The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පොෂ් සිංහල සුද්දත්වයට පාරක් නොවේ (සොරි) -ගම්මිරිස්සාරය

T

The Leader Desk

November 25, 2020 • 9:04 AM

පොෂ් සිංහල සුද්දත්වයට පාරක් නොවේ (සොරි) -ගම්මිරිස්සාරය 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘සුද්දත්වය’ යනු ‘දේවත්වය’ ලෙස සලකන අය ඉංග්‍රීසි හරහා සුදුවීමට වෙර දරති.
  • ඉගෙනගත්තේ සිංහලෙන්.    ඉංග්‍රීසි දැණුම විශිෂ්ටයි.    ගායකයෙක්.    දෙස් විදෙස් ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික දෑ ගැන අවදියෙන් සිටින, ඒ පිලිබඳ තමන්ගේ මත නිදහස්ව ප්‍රකාශකරන පුරවැසියෙක්.
  • සිංහල භාෂාව නැතිවෙන්නෙ සිංහල පොෂ් කරන්න හදන සිහල අයගෙන්මයි – තිත්ත ඇත්ත ඒකයි!’   සටහනේ හිමිකරු ඔහුය.    ඔහු තමාව හැඳින්වුයේ මෙලෙසය:   ‘[මීට] සිංහල භාෂාවට ආදරෙ කරන්නෙක්.’         කතාව ඇත්ත.
  •   භාෂාව විකාශනය වන ගතික දෙයකි.
අකුරු ප්‍රමාණය (Font Size):
ඉංග්‍රීසිත් බැරිනම් අඩුම තරමින් සිංහල පොෂ් කරගනීමට උත්සාහ කරති.
 
රනිල් අමිර්තයියා ගායකයෙක්. 
 
ඔහුගේ  උපන් ගම නුවරඑළිය. 
 
මවුබස දෙමළ. ඉගෙනගත්තේ සිංහලෙන්. 
 
ඉංග්‍රීසි දැණුම විශිෂ්ටයි. 
 
ගායකයෙක්. 
 
දෙස් විදෙස් ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික දෑ ගැන අවදියෙන් සිටින, ඒ පිලිබඳ තමන්ගේ මත නිදහස්ව ප්‍රකාශකරන පුරවැසියෙක්.      
 
රනිල් පහුගියදා මුහුණු පොතේ සටහනක් ලියා තැබුවේය:
 
‘අහම්බෙන් “ද වොයිස්” වැඩසටහන බලන්න වුන මට හිතුනෙ මවු බස දෙමල වූවත් මගේ සිංහල උච්චාරණය ගැන ආඩම්බරයක්. ගායනා කරන එක කෙසේවෙතත් ඒ තරඟ වදින ලමයින්ගෙ බොරු පොෂ් සිංහල උච්චාරණය නිවැරදි කරන්න කිසිම උත්සහයක් නොදැරූ විනිසුරුන් සහ දෙමව්පියන් ගැන නම් හිතුනෙ මහා කලකිරීමක් !! සිංහල භාෂාව නැතිවෙන්නෙ සිංහල පොෂ් කරන්න හදන සිහල අයගෙන්මයි – තිත්ත ඇත්ත ඒකයි!’
 
සටහනේ හිමිකරු ඔහුය. 
 
ඔහු තමාව හැඳින්වුයේ මෙලෙසය:
 
‘[මීට] සිංහල භාෂාවට ආදරෙ කරන්නෙක්.’
 
 
 
 
කතාව ඇත්ත.
 
භාෂාව විකාශනය වන ගතික දෙයකි. එයද සත්‍යයකි. 
 
භාෂාව යනු සංස්කෘතියක් පරම්පරාවෙන් පරම්පරාවක් වෙත ගෙනයන වාහනයකි. 
 
සංස්කෘතියන් ද විකාශනය වේ. 
 
මෙයද විකාශනයකි. 
 
සාපේක්ෂතාවාදයෙන් ඕනෑම දෙයක් සාධාරණය කළ හැක. 
 
