The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වරාය නැගෙනහිර ජැටියට ඇතිවූ 'රෝ' ප්‍රේතදෝෂය - 'අරුණ' විශේෂ හෙළිදරව්ව

T

The Leader Desk

January 10, 2021 • 7:26 AM

වරාය නැගෙනහිර ජැටියට ඇතිවූ 'රෝ' ප්‍රේතදෝෂය - 'අරුණ' විශේෂ හෙළිදරව්ව 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘කොළඹ වරාය බේරා ගැනීමට’ වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ, කණ්ඩායම් සහ සරසවි අඳුරෝ ද
  •   ඉන්දියාව තුළම මෝදිගේ කුප්‍රකට ගජමිතුරෙක් සේ ප්‍රකට අදානිගේ ජීවිතය බේරී තිබෙන්නේ අහම්බයකින්ය.    1998 දී ඔහු කප්පම් සඳහා පැහැර ගැනුණේය.
  • වසර 2008 දී ඉස්ලාම් අන්තවාදීන් මුම්බායිහි තාජ් හෝටලයට ප්‍රහාර එල්ල කළේ අදානි එහි ‘ව්‍යාපාරික සාකච්ඡා’ පවත්වමින් සිටිද්දීය.
  •   ''මෑත ඉතිහාසයේදී ‘ඉන්දියානු ප්‍රශ්නය’ නාහෙට උඩින් යන්නට ගත්තේ 2014 ඔක්තෝබරයේ චීන සබ්මැරීනයක් කොළඹ වරායෙන් මතුවීමත් සමගය.
අකුරු ප්‍රමාණය (Font Size):
පෙළගැසෙමින් සිටිති. ආසන්න මොහොතේ ඔවුන්ට වරායෙන් බේරා ගැනීමට වුවමනා වී තිබෙන්නේ නැගෙනහිර ජැටියයි. 
 
කොළඹ වරායේ ඇති ගැඹුරුම සහ නවීනතම යන්ත්‍ර සවිකළ නැගෙනහිර ජැටියට වසර දෙකක පටන් නොයෙකුත් පෙරේත දෝෂ හා යක්ෂ බැල්ම වැටී ඇති බවක් හැඟෙන්නේය. 
 
විටෙක එම ජැටියට ඇණවුම් කළ නවීන දැවැන්ත දොඹකර සවි කිරීම හිටි අඩියේම නතර වුණේය. වෘත්තීය සමිති නායක දේශපාලන බබ්බු නැගෙනහිර ජැටියට ඇතිවූ ‘පෙරේත දෝෂ සහ යක්ෂ බැල්ම’ නොදැන දොඹකර උඩට නැග වැඩේ බේරා ගැනීමට බැලූහ. 
 
වරායට වහ වැටුණු අමනුෂ්‍ය දෝෂ එහෙම මැජික්වලින් දීමට හැකි ඒවා නොවේ. මේ එන්නේ හුදු සටන් පාඨ කියා කෑගසා එළවා දැමිය හැකි අමනුෂ්‍යයන් නොවේ.
 dsfsdg
මෝදිගේ ගජ මිතුරා අදානි ඉන්දියාවේ තුන්වැනි බලවත්ම පුරවැසියා සහ දෙවැනි ප්‍රකෝටිපතියා ලෙස ප්‍රකට ගෞතම් ශාන්තිලාල් අදානි නාමය අපේ අල්ලපු රටේ – ඉන්දියාවේදී ගෙන් ගෙට කියවෙන නාමයකි. 
 
ලාංකිකයන් අතරට මේ නාමය පැමිණ තවමත් ගෙවී ඇත්තේ මාස කීපයකි. ගුජරාට වැසි, මෝදිගේ මිත්‍රයා, අදානිට නෑකමක් සිංහල බෞද්ධයන්ටද තිබේ. ඒ බැතිමත් බෞද්ධයන් නම ඇසු සැණෙන් වැඳවැටෙන ගෞතම නාමයයි. 
 
ගෞතම් අදානි උපතින්ම අහමදබාදයේ ජෛනයෙකි. වාසනාවට ජෛන බෞද්ධයෙක් වුවත් සෙසු නිගන්ඨයන් මෙන් ගෞතම් අදානි නිර්වස්ත්‍රව ඇවිදින නිගණ්ඨයෙක් නොවේ.
 
