The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නොරට සිට ආ මුතුන් මිත්තෝ (20) : දරුවන්ට නව මාවතක් තනා දෙන්න තේ ගස් අතර ජීවිතය දිය කරන අම්මාවරු - (ඉන්දු පෙරේරා)

T

The Leader Desk

September 30, 2024 • 9:48 AM

නොරට සිට ආ මුතුන් මිත්තෝ (20) : දරුවන්ට නව මාවතක් තනා දෙන්න තේ ගස් අතර ජීවිතය දිය කරන අම්මාවරු - (ඉන්දු පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මධ්‍යම කඳුකරයේ තේ වතු බොහෝ විට පවතින්නේ හුදෙකලා වතුයායන් ලෙසින් වුවද දකුණේ තේවතු ඊට වඩා වෙනස් ස්වරූපයක් ගනියි.
  • ඉන්ද්‍රානිට ලැබී තිබුණේ ද්විත්ව ගෘහ (dual cottage ) ලෙසින් හඳුන්වන මැදින් බිත්තියකින් වෙන් කර දෙපැත්තේ කාමර දෙකක් ලෙසින් තනන ලද ලැයිම් ගෙයක එක් පැත්තක කාමරයක් ය.
  • තම රැකියාවට ඇය ආදරය කළත්, තමන්ගේ දරුවන් මෙලෙස දුක් විඳිය යුතු නැතැයි ඇය ඔවුන් උපන්දා සිටම තීරණය කර තිබිණි.
  • දරුවන්ට උගන්වන අතරේ ඉන්ද්‍රානි ඔවුන් වාසය කරන ලැයිම් කාමරය කඩා එය කුඩා දෙමහල් නිවසක් ලෙස ගොඩ නඟා ගත්තාය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
මධ්‍යම කඳුකරයේ තේ වතු බොහෝ විට පවතින්නේ හුදෙකලා වතුයායන් ලෙසින් වුවද දකුණේ තේවතු ඊට වඩා වෙනස් ස්වරූපයක් ගනියි. කුඩා පෞද්ගලික තේවතු සේම, අක්කර සිය දහස් ගණනින් විශාල තේවතු පැවතියත් ඊට ඔබ්බෙන් වූයේ ගම්මානයන් ය. 
       
මෙපමණ දවසක් වැඩිපුරම අපගේ අවධානය යොමු වූයේ ඉන්දීය ද්‍රවිඩ වතුකම්කරුවන්ගේ දුක්ඛිත අභ්‍යන්තරය කෙරෙහි ය. නමුත්  මේ ගෙන එන්නේ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කතාවකි.
 
1660099585 Court Lතම රැකියාවට ඉන්ද්‍රානි මොන තරම් ආදරය කළාදැයි කිවහොත් ඇය තරම් වේගයෙන් දළු කඩන කෙනෙකු එම වතුයායේ කොහේවත් සිටියේ නැත.
       
ඉන්ද්‍රානි පහතරට වතුකරයේ එක් සමාගමකට අයත්  තේ වතු යායක සේවය කරන  දකුණු ඉන්දීය දෙමළ කම්කරු කාන්තාවකි. ඇය විවාහක ය. ඇගේ සැමියාද ඒ වතුයායේම රැකියාවක නිරත වෙයි.
 
