The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

1971 අප්‍රේල් නැගිටීම සහ වත්මන් දේශපාලන යථාර්ථයන් පිළිබඳ ආවර්ජනා - (ආචාර්ය ලයනල් බෝපගේ)

T

The Leader Desk

April 5, 2024 • 5:42 AM

1971 අප්‍රේල් නැගිටීම සහ වත්මන් දේශපාලන යථාර්ථයන් පිළිබඳ ආවර්ජනා - (ආචාර්ය ලයනල් බෝපගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාලයාගේ ඇවෑමෙන්, ඊට සහභාගී වූ බොහෝ සොයුරු සොයුරියන් වියපත් ව, රෝගාතුර ව හෝ අභාවප්‍රාප්ත වී ඇත.
  • එහෙත්, ඒ නැගිටීමේදී පරම පරිත්‍යාගය කළ අය ද ඇතුළුව ඔවුන් මෙහෙයවූ සාමූහික අභිලාෂය නිරවුල් ව පවතී; එනම්, සමාජ හා ආර්ථික සාධාරණත්වය මත පදනම් වූ, හැම පුද්ගලයෙකුටම අභිමානයෙන් යුතුව නිදහසේ ජීවත් විය හැකි සමාජයක් සකස් කිරීම යි.
  • ඒ කාලයේ දේශපාලන සීමාවන් පැවතුනත්, අප ජාතිවාදයෙන්, ජාතිකවාදයෙන්, කුලවාදයෙන්, හෝ ආගමික අන්ත වාදයෙන් කිලිටිව නොසිටි බව මම තරයේ විශ්වාස කරමි.
  • අපගේ මූලික අරමුණ වූයේ සමාජ සාධාරණත්වය සහ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය මුල්කරගත් සමාජවාදී සමාජ-ආර්ථික ක්‍රමයක් ඇති කිරීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):

කාලයාගේ ඇවෑමෙන්, ඊට සහභාගී වූ බොහෝ සොයුරු සොයුරියන් වියපත් ව, රෝගාතුර ව හෝ අභාවප්‍රාප්ත වී ඇත. එහෙත්, ඒ නැගිටීමේදී පරම පරිත්‍යාගය කළ අය ද ඇතුළුව ඔවුන් මෙහෙයවූ සාමූහික අභිලාෂය නිරවුල් ව පවතී; එනම්,  සමාජ හා ආර්ථික සාධාරණත්වය මත පදනම් වූ, හැම පුද්ගලයෙකුටම අභිමානයෙන් යුතුව නිදහසේ ජීවත් විය හැකි සමාජයක් සකස් කිරීම යි.

 

71 අරගලය පිළිබඳ නොබැලූ පැතිකඩක්..! - (රන්ජන සේනානායක)ඒ නැගිටීමේදී පරම පරිත්‍යාගය කළ අය ද ඇතුළුව ඔවුන් මෙහෙයවූ සාමූහික අභිලාෂය නිරවුල් ව පවතී
ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) සාමාජිකත්වයෙන් බහුතරයක් පැවත එන්නේ සිංහල බෞද්ධ ග්‍රාමීය පසුබිම් වලිනි; තමන්ගේ ආසන්න පරිසරයෙන් ඔබ්බට ඔවුන් නිරාවරනය වී තිබුනේ සීමිත ලෙස යි. සමාජ විවිධත්වය සහ සුළුතර ප්‍රජාවන් මුහුණ දෙන අභියෝග පිළිබඳව අප සතුව තිබුනු අවබෝධය අසම්පූර්ණ විය. අපගේ ලෝක දැක්ම හැඩ ගස්වන ලද්දේ පොත්පත්, පුවත්පත් සහ සමාජ අන්තර්ක්‍රියාකාරිත්වයන් හරහා උකහා ගත් රැජයූ දේශපාලන හා සංස්කෘතික පරිසරය විසිනි.

ඒ කාලයේ දේශපාලන සීමාවන් පැවතුනත්, අප ජාතිවාදයෙන්, ජාතිකවාදයෙන්, කුලවාදයෙන්, හෝ ආගමික අන්ත වාදයෙන් කිලිටිව නොසිටි බව මම තරයේ විශ්වාස කරමි. අපගේ මූලික අරමුණ වූයේ සමාජ සාධාරණත්වය සහ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය මුල්කරගත් සමාජවාදී සමාජ-ආර්ථික ක්‍රමයක් ඇති කිරීමයි. අපගේ ප්‍රතිපත්ති සහ උපාය මාර්ග සකස් කර තිබුනේ ඒ යුගයේ පැවති සමාජ-ආර්ථික හා දේශපාලන භූ දර්ශනයට පිළිතුරු වශයෙනි.

 117745413 mediaitem1177453241971 අප්‍රේල් කැරැල්ලේ පසු විපාක ආවර්ජනය කරමින්, අප අපගේ ප්‍රතිපත්ති, උපාය මාර්ග සහ උපක්‍රම පරීක්ෂාවට ලක් කර ඇත.

