The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

විස්ස සම්මතයි : ආගමික නළුවන්ට එල්ල වූ කණේ පහර - ගාර්ඩියන් කතුවැකිය

T

The Leader Desk

October 25, 2020 • 5:08 AM

 විස්ස සම්මතයි : ආගමික නළුවන්ට එල්ල වූ කණේ පහර - ගාර්ඩියන් කතුවැකිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුවේ අපේක්ෂාවන් මුදුන් පත් කරනු ලැබීය.
  •   අඳුරු වලාකුලක ඇති රිදී රේඛාව : විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන දේශපාලන කියවීම් රාශියක් සමාජය පුරා පැතිරී තිබේ.
  • එහි වාසි අවාසි බොහෝ දෙනෙකු විසින් පෙන්වා දී තිබේ.  ඉතාම අප්‍රසන්න ලෙස අවභාවිතා කරනු ලැබූ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඇතැමුන් කතා කරන්නේ පුදුමාකාර ආදරයෙකිනි.
  •  තමන්ට බලය ඇති සෑම විටම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්‍ෂණ උල්ලංඝනය කරනු ලැබූ ඇතැමුන්ගේ කුඹුල් කඳුළු වලින් ජාතියට සෙතක් වන්නේ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පමණක් ලිඛිතව ඉදිරිපත් කළ කාරණා ප්‍රායෝගිකව ඒ ආකාරයෙන්ම සිදු කරනු ලැබීය. එය අගයකල යුතු කාරණයකි. 

එසේම දේශපාලනඥයෙකු වශයෙන් තම ප්‍රතිරූපය තවමත් හානි නොකරගත් හර්ෂ ද සිල්වා විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ තුලනාත්මක කියවීම අගය කළ යුතුය. 

තැටිය රත් වූ පසු රොටිය පුච්චා ගන්නා අනෙකුත් අවස්ථාවාදීන් ගැන සඳහන් කිරීමෙන් භාෂාවේ වචන දූෂණය වීම පමණක් සිදුවන බැවින් ඔවුහුගේ මතවාදයන් ගැන විමසා බැලීම වැදගත් නැත.  

අඳුරු වලාකුලක ඇති රිදී රේඛාව :

විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන දේශපාලන කියවීම් රාශියක් සමාජය පුරා පැතිරී තිබේ. එහි වාසි අවාසි බොහෝ දෙනෙකු විසින් පෙන්වා දී තිබේ. 

ඉතාම අප්‍රසන්න ලෙස අවභාවිතා කරනු ලැබූ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඇතැමුන් කතා කරන්නේ පුදුමාකාර ආදරයෙකිනි.

 තමන්ට බලය ඇති සෑම විටම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්‍ෂණ උල්ලංඝනය කරනු ලැබූ ඇතැමුන්ගේ කුඹුල් කඳුළු වලින් ජාතියට සෙතක් වන්නේ නැත. එය අපි ජාතියක් ලෙස පසුගිය දශක ගණනාව පුරා ඉගෙනගත් පාඩමයි. 

කෙසේ හෝ වේවා විසිවැනි සංශෝධනය තමන්ට අවශ්‍යය ආකාරයෙන් සම්මත කර ගැනීමෙන් රටේ නායකත්වය සහ ආණ්ඩුව වැදගත් පාඩමක් එක් වැදගත් සමාජ කුලකයකට උගන්වා තිබේ. ඒ මෙරට ආගමික සංස්ථාව විනාශ කරමින් එහි ඇති ජීව ගුණය කෙලසමින් සිටින ආගමික නළුවන් පිරිසට වැරෙන් පහරක් එල්ල කිරීමෙනි. 

අපි එය අඳුරු වලාකුලක ඇති රිදී රේඛාව ලෙස දකින්නෙමු. 

''කෙසේ හෝ වේවා විසිවැනි සංශෝධනය තමන්ට අවශ්‍යය ආකාරයෙන් සම්මත කර ගැනීමෙන් රටේ නායකත්වය සහ ආණ්ඩුව වැදගත් පාඩමක් එක් වැදගත් සමාජ කුලකයකට උගන්වා තිබේ. ඒ මෙරට ආගමික සංස්ථාව විනාශ කරමින් එහි ඇති ජීව ගුණය කෙලසමින් සිටින ආගමික නළුවන් පිරිසට වැරෙන් පහරක් එල්ල කිරීමෙනි.'' 

වොයිස් කට් ආගමික නළුවන්:

hamuduruwo 2020.10විසි වැනි ව්‍යවස්ථා සංශෝධනයට මෙරට වොයිස් කට් ආගමික නළුවන් යැයි අන්වර්ථ නාමයෙන් හඳුන්වන කණ්ඩායම දැඩිව එරෙහිවිය. ඔවුහුගේ එම විරෝධයට රටේ ජනමාධ්‍යය තුළද සැලකිය යුතු කාලයක් වෙන්විය. 

අධි වසංගත තත්වයකින් පීඩා විදින ජනතාව හමුවේ, කලයුතු කටයුතු රාශියකින් මෙම ආගමික ප්‍රජාව නියෝජනය කරනු ලබන පිරිසට තිබුනද ඔවුහු තෝරා ගත්තේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විවිධාකාර අර්ථ නිරූපණ ඉදිරිපත් කිරීමය. 

මෙලෙස විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනමතයක් නිර්මාණය කිරීමට උත්සහ කරනු ලැබුවේ වත්මන් ආණ්ඩුව නිර්මාණය කිරීමට දායක වූ දේශපාලනය මෙවලමක් කරගෙන සිටින ආගමික පිරිස් වීම සුවිශේෂියය. 

