The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
විශේෂාංග

1954 පළවූ විවාහකයන්ගේ සඟරාව -(Faculty of Sex)

T

The Leader Desk

October 5, 2021 • 9:21 AM

1954 පළවූ විවාහකයන්ගේ සඟරාව -(Faculty of Sex)  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 1948 පළවූ ගිහිගේ වැඩිහිටි සඟරාවට වඩා ලොකු වෙනසක් 1954 පළවෙන විවාහකයන්ගේ සඟරාවෙ තියෙනවා.
  • ප්‍රශස්ත රජ්ජුව විවර නොවී තිබියදීත් ගැබ් ගැනීමට ඇති හැකියාව ගැන සාකච්ඡා කරනවා.
  •     කාලයක් පුරා විවාහයේ ර‍සය පවත්වාගන්න කායික අනුරාගයේ ඇති වැදගත්කමත් රති ඉරියව් ගැනත් කතා කරනවා.
  • ඒත් මේ සඟරාව සිරුරේ එක් එක් ප්‍රදේශ සුවඳවත් කරන පිළිවෙත් කියා දෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ගිහිගේ සඟරාව බෞද්ධ සහ වෙනත් ඇදහිලි මිත්‍යා සමග පවත්වන සම්බන්ධය විවාහකයන්ගේ සඟරාවේදි අපිට මුනගැහෙන්නෙ නෑ. 
 
ඒ වෙනුවට ඒ කාලෙ හිතාගැනීමට පවා අපහසු විද්‍යාත්මක කාරණා ස්පර්ශ කිරීමේ උනන්දුවක් මේකෙ තියෙනවා. 
 
නුගේගොඩ මොඩර්න් පොත් සමාගම ලිංගික විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා විශාල මෙහෙවරක් කරලා තියෙනවා.
 
“අප සමාජය පුරුදු කර ඇති ව්‍යාජ ලැජ්ජාශීලී ගතිය මෙම අවශ්‍ය දැනුම ලබාගැනීම බාධා කරන තිරයකි. එයට අප වහල්විය යුතු නොවේ. කාමය උල්පන අවිනීත කුණුසරුපයෙන් නොව අවශ්‍ය ලිංගිකත්වය සම්බන්ධයෙන් ශාස්ත්‍රීය දැනුමක් ලබාගැනීමට උපකාරවන අන්දමින් මෙම සඟරාවේ මංගල කළඹ ඔබ අත තබනෙමු”
 
1922 පළවෙන ෆ්‍රැන්සිස් මාර්ෂල්ගෙ ෆිසියොලොජි ඔෆ් රිප්‍රොඩක්ෂන් වගේ පොත්වලින් උපුටාගැනීම් පළකරමින්, බ්‍රිතාන්‍ය ආදී රටවල ලිංගික සංස්කෘතිය ගැන විස්තර කරමින් විවාහකයින්ගේ සඟරාව විසින් ලංකාවට සම්පාදනය කරන දැනුම ප්‍රශස්ත මට්ටමක තියෙනවා. 
 
 
ඒ වගේම ඒ කාලෙ පාවිච්චි වෙන වචන පවා වෙනස්. උදා විදිහට කන්‍යාසිවිය වෙනුවට ප්‍රශස්ත රජ්ජුව කියල යොදනවා. ප්‍රශස්ත රජ්ජුව විවර නොවී තිබියදීත් ගැබ් ගැනීමට ඇති හැකියාව ගැන සාකච්ඡා කරනවා.
 
 
කාලයක් පුරා විවාහයේ ර‍සය පවත්වාගන්න කායික අනුරාගයේ ඇති වැදගත්කමත් රති ඉරියව් ගැනත් කතා කරනවා. උපත් පාලනයේ වැදගත්කම අවධාරණය කරනවා. 
 
ඒ කාලෙදි උපත් පාලනයත් පවක් හැටියෙන් සළකන ලද වගක් තමයි පේන්න තියෙන්නෙ. 
 
විවාහකයන්ගේ සඟරාව විසින් ගබ්සාව පාපයක් වන අතර ගැබ්ගැනීම වැළැක්වීම පාපයක් නොවෙන හැටි පැහැදිලි කරනවා. ගබ්සාව විෂයෙහි පසුගාමී අදහසක් වුනත් ඒ කාලය සම්බන්ධයෙන් වඩා ප්‍රගතිශීලී තැනක මේ සඟරාව වැඩ කරමින් තිබුණු වගක් පේනවා.
 