 

1971 අප්‍රේල් කැරැල්ලේ පසු විපාක ආවර්ජනය කරමින්, අප අපගේ ප්‍රතිපත්ති, උපාය මාර්ග සහ උපක්‍රම පරීක්ෂාවට ලක් කර ඇත. මෙම ආත්ම පරීක්ෂාව විවිධ නැඹුරුතාවයන්ගෙන් යුත් විවිධ දේශපාලන කණ්ඩායම් බිහි කළේය. අතීත වැරදි පිළිගනිමින් විවේචන ඉදිරිපත් කරන අතර, අපගේ සාකච්ඡාවේ අවධානය යොමු වන්නේ රෝහණ විජේවීර සහෝදරයා වැනි පුද්ගලයන් අපහසුතාවයට හෝ අපකීර්තියට පත් කිරීමට නොව, අධ්‍යයනයත්, වැඩි දියුණුවත් කෙරෙහි ය.

එහෙත්, රෝහණ සහෝදරයාගේ නායකත්වය යටතේ පැවති ව්‍යාපාරය සහ ඉන් පසු ඇති වූ ප්‍රතිවිපාක පිළිබඳව විවේචනාත්මකව විමසා බැලීම අවශ්‍යයෙන්ම කළ යුතු වේ. එසේ කිරීමට අපොහොසත් වීම අසාධාරණ පමණක් නොව, අතීත අත්දැකීම් වලින් ඉගෙන ගැනීමට සහ අනෙකුත් පාලක පන්තීන්ගෙන් සහ දේශපාලන කණ්ඩායම් වලින් අපව වෙන් කර දැක්වීමට අපට ඇති හැකියාවට බාධා පමුණුවනවා ද ඇත.

 

TIHAGODA, SRI LANKA - DECEMBER 2: Victims of an anti-JVP death squad attack December 2, 1989 lie in an intersection in Tihagoda, Sri Lanka. The men were picked up for interrogation during the JVP insurrection, a Buddhist-Sinhalese Marxist organization. (Photo by Robert Nickelsberg/Getty Images)1971 අප්‍රේල් කැරැල්ලෙන් නිසි පාඩම් උකහා ගැනීමෙන් 1988-89 කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලාංකේය සමාජය මුහුණ දුන් ඛේදනීය සිදුවීම් බොහොමයක් වළක්වා ගත හැකිව තිබුණි.

1971 අප්‍රේල් කැරැල්ලෙන් නිසි පාඩම් උකහා ගැනීමෙන් 1988-89 කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලාංකේය සමාජය මුහුණ දුන් ඛේදනීය සිදුවීම් බොහොමයක් වළක්වා ගත හැකිව තිබුණි. මේ අනුව, අප අපගේ පොදු අරමුණ ගැන කල්පනා කරන විට, පවතින සමාජ, ආර්ථික සහ දේශපාලන අභියෝගවලට අප ආමන්ත්‍රණය කළ යුතුය.

 117745319 mediaitem1177453181971 අප්‍රේල් කැරැල්ල දිග හැරුණේ සුවිශේෂී ඓතිහාසික සන්දර්භයක් තුළ ය.

 

1971 අප්‍රේල් කැරැල්ල දිග හැරුණේ සුවිශේෂී ඓතිහාසික සන්දර්භයක් තුළ ය. එම පසුබිම සමකාලීන ගෝලීය සහ ජාතික ගතිකත්වයන් සමඟ සසඳන විට සමානකම් සහ වෙනස්කම් යන දෙකම අනාවරණය වේ. ගෝලීය ධනේශ්වර ක්‍රමයේ විකාශනය වන ගතිකත්වයන් සහ අපේ සමාජයට එහි ඇති බලපෑම ග්‍රහණය කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

සමාජ සාධාරණත්වයේ මූලධර්ම, විශේෂයෙන්ම සමාජවාදී පරමාදර්ශ, අපගේ සංකීර්ණ සමාජ-ආර්ථික හා සංස්කෘතික තත්ත්වයන්ට අනුගත කර ගත යුතුය. ඓතිහාසික අරගල විවේචනාත්මක ලෙස විශ්ලේෂණය කිරීමෙන්, සමාජ සාධාරණත්වය පිළිබඳව කරන සමකාලීන ගවේෂණ වෙත අප දක්වන ප්‍රවේශය පිරිපහදු කළ හැකිය.

නැගී එන නව දකුණට ඉඩකඩ ලබා දෙමින් හැත්තෑව දශකයේ පැවති වම එහි ප්‍රධාන භූමිකාව අත්හැර දැමූ විතැන් වීමක් සනිටුහන් කළේය. අප අද නව ලිබරල් දෘෂ්ටිවාදයේ ආධිපත්‍යයට මුහුණ දීමේ දී, ඉදිරි මාවතක් සකසා ගැනීම පිළිබඳව කරන සාකච්ඡා ප්‍රමුඛ වේ.

