The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගෞරවනීය ආදාහනයකට ඇති අයිතිය ගැන සිතන්නට ප්‍රභූවරයකු මැරෙන්නට ඕනැද? - අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

December 15, 2020 • 1:45 PM

 ගෞරවනීය ආදාහනයකට ඇති අයිතිය ගැන සිතන්නට ප්‍රභූවරයකු මැරෙන්නට ඕනැද? - අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොවිඩ්-19 යනු ශ්‍රී ලංකාවේ තවදුරටත් දුර්ලභ තත්වයක් නොවෙයි. එය ප්‍රජාව අතර පැතිරී ඇති බවක් රජය ප්‍රකාශයට පත්කර නැතත්, රට පුරා හැමතැනින්ම රෝගීන් හමුවන බව බොරුවක් නොවෙයි. ඇතැම් රෝගීන්ට
  • ඇත්තම කියනවා නම්, දැන් තිබෙන තත්වය අනුව, ඔය සුලමුලවල එච්චර වැදගත්කමකුත් නැහැ.
  •   මිනුවන්ගොඩ පොකුර හැදීමට මුල්වුණ බ්‍රැන්ඩික්ස් ආයතනයට කොවිඩ්-19 වයිරසය පැමිණි ආකාරයවත් සොයාගන්නට තවම සෞඛ්‍ය හෝ ආරක්ෂක අංශවලට බැරි වුණානෙ.
  •   දැන් ඉතින් අප කතා කළ යුතුව තිබෙන්නේ කොවිඩ්-19න් මියයන මේ රටේ පුරවැසියන්ට ගෞරවනීය ආදාහනයක් වෙනුවෙන් තිබෙන අයිතිය පිළිබඳවයි.    එය තවදුරටත් මුස්ලිම් ජාතිකයන්ගේ විතරක් ප්‍රශ්නයක් නොවෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):
රෝගය වැළඳුණු ආකාරයත් අපැහැදිලියි.
 
උදාහරණයක් ලෙස, පසුගිය දෙසැම්බර් 8දා ළමා රෝහලේදී මියගිය මෝදර ප්‍රදේශයෙන් රෝහල්ගත කරන ලද දින 20ක් වයසැති බිළිඳාගේ පියාට හෝ මවට හෝ කොවිඩ්-19 වැළඳී තිබුණු බවක් හෙළිදරව් වුණේ නැහැ. 
 
එම දරුවාට කොවිඩ්-19 වැළඳුණු ආකාරය තවමත් සෞඛ්‍ය බලධාරීන් විසින් රටට කියා නැහැ.
 
 මේවා පැහැදිලි කිරීම පහසුත් නැහැ. ඇත්තම කියනවා නම්, දැන් තිබෙන තත්වය අනුව, ඔය සුලමුලවල එච්චර වැදගත්කමකුත් නැහැ.
 
මිනුවන්ගොඩ පොකුර හැදීමට මුල්වුණ බ්‍රැන්ඩික්ස් ආයතනයට කොවිඩ්-19 වයිරසය පැමිණි ආකාරයවත් සොයාගන්නට තවම සෞඛ්‍ය හෝ ආරක්ෂක අංශවලට බැරි වුණානෙ. තව මොන කතාද?
 
දැන් ඉතින් අප කතා කළ යුතුව තිබෙන්නේ කොවිඩ්-19න් මියයන මේ රටේ පුරවැසියන්ට ගෞරවනීය ආදාහනයක් වෙනුවෙන් තිබෙන අයිතිය පිළිබඳවයි. 
 
එය තවදුරටත් මුස්ලිම් ජාතිකයන්ගේ විතරක් ප්‍රශ්නයක් නොවෙයි. මළසිරුරු පිළිස්සීම පිළිනොගන්නා ක්‍රිස්තියානි, හින්දු පමණක් නොව බෞද්ධ ආගමිකයන් ද සිටින බව අප අමතක කළ යුතු නැහැ.
 
 
''දැන් ඉතින් අප කතා කළ යුතුව තිබෙන්නේ කොවිඩ්-19න් මියයන මේ රටේ පුරවැසියන්ට ගෞරවනීය ආදාහනයක් වෙනුවෙන් තිබෙන අයිතිය පිළිබඳවයි. එය තවදුරටත් මුස්ලිම් ජාතිකයන්ගේ විතරක් ප්‍රශ්නයක් නොවෙයි. මළසිරුරු පිළිස්සීම පිළිනොගන්නා ක්‍රිස්තියානි, හින්දු පමණක් නොව බෞද්ධ ආගමිකයන් ද සිටින බව අප අමතක කළ යුතු නැහැ.''
 
