The Leader News
BREAKING
Top Ad
පුවත්

දරුවන්ට වදහිංසා කළ විදුහල්පතිනිය සහ පොලිසියේ 2ක් රිමාන්ඩ්

T

The Leader Desk

November 9, 2022 • 3:55 AM

 දරුවන්ට වදහිංසා කළ විදුහල්පතිනිය සහ පොලිසියේ 2ක් රිමාන්ඩ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අදාළ පාසලේ විදුහල්පතිනිය සහ මිල්ලනිය පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (08) නියෝග කළේය.
  • ගුරුවරියකගේ මුදල් පසුම්බියක් අස්ථානගතවීම හේතුවෙන් 05 ශ්‍රේණියේ සිසුන් කිහිපදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ගැනීමට ඊයේ (08) දිනයේ මොවුන් ළමාරක්ෂක අධිකාරිය වෙත කැඳවා තිබිණි.
  • ඔවුන්ගෙන් පැය 8කට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීමෙන් පසුව ළමාරක්ෂක අධිකාරියේ විශේෂ විර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඊයේ (08) සවස 5ට පමණ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
  • පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන කවින්ද ජයවර්ධන සහ ජගත් කුමාර, පාර්ලිමේන්තුවේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වුහ.
අකුරු ප්‍රමාණය (Font Size):

අදාළ පාසලේ විදුහල්පතිනිය සහ මිල්ලනිය පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (08) නියෝග කළේය.

ගුරුවරියකගේ මුදල් පසුම්බියක් අස්ථානගතවීම හේතුවෙන් 05 ශ්‍රේණියේ සිසුන් කිහිපදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ගැනීමට ඊයේ (08) දිනයේ මොවුන් ළමාරක්ෂක අධිකාරිය වෙත කැඳවා තිබිණි. ඔවුන්ගෙන් පැය 8කට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීමෙන් පසුව ළමාරක්ෂක අධිකාරියේ විශේෂ විර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඊයේ (08) සවස 5ට පමණ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

එසේ, අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු එම පාසලේ ගුරුවරියක් සහ මිල්ලනිය පොලිස් ස්ථානයේ රියදුරා ඇපමත මුදාහරින මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුව තුල ද අදහස් පලවිය. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන කවින්ද ජයවර්ධන සහ ජගත් කුමාර, පාර්ලිමේන්තුවේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වුහ.


අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඒ සම්බන්ධයෙන් කරුණූ දැක්වුයේ මෙලෙසයි.


අදාල පාසලේ ගුරුවරියකගේ මුදල් පසුම්බියක් නැති වී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ සිසුන්ට පහර දී ඇති බව ළමාරක්ෂක අධිකාරිය කරන ලද විමර්ශනවලින් හෙළිව තිබේ. පසුව එම සිසුන් පාසල් කාමරයක් තුළ සිර කර තබා ගෙන පොලිසියට ද දුරකතන ඇමැතුමක් දී පොලිස් නිලධාරීන් ගෙන්වා ගෙන ඇති අතර, එම සිසුන් ජීප් රියේ නංවාගෙන පාසලෙන් පිටතට ගෙන ගොස් විදුලිය (කරන්ට්) වැද්දවීමට සලස්වා ඇති බවට ද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මේ දරුවන්ට පහරදීම සිදුව ඇත්තේ ඉකුත් 2 වැනිදාය. සිද්ධියෙන් තුවාල ලැබූ දරුවෝ තිදෙනකු පසුව රෝහල්ගත කරනු ලැබූහ. එක් දරුවකු නේවාසිකව ප්‍රතිකාර ගෙන ඇති බව ද වාර්තා වේ.

මේ දරුවන්ට ජීප් රථය තුළදී කරන්ට් වැද්ද වූ බවට දරුවන්ගේ ප්‍රකාශවලින් තහවුරු වූ බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ආචාර්ය උදයකුමාර අමරසිංහ ගුරුවරුන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන් සාක්ෂියක් ලෙස පොලිසියේ නිල රථය ළමාරක්ෂක අධිකාරියේ භාරයට ගෙන තිබෙන බවත් කීවේය.


කිසිම දරුවකුට කායික දඬුවම් දීමේ නීතිමය ප්‍රතිපාදනයක් විදුහල්පතිවරයකුට හෝ වෙනත් කිසිවකුට නැති බවට පැහැදිලි මඟපෙන්වීම් මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර තිබෙන බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ආචාර්ය උදයකුමාර අමරසිංහ පවසයි.


පාසැල් සිසුන් හිංසනයට ලක්වීමේ ප්‍රවණතාවයේ වර්ධනයක් !



ජාතික ළමා රක්ෂක අධිකාරිය තවදුරටත් පවසන්නේ, පාසල් සිසුන් පාසල තුලදී හිංසනයට සහ ප්‍රචණ්ඩත්වයට ලක්වීමේ ප්‍රවණතාවක් මෑත කාලීනව නිරීක්ෂණය වන බවයි.

එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ පැවසුවේ, ගුරුවරුන් විසින් පාසල් සිසුන්ට දඬුවම් ලබාදීම මෙන්ම ශිෂ්‍ය නායකයින් විසින් කුඩා දරුවන්ට දඬුවම් ලබාදීමේ සිද්ධීන් කිහිපයක් මෑත කාලීනව වාර්තා වී ඇති බවයි.


දරුවන්ට හිංසා කිරීමේ සිද්ධීන්වලට සම්බන්ධ ඕනෑම පාර්ශවයකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජාතික ළමා රක්ෂක අධිකාරිය සූදානම් බව එහි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...