The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●
Top Ad
විශේෂාංග

ජනපති රනිල් ගමන් කරන්නේ ඔහුගේ ජේ.ආර්. මාමා 1982 දී ගිය අඩි පාරේද? - (ලයනල් බෝපගේ)

T

The Leader Desk

June 1, 2024 • 4:32 PM

 ජනපති රනිල් ගමන් කරන්නේ ඔහුගේ ජේ.ආර්. මාමා 1982 දී ගිය අඩි පාරේද? - (ලයනල් බෝපගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බලයෙන් පහ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් ඔහුව පත් කර ගන්නා ලදී.
  • ආර්ථීකය ප්‍රකෘතිමත් වී තිබෙන බවට පාලන තන්ත්‍රයට පක්ෂපාත අය විසින් කරනු ලබන ප්‍රකාශ තිබුනේ වුවද, ශ්‍රී ලංකාවේ අනාගත අපේක්ෂාවන් තවමත් අඳුරේ පවතී.
  • ආර්ථිකය ප්‍රකෘතිමත් වී ඇති බවට කරන සාකච්ඡා හා ඉදිරිපත් කිරීම් තිබුනද, නිදහසින් පසු ඇති වූ දරුණුතම සමාජ-ආර්ථික අර්බුදයේ ප්‍රතිවිපාක සමඟ බොහොමයක් ශ්‍රී ලාංකිකයෝ තවමත් පොර බදමින් සිටිති.
  • අතීතයේ ගන්නා ලද විදේශ ණය හේතුවෙන් උග්‍ර අතට පත් වූ ආහාර, ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ඉහළ යෑම් මෙන්ම ඒවායේ හිඟ වීම් හේතුවෙන් පුළුල් විරෝධතා පැන නැඟුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

බලයෙන් පහ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් ඔහුව පත් කර ගන්නා ලදී.

මුහුණ දී තිබෙන බරපතල සමාජ-ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට රටට ආධාර වීමක් වශයෙන් ඩොලර් බිලියන 2.9 ක ණයක් ලබා ගන්නට මඟ පෑදූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කර ගත් ගිවිසුම මගින් ආර්ථිකය ස්ථාවර බවට පත් කළේ තමා පමණක් බව පවසමින් වික්‍රමසිංහ මහතා ජනතාව අතර පදනමක් ගොඩ නඟා ගන්නට කටයුතු කරමින් සිටියි. ආර්ථීකය ප්‍රකෘතිමත් වී තිබෙන බවට පාලන තන්ත්‍රයට පක්ෂපාත අය විසින් කරනු ලබන ප්‍රකාශ තිබුනේ වුවද, ශ්‍රී ලංකාවේ අනාගත අපේක්ෂාවන් තවමත් අඳුරේ පවතී.


ආර්ථිකය ප්‍රකෘතිමත් වී ඇති බවට කරන සාකච්ඡා හා ඉදිරිපත් කිරීම් තිබුනද, නිදහසින් පසු ඇති වූ දරුණුතම සමාජ-ආර්ථික අර්බුදයේ ප්‍රතිවිපාක සමඟ බොහොමයක් ශ්‍රී ලාංකිකයෝ තවමත් පොර බදමින් සිටිති. අතීතයේ ගන්නා ලද විදේශ ණය හේතුවෙන් උග්‍ර අතට පත් වූ ආහාර, ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ඉහළ යෑම් මෙන්ම ඒවායේ හිඟ වීම් හේතුවෙන් පුළුල් විරෝධතා පැන නැඟුණි. ආරක්ෂක හමුදා විසින් එම විරෝධතා මැඩ පැවැත්වීමත් බහුතරයට අයත් නොවන ප්‍රජාවන්ගේ, විශේෂයෙන් උතුරු හා නැගෙනහිර ප්‍රජාවන්ගේ අයිතීන් මර්දනය කිරීමත් සමඟ මිලිටරි කරණය අන් කවරදාටත් වඩා උච්ච ස්ථානයක පවතී. ඔත්තු බැලීම්, හිරිහැර කිරීම් සහ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් බහුල ව පවතී.

