The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

තහනමේ දේශපාලනය සහ හරක් මස් – සුනන්ද දේශප්‍රිය

T

The Leader Desk

October 2, 2020 • 10:45 AM

 තහනමේ දේශපාලනය සහ හරක් මස් – සුනන්ද දේශප්‍රිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවෙහි ගව ඝාතනය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දුන්නේය.
  •   අනගාරික ධර්මපාලගේ රථය: යෝජනාවේ ආදි කර්තෘවරු එසේ නමුත් මෙම යෝජනාවේ ආදි කර්තෘවරුන් වන්නේ අනගාරික ධර්මපාලගේ සිට නූතන උග්‍ර සිංහල බෞද්ධ කන්ඩායම් බව රහසක් නොවේ.
  • මෑතක කාලයෙහි යාපනයේ උග්‍ර හින්දු ලබ්දික සිව සේනා කන්ඩායමද ගව ඝාතනය තහනම් කරන ලෙස උද්ඝෝෂනය කරති.
  • අගමැති රාජපක්ෂ විසින් ගව ඝාතනය තහනම් කළ යුතු බවට සැප්තැම්බර් මුලදී යෝජනා කළ විට ඊට විරුද්ධව මුස්ලිම් ජනමත ප්‍රධානීන් කරුණූ දැක්වූහ.
අකුරු ප්‍රමාණය (Font Size):

එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවෙහි හරක් නොමැරීමට හේතු වශයෙන් දක්වා ඇති කරුණූ තහනමටත් වඩා අපුරුය.

ඒ අනුව ගව ඝාතනය තහනම් කැරෙන්නේ කිසිදු ආගමික හෝ සදාචාරාත්මක හේතුවක් නිසා නොවේ.

28.09.2020 දරණ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුව මෙම තහනම පැනවීමට අගමැති රාජපක්ෂ විසින් යෝජනා කරන ලද්දේ හේතු මෙසේය:

“ගව ඝාතනය ඉහළ යාම හේතුවෙන් සම්ප්‍රදායික ගොවිතැන් කටයුතු සිදු කිරීමේදී අවශ්‍ය වන ගව සම්පත ප්‍රමාණවත් නොවන බවත් ආනයනික කිරිපිටි සඳහා විදේශයන්ට ඇදී යන විශාල විදේශ විනිමය ප්‍රමාණය අවම කර ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය වැඩි දියුණු කිරීමට හැකිවන පරිදි දේශීය කිරි කර්මාන්තය නඟා සිටුවීම සඳහා ප්‍රමාණවත් ගව සම්පතක් නොමැති වීම හේතුවෙන් එම කර්මාන්තයට බාධාවක් වී ඇති බවත්” ය.

 

අනගාරික ධර්මපාලගේ රථය:

dharmapala Harakaයෝජනාවේ ආදි කර්තෘවරු

එසේ නමුත් මෙම යෝජනාවේ ආදි කර්තෘවරුන් වන්නේ අනගාරික ධර්මපාලගේ සිට නූතන උග්‍ර සිංහල බෞද්ධ කන්ඩායම් බව රහසක් නොවේ.

මෑතක කාලයෙහි යාපනයේ උග්‍ර හින්දු ලබ්දික සිව සේනා කන්ඩායමද ගව ඝාතනය තහනම් කරන ලෙස උද්ඝෝෂනය කරති.

එමෙන්ම ගව මස් ව්‍යාපාරයෙහි ගම් මට්ටමෙහි යෙදී සිටින්නේ මුස්ලිම් ජනයා වන අතර ඔවුන් වැඩිපුරම අනුභව කරන්නේද ගම මස්ය.

අගමැති රාජපක්ෂ විසින් ගව ඝාතනය තහනම් කළ යුතු බවට සැප්තැම්බර් මුලදී යෝජනා කළ විට ඊට විරුද්ධව මුස්ලිම් ජනමත ප්‍රධානීන් කරුණූ දැක්වූහ.

තවද අගමැති යෝජනාව මගින් මෙරටදී ගව මස් කෑමට තහනමක් නැත. එපමණක් නොව පිට රටින් හරක් මස් ගෙන්වා අඩු මිලට දීමට කටයුතු කරන බවද එම යෝජනාවෙහි සඳහන් වෙයි.

අගමැති යෝජනාව මගින් මෙරටදී ගව මස් කෑමට තහනමක් නැත. එපමණක් නොව පිට රටින් හරක් මස් ගෙන්වා අඩු මිලට දීමට කටයුතු කරන බවද එම යෝජනාවෙහි සඳහන් වෙයි.

මුස්ලිම් ජනයාට පමණක් නොව හරක් මස් සංචාරක කර්මාන්තය සඳහා නැතිවම බැරිය.

