The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වොයිස් කට් නිකායට සාදු කියන්න - 'අරුණ' කතුවැකිය

T

The Leader Desk

November 15, 2020 • 10:11 AM

වොයිස් කට් නිකායට සාදු කියන්න - 'අරුණ' කතුවැකිය 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජ්‍ය කටයුතුවලට මැදිහත් වෙන හිමිවරුන් එදා සිට හැඳින්වූයේ දේශපාලන භික්ෂූන් වශයෙනි.
  •     එසේ කිරීම බෞද්ධයාගේ පරම නිෂ්ඨාව වූ නිවන් මග අවුරන්නක් බවට තර්ක කරන අයට දෙන්නට උත්තරයක්ද භික්ෂූන් වහන්සේ සතු වෙයි.
  •     ‘‘ඔබගේ නිවන සඳහා මගේ නිවන කල් දමමි’’   කෙසේ වෙතත් භික්ෂුවකට දේශපාලනය කිරීමට උරුමයක් තිබෙන බව බුද්ධිමය සංවාදයකින් පසුව 1946 දී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන නිකුත් කළ විද්‍යාලංකාර ප්‍රකාශයෙන් තහවුරු කෙරිණි.
  • නල්ලයියා නම් දෙමළ මන්ත්‍රීවරයා නිදහස් අධ්‍යාපනය මෙරට භික්ෂුන්ගේ ජයක් බව ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 සියලු දුක් කෙළවර කර නිවන් මගට පිවිසීමට යැයි ප්‍රාර්ථනා කරමින් මහණ වුවද, දේශපාලන භික්ෂූහු මේ භවයේදී නිවන් දැකීමට පිළිවෙත් පුරන්නෝ නොවෙති.
 
ඔවුනගේ අරමුණ රට, ජාතිය, ආගම රැක ගැනීමය.  
 
එසේ කිරීම බෞද්ධයාගේ පරම නිෂ්ඨාව වූ නිවන් මග අවුරන්නක් බවට තර්ක කරන අයට දෙන්නට උත්තරයක්ද භික්ෂූන් වහන්සේ සතු වෙයි.
 
 
‘‘ඔබගේ නිවන සඳහා මගේ නිවන කල් දමමි’’
 
කෙසේ වෙතත් භික්ෂුවකට දේශපාලනය කිරීමට උරුමයක් තිබෙන බව බුද්ධිමය සංවාදයකින් පසුව 1946 දී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන නිකුත් කළ විද්‍යාලංකාර ප්‍රකාශයෙන් තහවුරු කෙරිණි.
 
Walpola Rahulaවල්පොල රාහුල හිමි: භික්ෂුවට රට දැය සමයේ යහපත තකා
දේශපාලනය කිරීමේ අයිතිය පිළිගත් විද්‍යාලංකාර ප්‍රකාශනය සේම
වල්පොල රාහුල හිමි ලියූ ‘‘භික්ෂුවකගේ උරුමය’’ පොතෙන් ද ඒ අදහස තවත් තහවුරු කෙරිණ
 
භික්ෂුවට රට දැය සමයේ යහපත තකා දේශපාලනය කිරීමේ අයිතිය පිළිගත් විද්‍යාලංකාර ප්‍රකාශනය සේම වල්පොල රාහුල හිමි ලියූ ‘‘භික්ෂුවකගේ උරුමය’’ පොතෙන් ද ඒ අදහස තවත් තහවුරු කෙරිණ. 
 
ඒ අනුව භික්ෂුවක් සමාජ දේශපාලන කටයුතුවල යෙදිය යුතුද, නැද්ද යන්න පිළිබඳ විවාදය දැන් යල් පීනුවකි.
 
කෙසේ වෙතත් භික්ෂුවක් එදා තම දේශපාලන මතය ප්‍රකාශ කරමින් සමාජයට බලපෑම් කළේ දැවැන්ත ක්‍රියාකාරී මෙහෙවරක යෙදීමෙන් අනතුරුවය. 
 
ගම් නියම්ගම්වල ඇවිද ජනතාවගේ මතය, ඔවුන්ගේ ජීවිතයේ දුක් කම්කටොලු, ඔවුන්ගේ ප්‍රාර්ථනා ගැන දැන ගැනීමෙන් පසුවය. 
 
සමාජ ප්‍රවාහයකට උරදීමෙන් පසුවය.
 
ආචාර්ය වල්පොල රාහුල හිමියෝ මේ රටේ දරුවන්ට නොමිලේ අධ්‍යාපනය දෙන්නැයි ආණ්ඩුවට බලපෑම් කිරීම සඳහා රටපුරා යමින් අති දැවැන්ත පෙත්සමක් අත්සන් කළෝය. 
 
මහා ජන සන්නිපාතයක් අත්සන් කළ එම පෙත්සම නිදහස් අධ්‍යාපන පනත ගෙන ඒමට බලපෑ ප්‍රධාන කාරණයක් විය. 
 