ඔහු අඳින්නේ තමන්ගේම සන්නාලියන් මසා දෙන යුරෝපීය ඇඳුම්ය. 
 
නමුත් මේ බෞද්ධ රටේ අවාසනාවට ගෞතම් අදානි ලංකාවට එන්නේ ඔහුගේ නරේන්ද්‍ර මෝදිගේ ගජමිතුරු සංග්‍රහය නමැති හෙළුව වනමින්ය.
 
''මේ බෞද්ධ රටේ අවාසනාවට ගෞතම් අදානි ලංකාවට එන්නේ ඔහුගේ නරේන්ද්‍ර මෝදිගේ ගජමිතුරු සංග්‍රහය නමැති හෙළුව වනමින්ය.''
 
අදානිගේ අදානි සමූහ ව්‍යාපාරය යනු ඉන්දියාවේ ප්‍රධාන වරාය හයක අයිතියට හා පාලනයට සම්බන්ධ සමාගමකි. 
 
ලංකාවේ වරායන්ට තරගකාරීව සිටින ගුජරාටය, ගෝව, කේරලය, ආන්ද්‍රාව, තමිල්නාඩුව සහ ඔරිස්සාව යන මුහුදු ප්‍රාන්තවල වරායන් හසුරුවන අදානිට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අයිති වුවහොත් අපේ රටේ වරායවල අනාගත ඉරණම තේරුම් ගැනීමට පාඨකයන්ට පහසුය.
 
 මෙයට අමතරව අදානි සමාගම අහමදබාද්, ත්‍රිවේන්ද්‍රම්, ලක්නව්, මංගලාරු, ගුහාවති සහ ජායිපුර් යන ගුවන් තොටුපළවල්ද පාලනය කරන්නේය.
 
ඉන්දියාව තුළම මෝදිගේ කුප්‍රකට ගජමිතුරෙක් සේ ප්‍රකට අදානිගේ ජීවිතය බේරී තිබෙන්නේ අහම්බයකින්ය. 
 
1998 දී ඔහු කප්පම් සඳහා පැහැර ගැනුණේය. වසර 2008 දී ඉස්ලාම් අන්තවාදීන් මුම්බායිහි තාජ් හෝටලයට ප්‍රහාර එල්ල කළේ අදානි එහි ‘ව්‍යාපාරික සාකච්ඡා’ පවත්වමින් සිටිද්දීය. ඔහු මේ ප්‍රහාරවලින් දිවි බේරාගෙන ඔහු තවමත් පාලක බිජේපී ආණ්ඩුවේ ගජමිතුරා වී සිටින්නේය.
 
220px Gautam Adani1998 දී ඔහු කප්පම් සඳහා පැහැර ගැනුණේය. වසර 2008 දී ඉස්ලාම් අන්තවාදීන් මුම්බායිහි තාජ් හෝටලයට ප්‍රහාර එල්ල කළේ අදානි එහි ‘ව්‍යාපාරික සාකච්ඡා’ පවත්වමින් සිටිද්දීය. ඔහු මේ ප්‍රහාරවලින් දිවි බේරාගෙන ඔහු තවමත් පාලක බිජේපී ආණ්ඩුවේ ගජමිතුරා වී සිටින්නේය.
 
හම්බන්තොට සහ කොළඹ වරායන් බමුණන් පාලනය කරන ඉන්දීය විදේශ අමාත්‍යාංශය කොළඹ වරාය සහ එහි නැගෙනහිර පර්යන්තය ගැන කොළඹ පාලකයන්ට නොයෙකුත් කොන්දේසි දමන්නට ගන්නේ හම්බන්තොට වරාය චීන්නුන්ට ඉදිකිරීමට දුන් කාලයේ පටන්ය. 
 
පොකට්ටුවේ සතේ නැතත් ඉන්දීය මාමණ්ඩිය අසල්වැසි රටකට ‘දුවෙක්’ පටවන්නට වුවමනා වූ විට හැසිරෙන්නේ ‘බිල් ගේට්’ වගේය. අලි දෙන්නම් කොටි දෙන්නම් කියා කොළඹට පණිවිඩ එවති. 
 
මේ සියලුම ප්‍රලාප රචනා කරන්නේ ඉන්දීය විදේශ ප්‍රතිපත්ති හදන බමුණන්ය. 
 
