The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කන්න කලින් දැනගත යුතු පීට්සා මර්ගරීතා -සුමුදු මද්දුමආරච්චි

T

The Leader Desk

December 31, 2020 • 9:44 AM

කන්න කලින් දැනගත යුතු පීට්සා මර්ගරීතා -සුමුදු මද්දුමආරච්චි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එකදහස් අටසිය පහලවේ (1815) නොවැම්බර් මස 20 වන දින ඉතාලියේ ජෙනෝවාහි
  •     අනතුරුව මර්ගරීතා කුමරිය ඉතාලියේ පළමු උම්බෙර්තෝ ( Umberto l di Italia 1868 - 1900 ) කුමරු හා විවාහ වූ අතර රජ කුමරිය දැඩි තීරණ ගන්න සාමාන්‍යයෙන් සතුටු කිරීමට අපහසු නිතර දොස් දකින තැනැත්තියක වූවාය..
  •   නාපොලි නගරයේ Rafelli Espisito  රෆෙල්ලි එස්පෝසිතෝ නම් කෝකියකු විසින් ප්‍රථමයෙන් Pizza Focaccia පීසා ෆොකච්චා ලෙස නව නිර්මාණය සිදු කරණු ලැබීය.
  •     රතු පැහැය තක්කාලි වලින්ද සුදු පැහැය මොසරෙල්ල වලින් හා කොළ පැහැය නැවුම් බසිලොකෝ පත්‍ර මගින්ද නිරූපණය කල ඔහුගේ විශ්මිත අදහසින් ප්‍රීතියටත් අමන්දානන්දයටත් පත් මර්ගරීතා රැජින එදින සිට එයට මර්ගරීතා Margherita ලෙස නම් කරණු ලැබුවා.
අකුරු ප්‍රමාණය (Font Size):
(Genova) පෙර්දිනාන්දෝ (Ferdinando, duke of Genova) කුමරුටත් එලිසබෙත් කුමරියටත් (Elisabet of Saxony) දාව අනාගත රජ කුමරිය මර්ගරීතා මරිය තෙරෙසා දි සවෝයියා (Margherita maria teresa di savoia) ලෙස උපත ලැබුවා.
 
ඇය ඉතා රූප සම්පත්තියෙන් වගේම දේහ ලාලිත්‍යයෙන් පිරිපුන්ව තාරුණ්‍යට ලගාවෙමින් සිටියා.
 
Margherita maria teresa di savoia
 
අනතුරුව මර්ගරීතා කුමරිය ඉතාලියේ පළමු උම්බෙර්තෝ ( Umberto l di Italia 1868 - 1900 ) කුමරු හා විවාහ වූ අතර රජ කුමරිය දැඩි තීරණ ගන්න සාමාන්‍යයෙන් සතුටු කිරීමට අපහසු නිතර දොස් දකින තැනැත්තියක වූවාය..
 
එමෙන්ම ඉතාලි රාජධානිය පුරා සැරිසර්මින් ඇයගේ ජන්ම දින හා විශේෂිත දිනයන්හි ප්‍රිය සම්භාෂණ පැවැත්වීම පුරුද්දක්ව තිබූ අවදියක වර්ශ එකදහස් අටසිය අසූනවයේ (1889) ඉතලියේ නාපොලි නගරයේ සංස්කෘතික උත්සවයක් වෙනුවෙන් රජ කුමරිය සැපත්වීමට යෙදී තිබුන අතර අසාමාන්‍ය රජ කුමරිය සතුටු කිරීමට නොයෙක් ආකාරයේ උත්සාහයන් අත්හදා බලන්නට විය.
 
නාපොලි නගරයේ Rafelli Espisito  රෆෙල්ලි එස්පෝසිතෝ නම් කෝකියකු විසින් ප්‍රථමයෙන් Pizza Focaccia පීසා ෆොකච්චා ලෙස නව නිර්මාණය සිදු කරණු ලැබීය.
 
මූලික වශයෙන් එයට සල්ස පොමදෝරො ( Salsa di pomodori තක්කාලි ) මොසරෙල්ල ( Mozarella ) හා බසීලිකෝ (Basilico ) එක් කරමින් ඉතා අනර්ඝව නිර්මාණය කොට රැජින වෙත පිලිගන්වා ඔහු පවසා සිටියේ එය තමන් නිරිමාණය කලේ ඉතාලි ධජයේ වර්ණ තුන සංකේතාත්මකව යොදාගෙන බවයි.
 

Itali Flag Pitza

 
රතු පැහැය තක්කාලි වලින්ද සුදු පැහැය මොසරෙල්ල වලින් හා කොළ පැහැය නැවුම් බසිලොකෝ පත්‍ර මගින්ද නිරූපණය කල ඔහුගේ විශ්මිත අදහසින් ප්‍රීතියටත් අමන්දානන්දයටත් පත් මර්ගරීතා රැජින එදින සිට එයට මර්ගරීතා Margherita ලෙස නම් කරණු ලැබුවා.
 
ඉන් අනතුරුව සමස්ථ ඉතාලියේ හා අන් සියලු රටවලට පීසා මර්ගරිතා සෑදීමේ වට්ටෝරුව ප්‍රචලිත විය.
 
ඉතාලියේ නාපොලි නගරය පීසා සහ විවිධ මාදිලියේ පාන් වලට ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි.
 
එකදහස් නවසිය විසිහයේ ජනවාරි මස හතර ( 04-01-1926) ඇය මෙලොවින් සමු ගන්නා විට  ඇයට දාව  වික්තෝරියෝ එමානුවෙලේ ( Victorio Emanuele lll ) නම් කුමරුන් ඉතාලියේ රජ කිරුළ සූදානමින් සිටි අතර පීසා ඉතිහාසයේ ඇය නමින් වෙන්වූ එම පීසා වර්ගය ලොව ප්‍රචලිත හා ප්‍රනීතම පීසා වර්ගය ලෙස අදත් වර්ථමානයේ දැකගත හැක..
 
  
1277495 188255701358196 475172200 o(සුමුදු මද්දුමආරච්චි) 
මිලානෝ 
ඉතාලිය
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...