එම පෙත්සමේ තිබූ දැවැන්ත බව දුටු එකල රාජ්‍ය මන්ත්‍රණ සභාවේ වී. නල්ලයියා නම් දෙමළ මන්ත්‍රීවරයා නිදහස් අධ්‍යාපනය මෙරට භික්ෂුන්ගේ ජයක් බව ප්‍රකාශ කළේය.
 

Gnanasiha himi

උඩකැන්දවෙල සරණංකාර හිමියෝ මෙරට සමසමාජ පක්ෂ වේදිකාවල පන්සිල් දෙමින් පීඩිතයන් වෙනුවෙන් සටන් වැද ඉන්දියාවේද ඇවිද එරට නිදහස් අරගලයටද දායකව සටන් කිරීමේ වරදට සිරභාරයේ වැඩ සිටියෙකි. 
 
හේන්පිටගෙදර ඤාණසීහ හිමියන්ගේ ජීවිත කතාව ‘‘හේන්පිටගෙදර සිට වැලිකඩ හරහා’’ යැයි කියනා තරමට අරගලකාරීය.
 
අතීත දේශපාලන භික්ෂූන් මතු නොව මාදුළුවාවේ සෝභිත හිමි පවා අමද්‍යප ව්‍යාපාරයට එක්ව දේශන පවත්වමින් මැරයන්ගේ බයිසිකල් චේන් පහර කමින් නාරාහේන්පිට අභයාරාමයේ මැයි පළමුවැනිදාවක වෙඩි ප්‍රහාර මැද උද්ඝෝෂණය කරමින් රටපුරා පන්සලක් ගානේ යමින් බණ දෙසමින් චරිතය ගොඩනැගූ හිමි නමකි. 
 
මාධ්‍යයට යන්නට කලින් උන්වහන්සේ රටම දන්නාහ. 
 
''අතීත දේශපාලන භික්ෂූන් මතු නොව මාදුළුවාවේ සෝභිත හිමි පවා අමද්‍යප ව්‍යාපාරයට එක්ව දේශන පවත්වමින් මැරයන්ගේ බයිසිකල් චේන් පහර කමින් නාරාහේන්පිට අභයාරාමයේ මැයි පළමුවැනිදාවක වෙඩි ප්‍රහාර මැද උද්ඝෝෂණය කරමින් රටපුරා පන්සලක් ගානේ යමින් බණ දෙසමින් චරිතය ගොඩනැගූ හිමි නමකි. ''
 
දේශපාලන භික්ෂුවක් වශයෙන් රටට පූර්වාදර්ශ සැපයූ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිගෙන් ඇරඹි, අද ඇල්ලේ ගුණවංස හිමි, බෙංගමුවේ නාලක හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ආදීන්ගෙන් නූතන දේශපාලන භික්ෂු වංශ කතාව පෝෂණය වී ඇත්තේ ජනතාව අතරේ නමක් රුවක් හැඩක් බරක් ඇති කරගත් නිසාය. 
 
මේ කිසිවෙක් රූපවාහිනී මයික්‍රපෝන හමුවේ දත්මිටි කමින් අරගල කළෝ නොවූහ. 
 
soma
රූපවාහිනියෙන් පළමුවරට වීරත්වයට ඔසවා තැබුවේ ගංගොඩවිල සෝම හිමිපාණන්ය. 
 
රූපවාහිනියෙන් පළමුවරට වීරත්වයට ඔසවා තැබුවේ ගංගොඩවිල සෝම හිමිපාණන්ය. 
 
එහෙත් උන්වහන්සේ ද රූපවාහිනී තිරය මතට එන්නට පෙර අම්පාරේ සිට කොළඹටත්, කොළඹ සිට හම්බන්තොටටත් පිඩුසිඟා පයින් වැඩම කරමින් ගමක් පාසා දහම් දෙසා රටතොට ජන මනස දැන, දුක දැක ඒ ගැන හැඟීමක් ඇතිව සිටියෝය.
 
එහෙත් අද දේශපාලන මත දක්වන වහන්දෑ කෙනකු වීමට එබඳු සමාජ පරිචයක් ඕනෑ නැත. 
 
බුදුන් දවස ඒහි භික්ඛුභාවයෙන් මහණ කිරීම යැයි ක්‍රමයක් විය. 
 
බුදුන් යමකුට එව මහණ යැයි කී විට කෙස් රැවුල් සිඳී, සිවුර පෙරවී භික්ෂුවක් බවට පත් වෙයි. 
 
අද අපේ සමාජයේ දේශපාලන භික්ෂු චරිත ගොඩනැගෙන්නේ එබඳුම ක්‍රමයකටය. 
 
මොකක් හෝ සංවිධානයක නමක් අටවාගෙන රූපවාහිනි චැනල්වල මයික්‍රපෝන් හමුවේ පළමුව රට දේශප්‍රේමය ගැන දෙසා බෑමට පටන් ගනී. 
 