කොළඹ සිටින ඉන්දියානු වාර්තාකරුවෝ මේ ‘දෑවැදි’ යෝජනා නව දිල්ලියේ දකුණු ගොඩනැගිල්ලෙන් නිකුත් වූ වහාම ජනමාධ්‍ය අටුවා ලියති. ඒවා කොළඹ සිටින ප්‍රවෘත්ති පුලන්නන්ට රසවත් ආහාරයන්ය. 
 
චීන්නු හම්බන්තොට වරාය හදන්නට ඉල්ලූ තැන් පටන් පළමුව ඔවුහු සේතු සමුද්‍රය හෙවත් පෝක් සමුද්‍රය ගැඹුරු කර නැව් මාර්ගයක් තැනීමට යෝජනා කළහ. 
 
විටෙක සේතුවට උඩින් දෙරට යාකරන පාලමක් ගැනද පිඹුරුපත් තැනූහ. දැන් ඒ සියල්ලෝම කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉල්ලති.
 
''මෑත ඉතිහාසයේදී ‘ඉන්දියානු ප්‍රශ්නය’ නාහෙට උඩින් යන්නට ගත්තේ 2014 ඔක්තෝබරයේ චීන සබ්මැරීනයක් කොළඹ වරායෙන් මතුවීමත් සමගය. ''
 
චීන සබ්මැරීන දැක ප්‍රකෝප වූ නව දිල්ලියේ සිටින ඉන්දීය මහරාජා සනසන්න කොළඹ ආණ්ඩුවට නොයෙකුත් ගැලවිජ්ජා දැමීමට සිදුවුණේය. 
 
එයින් එකක් වූයේ ඒ මාසයේම මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට මරණ දඬුවම නියම වූ ඉන්දියානු සහ ලංකා ධීවරයන් අටදෙනාගෙන් ඉන්දියානු පස්දෙනාට පමණක් ජනාධිපති සමාව දී නිදහස් කර ගැනීමේ සටනය. 
 
රාමේෂ්වරමේදී කුලියට ගත් විලාප තියන්නන් පළමු වටයේ එළියට ආවේය. 
 
දෙවනුව දේශපාලන මැරයන් ලවා එහි කෝච්චි පාරවල් කැඩෙව්වේය. 
 
අන්තිමේ දකුණු ඉන්දියාවේදී පාලක භාරතීය ජනතා පක්ෂය පරාජයෙන් බේරා ගැනීමට දොළ පිදේනි දීමට සිදුවූයේ ලංකාවටය.
 
 පිදේනියට ඉන්දියාවට ගියේ දෙගාත් බිලි පහකි. යාපනේ සිටින දිල්ලි බැතිමතුන් මුඛ හිරිවට්ටමින් එකම වරදට දඬුවම් ලැබූ යාපන දෙමළ ධීවරයන් තිදෙනා තවමත් පෝරකයට නියම වී හිර ගෙදරය.
 
''රෝ ඔත්තු රංගන මේ කවර ‘දොළ පිදෙනියක්’ දුන්නත් කොළඹ එකල සිටි රෝ ඔත්තු නායකයා සනසන්නට රාජපක්ෂ ආණ්ඩුවට නොහැකි විය.''
 
නව දිල්ලියේ කීමට පිටින් ගිය රෙජිමය මාරුකර කරන්නට ‘යහපාලනයේ අනාගත නායකයන්’ එක්සේසත් කළේය. 
 
රාජපක්ෂ පාලනය රෝ ඔත්තු නායක ඉලංගෝ ආපසු ඉන්දියාවට ගෙන්නා ගන්නැයි නව දිල්ලියෙන් ඉල්ලුවේ බෙල්ල බේරා ගන්නටය. 
 
එය ඉටුවී ඉලංගෝ යළි නව දිල්ලියේ විදේශ අමාත්‍යාංශයට ගෙන්වා ගැනුණත් නව දිල්ලි සැලසුම අකුරටම ක්‍රියාත්මක විය. රාජපක්ෂලාට අකුලාගෙන ගෙදර යන්නට සිදු විය.
 
 pasku attack
''2019 පාස්කු බෝම්බ ප්‍රහාරය ඇටවූ පසු ලංකාවේ ඔත්තු සේවා තුළ පවතින මතවාදී ගැටුමෙන්ම අපේ අනාගත දේශපාලන ඉරණම ‘රෝ කේන්දරයෙන්’ දැක ගැනීමට ආලෝකයක් සැපයෙන්නේය. ජාතික ඔත්තු සේවයට අනුව සාරා ජෙස්මින් හෙවත් පුලස්තිනී මහේන්ද්‍රන් සයින්දමරදු පිපිරවීමෙන් දිවි ගලවා ගෙන ඉන්දියාවට පලා යන්නේ 2019 සැප්තැම්බරයේය. ''
 
