රජය ඉල්ලා සිටිය ද මොවුන් බලය ගෙන ජනතාව වෙනුවෙන් ඉටු විය යුතු යුතුකම් ඉටු කරනවාදැයි විපක්ෂ නායකවරයා විමසී ය.
ඔහු මෙලෙස විමසා සිටියේ අද ආණමඩුවේ පැවැති ජන හමුවක් අමතමිනි.
එම ජන හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
රට ආර්ථික සුළිකුණාටුවක් අභියස
‘‘මේ වන විට ඇමරිකානු ජනාධිපතිවරයා අපේ රට ඇතුළු රටවල් ගණනාවකට ප්‍රතිචාරාත්මක බදු ගසා තිබෙනවා. විමුක්තිය නිර්මාණය කරනවා කියා අප රටට ද 44% බද්දක් ගසා තිබෙනවා. මේ නිසා අපිටත් ආර්ථික සුළි කුණාටුවකට මුහුණ දීමට සිදුව තිබෙනවා. මේ බද්ද නිසා අප රටේ අපනයනවල මිල වැඩි වී තරගකාරීත්වය වැඩි වෙනවා; එම නිසා ඉල්ලුම නැති වී අපේ රටේ ඒ අපනයන භාණ්ඩ නිෂ්පාදනය අඩු වෙලා කර්මාන්ත ශාලාවල සේවකයන්ගේ ද රැකියා අහිමි විය හැකි යි. එය දුප්පත්කම වැඩි වීමට ද හේතුවක් වෙනවා. එය රටේ සමස්ත ආර්ථිකය කඩා වැටීමට බලපාන්න පුළුවන්.
මේ පිළිබඳව සමගි ජන බලවේගය කලින් දැනන් සිටියා. ඒ අවස්ථාවේ සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ අවස්ථාවේ ආණ්ඩුව එය විහිළුවට ගත්තා. අද වනතුරු මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න අපේ රටින් දූත පිරිසක් යොමු කර නැහැ. යම් හෙයකින් අප්‍රේල් 09 මේ බදු ක්‍රියාත්මක වුවහොත් අපේ රටට දැඩි බලපෑමක් සිදුවෙනවා.
දැන් නිදි කිරුවා හොඳට ම ඇති
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇඟලුම් කම්හල් ඇති කරන විට එයට අපහාස කරන පිරිසක් සිටියා. නමුත් ඒ කර්මාන්ත ශාලා නිසා අප රටේ ආර්ථිකය සවිමත් වෙලා තිබෙනවා. සමස්ත ඇගලුම්වලින් 40%ක් ඇමෙරිකාවට යවන අවස්ථාවක 44%ක බද්දක් ගැසීම අපේ රට තවත් වළපල්ලට ගෙන යාමක්. අනුන්ගේ අදහස්වලට සවන් නොදීම, උද්දච්චකම, මහන්තත්තකම, වැනි ගුණාංග ඉස්මතු කර ආණ්ඩුව විපක්ෂය නිහඬ කරනවා. දැන්වත් නිදි කිර කිරා ඉන් නැතිව, ඉඹි ගමනින් යන්නෙ නැතුව මේ ගැටලුවට විසදුම් ඉදිරිපත් කරන ලෙස මම ඉල්ලා සිටිනවා.’’