වර්ථමාන වෙළද පොල මිල ගණන් අනුව පිටරටින් ගෙන්වන හරක් මස් මිල මෙරට හරක් මස් මිල මෙන් දෙගුණයකි.

මෙරට තහනම තියෙන්නේ ලංකාවේ හරක් මස්වලට විතරය.

හරක් මස් කෑම මෙනයින් අතමිට මුදල් ඇති පන්තියේ වරප්‍රසාදයක් බවට පත්වෙයි.

 සාමාන්‍ය මුස්ලිම් ජනයාගේ ආහාරයේ ඇති ප්‍රොටීන් සපිරි ආහාරය හරක් මස්ය. දැන් ඔවුන්ට එම ආහාරය නැති වෙයි.

 

තහනම් !  - ගෝඨාභය ආණ්ඩුවේ ජනප්‍රියම පාඨයයි

තහනම් කිරීම වත්මන් රාජපක්ෂ ආණ්ඩුවේ ජනප්‍රියම පාඨයයි. වාහන ගෙන්වීම තහනම්ය. යතුරු පැදි ගෙන්වීම තහනම්ය. කහ තහනම්ය. පිටරට ඇදුම් ගෙන්වීම තහනම්ය. සරුංගල් ගෙන්වීම තහනම්ය. බතික් ගෙන්වීම තහනම්ය. මුදල් රට යැවීම තහනම්ය.

ඉස්සරහට තව බොහෝ දේ තහනම් වනු ඇති බව අලුතෙන් කියන්නට තරම් දෙයක් නොවේ.

තහනම් නැත්තේ කැලෑ කැපීම, ගංගාවල් හාරා වැලි ගොඩ දැමීම, කදු කපා පස් ගොඩ ගැසීම වැනි දේය.

Sinharaja 22තහනම් නැත්තේ කැලෑ කැපීම, ගංගාවල් හාරා වැලි ගොඩ දැමීම, කදු කපා පස් ගොඩ ගැසීම වැනි දේය.

ජාවාරම්කරුවන් විසින් රටපුරා වන සම්පත් විනාශ කරමින් ඉඩම් අල්ලා ගන්නා බවට පළ වූ වාර්තා සියල්ල හෝ සමහරක් හෝ ආන්ඩුවට අනුව බොරුය.

එවැනි වාර්තා ප්‍රසිද්ධ කිරීමද තහනම්ය.

පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ආන්ඩුව කියා සිටියේ එවැනි “බොරු” ප්‍රචාරය කරන අයට විරුද්ධව නීති මගින් කටයුතු කරන බවය.

මෙවැනි තර්ජනයක් නිල වශයෙන් ප්‍රසිද්ධ කළ විට එවැනි වාර්තා පළ කිරීමට ජනමාධ්‍ය සහ සමාජ ජාල පිරිස් බිය වෙති. ඇත්ත අරමුණද එයම විය හැකිය.

 

පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය :

ජනමාධ්‍යට අදාල තවත් වාර්තාවකින් කියැවෙන්නේ පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට ආණ්ඩුව අදහස් කරන බවයි.

 මෙරට ජනමාධ්‍ය සංවිධාන දිගින් දිගටම උද්ඝෝෂනය කර ඇත්තේ පුවත්පත් මණ්ඩල පනත අහෝසි කරන ලෙසය.

නමුත් දැන් ආණ්ඩුව කියන්නේ ජනමා‍ධ්‍යයන්ට එරෙහිව බොහෝ පැමිණිළි ලැබෙන බැවින් ඊට සරිලන සේ පනත සංසෝධනය කරන බවයි. එයද යම් විදියක තහනමක් කරා මඟපෙන්වන්ට ඉඩ තිබේ.

''නමුත් දැන් ආණ්ඩුව කියන්නේ ජනමා‍ධ්‍යයන්ට එරෙහිව බොහෝ පැමිණිළි ලැබෙන බැවින් ඊට සරිලන සේ පුවත්පත් මණ්ඩල පනත සංසෝධනය කරන බවයි. එයද යම් විදියක තහනමක් කරා මඟපෙන්වන්ට ඉඩ තිබේ.

මහජනයාගේ තොරතුරු දැන ගැනීමේ නිදහසට තවත් තහනමක් පණවමින් රාජපක්ෂවරු වහාම කොප් නමින් හැදින්වෙන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙහි රැස්වීම් ජනමාධ්‍යට තහනම් කළෝය. ඒ ගැන මාධ්‍ය කතා නැත.

ආන්ඩුවේ ප්‍රධනතම දේශපාලන ව්‍යාපෘතිය වන 20වන සංසෝධනයෙහි එන බොහෝ දේ ද තහනම් කිරීම්  ය.