2019 පාස්කු බෝම්බ ප්‍රහාරය ඇටවූ පසු ලංකාවේ ඔත්තු සේවා තුළ පවතින මතවාදී ගැටුමෙන්ම අපේ අනාගත දේශපාලන ඉරණම ‘රෝ කේන්දරයෙන්’ දැක ගැනීමට ආලෝකයක් සැපයෙන්නේය. 
 
ජාතික ඔත්තු සේවයට අනුව සාරා ජෙස්මින් හෙවත් පුලස්තිනී මහේන්ද්‍රන් සයින්දමරදු පිපිරවීමෙන් දිවි ගලවා ගෙන ඉන්දියාවට පලා යන්නේ 2019 සැප්තැම්බරයේය. 
 
හමුදා ඔත්තු සේවා අනුව පුලස්තිනී මහේන්ද්‍රන් සයින්දමරදු පිපිරවීමෙන් මිය ගියාය. 
 
ත්‍රස්ත විමර්ශන ඒකකයට අනුව පුලස්තිනීට සිදුවූ දෙයක් සොයා ගැනීමට නැත. 
 
මන්ද සයින්දමරදු පිපිරීමෙන් මියගිය මළසිරුරුවල ඩීඑන්ඒ සාම්පල් අතරේ පුලස්තිනීගේ ඩීඑන්ඒ නැත.
 
මෙයට අගනාම උදාහරණය දෙන්නේ ඉන්දියානු හමුදා වසර තුනක් උතුරු නැගෙනහිර පළාත්වල වාඩිලාගෙන සිටිද්දී කළ යුද අපරාධය. ලංකාවේ යුද අපරාධ ගැන සොයන කිසිම සංවිධානයක් වසර තුනකට ආසන්න කාලයක් රටේ භූමියෙන් තුනෙන් එකක් පාලනය කළ ලක්ෂ දෙකක විදේශීය හමුදාවක් කළ අපරාධ ගැන වචනයක් කතා කරන්නේ නැත. 
 
පරීක්ෂණ ඉල්ලන්නේත් නැත. ජාත්‍යන්තර අධිකරණයකට යන්නෙත් නැත.
 
jambu kashmir
''ලංකාවට ජම්මු කාශ්මීර ඉරණම දකුණු ආසියාව ඉන්දියානු බලයට යටත් කිරීමේදී ලංකාව දෙවැනි වන්නේ ‘ජම්මු කාශ්මීරයට’ පමණි. ''
 
හිමාල කඳුවැටියට පහළින් දේශපාලන ජම්මු කාශ්මීර දෙකක් තිබෙන නිසා ඔබ මේ ප්‍රශ්නය පටලවා නොගත යුතුය. මේ ජම්මු කාශ්මීර දෙක ජනමාධ්‍ය වාර්තාකරණයේදී පාකිස්තාන පාලනය යටතේ පවතින ‘ජම්මු කාශ්මීරය’ සහ ඉන්දියානු පාලනය යටතේ පවතින ‘ජම්මු කාශ්මීරය’ යනුවෙන් වෙනස් වේ. 
 
1947 දී ඉන්දු-පාකිස්තාන බෙදීමෙන් පසු ජම්මු කාශ්මීරයද දෙකඩ වුණේය. මෙහිදී ජම්මු කාශ්මීරයෙන් ඉන්දියාව කඩා ගත් කෑල්ල සහ පාකිස්තානය කඩා ගත් ‘කෑල්ල’ නොකියා ඉහත නාමයන් භාවිත වන්නේය.
 
ඉන්දියාව බ්‍රිතාන්‍ය රජවරුන්ගෙන් නිදහස් වූ තැන් පටන් අසල්වැසි කුඩා රටවලට අත් වූ ඉරණමේ පොදු උදාහරණය ජම්මු කාශ්මීරයයි. 
 
අදටත් ජම්මු කාශ්මීරය පාලනය කරන්නේ ඉන්දියානු හමුදාවය. වසරේ වැඩි කාලයක් ඒ රට ඇඳිරි නීතියෙන් පාලනය වන්නේය. 
 