තම රැකියාවට ඉන්ද්‍රානි මොන තරම් ආදරය කළාදැයි කිවහොත් ඇය තරම් වේගයෙන් දළු කඩන කෙනෙකු එම වතුයායේ කොහේවත් සිටියේ නැත. දියණියන් දෙදෙනෙකු සහ එක් පුතෙකු ලැබූ ඉන්ද්‍රානි සිය දරුවන් සහ සැමියා සමඟ වාසය කළේ එම වත්තේ ලයිම් කාමරයක ය. එය එක් දිගට කාමර පහක් හයක් පවතින ලැයිම් පේළියක් නොවේ. ඉන්ද්‍රානිට ලැබී තිබුණේ ද්විත්ව ගෘහ (dual cottage ) ලෙසින් හඳුන්වන මැදින් බිත්තියකින් වෙන් කර දෙපැත්තේ කාමර දෙකක් ලෙසින් තනන ලද ලැයිම් ගෙයක එක් පැත්තක කාමරයක් ය. අනෙක්  පැත්තේ කාමරයේ තවත් කම්කරු යුවළක් විසූහ.
නොරට සිට ආ මුතුන් මිත්තෝ (10) : වතුකර දෙමළ ජනතාව ඉන්දියාවට භාර ගැනීමට  කැමැත්ත - (ඉන්දු පෙරේරා)බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කළ ඉන්ද්‍රානි ට සෑහෙන මුදලක් උපයා ගැනීමට හැකියාව ලැබිණි.
 
ඉන්ද්‍රාණී බොහෝ උත්සාහවන්ත ය. තම රැකියාවට ඇය ආදරය කළත්, තමන්ගේ දරුවන් මෙලෙස දුක් විඳිය යුතු නැතැයි ඇය ඔවුන් උපන්දා සිටම තීරණය කර තිබිණි. හරිහමන් අධ්‍යාපනයක් හෝ සමාජය පිළිබඳ ලොකු දැනීමක් ඉන්ද්‍රානි ට තිබුණේ නැත. නමුත් ඇයට සිහිනයක් තිබිණි. ලස්සන සාරි ඇඳ මූණ පාට කරගෙන අඩි උස සපත්තු දමා ටවුමේ රස්සාවලට යන නෝනලාත්, දිග කලිසමත් අත් දිග කමිසයත් ඇඳ දිලිසෙන කළු  සපත්තු දමාගෙන උදේ හවා රස්සාවලට යන එන මහත්තුරුත් ඉන්ද්‍රානි ගංගොඩේ දී ඕනෑ තරම් දැක තිබුණාය. ඇය හීන මැව්වේ තම දියණියන් දෙදෙනාත්, පුතුත් ඔවුන් තුළින් දකින්නට ය.
 
බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කළ ඉන්ද්‍රානි ට සෑහෙන මුදලක් උපයා ගැනීමට හැකියාව ලැබිණි. සකසුරුවම් කමින් ජීවත් වූ ඇය දරුවන්ද පාසල් යවන අතරේ වත්තේ කාන්තාවන් සමඟ සීට්ටු දමන්නට පටන් ගත්තාය. එයින් සෑහෙන මුදලක් ඉතිරි කර ගැනීමට ඉන්ද්‍රානි ට හැකි විය. ඇය සේවය කරන වතුයාය වැවිලි සංස්ථාව මගින් පාළනය වන සමාගමක් මගින් බද්දට ලබාගත් අර්ධ රාජ්‍ය වතුයායකි. එවැනි සමහර වතුවල සේවකයන්ට තමන්ගේ ලයිම්  කාමරවල අයිතිය ලබාගත හැකි අතර ඒවා කැමති පරිදි සකස් කර ගන්නටද හිමිකම ලැබේ. දරුවන්ට උගන්වන අතරේ ඉන්ද්‍රානි ඔවුන් වාසය කරන ලැයිම්  කාමරය කඩා එය කුඩා දෙමහල් නිවසක් ලෙස ගොඩ නඟා ගත්තාය. ඒ, දරුවන් ඉගෙනගෙන ලොකු මහත් වන විට ඔවුන්ට ලැජ්ජාවක් නැතිව ඉන්නට හිටින්නට හොඳ ගෙයක් තිබිය යුතු යැයි ඇය විශ්වාස කළ නිසා ය. සමහර කම්කරු කාන්තාවන් මෙන් ඉන්ද්‍රානි මත්පැන් පානය කළේ නැත. සැමියා මත්පැන් පානය කළත් ඔහුට ඊට ඇබ්බැහි නොවීම ඉන්ද්‍රානි  ට තිබූ ලොකුම සහනයයි.
S 23518කිට්ටුව තිබූ ගමේ පාසලෙන් උගත් ඉන්ද්‍රානි ගේ දරුවෝ සාමාන්‍ය පෙළ සමත් වූහ.
 