විගණනය තහනම්ය. ව්‍යවස්ථා කවුන්සිලය තහනම්ය. පාරදෘශ්‍ය බව තහනම්ය. ජපාන ආධාර සහ සැහැල්ලු දුම්රිය තහනම්ය. ජනපතිට විරුද්ධ මානව හිමිකම් නඩු තහනම්ය යනාදී වශයෙනි.

(ජනාධිපතිවරයා විසින් මානව හිමිකම් කඩකිරීමකට එරෙහිව නඩු පැවරීමට පුරවැසියාට නොහැකි නම් ඉතිරිවන එකම විකල්පය වනුයේ ආයුධ අතට ගැනීමයයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කර තිබීම වෙනම කතාවකි.)

Gotabaya 2020.09.18ඔහුගේ කටවචනය පිළි නොගැනීමත් තහනම්ය!

තමාගේ කට වචනය නීතියක් ලෙස පිළි නොගැනීම තහනම් බව හල්දුම්මුල්ලට ගිය ජනාධිපති රාජපක්ෂ කීවේය.

තමන්ගේ වචනය චක්‍ර ලේඛන වලට වඩා බලවත් බවත් ඒ අනුව කටයුතු නොකළ හොත් දඩුවම් ලැබෙනු ඇති බවත් ඔහු කීවේය.

ඒ අනුව යමින් ආණ්ඩුවේ ප්‍රබලතම ඇමැතිවරයකු වන ජෙන්ස්ටන් ප්‍රනාන්දු කියන්නේ “අපේ අය” වරදක් කළත් දඩුවම්දීම තහනම් බවය.

බුවනෙක ගොඩනැඟිල්ල විනාශ කල කුරුනෑගල දේශපාලනඥයාට අත තැබීම තහනම් කරන බව ඔහු කීවේද ඒ අනුවය. ඒ අනුව ජනාධිපතිතුමාගේ පක්ෂයේ අය වරදක් කළත් දඩුවම් කිරීම තහනම්ය.

 

පට්ටපල් බොරුවක් !

අප දැන් යළි ගව ඝාතන තහනම කරා හැරෙමු. ආරම්භයේදීම සදහන් කළ කළ පරිදි තහනමට වඩා වැදගත් වන්නේ ඊට දී ඇති හේතුය.

“ගව ඝාතනය ඉහළ යාම හේතුවෙන් සම්ප්‍රදායික ගොවිතැන් කටයුතු සිදු කිරීමේදී අවශ්‍ය වන ගව සම්පත ප්‍රමාණවත් නොවන බව” යනුවෙන් කියනවිට අදහස් වන්නේ ගවයින් පාවිච්චි කරන බව සහ කළ යුතු බවද?

රෝද දෙකේ අත්ටැක්ටර් මගින් හරකුන් ලවා සී සෑම යනාදිය විස්ථාපනය වී ඇති බව අගමැති රාජපක්ෂ නොදන්නේද?

සම්ප්‍රදායික ගොවිතැන පවත්වා ගැනීම යනුවෙන් කියන්නේ ගවයින් ලවා සී සෑම හෝ පොරු ගෑම හෝ කොළ මැඩීම තවමත් කැරෙන සහ කළ යුතු බවද?

දැන් මෙරට දුර බැහැර ගම්වල පොල්වලවල් කපන්නෙත් බැකෝ යන්ත්‍ර මගින් බව අගමැතිතුමා දන්නේ නැත්ද?

මේ හේතුව පට්ටපල් බොරුවකි. ඇත්ත හේතුව වැසීමට අදින ලද කඩතුරාවකි.

Cow Lanka

ඊළඟ හේතුව කිරි නිශ්පාදනය වැඩි දියුණු කිරිම සඳහා ගව ඝාතනය තහනම් කළ යුතු බවය.

මෙරට කිරි නිශ්පාදනය වැඩි කළ හැක්කේ කිරිහරක් පට්ටි ඇති කිරීමෙන් සහ එම ක්‍රියාවලිය යාන්ත්‍රීය කිරීමෙන් මිස ගම්වල සිටින එළදෙනුන්ගෙන් කිරි දෙවා ගැනීමෙන් නොවේ.

අද මෙරට ඇති ඉතාම අක්‍රමවක් සහ රසායනික ද්‍රව්‍ය යෙදෙවෙන එක් අංශයක් නම් ගම්වල පවත්නා කුඩා පරිමාණ කිරි හරක් කර්මාන්තයයි.

කිරි හරක් කර්මාන්තය ආර්ථික වශයෙන් ලාභදායි වීමට නම් එළදෙනුන් නොව හරක් මසට විකිණිමට අවසර තිබිය යුතුය.