ඒ වොයිස්කට් අහන්නට ඉන්නේ වාර්තාකරුවන් සහ කැමරාකරුවන්ය. 
 
Voice cut monk
ඒ වොයිස්කට් අහන්නට ඉන්නේ වාර්තාකරුවන් සහ කැමරාකරුවන්ය. 
 
උන්වහන්සේ දේශප්‍රේමයෙන් පටන්ගෙන බොහෝ දේ වදාරති. 
 
එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ කාබන් පෑනෙන්ද, තීන්ත පෑනෙන්ද, 
 
කොරෝනා මැඬිය යුත්තේ කෙසේද? 
 
මේ ඔවුන් කතාකරන දේය. 
 
මෙලොව එලොව සියල්ල සිදුවිය යුත්තේ උන්වහන්සේගේ මතයට අනුවය. 
 
මුස්ලිම් මළ මිනී වැළලිය යුත්තේ ඔවුන්ට අනුවය. 
 
කැප දෙයත් අකැප දෙයත් දන්නා දෙයත් නොදන්නා දෙයත් නොතකයි. 
 
සියල්ල ගැන වදාරති. 
 
ඒවා වොයිස් කට් හැටියට ප්‍රචාරය වේ. 
 
ගම් නියම්ගම්වල මෙබඳු හිමිවරුන්ගෙන් බණ ඇසූවෙක් නැත.
 
මේ ජන පදනමක් නැති නිකායත්, ගුරු හිමිනමක් නැති වොයිස් කට් නිකායේ භික්ෂූන් මෙහෙයවන්නේ කව්දැයි සොයා බැලිය යුතුය. 
 
උන්වහන්සේ මැදිහත් වෙන ඇතැම් මාතෘකා අනුව ඔවුන් මෙහෙයවන්නේ බෞද්ධයාගේ අත්ද, නැතිනම් ව්‍යාපාරිකයන්, ජාවාරම්කරුවන්ගේ අත්දැයි තේරුම්ගත හැකිය. 
 
උන්වහන්සේ මැදිහත් වෙන ඇතැම් මාතෘකා අනුව ඔවුන් මෙහෙයවන්නේ බෞද්ධයාගේ අත්ද, නැතිනම් ව්‍යාපාරිකයන්, ජාවාරම්කරුවන්ගේ අත්දැයි තේරුම්ගත හැකිය. 
 
මක්නිසාද යත් ඔවුන් දැන් දැන් බෞද්ධ උරුමය, රට ජාතියේ උරුමය වෙනුවට පෞද්ගලික ව්‍යාපාර ගැනද කතා කරන බැවිනි.
 
මෙරට භික්ෂූන්ගේ දේශපාලන බලය ගැන හොඳටම තේරුම්ගත් විජාතිකයා රොබට් බ්‍රවුන්රින්ග්ය. 
 
1818 කැරැල්ල සමයේ ඔහු බ්‍රිතාන්‍යයේ යටත් විජිත භාර මහ ලේකම්ට මෙසේ ලියා යැව්වේය.
 
''රටේ ඇතිවන අප්‍රසාදයක් හෝ විරුද්ධතාවක් ආයුද කර කරගෙන කවර විටෙක වුවද පිරිසක් එකතු කර සංවිධානය කරගන්නට මොවුනට පුළුවන. මොවුන් සතු වරප්‍රසාද අප්‍රමාණය.''
 
1818 කැරැල්ලේදී භික්ෂූන් මෙසේ හැසිරුණේ රට වෙනුවෙනි. 
 
එහෙත් අද මේ වොයිස් කට් භික්ෂූන් හැසිරෙන්නේ එදා භික්ෂූන් මෙන් රට වෙනුවෙන්ද, වෙනත් ජාවාරම්කාර පාර්ශ්ව වෙනුවෙන්ද යන්න සාධු නාද දීමට පෙර සිතා, සොයා බැලිය යුතුය. 
 
අද මේ වොයිස් කට් භික්ෂූන් හැසිරෙන්නේ එදා භික්ෂූන් මෙන් රට වෙනුවෙන්ද, වෙනත් ජාවාරම්කාර පාර්ශ්ව වෙනුවෙන්ද යන්න සාධු නාද දීමට පෙර සිතා, සොයා බැලිය යුතුය. 
 
බ්‍රවුන්රිග් අවසානයේ මෙසේ ලියයි.
 
''බොරු වෙස් දරා කපටිකම් කිරීමේ පුරුද්ද හා පුහුණුව ඇති මොවුන්ගේ සැබෑ අදහස් මතුකර දැන ගැනීම අමාරුය.''
 
 වොයිස් කට් අසන හුදී අපටද එසේය.
 
(අරුණ කතුවැකිය -නොවැම්බර් 14)   
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වොයිස් කට් නිකායට සාදු කියන්න - 'අරුණ' කතුවැකිය | The Leader