  
වැදගත්ම දෙයක් තමයි සිරුර සුවඳවත් කරන ආකාරයන් ගැන දැනුම ලබාදීම. ඒ කාලෙ ඩියොඩ්‍රන්ට් වර්ග තිබුනෙ නෑ. ඩියොඩ්‍රන්ට් තියෙන අද කාලෙත් ස්වභාවික ගැමි සුවඳ ගැන වර්ණනා ලියන හෙළයො බොහොමයි. ඒත් මේ සඟරාව සිරුරේ එක් එක් ප්‍රදේශ සුවඳවත් කරන පිළිවෙත් කියා දෙනවා. සම්භෝගයේදි සුගන්ධවත්බව හා  වැදගත්කම අවධාරණය කරනවා.
 
 
ප්‍රසුතියකින් පසු ලිංගික කාර්යයේ යෙදිය යුතු අන්දම, සැබෑ නිවුන් සහ ව්‍යාජ නිවුන් දරුවන් අතර වෙනස, නපුංසකයන්, ඌන සහ අධිවෘද්ධි ලිංගිකයන් ආදී තත්වයන් ගැන තොරතුරු කියනවා. වැදගත්ම ලිපියක් විදිහට ආගම සහ ලිංගිකත්වය ගැන සාකච්ඡාවක් පළවෙනවා.
 
‘රති කලාවො දුරාතීතයේ නම් ප්‍රමුඛ ආගමික ලක්ෂණයක් විය. පියවි මිනිසුන් බොහෝ සෙයින් මෙම ස්වභාවික රස වරප්‍රසාදය ආගම හා සම්බන්ධ කොට සිරිත් විරිත් තනාගත් බව පෙනේ. බැබිලොනිය, ග්‍රීසිය, ඉන්දියාව වැනි දේශයන්හිද සමෘද්ධිමත් කාලයන්හි පවා රති පූජාව ආගමික චාරිත්‍රයක්ව පැවතිනි. ශිව ලිංගිය ශුක්‍රයෙන් පූජා කිරීම මෑතක් වන තුරු දකුණු ඉන්දියාවෙ සිරිතක් විය.’
 
සියලු පැරණි ආගම් ලිංගිකත්වය බාරගනිද්දී ‍බුද්ධාගම, ජෛන ආගම, ඉස්ලාමය සහ ක්‍රිස්තියානිය විසින් ලිංගිකත්වය බැහැර කරන ආකාරය මේ ලිපිය පෙන්වා දෙනවා. 
 
විනය පිටකයෙ පාරාජිකා පාලියෙන් උදාහරණයක් ගෙනෙමින් භික්ෂුවක් විසින් ස්ත්‍රියකගේ ස්ථානත්‍රයක් සංසර්ගයෙන් සේවනය කළහොත් එය පාරාජිකාවක් වන හැටි කියනවා. ඒ තුන වෙන්නෙ මුඛ මාර්ගය, ගුද මාර්ගය සහ යෝනි මාර්ගය යන තුනයි. 
 
ඒ කාලෙ පටන්ම මේ බහු ආකාර සංසර්ග විධි පැවතුනත් අසූගනංවලත් බ්ලෝජොබ් එකක් දෙන්න ලංකාවෙ ගෑනු දැනගෙන හිටියෙ නැති එක පුදුමයක්. බ්ලූ ෆිල්ම්වලට පිං සිද්ද වෙන්න දැන් නම් ඒ අර්බුදය අවසන්.
 
විවාහකයන්ගේ සඟරාව වඩාත් නාගරික, ඒ වගේම බටහිර විද්‍යාත්මක දැනුමට නැඹුරු වුණු සඟරාවක් බව පේනවා. 
 
මේ දැනුම පරිශීලනය කරපු පිරිස් ගැන යම් වටහා ගැනීමක් ගන්න තිබුණා නම් ඉතා වැදගත් කියල හිතෙනවා. 
 
මොනවා වුනත් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වෙමින් ලිංගිකත්වය කුණුහරුපයක් බවට පත්වෙන්න පෙර කාල‍යේදී,  54දි මේ වගේ සඟරාවක් කරන්න මොඩර්න් පොත් සමාගම පෙළඹීම අගය කළ යුතුයි.
 
 
 
chinthana(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
 
 
 
 
 
 
 

THE LEADER TV 
 
69 ලක්‍ෂයකට අං පැලැන් දූ රාජපක්‍ෂලා 
 
 
ආණ්ඩුව ඇතුළෙ ලොකු කුමන්ත්‍රණයක්! 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

1954 පළවූ විවාහකයන්ගේ සඟරාව -(Faculty of Sex) | The Leader