අතීත වාර්තා ප්‍රමාණය ස්වල්පයකි.
වෙරබඩ වැදි ප්‍රජාව ගේ ජීවන තත්ත්වය ඛේදජනකය, සත්‍යය හා ප්‍රවාදයන් සමග එකිනෙකට වෙලී, ඉන් නැගෙන පරස්පරතාවයන් නිසාම ඔවුන් ගැන නිවැරදිව අතීත තතු සෙවීම අතිශය වෙහෙසකර ක්‍රියාවකි.
ඔවුන්ටම ආවේනික අත්බෙහෙත්, දේව විශ්වාස හා ඇදහිලි සේම වෙරළබඩ ආදීවාසී කාන්තාවන්ගෙ තතු සෙවීම අතිශය දුශ්කර අභියෝගයකි. එකී අභියෝගය ජයග්‍රහණය වෙනුවෙන් අප විසින් ගන්නා ලද මහන්සියක කාචමය සාක්ෂි සටහනක දෙවන පියවර ලෙස ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ චැනල් 31 නාලිකාව ඔස්සේ SL tv වෙතින් සමස්ත ලාංකික ප්‍රජාව වෙත අනාවරණය කර තිබේ.
එම වැඩසටහන ඉංග්‍රීසි උපසිරැසි සහිතව sltv.com.au වෙබ් අඩවියෙන් නැරඹීය හැක.
පිටපත, ඉදිරිපත් කිරීම සහ අධ්‍යක්ෂණය කිංස්ලි රත්නායකගෙනි.
සබැඳි පුවත් :
ලක්දිව මුහුදු වැද්දෝ : ප්‍රථම සමාජ මාධ්‍ය හෙලිදරව්ව (කිංස්ලිගේ වැඩක්)