කිට්ටුව තිබූ ගමේ පාසලෙන් උගත් ඉන්ද්‍රානි ගේ දරුවෝ සාමාන්‍ය පෙළ සමත් වූහ. පසුව වැඩිමහල් දියණිය මැලේසියාවේ රැකියාවකට ගිය අතර පුතු නගරයේ පාසලෙන් උසස් පෙළ සමත් වී  රැකියාවක් සොයා ගත්තේය. මේ වන විට  දෙමළ ජාතික  ගුරුවරියක සමඟ විවාහ වී සිටින ඔහු පදිංචි වී සිටින්නේ වත්තෙන් පිට ය. බාල දියණිය  උසස් පෙළ සමත් වී විශ්ව විද්‍යාලයට ඇතුළත්ව උපාධිය ලබාගෙන තිබුණේ මේ මෑත දිනෙක ය.
 
ඉන්ද්‍රානි තමන් පැතූ ලෝකය දිනා ගත්තාය. නමුත් ඇය දළු කැඩීම අතහැරියේ නැත. ජීවිතය දිනා ගැනීමට සවියක් වූ රැකියාවට ඇය ආදරය කරන්නීය. ඇහිපිල්ලම් ගසනවාටත් වඩා වේගයෙන් දළු කඩන ඉන්ද්‍රානිගේ දෑඟිලි තේ දළු අතර එහා මෙහා යන අයුරු සැබවින්ම විශ්මයජනක ය. මේ නිසාම වතුයායේ සේවක සේවිකාවන් උදෙසා වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන ප්‍රදානෝත්සවයේදී වතුයායේ අදාළ කොටසේ (division) දක්ෂතම සේවිකාවගේ සම්මානය, මුළු වතුයායේම දක්ෂතම සේවිකාවගේ සම්මානය වශයෙන් පිට පිටම වසර ගණනාවක් තිස්සේ එම සම්මාන දිනා ගනිමින් සිටින්නේ ඉන්ද්‍රානි ය. ඒ වෙනුවෙන් ඇයට සම්මානවලට අමතරව  මුදල් තිළිණ ද හිමිවෙයි. ඒ හැරුණු විට එම සමාගමට අයත් සියලු වතුයායන්හි හොඳම සේවිකාවගේ සම්මානයත් ඉන්ද්‍රානි දිනා ගත්තාය.
c5a175aba0379f53147c206dbc1c8dac XLතම පරම්පරාවේ අවසානම කුලී කම්කරුවා තමන් විය යුතු බවට විශ්වාස කරමින් දරුවන් කුලී රස්සාවෙන් මුදවා නගරයේ හොඳ රැකියා කරනු දකින්නට ඔවුහු ප්‍රාර්ථනා කරති.
 
තමාගේ දරුවන් යා හැකි ඉහළම තැනට යනු දැකීම හැම මවකගේම සිහිනයකි. වතු කම්කරු කාන්තාවන්ට කියා මෙම මවුකමේ වෙනසක් නැත.  නමුත් ඉන්දීය දෙමළ වතු කම්කරුවන් අතර විශේෂයෙන් කඳුකර ඉන්දීය දෙමළ කම්කරුවන් අතර ඉතා සුලභව දක්නට ලැබෙන මත්පැන් ඇබ්බැහියාව විසින් මේ සියලු ස්වභාවික මිනිස් ආශාවන් ආශාවන් සහ අපේක්ෂාවන් ගිල ගෙන තිබේ. එහි ශෝචනීයම තත්ත්වය වන්නේ කාන්තාවන් මත්පැනට ඇබ්බැහි වීමයි. සිරුරේ කොඳු නාරටිය බිඳී ගියාක් බඳු එම තත්ත්වය තුළ දරුවන්ගේ අනාගතය දුක්ඛදායක වීම අරුමයක් නොවේ. නමුත් දරුවන් වෙනුවෙන් සිය ජීවිතයම කැප කර තමන් අත් නොවිඳි යහපත්, සන්තෘප්තිමත් ජීවිතයක් ඔවුනට උරුම කර දුන් "ඉන්ද්‍රානිලා" කඳුකරයේ වතුවල නැතුවා නොවේ. තම පරම්පරාවේ අවසානම කුලී කම්කරුවා තමන් විය යුතු බවට විශ්වාස කරමින් දරුවන් කුලී රස්සාවෙන් මුදවා නගරයේ හොඳ රැකියා කරනු දකින්නට ඔවුහු ප්‍රාර්ථනා කරති. ඒ වෙනුවෙන් තේ පඳුරු අතර දහ දුක් විඳිති.
 
