The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මීළඟ ආක්‍රමණිකයා - රසික ජයකොඩි

T

The Leader Desk

October 15, 2020 • 11:42 AM

මීළඟ ආක්‍රමණිකයා - රසික ජයකොඩි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ හැමෝට ම චීන භාෂාව ඉගෙන ගන්න වෙනවා කියන අදහස වගේ ම චීන භාෂාවෙන් ලියැවුණු
  • මේක සංසන්දනය කරන්න පුළුවන් 1815 සුද්දන්ට මේ රට භාර දෙන්න උඩරට ගිවිසුම අත්සන් කරපු වෙලාවේ සිංහල රදළ නායකයන් ගේ අමන ක්‍රියාකලාපයට.
  • මේ අවුරුද්දේ මැද වෙනකොට ලංකාවේ සමස්ත විදේශ ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 50 ඉක්මවලා තියනවා.
  • මෙයින් සියයට 10ක්, ඒ කියන්නේ ඩොලර් බිලියන 5කට අධික ප්‍රමාණයක් අයිති චීනයට.
අකුරු ප්‍රමාණය (Font Size):

අනාගතයේ වැදගත් වෙන්න පුළුවන් නොයෙක් වැකිත් මේ වන විට සමාජ මාධ්‍ය අවකාශයේ ඉතා ම වේගයෙන් සංසරණය වෙනවා.

මේක සිද්ධ වෙන්නෙ විහිළුවක් විදියට වුණාට මේක පිටුපස අපි හැමෝට ම ඉදිරි වසර කිහිපය තුළ ගැටෙන්න සිද්ධ වන දරුණු යථාර්ථයක් සැඟවිලා තියනවා.

ඒ තමයි චීනය මේ වන විට ලංකාවේ සිදු කරමින් පවතින ඉතා ම දැවැන්ත ආර්ථික ආක්‍රමණය. යෝධ බූවල්ලෙකු වගේ සතර අතට අඬු විහිදමින් චීනය අපි නොහිතන තරම් වේගයකින් චීනය ලංකාවේ ආර්ථිකයත් ඒ හරහා රටේ දේශපාලන ක්‍රියාවලියත් ගොදුරු කරගනිමින් සිටිනවා.

china lanka 20අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී.

මේ ලියන මොහොත වන විටත් ගැලවීමක් ගැන හිතන්න බැරි තරමට අපි චීනයේ ආර්ථික ආක්‍රමණයේ පැටලිලා ඉන්නවා.

විශේෂයෙන්ම වර්තමාන ආණ්ඩුව මේ ආක්‍රමණිකයාට තමන්ගේ ආධිපත්‍යය පතුරුවන්න පහසු විදියට දරුණු ආර්ථික අගාධයක මේ රට සිර කරමින් ඉන්නවා.

මේක සංසන්දනය කරන්න පුළුවන් 1815 සුද්දන්ට මේ රට භාර දෙන්න උඩරට ගිවිසුම අත්සන් කරපු වෙලාවේ සිංහල රදළ නායකයන් ගේ අමන ක්‍රියාකලාපයට.

මේ අවුරුද්දේ මැද වෙනකොට ලංකාවේ සමස්ත විදේශ ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 50 ඉක්මවලා තියනවා. මෙයින් සියයට 10ක්, ඒ කියන්නේ ඩොලර් බිලියන 5කට අධික ප්‍රමාණයක් අයිති චීනයට. ඒ වගේ ම ජපානයට ඩොලර් බිලියන 4.4ක් අයිතියි.

''මේ අවුරුද්දේ මැද වෙනකොට ලංකාවේ සමස්ත විදේශ ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 50 ඉක්මවලා තියනවා. මෙයින් සියයට 10ක්, ඒ කියන්නේ ඩොලර් බිලියන 5කට අධික ප්‍රමාණයක් අයිති චීනයට. ඒ වගේ ම ජපානයට ඩොලර් බිලියන 4.4ක් අයිතියි.''

චීන ණය වල තියන ලොකු ම ගැටලුව තමයි මේ ණය විශාල වශයෙන් යොදවලා තියෙන්නේ ප්‍රතිලාභ නැති මෙගා ව්‍යාපෘති වලට.

මේ බොහොමයක් චීන ණය අරගෙන, චීන සමාගම් හරහා, චීන සේවකයන් යොදවලා නිම කරපු දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘති.

ප්‍රතිලාභ නැති මේ ව්‍යාපෘති හරහා චීනය ගැලවෙන්න බැරි විදියට අපේ රට ආර්ථික උගුලක හිර කරලා තියනවා.

මේකට පාර කැපුවේ 2015ට කලින් හිටපු රාජපක්ෂ ආණ්ඩුව. මේ ගමනේ තීරණාත්මක සංධිස්ථානයක් තමයි ණය ගෙවාගන්න බැරිව හම්බන්තොට වරාය අවසානයේ අවුරුදු 99කට චීනයට ම පවරන්න සිදු වීම.

 හැබැයි ඒක මේ ආක්‍රමණයේ ආරම්භය පමණක් බව අපි අමතක නොකළ යුතුයි.

Port Openingහම්බන්තොට වරාය චිනට : මේ ආක්‍රමණයේ ආරම්භය පමණක් බව අපි අමතක නොකළ යුතුයි

මේ ඔක්තොම්බර් මාසයේ විතරක් ලංකාව ඩොලර් බිලියනයක ණය ගෙව්වා. ඒ ණය ගෙව්වේ දැනට ක්ෂය වෙමින් යන විදේශ සංචිත වලින්.

 ඒ අනුව රටේ සමස්ත විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.4 දක්වා අඩු වෙලා තියනවා.

