ගෙවා දැමීමට අය වැය මගින් මුදල් වෙන් කරන ලෙස ඉල්ලා මාතලේ දිස්ත්‍රික්ක පාර්ලිම්න්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න ඉදිරිපත් කළ අය වැය යෝජනාව සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
එම මාධ්‍ය නිවේදනයට අනුව අධ්‍යාපන කේෂ්ත්‍රයේ වෘත්තිකයින්ට 97/2 චක්‍ර ලේඛනය මගින් ඇති වූ වැටුප් විෂමතාව සමනය කිරීම සඳහා සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ දේශපාලන පක්ෂ රැසක් ද, වෘත්තීය සමිති සියල්ල ම පාහේ ද, එවකට විපක්ෂයේ සිට තවත් පිරිස් ද එක්ව කටයුතු කර ඇත.
2021 වසරේ දී, ගුරුවරුන්ට හා විදුල්පතිවරුන්ට පමණක් එම වැටුප විෂමතාවයෙන් 1/3 ක් පසුගිය රජය විසින් ලබාදී ඇත්තේ එහි ප්‍රතිඑලයක් ලෙස ය. නමුත් ඒ අවස්ථාවේ දී ද අධ්‍යාපන පරිපාලන සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය, ගුරු උපදේශක සේවය ඇතුළු අනෙකුත් සේවාවල නිලදාරීන් හට ඔවුන්ට හිමි විය යුතු 1/3 ක වැටුප හිමිකම හෝ ලැබි නොමැති බව එම නිවේදනයේ සහන් වේ.
මතු දැක්වෙන්නේ මාතලේ දිස්ත්‍රික්ක පාර්ලිම්න්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න විසින් නිකුත් කරනු ලැබ ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.
2025 පෙබරවාරි 2
පුවත්පත් නිවේදනය
2/3 හිඟ මුදල් ගුරු-විදුහල්පති සේවා සඳහා අයවැයෙන් ගෙවන්න
අනෙකුත් අධ්‍යාපන සේවා සඳහා සියළු හිඟ වැටුප් අය-වැයෙන් වෙන් කළ යුතුයිගුරු-විදුහල්පතිවරුන්ට හිමිවිය යුතු ඉතිරි 2/3 ක වැටුපත්, අනෙකුත් සියළුම අධ්‍යාපනය සේවාවන් හි නිලධාරින්ට හිමි විය යුතු සම්පූර්ණ හිඟ මුදලත් ගෙවා දැවීමට අය වැය මගින් මුදල් වෙන් කරන ලෙස මාතලේ දිස්ත්‍රික්ක පාර්ලිම්න්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න අය වැය යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය විසින් ඉදිරිපත් කර ඇති අය වැය යෝජනාවේ මෙසේ ද දැක්වේ.
‘අධ්‍යාපන කේෂ්ත්‍රයේ වෘත්තිකයින්ට 97/2 චක්‍ර ලේඛනය මගින් ඇති වූ වැටුප් විෂමතාවය සමනය කිරීම සඳහා සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ දේශපාලන පක්ෂ රැසක් ද, වෘත්තීය සමිති සියල්ලම පාහේ ද, එවකට විපක්ෂයේ සිට තවත් පිරිස් ද එක්වන කටයුතු කරනු ලැබීය.
එහි ප්‍රතිඑලයක් ලෙස, 2021 වසරේ දී, ගුරුවරුන්ට හා විදුල්පතිවරුන්ට පමණක් එම වැටුප විෂමතාවයෙන් 1/3 ක් පසුගිය රජය විසින් ලබාදෙන ලදී. නමුත්, එතන දීත් අධ්‍යාපන පරිපාලන සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය, ගුරු උපදේශක සේවය ඇතුළු අනෙකුත් සේවාවන් හි නිලදාරීන්ට ඔවුන්ට හිමි විය යුතු 1/3 ක වැටුප හිමිකම හෝ ලැබුණේ නැත.
ඒ නිසා, 2025 අය වැය මගින්, 97/2 චක්‍ර ලේඛනයේ නිසා ඇති වූ වැටුප් විශමතාවය නිවැරදි කර, වත්මන් ආණ්ඩුව ද, විපක්ෂය එක්ව පිළිගත් පරිදි අධ්‍යපාන කේෂ්ත්‍රයේ සියළුම සේවාවන් හි නිලධාරීන් වෙත පූර්ණ වැටුප් හිමිකම ලබා දීමට කටයුතු කළ යුතුය. ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ට 2/3 ක වැටුප් හිමිකම ද, අනෙකුත් සේවාවන් හි සියලු නිලධාරයන්ට පූර්ණ හිඟ මුදල ද, ලබා දීමට අවශ්‍ය මුදල් මෙවර අය වැය මගින් ලබා දෙන ලෙස යෝජනා කරමි.
| රෝහිණී කවිරත්න
මාතලේ දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී
rohinikavirathna@aol.com



