The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කොරෝනාවට යට නොවුන ඉතාලියේ මනුස්සකම.... -සුමුදු මද්දුමආරච්චි

T

The Leader Desk

December 24, 2020 • 3:45 AM

කොරෝනාවට යට නොවුන ඉතාලියේ මනුස්සකම.... -සුමුදු මද්දුමආරච්චි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොවම වෙලාගත් ගෝලීය වසංගතයක් වූ කොවිඩ් නයින්ටින් වයිරසයෙන් අතිවිශාල ජීවිත සංඛ්‍යාවක් අහිමි වූ
  •   කොරෝනා වසංගතය සමග එසේ ලබා දෙන සහනසේවා සියයට එකසීය හැත්තෑනවයකින් ( 179%) ඉහල දමා ඇත.
  • 'යුරෝපයේ පාරාදීසය' නම් වූ ඉතාලියේ මේවනවිට සිදුවන මානුෂීය ක්‍රියාවලිය අතිශයින් ම අගයකළ යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):
'යුරෝපයේ පාරාදීසය' නම් වූ ඉතාලියේ මේවනවිට සිදුවන මානුෂීය ක්‍රියාවලිය අතිශයින් ම අගයකළ යුතුය.
 
ඉතාලියට පැමිණෙන සංක්‍රමිකයන් බහුතරයක් මෙරට ඉතාලි ජාතිකයන් ලෙසම රැකියා කරමින් සාමකාමී සමානාත්මතාවකින් යුතු ජීවිත ගතකරන අතර කරණු ලබන රැකියාවෙන් යැපීමට අපහසු අයට එමෙන්ම රැකියා විරහිත ආර්ථික ගැටලු ඇති අයට දෛනික ජීවිතය ගත කිරීමට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ඇදුම් නොමිලේ සැපයීම සිදුවේ.
 
කොරෝනා වසංගතය සමග එසේ ලබා දෙන සහනසේවා සියයට එකසීය හැත්තෑනවයකින් ( 179%) ඉහල දමා ඇත.
 
 
මෙවන් අර්බුදයක් අභිමුවේ ජාති ආගම් භේද කුළ හේද හා වර්ණ ගෝත්‍ර භේදයකින් තොරව මූලික මානව අයිතිවාසිකම් පෙරදැරිව කටයුතු කරන ආකාරය ඉතා ප්‍රසංසනීය ය.
 
විශාල වෙළද ප්‍රදර්ශනාගාර වලින් කල් ඉකුත් වීමට ආසන්න ( නීත්‍යානුකූලව හා විද්‍යාත්මකව එම දින තහවුරු කර ඇති අතර එ වෙනුවෙන් වගකීම් අදාල ආයතන දරණු ඇත) ආහාරද්‍රව්‍ය නිසි කළමනාකරණයකින් යුතුව භාවිතයට සුදුසු තත්වයේදීම අවශ්‍යතා ඇති ජනතාවට විශේෂයෙන්ම විදේශිකයන් හට ලබාදේ.
 
මේ ක්‍රියාවලිය සිදුවන ආකාරය අධ්‍යයනය කලහොත් ශ්‍රී ලංකාවේ පසු අස්වනු හානියෙන් අපතේ යන දහස් ගණනින් විනාශ වන එළවලු පළතුරු මෙන්ම  වියළි ආහාර ද්‍රව්‍යද නිසි ක්‍රමවේදයක් යටතේ කොරෝනාවෙන් පිඩාවට පත්ව සිටින ජනතාවට ලබාදීමට රොකට් සයන්ස් අවශ්‍ය නොවනු ඇත.
 
රුපියල් 5000 කින් මාසයක් ජිවත් වන්නැයි, පන්දහසක් දුන්නේ සතියෙන් වියදම් කරන්නදැයි ප්‍රශ්න කරන ජනතා නියෝජිතයන් සිටිනා ලංකාව වැනි රටක ජීවත්වන අහිංසක ජනතාවට කාගේ පිළිසරණක්ද? 
 
සුමුදු මද්දුමආරච්චි 
 මිලානෝ - ඉතාලිය

lyricsdsl7@gmail.com

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කොරෝනාවට යට නොවුන ඉතාලියේ මනුස්සකම.... -සුමුදු මද්දුමආරච්චි | The Leader