The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
පුවත්

'20 හැදුවේ ජනාධිපතිම නම් තත්වය තවත් බරපතලයි' -ජාතික සංවිධාන

T

The Leader Desk

September 18, 2020 • 11:18 AM

'20 හැදුවේ ජනාධිපතිම නම් තත්වය තවත් බරපතලයි' -ජාතික සංවිධාන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම සංවිධානයේ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසන්නේ, ජනාධිපතිවරණ ජනවරමින් ජනතාව අපේක්ෂා කළේ යුක්ති සහගත හොඳ දේ කරන පාලකයෙක් බව වුවත් මෙම සංශෝධනය මගින් ජනාධිපතිගේ එම ප්‍රතිරූපයට හානි වන බවයි.
  • නීති කෙටුම්පත් අංශයේ නිලධාරීන් හිතාමතා මෙම සංශෝධනයට ඇතැම් කොටස් දැම්මේද නැත්නම් ඔවුන් පුරුද්දට වභාගයකින් තොරව දැම්මේදැයි සොයා බැලිය යුතු බවත් ඔහු එහිදී කියා සිටියේය.
  • සංශෝධනයේ තිබූ ඇතැම් හොඳ දේවල් මෙම විසිවන සංශෝධනය මගින් ආපසු හරවා ඇතැයිද එය ජනවරමේ අපේක්ෂාව නොබවත් හොඳ දෙයක් නොවන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.
  • විස්ස සාරාර්ථයෙන් ගත් විට, රාජපක්ෂලාගේම මිස වෙන කිසිවෙකුගේ නොවේ : මේ අතර ප්‍රකට දේශපාලන විචාරක සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ පවසන්නේ, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය, එහි සාරාර්ථයෙන් ගත් විට, රාජපක්ෂලාගේම මිස වෙන කිසිවෙකුගේ නොවන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එම සංවිධානයේ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසන්නේ, ජනාධිපතිවරණ ජනවරමින් ජනතාව අපේක්ෂා කළේ යුක්ති සහගත හොඳ දේ කරන පාලකයෙක් බව වුවත් මෙම සංශෝධනය මගින් ජනාධිපතිගේ එම ප්‍රතිරූපයට හානි වන බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමිනි.

නීති කෙටුම්පත් අංශයේ නිලධාරීන් හිතාමතා මෙම සංශෝධනයට ඇතැම් කොටස් දැම්මේද නැත්නම් ඔවුන් පුරුද්දට වභාගයකින් තොරව දැම්මේදැයි සොයා බැලිය යුතු බවත් ඔහු එහිදී කියා සිටියේය.

19 සංශෝධනයේ තිබූ ඇතැම් හොඳ දේවල් මෙම විසිවන සංශෝධනය මගින් ආපසු හරවා ඇතැයිද එය ජනවරමේ අපේක්ෂාව නොබවත් හොඳ දෙයක් නොවන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.


Rajapaksha 2020.09.18                        විස්ස සාරාර්ථයෙන් ගත් විට, රාජපක්ෂලාගේම මිස වෙන කිසිවෙකුගේ නොවේ :

මේ අතර ප්‍රකට දේශපාලන විචාරක සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ පවසන්නේ, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය, එහි සාරාර්ථයෙන් ගත් විට, රාජපක්ෂලාගේම මිස වෙන කිසිවෙකුගේ නොවන බවයි.

අලි සබ්රි, ජී. ඇල්. පීරිස් හෝ වෙන ඕනෑම කෙනෙකුට කළ හැක්කේ, රාජපක්ෂලාගේ අදහස සහ අවශ්‍යතාව ඉංග්‍රීසියෙන් ලියා දීම පමණක් බවද ඔහු පෙන්වා දී ඇත. 

කාරණය ඉතා සරලව පැහැදිලි කරන වියන්ගොඩ, 20 වැනි සංශෝධනයට අනුව රාජපක්ෂ අභිලාෂයන් මෙසේ පැහැදිලි කරයි.

(1) ව්‍යවස්ථා සභාව අහෝසි කෙරේ. එය රාජපක්ෂ අභිලාෂයකි. 

(2) විගණන කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා අකර්මණ්‍ය කෙරේ. එය රාජපක්ෂ අභිලාෂයකි.

(3) ප්‍රසම්පාදන නියාමනය අහෝසි කෙරේ. එය රාජපක්ෂ අභිලාෂයකි. (ප්‍රසම්පාදනය යනු, විනිවිද පෙනෙන සේ අනුගමනය කළ යුතුව ඇති ටෙන්ඩර් පරිපාටි වැනි දේවල් ය). 

(4) ජනාධිපතිවරයා කරන කිසිවක් නීතිය ඉදිරියේ වරදක් නොවේ. (මුක්තිය). එය රාජපක්ෂ අභිලාෂයකි.  

(5) අලූත් පාර්ලිමේන්තුවක් අවුරුද්දක කාලයක් අවසානයේදී විසුරුවා හැරිය හැකිය. එය රාජපක්ෂ අභිලාෂයකි.

(6) ඉහළ අධිකරණ විනිසුරුවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ආදී මර්මස්ථාන හොබවන තනතුරුවලට අÞළ මෙහෙයවීම ජනාධිපති යටතට ගැනේ. එය රාජපක්ෂ අභිලාෂයකි.

කියවන්න.
20 ලිව්වේ කවුද?  (තොඳොල් ප්‍රශ්නයක්) - ගාමිණී වියන්ගොඩ 
'විස්සේ වෙනසක් නෑ' - ජනාධිපති ආවේගයෙන් ගුගුලයි : මහින්ද කමිටු යෝජනා කුණු කූඩයට !

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...