The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ට්‍රිලිං....ට්‍රිලිං...ඩලස් ට ලියුමක් - කිංබානට්

T

The Leader Desk

October 14, 2020 • 10:35 AM

ට්‍රිලිං....ට්‍රිලිං...ඩලස් ට ලියුමක් - කිංබානට්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිරැ නැග එන විටම පියුම් ඇවිත්.
  • "අපි දැන් මේ ලියුමට මොකද කරන්නේ සෑර් ...?" පියුම් ඒ ගමන ඇහුවා.
  • ට්‍රිප් එක ගියාම ආපහු දාන හැටි, ටර්බයින් එක කැරකෙන හැටි, වයර් එක ඇතුලෙන් කරන්ට් එක යන හැටි ආදී වසයෙන් ගොඩක් දේවල් තාම ඉගෙනගන්නවාය.
  • අම්මලා ටික සේරම මතක් කළ බව කියන්ඩ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඩලස් ට ලියුමකුත් අරගෙන ඇවිල්ලා.

කිංබානට්තුමා ඒ ලියුම කියවන්න ගත්තා.

" ආදරණීය තාත්තේ,

පොතක් ලියන්න කියලා කිව්වා නේද අපට,

අපි ඒ පොත ලියන්න පටන් ගත්තා.

ඒ ලියපු පොතේ කතාව පුරාම අපට වීරයෙක් හිටියා.

ඒ වීරයා කොරෝනාවලටත් අභියෝග කරලා තමයි අපිව බේරගත්තේ.

අපි ඒ දවස්වල ඉස්කෝලේ ගියේ නෑ කියලා අඩුවක් දැනුනේ නෑ.

ඒ හැම පාඩමක්ම ඉගෙනගන්න අපටම කියලා රූපවාහිනී නාලිකාවක් දුන්න නිසා .

ඒත් තාත්තේ පොත ලියලා ඉවර වෙද්දි තාත්තාගේ පරිච්ඡේදය ඉවර වෙලා තියෙයි කියලා අපි හීනෙකින්වත් හිතුවේ නෑ.

අනේ තාත්තේ ආයෙත් එන්න "

" කවුද සෑර් ඔය ලියුම ලියලා තියෙන්නේ ?"

පියුම් ඇහුවා.

" දේවි බාලිකා එකේ කෙල්ලෙක්.."

කිංබානට්තුමා කිව්වා.

" කවුද ...? සීතා ද...?"

" නෑ බං... දැන් ඉගෙනගන්න කෙල්ලෙක් .."

" ඒක මිසක් ... දැන් එතකොට සෑර් තාත්තාට එන්න කියන්නේ දැන් ඉන්නේ තාත්තා කෙනෙක් නෙවෙයි ද...?"

" දැන් ඉන්නේ මෙලෝ රහක් නැති සීයා කෙනෙක් බං.."

" හැබෑට ...ඒ මොකාද සෑර්..?"

" ඒ දවස්වල චන්ද්‍රිකා ගේ සාරි පොටේ එල්ලිලා පැකේජ් එක ගේන්න හැදුවේ..."

කිංබානට්තුමා ගානට පැහැදිලි කරලා දුන්නා.

"අපි දැන් මේ ලියුමට මොකද කරන්නේ සෑර් ...?"

පියුම් ඒ ගමන ඇහුවා.

" ඩලස් ට වැඩ ඇතිනෙ.. අපි මේකට උත්තරයක් යවමු..."

" ඒක මරු"

පියුම් අනුමැතිය දුන්නා.

කිංබානට්තුමා පිළිතුරු ලිපිය ලියන්න පටන් ගත්තා.

" ආදරණීය දුවේ,

තාත්තාට එන්ඩ විදියක් නැතුවා ය.

මේ දවස්වල තාත්තාත් ඉගෙන ගන්නවා ය.

ඉස්සර තාත්තාට පුළුවන් වුනේ සුයිච් එකක් දා ගන්නත් ඕෆ් කරන්නත් විතරය.

දැන්නම් තාත්තා බල්බ් එකක් මාරු කරන්නත් දන්නවා ය.

තාත්තාට ඉගෙන ගන්න තව ගොඩක් දේවල් තියෙනවා ය.

ට්‍රිප් එක ගියාම ආපහු දාන හැටි, ටර්බයින් එක කැරකෙන හැටි, වයර් එක ඇතුලෙන් කරන්ට් එක යන හැටි ආදී වසයෙන් ගොඩක් දේවල් තාම ඉගෙනගන්නවාය.

ඒ නිසා දැන්ම එන්ඩ බෑය.

අම්මලා ටික සේරම මතක් කළ බව කියන්ඩ ය.

මීට තාත්තා

ප.ලි. - සීයා මළොත් ඇවිත් යන්න එන්නම් ය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ට්‍රිලිං....ට්‍රිලිං...ඩලස් ට ලියුමක් - කිංබානට් | The Leader