The Leader News
BREAKING
Top Ad
පුවත්

ධනුෂ්කට ඇප ගන්න ඩොලර් ලක්‍ෂ 2 ක් සොයයි

T

The Leader Desk

November 12, 2022 • 3:27 PM

ධනුෂ්කට ඇප ගන්න ඩොලර් ලක්‍ෂ 2 ක් සොයයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ දෙකක් සොයා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව වාර්තා වේ.
  • ධනුෂ්ක ගුණතිලකට නැවත වරක් ඇප ඉල්ලීම සඳහා ඔහු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව 'ඩේලි මිරර්' පුවත් පත වෙත වාර්තා වේ.
  • ඒ අතර ධනුෂ්කට ඇප ලබාගැනීමේ උත්සාහයට සහයෝගය දීමක් වශයෙන් වනිඳු හසරංග දැනටමත් විශාල මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බාර දී ඇති බව සමීප ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
  • ධනුෂ්කට ඇප ලබාගැනීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙන අභියාචනයක් වෙනුවෙන්, ඇප තැන්පතුවක් ලෙස, ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්‍ෂ දෙකක මුදලක් අවශ්‍යව වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ දෙකක් සොයා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව වාර්තා වේ. ධනුෂ්ක ගුණතිලකට නැවත වරක් ඇප ඉල්ලීම සඳහා ඔහු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව 'ඩේලි මිරර්' පුවත් පත වෙත වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්, දැනටමත් මේ සඳහා ඇතැම් පුද්ගලයන්ගෙන් පරිත්‍යාග ඉල්ලා ඇති බවත් දැනගන්නට තිබේ. ඒ අතර ධනුෂ්කට ඇප ලබාගැනීමේ උත්සාහයට සහයෝගය දීමක් වශයෙන් වනිඳු හසරංග දැනටමත් විශාල මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බාර දී ඇති බව සමීප ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

ධනුෂ්කට ඇප ලබාගැනීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙන අභියාචනයක් වෙනුවෙන්, ඇප තැන්පතුවක් ලෙස, ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්‍ෂ දෙකක මුදලක් අවශ්‍යව වී තිබේ.

ධනුෂ්කට එරෙහිව ප්‍රධාන නඩුව ජනවාරි 12 වැනිදා කැඳවීමට නියමිතය.

ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් ඕස්ට්‍රේලියානු අධිකරණයේ පෙනී සිටීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගිය සතියේ නව නීතීඥයෙකු බඳවා ගන්නා ලදි. ඔහුගේ නීතීඥයින් පවසන්නේ ක්‍රිකට් ක්‍රීඩකයා සියලු ලිංගික අතවර චෝදනා සම්බන්ධයෙන් ඔහුගේ නිර්දෝෂීභාවය ප්‍රකාශකර සිටින බවයි.

( lankadeepa.lk- ඩේලි මිරර් ඇසුරිනි)


සබැඳි පුවත් :

ධනුශ්ක ගුණතිලක : ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත චෝදනා පත්‍රයක් !

 

  


he LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...