ජනාධිපතිවරණය සහ පලාත් පාලන හා පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීම පිළිබඳව දෙන ලද පොරොන්දු ඉටු කිරීම ගැන වික්‍රමසිංහ මහතා උනන්දුවක් නොදක්වන බව පෙනේ. මුලදී පළාත් පාලන මැතිවරණය 2023 මාර්තු 9 දින පවත්වන්නට නියම කර තිබුණද එය කල් දමන ලදී. එසේ කරන ලද්දේ අරමුදල් හිඟයක් ගැන සඳහන් කරමින් වුවද, නොකඩවා සිදු කල නොයෙක් වියදම්වලින් හැඟවුණේ ආණ්ඩුවේ වැරදි කළමනාකරණය යි.

විරෝධතා ව්‍යාපාරය විසුරුවා හැරීමට මඟ පාදමින් බලහත්කාරය යොදා බොහෝ විරෝධතාවයන් මැඩ පවත්වන ලදී. අනතුරුව, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පවා නොතකා හරිමින්, මැතිවරණ කොමිසම විසින් මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමන ලදි. වික්‍රමසිංහ මහතා සිය ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් කාලය හා සහයෝගය ලබා ගැනීම සඳහා කරන ලද උපක්‍රමයක් ලෙස මෙම ප්‍රමාද කිරීම සැලකේ.


රට බංකොලොත් වීම වළක්වා ආර්ථිකය යලි ගොඩනඟනු ඇති බව පවසමින් පාර්ලිමේන්තුවේ කරන යෝජනාවක් හෝ ජනමත විචාරණයක් මගින් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය අවම වශයෙන් වසර දෙකකින් කල් දැමීමට එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර විසින් යෝජනා කර ඇත. මැතිවරණ සඳහා වියදම් කිරීම නාස්තිකාර බවට තර්ක කරන ඔහු වසර දෙකක් ඇතුළත ආර්ථික ගැට‍ළු විසඳා ගත හැකි බවට විශ්වාසය පළ කරයි.


ඓතිහාසික වශයෙන් ගත් විට, ශ්‍රී ලංකාවේ පැවති විවිධ පාලන තන්ත්‍ර විසින් බොහෝ විට විනාශකාරී ප්‍රතිඵල ඇති කරවා ලමින් මැතිවරණ කල් දමා තිබේ. ජනමත විචාරණයක් සඳහා වන තර්කය පදනම් ව ඇත්තේ සෘජුව ඡන්දය ප්‍රකාශ කිරීම වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තීරණ ගැනීමේ යාන්ත්‍රණය වන්නේය යන උපකල්පනය මතයි. කෙසේ වෙතත්, ජනමත විචාරණ බොහෝ විට මෙහෙයවා ඇත්තේ ජනතා කැමැත්තට වඩා පාලක පැලැන්තිවල අවශ්‍යතා පිළිබිඹු කිරීමට යි.


1983 පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය කල් දැමීම සඳහා පොදුවේ ‘කලගෙඩි ලාම්පු සෙල්ලම’ යනුවෙන් හඳුන්වනු ලැබූ ජනමත විචාරණයක් 1982 දී පැවැත්විණි. එම කල් දැමීම ජනාධිපති ජයවර්ධන සාධාරණය කරන ලද්දේ රටේ යහපත සඳහා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වන බවට පවසමින් වික්‍රමසිංහ මහතා වර්තමානයේ නඟන තර්කයට සමාන තර්කයක් යොදා ගනිමිනි. ඒ කල් දැමීම හදිසි නීති තත්වය යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා මාර්ගයන් හා නීතියේ ආධිපත්‍යය පරිහානියට පත් කරන්නට මං පෑදීය.


ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කිරීම සඳහා යෝජනා කරන ලද හතරවැනි සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය පිලි ගත්තේය. එජාපයේ සියළු මන්ත්‍රීවරුන්ගේත් ශ්‍රීලනිපයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේත් සහයෝගය ඇතිව එම සංශෝධනය සම්මත විය. මෙම පියවර දක්නා ලද්දේ ආර්ථික අර්බුදයක් මධ්‍යයේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු බහුතරය පවත්වා ගැනීමේ උත්සාහයක් ලෙස යි.

