The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජාසිංහ, පබා නැති නිසා ඇති වී තිබෙන ගැටලුව ? -අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

October 29, 2020 • 10:54 AM

ජාසිංහ, පබා නැති නිසා ඇති වී තිබෙන ගැටලුව ? -අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාත පුරා ම නිරෝධායන ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබේ.
  •   උදාහරණයක් ලෙස, බස්නාහිර පළාතේ ඇඳරි නීතිය ගැන පණිවුඩය දෙන විට වැඩි අවධාරණයක් කරන්නේ එය සඳුදා දින ඉවත් කරන බව කියන්නට නොවේ.    දැනටමත් ඇඳිරි නීති පනවා ඇති ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් නොකරන බව කියන්නට ය.
  •   හිස් තැන පුරවන්නට පැමිණ තිබෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 ඒ හේතුවෙන් බස්නාහිර පළාතේ ඇඳිරි නීති නැති ප්‍රදේශවල ජනයා පවා ආහාර, බෙහෙත් ආදිය එක්රැස් කිරීම සඳහා වෙළඳසැල් ඉදිරිපිට පොදිකනු දැකිය හැකි විය.
 
 එය කොරෝනා වයිරසයේ පැතිරීමට හිතකර තත්වයකි.
 
මෙම ඇඳිරි නීතිය පනවනු ලබන්නේ දීර්ඝ සති අන්තයේ ජනතාව විනෝද ගමන්, නෑදෑ ගමන් ආදී සංචරණයන්හි යෙදීම සීමා කිරීමට ය. 
 
එහෙයින් මෙය මුළු දිවයිනට ම බලපැවැත්වුව ද ප්‍රශ්නයක් නැත. 
 
එහෙත්, රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය බව පෙනෙන්නේ හැකි තරම් දුරට අගුලු ලෑම් අවම කර ආර්ථිකය පවත්වාගැනීම නිසා රටේ වෙනත් ප්‍රදේශවලට ඇඳිරි නීතිය පනවා නැත. 
 
එම ප්‍රදේශවල ආර්ථික හා ජීවනෝපාය කටයුතු සාමාන්‍ය අන්දමින් සිදු වේ. 
 
බස්නාහිර පළාතට ම පනවා තිබෙන ඇඳිරි නීතිය සඳුදා උදේ පහට ඉවත් කරනු ඇත.
 
ඉහත ඡේදයේ සඳහන් කළ ටික ජනතාවට අවබෝධ වන විදියට වගකීමෙන් යුතුව කියන්නට සමත් සන්නිවේදකයකු නැතිකම ජනතාවට ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නැති වීමට ප්‍රධාන හේතුවයි. 
 
ඉහත ඡේදයේ සඳහන් කළ ටික ජනතාවට අවබෝධ වන විදියට වගකීමෙන් යුතුව කියන්නට සමත් සන්නිවේදකයකු නැතිකම ජනතාවට ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නැති වීමට ප්‍රධාන හේතුවයි. 
 
කොවිඩ්-19 සම්බන්ධ ආණ්ඩුවේ ප්‍රධාන සන්නිවේදකයා වන හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඔහුගේ රූප රාමුවේ පසුතලය ගැන දක්වන අවධානය පණිවුඩය කෙරෙහි දක්වන්නේ නැත. 
 
එසේම, ඔහු පමණක් නොව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද මිලිටරි සන්නිවේදනයට හුරු වූ, පොදු ජනතාවට පණිවුඩ සන්නිවේදනයට අදක්ෂ දෙදෙනෙකි.
 
උදාහරණයක් ලෙස, බස්නාහිර පළාතේ ඇඳරි නීතිය ගැන පණිවුඩය දෙන විට වැඩි අවධාරණයක් කරන්නේ එය සඳුදා දින ඉවත් කරන බව කියන්නට නොවේ. 
 
දැනටමත් ඇඳිරි නීති පනවා ඇති ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් නොකරන බව කියන්නට ය.
 
Gotabaya Pavithra මොවුන් පිළිබඳ ජනතාව තුළ තිබෙන විශ්වාසය ද බරපතල අන්දමින් පිරිහී තිබේ.
 
කොරෝනා පළමු රැල්ල සමයේ සිටි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ දක්ෂ පරිපාලන නිලධාරියකු බව එකල පෙනුනේ නැත. 
 
එහෙත්, ඔහු ඉතා දක්ෂ සෞඛ්‍ය සන්නිවේදකයෙකි. 
 
නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පබා පලිහවඩන ද දක්ෂ සෞඛ්‍ය සන්නිවේදකවරියකි. 
 
ජනතාව අතර කොවිඩ්-19 සම්බන්ධ අවධානය පුළුල් වීමට ඔවුන්ගේ භූමිකාව මහෝපකාරී විය. 
 
ඔවුන් නොමැති වීම ගැටලුකාරී තත්වයක් වී තිබේ. 
 
වෛද්‍ය අනිල් ජාසිංහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් කර ඇති අතර වෛද්‍ය පබා පලිහවඩන විශ්‍රාම ගොස් තිබේ.
 
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැනි අය සෞඛ්‍ය සන්නිවේදනය සඳහා සුදුසු නැත.
 
 දැනට සෞඛ්‍ය සන්නිවේදනය සිදුකරන සුදත් සමරවීර වැනි නිලධාරීන් තම කාර්යය හොඳින් සිදු කළ ද ඔවුන්ගේ සන්නිවේදන බලපෑමෙහි ගැටලු තිබේ.
 
හිස් තැන පුරවන්නට පැමිණ තිබෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි.
 
 අන්තවාදී වෘත්තීය සංගමයක් වන එය හැම විට ම පුරුදු වී තිබෙන්නේ ප්‍රවෘත්ති සංවේදීකරණය කිරීමටයි. එම නිසා ඔවුන් කියන දේ ජනතාව විශ්වාස කරන්නේ නැත.
 
සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැනි අය ලජ්ජාව නිසා මාධ්‍ය ඉදිරියට පැමිණෙන්නේ නැත.
 
 ඔවුන් පිළිබඳ ජනතාව තුළ තිබෙන විශ්වාසය ද බරපතල අන්දමින් පිරිහී තිබේ.
 
(අජිත් පැරකුම් ජයසිංහ- praja.lk)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...