එහෙත් ‘කළුරනිල්’ ගේ අදහස වැදගත් වේ. 
[රනිල් කළුරනිල් වන්නේ ඔහුගේ සංගීත කණ්ඩායම ‘බ්ලැක්’ වන නිසා වේ. ඔහු තමන්ව හඳුන්වන්නේ එලෙසයි].
 
 
 
මේ ප්‍රවණතාවය අලුත් නැත. 
 
වසර 500ක් යටත්විජිතයක් වූ රටක යටත්විජිත මානසිකත්වය දශක හත අටකින් තුරන් නොවේ.
 
එබැවින් ඇතැමුන්ට අදත් ‘සුද්දා’ කියන්නේ දෙවියෙක්. 
 
ඔවුනට ‘සුද්දත්වය’ යනු ‘දේවත්වය’ වේ. 
 
ඉංග්‍රීසි කොහොමත් සිංහල/දෙමළ භාෂාවන්ට වඩා උසස් යැයි ඔවුහු සිතති. 
 
කසි ‘කබල් ඉංග්‍රීසි’ නම් ඉංග්‍රීසි තරම් සුපිරි නැතැයි තර්ක කළ හැකි මුත් දෙකේ වෙනස නොදන්නන් ට මෙය ගැටළුවක් නොවේ. 
 
කෙසේ වෙතත් කසිකබල් ඉංග්‍රීසි පවා සිංහලට වඩා උසස් යැයි ඔවුහු සලකති. 
 
කසිකබල් ඉංග්‍රීසි පවා නොදන්නා අය සිංහල නම් වූ ‘පහත්’ බස භාවිතා කිරීම පිලිබඳ ලැජ්ජාව වසා ගනු වස් ‘පොෂ් සිංහල’ ප්‍රගුණ කරති.
 
සිදුව ඇත්තේ එයමැයි.
 
පොෂ් වීම තුලින් ඉංග්‍රීසි නම් වූ සංස්කෘතික වෛරසය ආසාදනය වූවන් බොහෝ විට සිතන්නේ ‘ඉංග්‍රීසි භාවිතය’ විස්තර කරන සමාජ පන්තියේ සාමාජිකත්වය ගැනීමට නම් සිංහල අමතක කළ යුතු බවයි. 
 
ඉංග්‍රීසි කෙසේ වෙතත් කසිකබල් ඉංග්‍රීසි පවා කතා කිරීමට නොහැකිව අසරණ වූ ඔවුනට අස්වැසිල්ලක් වන්නේ ‘පොෂ් සිංහල’ වේ. 
 
එවන් අය නොදන්නා දෙයක් ඇත: 
 
කසිකබල් ඉංග්‍රීසි කතා කරන අයට විහිළු කරන ලාංකේය ඉංග්‍රීසි කාරයින්, පොෂ් සිංහල සහ පොෂ් සිංහල කතා කරන අයට ඊටත් වඩා සිනාසෙති.
 
පොෂ් වීම හෝ නොවීම තමා සතු දෙයකි. 
 
භාෂාවට සිදුවන හෝ සිදුකරණ හානිය පසෙකින් තැබුවද, පොෂ් සිංහල භාවිතා කිරීම ඛේදජනකයි. 
 
පොෂ් සිංහල ‘සිංහල’ කියා සිතන නැතහොත් සිංහලේ ඉදිරියක් ලෙස සිතන හෝ ඉංග්‍රීසි පැලැන්තියේ සාමාජිකත්වය ගැනීම සඳහා අනිවාර්ය පූර්ව කොන්දේසියක් යැයි සිතන අය වෙති.
 
 රනිල් දුක්වන්නේ භාෂාවේ අවභාවිතය පිළිබඳවයි. 
 
අප ද එය පිලිබඳ දුක් වන්නෙමු. 
 
එලෙසම මේ රෝගයට ගොදුරු වූවන් ගැනද දුක් වන්නෙමු.  
 
(gammiris.lk)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...