නොරට සිට ආ මුතුන් මිත්තෝ (8) : වතු දෙමළ ජනතාවගෙන් ලක්ෂ 8කට පුරවැසිභාවය  අහිමියි - (ඉන්දු පෙරේරා)
 
තවත් කොටසකින් යළි හමුවෙමු.
 
තොරතුරු සපයා ගැනීමේදී සහාය හෝ ප්‍රදීප්  චතුරංග මහතාට ස්තුතියි. ඡායාරූප අන්තර්ජාලයෙනි. මුල් හිමිකරුවන්ට ස්තුතියි.
 
සටහන - ඉන්දු පෙරේරා
 

සබැඳි ලිපි :

නොරට සිට ආ මුතුන් මිත්තෝ (19) : වත්තේ වැඩට වඩා "ගොඩේ" වැඩ අතට මිටට හොඳයි ? - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (18) : සිලෝන් ටීවලට කුමක් වෙයි ද? - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (17) : තුන් වේලට කෑම වෙනුවට බීම (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (16) : "දරුවන් වෙනුවෙන් හීන දුටු වල්ලි අම්මා (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (15) : "සාරායන් ටිකක් නොගහ මේකි එක්ක දීග කෑම නම් බොරු" (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (14) : ඔය මිනිස්සුන්ට මොකටද කරන්ට් එක ? (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (13) : රුපියල් අසූවක දුම්රිය ප්‍රවේශ පත්‍රයකින් ඉන්දියාවට (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (12) : උපන් බිමට හිමිකම් නොලද උපන් බිමේ අසරණයෝ (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (11) : රටක් නැති ජනතාව ඉන්දියාවට පිටමං කරන සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (10) : වතුකර දෙමළ ජනතාව ඉන්දියාවට භාර ගැනීමට කැමැත්ත - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (9) : දෙමළ බෙදුම්වාදයට පාර කැපෙයි - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (8) : වතු දෙමළ ජනතාවගෙන් ලක්ෂ 8කට පුරවැසිභාවය අහිමියි - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (7) : දකුණු ඉන්දීය ශ්‍රමිකයන්ට ඩී. එස්. ගෙන් කෙනෙහිලි - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (6) : අපෙන් බදු මුදල් ! සුද්දන්ගෙන් පාරවල් !! - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (5) : මාතලේ කුලදෙවියන් පිදූ තැන දේවතාවියක් - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (4) : සිලෝන් ටී වෙනුවෙන් ඔවුහු දිවි පිදූහ - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (3) : වනයේ තප්පු ගසමින් දකුණු ඉන්දියානුවෝ මන්නාරම සිට මාතලේට ආ ගමන - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (2): සිංහලයන්ට කටඋත්තර නැති කළ සුද්දෝ (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන්මිත්තෝ : ලංකාවට කම්කරුවන් සොයා ඉන්දියාවේ පෝස්ටර් (ඉන්දු පෙරේරා)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නොරට සිට ආ මුතුන් මිත්තෝ (20) : දරුවන්ට නව මාවතක් තනා දෙන්න තේ ගස් අතර ජීවිතය දිය කරන අම්මාවරු - (ඉන්දු පෙරේරා) | The Leader