 මන්ද යත් කිරි ලැබෙන්නේ එලදෙනුන්ගෙන් පමණක් නිසාය! එළදෙනුන් මෙන්ම හරක්ද උපදින නිසාය.

කිරි හරක් පට්ටිවල පට්ටි ගොනුන් සිටින්නේ සීමා සහිතය. උපදින සෑම හරකෙක්ම පට්ටි ගොනෙක් බවට පත් වන්නේ නැත.

හරක් බදින්නට කරත්ත නැති නිසා එම හරක්ට කන්න දී හදාවඩා මැරෙන්නට ඇරීම කිරි හරක් කර්මාන්තයට පාඩුවක් මිස ලාභයක් ඇති නොකරයි.

 

තවත් අපූරු කතාවක් !

මෙම යෝජනාවෙහි තවත් අපූරු කතාවක් තිබේ. එනම් කෘෂි කර්මාන්තයට පලදායි අන්දමින් යොදා ගත නොහැකි වයස්ගත ගවයින් සම්බන්ධයෙන් යෝග්‍ය වැඩ පිළිවෙළක් ක්‍රියාවට යොදවන බවයි.

මින් කියැවෙන්නේ වසය්ගත හරක් සදහා වැඩිහිටි ආයතන පිහිටුවන බවද? උනට කෑම බීම දි බලා ගන්නේ ආන්ඩුවෙන්ද?

2015 සංඛ්‍යා ලේඛන වලට අනුව මෙරට සමස්ත ගව ගහණය ලක්ෂ 13කි. මී හරක් ලක්ෂ හතරකි. අඩුම වශයෙන් වාර්ශිකව ලක්ෂයක් ගවයින් වයස්ගත තත්වයට පත් වන්නේ නම් උන් බලා ගැනීමට ආන්ඩුව මේ අනුව පියවර ගත යුතුය.

''2015 සංඛ්‍යා ලේඛන වලට අනුව මෙරට සමස්ත ගව ගහණය ලක්ෂ 13කි. මී හරක් ලක්ෂ හතරකි. අඩුම වශයෙන් වාර්ශිකව ලක්ෂයක් ගවයින් වයස්ගත තත්වයට පත් වන්නේ නම් උන් බලා ගැනීමට ආන්ඩුව මේ අනුව පියවර ගත යුතුය.''

නැත්නම් සිදුවන්නේ උන් පාරවල් ගානේ රස්තියාදු වී අපටත් උනටත් වදයක් වීමය. දැනටමත් මෙරට කිරි හරක් කර්මාන්තය තණපිටි සහ වෙනත් ගව ආහාර හිඟයකින් පෙළේ.

එයට විසදුම වන්නේ ආර්ථික ලාබයක් නොමැති ගවයින්ටද එම තනපිටි විවෘත කිරීම නොවේ.

 

මොළය කචල්:

Cowබහුතරය වන හින්දු ජනයා ගවයා දේවත්වයෙන් සැළකුවද ලෝකයේ ගවමස් වලින් සියයට 20ක් ලබා දෙන්නේ ඉන්දියාවය.

ආන්ඩුවට මොළයක් තිබුණේ නම් මෙවැනි පියවරක් ගැනීමට පෙර කිරි කර්මාන්තයෙන් ස්වයං පෝෂිත වී ඇති ඉන්දියාවෙන් ඉගෙන ගන්නට තිබුණි.

එරට බහුතරය වන හින්දු ජනයා ගවයා දේවත්වයෙන් සැළකුවද ලෝකයේ ගවමස් වලින් සියයට 20ක් ලබා දෙන්නේ ඉන්දියාවය.

එරට මස් පිනිස මැරිය හැකි ගවයින් වර්ග කර තිබේ. කිරි හරකුන් මැරීම තහනම්ය යනාදී ලෙසිනි.

රටතුළ කිසිදු ප්‍රබල ඉල්ලීමක් නැති අවස්ථාවක ආර්ථික සහ සමාජීය වශයෙන් අමනෝඥ මෙවැනි පියවරක් අගමැති රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවද, ඔහුගේ බාල සහෝදරයා විසින් ඉදිරිපත් කරන ලද විසිවන සංශෝධනය මෙන්ම ආතක් පාතක් නැති රටට යහපතක් නොවන යෝජනාවකි.

මේ තරම් ඉක්මනට රාජපක්ෂ ආන්ඩුවේ මොළය කචල්වූයේ කෙසේද යන්න තේරුම ගැනීම, ඇත්තටම අමාරුය.

Sunanda Deshapriya(සුනන්ද දේශප්‍රිය)

දේශපාලන හා සමාජ විශ්ලේෂක, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී

sunandadeshapriya@gmail.com

(උපුටා ගැනීම - srilankabrief.org)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...