 

පශ්චාත් කොවිඩ්19: පැන නැගි ගෝලීය අවතාරයක පණ නැගීම– විදර්ශන කන්නන්ගරතැචර් සහ රේගන් වැනි නායකයින් විසින් සංකේතවත් කරන ලද නව ලිබරල් උපාය මාර්ග, ගෝලීය ප්‍රතිවිපාක ඇති කරවමින් ධනේශ්වර න්‍යාය පත්‍රය යලි සකසා ලීය.
තැචර් සහ රේගන් වැනි නායකයින් විසින් සංකේතවත් කරන ලද නව ලිබරල් උපාය මාර්ග, ගෝලීය ප්‍රතිවිපාක ඇති කරවමින් ධනේශ්වර න්‍යාය පත්‍රය යලි සකසා ලීය. නව ලිබරල් ධනවාදයේ යුදවාදී ව්‍යාප්තිය සහ එහි අහිතකර බලපෑම් විසින් සාමූහික විරෝධය පෑමත්, විකල්ප සමාජ-ආර්ථික මාදිලියනුත් අවශ්‍ය බවට පත් කරවා ඇත.

පවතින සමාජ-ආර්ථික, සංස්කෘතික සහ සරණාගත අර්බුද විසින් ධනේශ්වර ආධිපත්‍යයට අභියෝග කිරීමේ අවශ්‍යතාවය අවධාරනය කෙරේ. අතීත සමාජවාදී පරිශ්‍රම ලැබූ අසාර්ථකත්වයන් විසින් සමකාලීන අභියෝග හා ප්‍රායෝගික විසඳුම් පිළිබඳ සියුම් අවබෝධයක් ඇති කර ගැනීම අවශ්‍ය කෙරේ. ක්‍රම වෙනස සාක්ෂාත් කර ගැනීම සඳහා අන්තර්ග්‍රාහී ප්‍රතිපත්ති සම්පාදනයත් පුළුල් ලෙස පදනම් කර ගත් සහභාගීත්වයත් අවශ්‍ය කෙරේ. රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයක් සඳහා ඒකාබද්ධ ව්‍යාපාරයක් පෝෂණය කරමින්, පවතින සමාජ බලවේග හා අදාල ගැටළු ආමන්ත්‍රනය කිරීම සඳහා ප්‍රතිපත්ති සකස් කළ යුතුය.

විවිධ සමාජ ව්‍යාපාර අතර සහයෝගීතාව ගොඩනැගීමට තිබෙන අවශ්‍යතාවය අතිශයෝක්තියට නැංවිය නොහැකිය. තිරසාර සහ සාධාරණ අනාගතයක් අපේක්ෂා කිරීමේ දී වාම සහ හරිත ව්‍යාපාර අතර සහයෝගීතාව අත්‍යවශ්‍ය වේ.

 

මැයි දිනයේ අපි හැමෝම දන්න, හංගන කතාව - දීප්ති කුමාර ගුණරත්නඅපගේ සාමූහික අරගලය පාරිසරික තිරසාරත්වය, සමාජ සාධාරණත්වය සහ අන්තර්ග්‍රාහී පාලනය ආවරණය කළ යුතුය.

ධනවාදය විසින් පැවැත්මට එල්ල කර ඇති  තර්ජනවලට මුහුණ දීමේ දී, බෙදී සිටින මතවාදයන් ඉක්මවා ගමන් කොට සියළු දෙනාගේ ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කෙරෙහි ප්‍රමුඛත්වය දීම ප්‍රගතිශීලී සංවිධානවලට පැවරී තිබේ. අපගේ සාමූහික අරගලය පාරිසරික තිරසාරත්වය, සමාජ සාධාරණත්වය සහ අන්තර්ග්‍රාහී පාලනය ආවරණය කළ යුතුය.

1971 අප්‍රේල් කැරැල්ල සමරන මේ අවස්ථාවේ දී නිදහස, අභිමානය සහ සාධාරණත්වය මත පදනම් වූ සමාජයක් ගොඩනැගීමට ඇති අපගේ කැපවීම යළිත් තහවුරු කර සිටිමු. අපගේ පසුබිම් විවිධ වූවද, අපගේ හවුල් අපේක්ෂාව විය යුත්තේ සමාජ සාධාරණත්වය සහ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සාක්ෂාත් කර ගැනීම යි.

අවසාන වශයෙන්, සමාජ-ආර්ථික හෝ සංස්කෘතික වෙනස්කම් නොසලකා හැම පුද්ගලයෙකුටම සමෘද්ධිමත්ව සිටිය හැකි සමාජයක් ස්ථාපිත කිරීම සඳහා අපගේ දේශපාලන සදාචාරය ප්‍රමුඛත්වය දිය යුතු වේ.

ආර්ථික අර්බුදය ගැන ආචාර්ය ලයනල් බෝපගේ විග්‍රහයක් - (පළමුවන කොටස)(ආචාර්ය ලයනල් බෝපගේ)

(ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)
සභාපති, ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඔස්ට්‍රේලියානු සහයෝගීතාව
ඔස්ට්‍රේලියාව

ඊමේල්: lionel.bopage@gmail.com

2024 අප්‍රේල් පස් වන දා


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...