The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බැසිල් සමග යලි ගමට - මහාචාර්ය චරිත හේරත් (පා.ම)

T

The Leader Desk

January 15, 2021 • 2:49 PM

 බැසිල් සමග යලි ගමට - මහාචාර්ය චරිත හේරත් (පා.ම) 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ දවස්වල රටේ සාකච්ජා වෙන ගැටලු ගනනාවක්ම මේ මොහොතේ තිඛෙන බව සැබෑවක්ය. ඒවා අතරින් වැඩියෙන්ම කථා බහට ලක්වී ඇති මාතෘකාවන් වන්නේ 'කොයිඩ් -19 වසංගතය', 'නැගෙනහිර ජැටිය' වැනි
  •   ආණ්ඩුව කල්පනා කරන්නේ 2021 අයවැයේ යෝජනාවී ඇති ප්‍රතිපාදනයන් වියදම් කළ යුත්තේ යම් ආකාරයකට 'සංගත හා නිරවුල්' ආකාරයේ සැලසුම් කිරීමක් හරහා බවය.
  •    ඒ කියන්නේ මේ දක්වා අයවැයකින් පසුව ඒ ඒ අමාත්‍යංශ භාරව සිටින ඇමතිවරුන්ට තමගේ අමාත්‍යංශය යටතේ ඇති ව්‍යාපෘති සහ මුදල් සම්බන්ධයෙන් 'ඔහේ වියදම් කිරීමේ' හැකියාව යම් ආකාරයකින් සංවිධානගත ආකෘතියකට අනුව සිදූවිය යුතු බවය.
  •   රටේ තිඛෙන ගම්මාන 14000 එකවිට සංවර්ධනය කිරීම මේ ව්‍යාපෘතියේ පරමාර්ථය බව මේ වන විටත් සමාජ ගතවී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
තේමාවන්ය.
 
මේ මාතෘකා අතරට රංජන්ගේ සිරගතවීම ද ඊට එකතු වූ බව පෙනෙන්නට තිබේ.
 
ඒවා එසේ වුවත් මා මේ සටහනින් සාකච්ජා කරන්නට බලාපොරොත්තු වන්නේ මේ එක මාතෘකාවක්වත් ගැන නොවේ.
 
 මගේ සාකච්ජාව පදනම් වෙන්නේ මේ දවස්වල රජයේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් වන ග්‍රාමීය සංවර්ධනය පිළිබදවය.
 
 ගම සමග පිළිසදරක යන තේමාවෙන් මේ රජය පත්වෙන්නට පෙර සිටම ආරම්භ වූ ග්‍රාමීය සාකච්ජා මාලාව මේ වන විට ඉදිරිපත් වෙන්නේ 'වැඩ සමග යලි ගමට' යන තේමාව හරහාය. මේ ලිපියෙන් මා සාකච්ජා කරන්නේ අපේ රටේ ග්‍රාමීය සංවර්ධනයේ ස්වභාවය හා අභියෝගයන් පිලිබදවය.
 
ආණ්ඩුව කල්පනා කරන්නේ 2021 අයවැයේ යෝජනාවී ඇති ප්‍රතිපාදනයන් වියදම් කළ යුත්තේ යම් ආකාරයකට 'සංගත හා නිරවුල්' ආකාරයේ සැලසුම් කිරීමක් හරහා බවය.
 
 ඒ කියන්නේ මේ දක්වා අයවැයකින් පසුව ඒ ඒ අමාත්‍යංශ භාරව සිටින ඇමතිවරුන්ට තමගේ අමාත්‍යංශය යටතේ ඇති ව්‍යාපෘති සහ මුදල් සම්බන්ධයෙන් 'ඔහේ වියදම් කිරීමේ' හැකියාව යම් ආකාරයකින් සංවිධානගත ආකෘතියකට අනුව සිදූවිය යුතු බවය.
 
රටේ තිඛෙන ගම්මාන 14000 එකවිට සංවර්ධනය කිරීම මේ ව්‍යාපෘතියේ පරමාර්ථය බව මේ වන විටත් සමාජ ගතවී ඇත.
 