දිනපතාම නීතිවිරෝධී හමුදා සහ පොලිස් ඝාතන වන්නේය. ස්ත්‍රී දූෂණ නිමක් නැත. (1987–1990) දක්වා ඉන්දීය හමුදා ලංකාවේ උතුරු නැගෙනහිර වාඩිලා ගෙන සිටිද්දී ස්ත්‍රී දූෂණ සහ සෙසු ලිංගික අපරාධ සිහියට නගා ගන්න. 
 
තරුණයන් අත්අඩංගුවට ගැනීම, අතුරුදහන් කිරීම ගැන වාර්තා නැත. ඉන්දියන් වාර්තාකරුවෝ ජම්මු කාශ්මීරයට නොයති. විදේශීය වාර්තාකරුවන්ට ජම්මු කාශ්මීරයට ඇතුළුවීම සපුරාම තහනම්ය.
 
1970 දශකය අවසානයේ පටන් අප මුහුණ දී සිටින්නේ ‘ජම්මු කාශ්මීර’ දේශපාලන ඉරණමටය.
 
 වාසනාවට මෙහි පාකිස්තාන් ‘ජම්මු කාශ්මීරයක්’ මෙන් පාකිස්තාන් ‘ලංකාවක්’ නැත. තිබෙන්නේ චීන ‘ලංකාවක’ කතාන්දරය පමණි. 
 
නමුත් චීන්නු තරුණයන් සන්නද්ධ කිරීම, හමුදා එවීම, ඔත්තු සේවා ලවා රෙජීමය මාරුකිරීම සහ බලාත්කාරයෙන් භූමිය හා කර්මාන්ත නොඉල්ලන නිසා චීන ලංකාවක ප්‍රශ්නය පැන නගින්නේ නැත. 
 
ප්‍රශ්නය තිබෙන්නේ ‘චීන බිල්ලා’ පෙන්වමින් ලංකාවට ජම්මු කාශ්මීරයේ ඉරණම අත්කර දීමය. නමුත් මේ කාලකණ්ණි ඉරණමෙන් ලාංකිකයාට ගැලවීම පහසු නොවේ.
  
''ලංකාවේ සිදුවීම් පිටුපස ඉන්දීය බමුණු දේශපාලනය දුටු වහාම අපේ ‘දේශපාලන ශාක’ නිදිකුම්බා මෙන් හැකිළෙන්නේය. අත පය වකුටු කරගෙන හැසිරෙන්නේය. දත කට මුට්ටු වන්නේය.''
 
අතීතය දන්නා කෙනෙකුට මේ වගට අපූරු උදාහරණ සැපයෙන්නේ 1987 ජූලි මාසයේ අගදීය. ජූලි 27 වැනිදා කොළඹට පැමිණි රාජිව් ගාන්ධි එවකට ජනාධිපති ජේ.අර්. ජයවර්ධනගෙන් ඉන්දු ගිවිසුමට බලහත්කාරයෙන් අත්සන් ගනිද්දී ලාංකිකයා ජාතියක් හැටියට දෙකට බෙදී ගියේය. 
 
ලංකාව තුළ ජම්මු කාශ්මීර දේශපාලනය තීරණාත්මකව ක්‍රියාවට නැගෙන්නේ එතැන් පටන්ය.
 
දැන් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය බේරාගන්න දඟලන නායකයෝ මේ හැරවුම් ලක්ෂ්‍ය තේරුම් ගත යුතුය. 
 
1987 ජූලි 27 වැනිදා තමා හෝ තමා නියෝජනය කළ පක්ෂය, ආගමික හෝ වාර්ගික කණ්ඩායම සිට ගත්තේ කවුරුන් සමගදැයි හැරී බැලීමෙන් කොළඹ වරායේ පමණක් නොව මුළු ලංකාවේම අනාගත ඉරණම තේරුම් ගැනීමට ඔවුන්ට පහසු වනු ඇත.
 
(අරුණ -නන්දන වීරරත්න)

 


 

The Leader TV පුවත් විශේෂාංගය 
 
 
 
 
ගජ මිතුරාගේ ණය පියවන්න සිගරට් මිල වැඩිකිරීමේ සුදානමක් ? (වීඩියෝ)  
 
 
ආණ්ඩුවේ පහක් 'ස අන්න ලා ? - සජිත්ගේ පහක් චම්පිකට අන්නයි ද ?
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...