ඒ වගේ ම ඉදිරි වසර පහක කාලය තුළ සාමාන්‍යයෙන් එක අවුරුද්දකට ඩොලර් බිලියන 4.8ක විතර විදේශ ණය ගෙවන්න තියනවා.

2020 අවුරුද්ද අවසන් වෙනකොට අපේ විදේශ ණය බර දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 100 මට්ටමට ළං වෙනවා.

මේ ණය දැනටත් ක්ෂය වෙමින් යන විදේශ සංචිතවලින් ගෙවන්න බැරි බව සිහි නුවණ තියෙන ඕනෙම කෙනෙකුට තේරෙනවා.

IMFමේ ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලැබෙන්නෙ නෑ.

ඒ සඳහා තියන එක ම විකල්පය තමයි තව තවත් ණය අරන් මේ තියන ණය ගෙවන එක.

තමන් ඉදිරිපත් කරන කොන්දේසි සපුරන්නෙ නැති නිසා මේ ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලැබෙන්නෙ නෑ.

වැරදි ආර්ථික කළමනාකරණය නිසා අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීම්වලින් දිනෙන් දින පහළට වැටෙන නිසා වෙනත් මාර්ගවලින් ණය ලැබෙන්නෙත් නෑ.

එතකොට ආපහු ඉතුරු වෙන එක ම විකල්පය චීනය විතරයි. චීනය ඉතා ම කැමැත්තෙන් මේ ණය තොන්ඩුව තවත් හිර කරන්න කටයුතු කරන බව පැහැදිලියි.

''එතකොට ආපහු ඉතුරු වෙන එක ම විකල්පය චීනය විතරයි. චීනය ඉතා ම කැමැත්තෙන් මේ ණය තොන්ඩුව තවත් හිර කරන්න කටයුතු කරන බව පැහැදිලියි.''

මේ වන විටත් චීනයෙන් තව තවත් ණය ගන්න ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. චීන සංවර්ධන බැංකුව මේ වසරේ ඩොලර් බිලියන 1.2ක ණයක් ලංකාවට පොරොන්දු වුණා.

එයින් ඩොලර් මිලියන 500ක් දැනට ම අපට ලැබිලා තියෙනවා. ඉතිරි ඩොලර් මිලියන 700 ලබාගන්න මේ දිනවල සාකච්ඡා කරනවා.

 

හැම දෙයක් ම "රාජ්‍ය රහස්"!

මේ ණය සඳහා ඉදිරිපත් කරන කොන්දේසි මොනවද, ඒ ණය වෙනුවෙන් අපි චීනයට දෙන්න ඕනෙ මොනවද වගේ කාරණා ගැන රටේ පාර්ලිමේන්තුවවත්, පුරවැසියනුත් කිසිම දෙයක් දන්නෙ නෑ. ඒ හැම දෙයක් ම "රාජ්‍ය රහස්"!

ණය ආපහු ගෙවන්න බැරි දිළිඳු රටවලට, අන්ත දූෂිත දේශපාලන ක්‍රමයක් තියන රටවලට, ප්‍රජාතන්ත්‍රවාදය නැති ඒකාධිපතින් පාලනය කරන රටවලට ණය දෙන්න චීනය හරි ම කැමතියි.

ඒ, එහෙම රටවල් ණය හරහා ම තමන්ගේ න්‍යාය පත්‍රයට ලෙහෙසියෙන් ම ගොදුරු කරගන්න පුළුවන් නිසා.

 ලංකාව දැන් චීනයට අවශ්‍ය මේ මාවතේ ගමන් කරන නිසා ඉදිරියට තවත් බොහෝ දේ දැකබලාගන්න පුළුවන් වෙයි.

අනාගත දැක්මක් තියන පාලකයන් ඉන්න රටවල් චීනය විසින් අටවන ලද මේ ආර්ථික උගුල්වලින් ගැලවෙන්න නොයෙක් ක්‍රමෝපායන් හදනකොට ලංකාවේ පාලකයන් දවසින් දවස චීනයට අපේ ආර්ථිකය උකස් කරනවා.

''අනාගත දැක්මක් තියන පාලකයන් ඉන්න රටවල් චීනය විසින් අටවන ලද මේ ආර්ථික උගුල්වලින් ගැලවෙන්න නොයෙක් ක්‍රමෝපායන් හදනකොට ලංකාවේ පාලකයන් දවසින් දවස චීනයට අපේ ආර්ථිකය උකස් කරනවා.''

මේ උගුල ඇතුළේ අපේ විදේශ ප්‍රතිපත්තිය අවුලෙන් අවුලට පත් වෙනවා. ස්වාධීන සහ නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් තිබුණු ලංකාව ලෝක බලවතුන්ගේ කෙළි බිමක් බවට පත් වෙනවා.

චීනයට ප්‍රතිවාදී බල කඳවුරු මත රඳා පවතින අපේ රටේ කර්මාන්තවල අනාගතය අස්ථාවර වෙනවා.

ඒ වගේ ම අනුන්ගේ සටන්වල සොල්දාදුවෙකු බවට පත් වෙලා ඒ වෙනුවෙන් දරාගන්න බැරි තරමේ වන්දි‍යක් ගෙවන්න අතිශය දුර්වල ආර්ථිකයක් තියන මේ පුංචි රටට සිදු වෙනවා.

ඒ නිසා ම මේ ආණ්ඩුව තව ටික කාලයක් තිබුණොත් අද අපි විහිළුවට වගේ සමාජ මාධ්‍යයට එකතු කරන සමහර දේවල් ම ඛේදවාචකයක් බවට පත් වෙලා අප පසුපස හොල්මන් කරන්න ලොකු ඉඩකඩක් තියෙනවා.

Rasika jayakody(රසික ජයකොඩි)

සමගි තරුණ බලවේගයේ ප්‍රචාරක ලේකම්
(15.10.2020)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...