The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කාගේ කාගේත් රෙදි නැති කළ විස්ස - අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

October 26, 2020 • 10:27 AM

කාගේ කාගේත් රෙදි නැති කළ විස්ස - අජිත් පැරකුම් ජයසිංහ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෝඨාභයගේ ආණ්ඩුව විසින් කෙසේ හෝ
  •  මේ ආණ්ඩුවේ මහජන ජනප්‍රියත්වය දිනෙන් දින දරුණු ලෙස පිරිහෙමින් තිබෙන නිසා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන එක ඔවුන්ට කිසි සේත් ම කළ නොහැකි ය.  20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මතු වූ විරෝධයෙන් ම එය ප්‍රදර්ශනය විය.
  • ආණ්ඩුව 20වන සංශෝධනය සම්මත කරගත්තේ ජාතික ව්‍යාපාරය අවුල් කර දමමිනි.  එය නියෝජනය කරමින් පාර්ලිමේන්තු පැමිණි විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග වැනි අයගේ නායකත්වය අර්බුදයට යවමිනි.
  • එසේම, ආණ්ඩුව බලයට ගෙන ඒමට තීරණාත්මක සහායක් ලබා දුන් පන්සල් අක්ෂයේ රැඩිකල් භික්ෂු නායකත්වය ද ආණ්ඩුවෙන් වෙන් වූ බව පෙනේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්මත කරගන්නා බව අපි දැන සිටියෙමු. 

බැසිල්ට ඇමරිකානු පුරවැසිකමත් රැකගෙන පාර්ලිමේන්තු එන්නට පුළුවන් සංශෝධනයක් වෙනුවෙන් ඔහු වියදම් නොකර සිටියි ද?

එපමණක් නොව, ගෝඨාභය රාජපක්ෂට ද තමන්ගේ දේපල තිබෙන, පුතාගේ රට හා තමන්ගේ සැබෑ මව්රට වන ඇමරිකා එක්සත් ජනපදයේ ද්විත්ව පුරවැසිකම නැවත ලබාගත හැකි ය.

අදින් පසු කවදාවත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවකින් සිදු නො වන දෙය වන්නේ හැඟීම්බර වෙමින් පොරොන්දු වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එන එක ය. 

''අදින් පසු කවදාවත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවකින් සිදු නො වන දෙය වන්නේ හැඟීම්බර වෙමින් පොරොන්දු වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එන එක ය.''

තව අවුරුද්දක්වත් යනකල් කොරෝනා නිසා බැරි ය. 

ඉන් පසු ආර්ථික අර්බුදය නිසා බැරි ය.

 මේ ආණ්ඩුවේ මහජන ජනප්‍රියත්වය දිනෙන් දින දරුණු ලෙස පිරිහෙමින් තිබෙන නිසා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන එක ඔවුන්ට කිසි සේත් ම කළ නොහැකි ය. 

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මතු වූ විරෝධයෙන් ම එය ප්‍රදර්ශනය විය.

ආණ්ඩුව 20වන සංශෝධනය සම්මත කරගත්තේ ජාතික ව්‍යාපාරය අවුල් කර දමමිනි. 

එය නියෝජනය කරමින් පාර්ලිමේන්තු පැමිණි විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග වැනි අයගේ නායකත්වය අර්බුදයට යවමිනි.

එසේම, ආණ්ඩුව බලයට ගෙන ඒමට තීරණාත්මක සහායක් ලබා දුන් පන්සල් අක්ෂයේ රැඩිකල් භික්ෂු නායකත්වය ද ආණ්ඩුවෙන් වෙන් වූ බව පෙනේ.

''එසේම, ආණ්ඩුව බලයට ගෙන ඒමට තීරණාත්මක සහායක් ලබා දුන් පන්සල් අක්ෂයේ රැඩිකල් භික්ෂු නායකත්වය ද ආණ්ඩුවෙන් වෙන් වූ බව පෙනේ.''

ආණ්ඩුව තුනෙන් දෙක ලබාගත්තේ මුස්ලිම් පක්ෂ සමග කුමන්ත්‍රණය කරමිනි. 

ඒ සඳහා රිෂාඩ් බදිඋදීන් සිරගත කිරීමේ නාට්‍යයක් ද නිර්මාණය කරන ලදී.

 රාවුෆ් හකීම් කරන්නේ හොඳ ඇමතිකමක් ලැබෙනකල් දෙපැත්ත කෑමයි. 

අරවින්ද කුමාර් වැනි වතුකරයේ නායකයන් දක්වා ම මේ කුමන්ත්‍රණය විහිදුනි. 

මිල දී ගන්නට හැකි වුණේ, විදේශ රටක සිට පැමිණ සමගි ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් ලබාගත්, එක් නාගරික සිංහල කාන්තාවක පමණක් වීම ආණ්ඩුව හා සිංහල ජනතාව අතර නිර්මාණය වෙමින් තිබෙන ගැටුමේ තරම පෙන්වයි.

Diana Paba Sudafලංකාවේ ගැහැණුන්ට පාර්ලිමේන්තු නියෝජනය මොන ආකාරයකින් හෝ
ලැබේ නම්, ඔවුන් ද පිරිමින්ටත් වඩා තුච්ඡ, නින්දිත චර්යාවන්ට සූදානම් බව...

ඩයනා ගමගේ විසින් පෙන්වා දුන් එක් වැදගත් දෙයක් තිබේ. 

එනම් ලංකාවේ ගැහැණුන්ට පාර්ලිමේන්තු නියෝජනය මොන ආකාරයකින් හෝ ලැබේ නම්, ඔවුන් ද පිරිමින්ටත් වඩා තුච්ඡ, නින්දිත චර්යාවන්ට සූදානම් බවයි. 

මෑත ඉතිහාසයේදී උපේක්ෂා ස්වර්ණමාලි හෙවත් පබා හා කතානායක පුටුව බිම දමාගෙන කඩන්නට වෑයම් කළ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පෙන්වූ නින්දිත චර්යාවන්ට ද වඩා කැතකම අතින් ඉහළ චර්යාවක් පෙන්නීමට ඩයනා ගමගේ සමත් වූවා ය.

''දැන් බැරි ය කියන්නට ද බැරි ය.''

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ගෝඨාභය රාජපක්ෂට දැන් කළ නොහැකි කිසිවක් න්‍යායිකව නම් පැවතිය නොහැකි ය. 

ඒ නිසා දැන් ඉතින් අරක නැති නිසා බැරි ය. මේක නැති නිසා බැරි ය කියන්නට ද බැරි ය. 

එම්සීසී ගිවිසුම්, සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම්, ඉන්දියාවට වරාය බදු දෙන ගිවිසුම් ආදී ඕනැ එකක් කරන්නට පුළුවන් වෙනවා වගේ ම මහජන බලාපොරොත්තු ඉටු කර රට සෞභාග්‍යවත් කර ජනතාව සුඛිත මුදිත කරන්නටත් බැරි වෙන්නට දැන් ඉතින් කිසිදු හේතුවක් නැත.

Ajith Paraඅජිත් පැරකුම් ජයසිංහ 

(දේශපාලන හා සමාජ විශ්ලේෂක)

praja.lk 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කාගේ කාගේත් රෙදි නැති කළ විස්ස - අජිත් පැරකුම් ජයසිංහ | The Leader