1982 ජනමත විචාරණය පසුපස පැවති යථාර්ථය වූයේ ආර්ථික ගැටලු විසඳා ලන්නට නොහැකි වූවද පාර්ලිමේන්තුව තුළ එජාපයේ ආධිපත්‍යය තහවුරු කර ගැනීමයි. ජනතාව මත ඉමහත් බරක් පටවා ලමින් පාලන තන්ත්‍රය රටේ වත්කම් විදේශ ඵල ප්‍රයෝජන වෙත උකස් කර ලීය. විරෝධතා මැඩ පැවැත්වීම සඳහා වැඩිමනත් මර්දනකාරී නීති සම්පාදනය කර ගන්නා ලදී. ජනයා දැනට භුක්ති විඳින සීමිත නිදහස කප්පාදු කර දමමින් වික්‍රමසිංහ මහතා ද එවැනි ම මාවතක ගමන් කිරීමේ සැබෑ අනතුරක් පවතී.

1982 ජනමත විචාරණයේ දී එජාපය මැතිවරණ වංචා සහ ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුණි. මන්ත්‍රීවරු ගිනි අවි රැගෙන ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් නිලධාරීන් බිය ගන්වා ඡන්ද පෙට්ටි පුරවා ලූහ. පසුකාලීන පාලන තන්ත්‍ර මෙම ප්‍රචණ්ඩත්වයේ ආදර්ශය දිගටම පවත්වා ගෙන ගියහ. ප්‍රජාතන්ත්‍රවාදී ව තම නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා පුරවැසියන් සතු අයිතිවාසිකම් සහතික කර ලන, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට (ICCPR) ශ්‍රී ලංකාව 1980 දී අත්සන් තැබීය. ජනමත විචාරණයක් පවත්වා මැතිවරණ නො පවත්වන්නට දරන ඕනෑම උත්සාහයකින් කරනු ලබන්නේ මෙම අයිතිවාසිකම් කප්පාදු කර දැමීමයි.


1982 දී ජනමත විචාරණය සාධාරණය කරන ලද්දේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ සහ දූෂණය පිටුදැකීමේ මාධ්‍යයක් ලෙස යි. කෙසේ වෙතත්, එහි ප්‍රතිඵලය වූයේ සන්නද්ධ ප්‍රචණ්ඩත්වයත්, මැතිවරණ වංචාවනුත් ය. පාර්ලිමේන්තු නිල කාලය යළි දික් කරන ලෙස ශ්‍රී ලංකා වාසීන් ගෙන් ඉල්ලා සිටීමට අද එක්සත් ජාතික පක්ෂය අද සූදානම් වෙමින් සිටින බව පෙනේ.

 

සිය දේශපාලන සම්බන්ධකම් නොතකා මැතිවරණ කල් දැමීම මගින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කප්පාදු කර දමන්නට දරන ඕනෑම ප්‍රයත්නයකට විරෝධය පාන ලෙස අපි සියළු ප්‍රජාතන්ත්‍රවාදීන්ගෙන් සහ ප්‍රගතිශීලීන්ගෙන් ඉල්ලා සිටිමු. එවැනි ක්‍රියා ප්‍රජාතන්ත්‍රවාදය බිඳ දමනවා පමණක් නොව ඇති විය හැකි ව්‍යවස්ථාමය අර්බුදයක් ද මතු කරවා ලයි. පුරවැසියන්ගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීමත් ක්‍රියාත්මක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් සහතික කිරීමත් සියල්ලට ම වඩා ප්‍රමුඛත්වය උසුලයි.

lIONAL bOPAGE(ආචාර්ය ලයනල් බෝපගේ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)
lionel.bopage@gmail.com

2024 ජූනි පළමුවන දා


සබැඳි ලිපි :
බෑණාගේ සූදානම මාමණ්ඩියගේ උපාය අනුගමනය කිරීම ද?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...