළ වූ සිංහල ජාතිය පුවත්පතේ තවදුරටත් නිදහස් උත්සවය පිළිබඳ වාර්තා කර තිබේ. නිදහස් උත්සවයට පැමිණි රාජකීය අමුත්තන් මහනුවර දළඳා මාළිගාවට ගොස් නැවත පිටත් වන තොරතුරු එහි වාර්තා කර ඇත.


එම මුල් පිටුවේ ම නිදහස් උත්සවය උදෙසා මහජන මුදල් නාස්ති කලේ යැයි නායකයන්ට නිර්දය විවේචනයක් එල්ල වී තිබේ. නිදහස් උත්සවය සඳහා ලක්ෂ දහතුනක් වියදම් කර ඇති බවත් එයින් රුපියල් 16,000ක් ගිණිකෙළි සඳහා වියදම් කර ඇති බවට එම විවේචනයේ සඳහන් ය. එහි උපුටාගැනීමක් පහතින් දැක් වේ.

"විව්ධ වූ කෙළිසෙල්ලම් සඳහා ඉමක් කොනක්, ලවක් දෙවක් නැතිව මහජන මුදල් නැතිනාස්ති කළ මේ මහජන නියෝජිතයන් යයි කියවාගන්නා අය අන්ත ලජ්ජාවකටත්, නිර්දය හෙළාදැකීමකටත් පාත්‍ර වූයේ මේ ගිණිකෙළිය නිසා ය. සාමාන්‍යයෙන් ගමේ පන්සලක ගිණිකෙළියක් මීට වඩා දර්ශණීයය. එහෙත් දහපහළොස්දහක් යෙදූ මේ ගිණිකෙළිය නත්තලකට ගෙයි පිටිපස්සා පැත්තට වී අවුරුදු හයේ හතේ ළමයින් කරන රතිඤ්ඤා පත්තු කිරීමකට දෙවැනි නැත."

එහි දෙවැනි පිටුවේ නිදහස් උත්සවයේ ඡායාරූප පළ කර තිබෙන අතර ශ්‍රී ලංකාවේ නිදහස නිමිත්තෙන් ඉන්දියාවේ ද සැමරුමක් පැවැත් වූ බව වාර්තා කර තිබේ.

නිදහස වෙනුවෙන් කෝච්චි පනහක්

 

np. 5

1948 පෙබරවාරි 04 'සිලෝන් ඩේලි නිවුස්' ඉංග්‍රීසි පුවත්පත ද සිය මුල් පිටුව වෙන් කර ඇත්තේ නිදහස සම්බන්ධයෙන් වාර්තා කිරීමටයි. "නව ඩොමීනියන් ලංකාවේ උපත" යනුවෙන් එහි ප්‍රධාන ශීර්ෂ පාඨය සඳහන් කර ඇත.

 

1948 පෙබරවාරි 04 'සිලෝන් ඩේලි නිවුස්' ඉංග්‍රීසි පුවත්පත ද සිය මුල් පිටුව වෙන් කර ඇත්තේ නිදහස සම්බන්ධයෙන් වාර්තා කිරීමටයි.

"නව ඩොමීනියන් ලංකාවේ උපත" යනුවෙන් එහි ප්‍රධාන ශීර්ෂ පාඨය සඳහන් කර ඇත. එමෙන් ම නිදහස් උත්සවය වෙනුවෙන් කොළඹ පැමිණෙන ජනතාව සඳහා දුම්රිය වාර 50ක් යොදා ඇති බව, සිරකරුවන් නිදහස් කිරීම, කෞතුකාගාරයේ පවත්වන්නට යෙදී තිබූ විශේෂ කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය සම්බන්ධයෙන් ද මුල් පිටුවේ වාර්තා කර තිබේ.

1948 පෙබරවාරි 05 'සිලෝන් ඩේලි නිවුස්' පුවත්පතේ පළමු පිටුවේ, නිදහස ලැබීම, " නිදහසේ නව යුගයක ආරම්භය" ලෙස ප්‍රධාන ශීර්ෂ පාඨය යටතේ වාර්තා කර ඇත.

නිදහස් උත්සවයට සමගාමීව පාර්ලිමේන්තු පරිශ්‍රයේ (වර්තමාන ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ) සර් පොන්නම්බලම් රාමනාදන්ගේ පිළිරුවක් එවකට කතානායකවරයා වූ ඒ. එෆ්. මොලමුරේ විසින් විවෘත කළ ඡායාරූපයක් පළ කර තිබේ. එමෙන් ම ඉතිහාසයේ පළමු වරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට 'සිංහ ධජය" එසැ වූ බව ද පුවත්පතේ මුල පිටුවේ ම සඳහන් ය.

චීනය, ඕස්ට්‍රේලියාව කැනඩාව, පකිස්තානය, දකුණු අප්‍රිකාව, ඇමරිකාව වැනි රටවල් වලින් හා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එවූ සුබපැතුම් පණිවුඩ ද එහි පළ කර තිබේ.

නිදහස සම්බන්ධයෙන් එකල පළ වූ බොහෝ පුවත්පත් වාර්තා කර තිබූ අතර, ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සතුව දැනට ඇති ප්‍රධාන හා පැහැදිලි තත්වයේ ඇති පුවත්වල වාර්තා පමණක් මෙහි දී අප සඳහන් කර තිබෙන අතර ආසන්න කාලයේ දී විවිධාකාර වාර්තා සහ ලිපි පළ වී ඇති බව ද සඳහන් කළ යුතුය.

(BBC සිංහල සේවය)




The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...