The Leader News
BREAKING
Top Ad
පුවත්

පොහොට්ටුව 2/3 පන්නන ලකුණු: එජාපය කුජීතයි! - රනිල් අවදානමක !!

T

The Leader Desk

August 6, 2020 • 9:56 AM

පොහොට්ටුව 2/3 පන්නන ලකුණු: එජාපය කුජීතයි! - රනිල් අවදානමක !!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'පොහොට්ටුව' මන්ත්‍රී ආසන 154 ක් ලබාගන්නා බව එම පක්ෂයේ සන්නිවේදන අංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
  • ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල නියෝජිතයන් සඳහන් කරන ආකාරයට එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයක් ලබමින් පවතී.
  • එම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල නියෝජිතයන් සඳහන් කරන ආකාරයට බලපිටිය 76%ක්, හිරියාල 76%ක්, අක්මීමන73%ක් වශයෙන් 'පොහොට්ටුව' ජයගෙන ඇත.
  • පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

'පොහොට්ටුව' මන්ත්‍රී ආසන 154 ක් ලබාගන්නා බව එම පක්ෂයේ සන්නිවේදන අංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල නියෝජිතයන් සඳහන් කරන ආකාරයට එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයක් ලබමින් පවතී. එජාපයේ බලකොටුවක් ලෙස සැලකෙන කොළඹ දිස්ත්‍රීක්කයේ එකඳු ආසනයක් හෝ දිනා ගැනීම අවදානම් තත්වයක පවතින අතර එසේ වුවහොත් එහි නායක රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවට පත්වීමේ අවස්ථාව අහිමිවනු ඇත. 


දැනට ලැබී ඇති නොනිල ප්‍රතිපලවලට අනුව, බලපිටිය, හිරියාල, අක්මීමන ආසනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 70% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර ඇත. එම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල නියෝජිතයන් සඳහන් කරන ආකාරයට බලපිටිය 76%ක්, හිරියාල 76%ක්, අක්මීමන73%ක් වශයෙන් 'පොහොට්ටුව' ජයගෙන ඇත.

මැතිවරණ කොමිසම විසින් මෙතෙක් මෙම ප්‍රතිඵල නිලවශයෙන් නිකුත් කර නොමැත. 

දැනට ලැබෙන ප්‍රතිපලවලට අනුව සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමගි ජන බලවේගය දෙවන තැනටත් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය දකුණේ තෙවැනි තැනට පත්ව තිබේ.


 පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි..


2020 මහ මැතිවරණයේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය මේවනවිට නිකුත් වී තිබේ. ඒ ,ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 27,682

සමගි ජන බලවේගය – 5,244

ජාතික ජන බලවේගය – 3,135

එක්සත් ජාතික පක්ෂය -1,507

Gall Postal 2020.08.06

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...