The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
පුවත්

පෝට්සිටි පනත 2/3කින් සම්මත කර ගැනීමේ බලාපොරොත්තුවක් !

T

The Leader Desk

May 20, 2021 • 4:12 AM

පෝට්සිටි පනත 2/3කින් සම්මත කර ගැනීමේ බලාපොරොත්තුවක් !    

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල 'නෙත් නිවුස්' වෙත කියා සිටියේ පනත් කෙටුම්පත සරළ බහුතරයකින් සම්මත කර ගැනීමට තීරණය කර ඇතත් ඒ සදහා පක්‍ෂව තුනෙන් දෙකක ඡන්දයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවයි.
  • විපක්ෂය ගෙනෙන යෝජනා සහ අගමැති මහින්දගේ ප්‍රතිචාරය කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට කරුණු අටක් යටතේ සංශෝධන ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය පියවර ගන්න බව ආචාර්ය හර්ෂ ද සිල්වා බදාදා (මැයි 19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
  • විපක්ෂය වෙනුවෙන් ඊට අදාළ විවාදය ආරම්භ කරමින් කරුණු දැක්වූ ඔහු පැවසුවේ අදාළ පනත් කෙටුම්පත තුළින් විදේශිකයන්ට වැඩි බලයක් ලබාදීම හෝ පාර්ලිමේන්තුවට ඇති බලය අහිමි කිරීම සිදු නොවිය යුතු බවය.
  • මේ අතර ඊයේ දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලා සිටියේ එම පනත් කෙටුම්පත සම්මත කර ගැනීම කල් දමන ලෙසයි.
අකුරු ප්‍රමාණය (Font Size):
තීරණය කර ඇත.
 
සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල 'නෙත් නිවුස්' වෙත කියා සිටියේ පනත් කෙටුම්පත සරළ බහුතරයකින් සම්මත කර ගැනීමට තීරණය කර ඇතත් ඒ සදහා පක්‍ෂව තුනෙන් දෙකක ඡන්දයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවයි.
 
 
 

 
 
 
කෙසේවුවද ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ මෙම පනත සම්මත කර ගැනීමට ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් ලබාගැනීම අසිරුබවයි. 
 
20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට සහයදුන් මුස්ලිම් මන්ත්‍රීවරුන් හා ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂගේ සහය මෙම පනත සම්මතකර ගැනීමට නොලැබෙන බව දැනටමත් තහවුරුවී තිබේ. 
 
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට යටත්ව අදාල පනත් කෙටුම්පත සංශෝධනය කර සරල බහුතරයෙන් සම්මතකර ගැනීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ.
 
 
 
 

 
විපක්ෂය ගෙනෙන යෝජනා සහ අගමැති මහින්දගේ ප්‍රතිචාරය
 
 
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට කරුණු අටක් යටතේ සංශෝධන ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය පියවර ගන්න බව ආචාර්ය හර්ෂ ද සිල්වා බදාදා (මැයි 19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
 
විපක්ෂය වෙනුවෙන් ඊට අදාළ විවාදය ආරම්භ කරමින් කරුණු දැක්වූ ඔහු පැවසුවේ අදාළ පනත් කෙටුම්පත තුළින් විදේශිකයන්ට වැඩි බලයක් ලබාදීම හෝ පාර්ලිමේන්තුවට ඇති බලය අහිමි කිරීම සිදු නොවිය යුතු බවය.
 
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කර ඇති යෝජනා දෙවනවර කියවීමේදී එකතු කිරීමට අපේක්ෂා කරන බව අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
 
 
 

 
 
මේ අතර ඊයේ දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලා සිටියේ එම පනත් කෙටුම්පත සම්මත කර ගැනීම කල් දමන ලෙසයි.
 
 

 

THE LEADER TV 
ජනාධිපතිට එරෙහිව නීතිපතිවරයා ගෙන් විමර්ශනයක් ? 
 

 
ඩෑන් පබ්ලිසිට් දුන් 'වස්ති'ගේ 'ආලෝක උපාලි..' පෙරළියක ලකුණක් ද?

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...