 ආගමික නායකයින් කළ යුතු රාජකාරිය සම්පූර්ණයෙන්ම පැහැර හරිමින් හිස් ප්‍රසිද්ධියක් උදෙසා පොරපදින මෙම ආගමික නළුවන් පිරිස සමාජ කටයුතු වලට බාධකයකි. 

ඔවුහුට දේශපාලනය කිරීමේ ආශාවක් තිබේ නම්, ඔවුහු කළ යුත්තේ තම ආගමික නිල ඇඳුම ඉවත් කොට සාමන්‍යය පුරවැසියන් ලෙස සාමජය හමුවේ පෙනී සිටීමය. 


 ආගමික නායකයින් කළ යුතු රාජකාරිය සම්පූර්ණයෙන්ම පැහැර හරිමින් හිස් ප්‍රසිද්ධියක් උදෙසා පොරපදින මෙම ආගමික නළුවන් පිරිස සමාජ කටයුතු වලට බාධකයකි. ඔවුහුට දේශපාලනය කිරීමේ ආශාවක් තිබේ නම්, ඔවුහු කළ යුත්තේ තම ආගමික නිල ඇඳුම ඉවත් කොට සාමන්‍යය පුරවැසියන් ලෙස සාමජය හමුවේ පෙනී සිටීමය. 


එසේ කළ නොහැකිනම්, ආගමික සංස්ථාවක සාමාජිකයින් ලෙස ඔවුහු අතින් ඉටුවිය යුතු  මූලික වගකීම වන ආගමානුකූලව ජීවත් වී බහුජනතාවගේ අධ්‍යාත්මය දියුණු කිරීම වෙනුවෙන් කැපවිය යුතුය.  

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම ඔස්සේ, මෙම ආගමික නායකයින්ට ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ අයවලුන් ලබා ආදී ඇති පාඩම වැදගත් වේ. 

මෙම පිරිස පසුගිය ආණ්ඩුව බරපතල ලෙස විවේචනය කරමින් ව්‍යාජ මතවාද රාශියක් සමාජය පුරා ප්‍රචාරය කරනු ලැබීය.

 මෙම ප්‍රජාවට අවශ්‍යය හිස් ප්‍රසිද්ධියක් සහ රටේ ජනතාව මුලාවේ හෙළීමය. ඊයේ සිදුවූ දේශපාලන සිදුවීමෙන් මෙම ආගමික නළුවන්ට ලබා දී ඇතුල් පහර ඉතාම වැදගත් වේ. 


''මෙම පිරිස පසුගිය ආණ්ඩුව බරපතල ලෙස විවේචනය කරමින් ව්‍යාජ මතවාද රාශියක් සමාජය පුරා ප්‍රචාරය කරනු ලැබීය. මෙම ප්‍රජාවට අවශ්‍යය හිස් ප්‍රසිද්ධියක් සහ රටේ ජනතාව මුලාවේ හෙළීමය. ඊයේ සිදුවූ දේශපාලන සිදුවීමෙන් මෙම ආගමික නළුවන්ට ලබා දී ඇතුල් පහර ඉතාම වැදගත් වේ.'' 


දැන් කළයුත්තේ කුමක්ද? තමන්ගේ ජීවිතය ගැන හැඟීමක් සහ ලැජ්ජාවක් තිබේ නම් මෙම අගාමික නළුවන් තම මෝඩ නරි නාටක අමතක කොට දමා ත්‍රිපිටකය හෝ ශුද්ධ වූ බයිබලය යලිත් වරක් ( මීට පෙර හදාරා ඇත්තේ නම්) හදාරා, ගෞතම බුදුන්ගේ සහ ජේසු සමිදානන්ගේ ජීවිත වලට සහ ඔවුහුගේ ධර්මතාවයන් වලට යම් කිසි සාදරනයක් ඉටු කිරීමය.

අවසාන විග්‍රහයේදී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මෙම ආගමික නළුවන්ට ඇතුල් පහරක් ලබාදී මෙසේ කියා ඇත්තේය. 

"ඔබ වහන්සේලා ඔබ වහන්සේලාගේ ආගම ගැන බලාගන්න. රටේ පාලකයින් රාජ්‍යය පරිපාලනය සහ ජනතාවගේ ලෞඛික සුඛ විහරණය ගැන බලා ගනු ඇත. දැන්වන් සමාජයට කරදරයක් නොවී පාරමිතා පිරීම සඳහා අවශ්‍යය සීලය රකින්න. නොහැකිනම් තම නිල ඇඳුම පැත්තකින් තබා ලෞඛික දිවියේ "සැප" විඳින්න." 

"ඔබ වහන්සේලා ඔබ වහන්සේලාගේ ආගම ගැන බලාගන්න. රටේ පාලකයින් රාජ්‍යය පරිපාලනය සහ ජනතාවගේ ලෞඛික සුඛ විහරණය ගැන බලා ගනු ඇත. දැන්වන් සමාජයට කරදරයක් නොවී පාරමිතා පිරීම සඳහා අවශ්‍යය සීලය රකින්න. නොහැකිනම් තම නිල ඇඳුම පැත්තකින් තබා ලෞඛික දිවියේ "සැප" විඳින්න." 

ඔබලාට දැන් හරිම සතුටද අපේ හාමුදුරුවනේ ! අපේ පියතුමනි!! ජේසුස් වහන්සේට හෝ ගෞතම බුදුන් වහන්සේට  ඔබලාගේ කුණු වූ ආත්ම වලට එබී බැලිය හැකිනම් උන් වහන්සේලා පෘතුවියෙන් නොව මුළු ක්ෂිරපතයෙන්ම පැනදුවනු ඇත. හා ... හොඳයි නැද්ද අපේ හාමුදුරුවනේ?   


(slguardian.org - Sri Lanka Guardian October 23, 2020)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...