පුද්ගලයකුගේ අවසන් කටයුතු කරනු ලබන්නේ එම පුද්ගලයාගේ අන්තිම කැමැත්ත, සංස්කෘතිය, ආගම ආදී සාධක අනුවයි. කොවිඩ්-19 නිසා ඒ සියල්ලට වඩා නිරෝධායන නීති ප්‍රමුඛ වෙලා තිබෙනවා.
 
නවීන තාක්ෂණය ඔස්සේ කොවිඩ්-19 මළසිරුරකට ගෞරවනීය අවමංගල්‍යයක් සඳහා අවස්ථාව ලබාදෙන්නට බැරිකමක් නැහැ. 
 
උදාහරණයක් ලෙස, ඇමරිකාවේ පොලිස් ප්‍රහාරයකින් මියගිය කළු ජාතික ජෝජ් ෆ්ලොයිඩ් කොවිඩ්-19 රෝගියකු බව හඳුනාගෙන තිබියදීත් ඔහු වෙනුවෙන් සංකේතාත්මක ගෞරවනීය අවමංගල්‍යයක් පැවැත්වුණා.
 
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මර්දනය සම්බන්ධයෙන් කටයුතු කරන මිලිටරි අංශ වගේම සෞඛ්‍ය අංශත් රෝගීන්ගේ හා පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ අසංවේදීයි.
 
 

covid19 15

 
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මර්දනය සම්බන්ධයෙන් කටයුතු කරන මිලිටරි අංශ වගේම සෞඛ්‍ය අංශත් රෝගීන්ගේ හා පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ අසංවේදීයි.
 
 
 මරණයකදී පවුලේ අයගේ ශෝකය සම්බන්ධයෙන් ඔවුන්ගේ අසංවේදීකම පෙන්වපු අවස්ථාවක් තමයි රිජ්වේ ආර්යා රෝහල කොවිඩ්-19 නිසා මියගිය දින 20ක් වයසැති බිළිඳා ගැන කටයුතු කළ ආකාරය. 
 
පවුලේ ඥාතීන් විසින් භාර නොගන්නා ලද කොවිඩ්-19 මළසිරුරු ගණනාවක් තවම මෘත ශරීරාගාරවල තිබියදී, මෙම බිළිඳු මළසිරුරත් දෙමව්පියන් සමග සාකච්ඡා කර අවබෝධයක් ඇතිකරගන්නා තෙක් හෝ තබාගන්නට තිබුණා.
 
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මර්දන කටයුතුවල නියැලී සිටින මිලිටරි අංශවලටත් වඩා සෞඛ්‍ය අංශ මාධ්‍ය පෙරේතකමකින් පෙළෙනවා. 
 
පීඑච්අයිලා කොවිඩ් රෝගීන් හා ආශ්‍රිතයන් ‘අල්ලාගෙන නිරෝධායනයට දමන්නට’ යන්නේ මාධ්‍ය කැමරාත් අටවාගෙනයි. 
 
මේ බිළිඳාගේ මරණය ගැන පවා මව්පියන්ට දන්වන්නට කලින් මාධ්‍යවලට දැන්වූ බවට බිළිඳාගේ පවුලේ අය චෝදනා කරනවා.
 
වර්තමානයේ ක්‍රියාත්මක වන පටිපාටි ලෝකය විසින් අනුගමනය කරන්නට පටන් ගත්තේ කොවිඩ්-19 සම්බන්ධයෙන් සමාජයේ දැවැන්ත භීතිකාවක් තිබියදීයි. 
 
එහෙත්, මේ වන විට තත්වය වෙනස් වෙලා. කොවිඩ්-19න් මිනිසුන් මියයන බව ඇත්ත. ඒත්, එය මේ වන විට ගෘහාශ්‍රිත ප්‍රශ්නයක්.
 
කොවිඩ්-19න් මියයන පුද්ගලයන්ට ගෞරවනීය අවමංගල්‍යයක් සඳහා තිබෙන අයිතිය පිළිබඳ මේ රටේ පාලකයන්ටත්, ඔවුන් උෂාර් කරන අන්තවාදී බලවේගයන්ටත් තේරෙන්නට ප්‍රභූවරයකු කොවිඩ්-19න් මැරෙන්නම ඕනැද? 
 
ඊට කලින් මේ ගැන හිතන එක සාධාරණ නැද්ද?
 
 
( praja.lk - අජිත් පැරකුම් ජයසිංහ)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගෞරවනීය ආදාහනයකට ඇති අයිතිය ගැන සිතන්නට ප්‍රභූවරයකු මැරෙන්නට ඕනැද? - අජිත් පැරකුම් ජයසිංහ | The Leader