 
ආණ්ඩුව කල්පනා කරන්නේ 2021 අයවැයේ යෝජනාවී ඇති ප්‍රතිපාදනයන් වියදම් කළ යුත්තේ යම් ආකාරයකට 'සංගත හා නිරවුල්' ආකාරයේ සැලසුම් කිරීමක් හරහා බවය.  ඒ කියන්නේ මේ දක්වා අයවැයකින් පසුව ඒ ඒ අමාත්‍යංශ භාරව සිටින ඇමතිවරුන්ට තමගේ අමාත්‍යංශය යටතේ ඇති ව්‍යාපෘති සහ මුදල් සම්බන්ධයෙන් 'ඔහේ වියදම් කිරීමේ' හැකියාව යම් ආකාරයකින් සංවිධානගත ආකෘතියකට අනුව සිදූවිය යුතු බවය.
 
 
ගමේ ශක්තිය:
 
 
 
ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් හැම ආණ්ඩුවක්ම පාහේ අපේ රටේ සංවර්ධනයට ග්‍රාමීය ක්ෂේත්‍රයෙන් ඇති දායකත්වය පිළිබදව ප්‍රසිද්ධියේ කථා කරන බව සැබෑය.
 
 කථාවට එහෙම වුනත් ක්‍රියාවට ගිය විට ඒ තත්වය එතරම් සාර්ථක නොවු බව බොහෝ අය දන්නා කාරණයක්ය.
 
අපි දන්නා ඉතිහාසයේ ගම මුල් කරගෙන පටන් ගත් සමහර සුභසාධන ව්‍යාපෘති ගමේ සමාජයට වැදගත් වුනාට නගරයේ අයට එතරම වැදගත්කමන් නැති බව ටික කාලයකින්ම පෙන්නුම් කළ බව මගේ මතයය.
 
 ප්‍රේමදස මහතාගේ කාලයේ  ආරම්භ කළ ජනසවිය වැඩ සටහන චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ කාලයේ  ආරම්භ කළ සමෘද්ධි ව්‍යාපෘතිය සහ  මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ ආරම්භ දිවිනැගුම ව්‍යාපෘතිය මේ ආකාරයේ ග්‍රාම සංවර්ධනය මුල් කරගත් ව්‍යාපෘතීන්ය.
 
 මේ ව්‍යාපෘතින් ඒ ඒ නායකයින්ගේ පාලන කාලයන් සමගම අභාවයට යන්නේ ඒවා ගමේ සමාජයට ශක්තියක් වූවාට නාගරික සමාජයේ අයගේ පිලිගැනීමට ලක් නොවන නිසාදැයි ඇසීමේ වැරුද්දක් නැත.
 
අපේ රට ගම මුල් කරගත් සංස්කෘතියක් තිඛෙන රටක් වූවාට රටේ තීරණ ගන්නේ නගරමුලික කරගත් අයය.
 
 
 
 

nelum kulunaඅපේ රට ගම මුල් කරගත් සංස්කෘතියක් තිඛෙන රටක් වූවාට රටේ තීරණ ගන්නේ නගරමුලික කරගත් අයය.

  
 
 මේ  නිසා සමහර අවස්ථාවල සමාජ සුභසාධනය පැත්තෙන් ගම කේන්ද්‍ර කරගනිමින් සින් සිදූ කරන වැඩ සටහන්වලට එතරම් තැකීමත් නගරයේ සිට තීන්දූ තීරණ ගන්නා අය වෙතින් සිදූ වන්නේ නැත.
 
 මේ නිසාම ග්‍රාමීය සංවර්ධනය පිළිබදව නායකයෝ සිදූ කරන යෝජනා ඒ ආකාරයෙන්ම කල් පවතින අයුරින් සිදූ වන්නේ නැත.
 
ලංකාවේ ආණ්ඩු ගමේ සංවර්ධනය පිළිබදව ස්ථාවර පදනමක නැති වුනාට ගමේ ආර්ථිකයේ තිඛෙන ශක්තිය දන්නා පෞද්ගලික මට්ටමේ ව්‍යවසායකයින් ආර්ථික වශයෙන් ගමට බැස ඇති බව පෙනී යන කාරණයක්ය.
 
 විවිධ නම්වලින් යුත් ක්‍ෂුද්‍ර මුල්‍ය සංවිධාන බිහි වෙන්නේ මේ හේතුව නිසාය.
 
 ණය දෙන සමිති ව්‍යාපාරයන් හා මරණාධාර සමිති ව්‍යාපෘතීන් මේ වන විට ගමේ ආර්ථිකයේ විශාල කොටසක හිමිකාරිත්වයට පත්වී ඇත්තේ මේ තත්වය නිසාය.
 
 
ගමේ දේශපාලනය
 
අපේ රටේ ගම් ආශ්‍රිතව පැවති දේශපාලනය 2015 ජනාධිපතිවරණයත් සමගින් වෙනස් වී ගිය බව මගේ නිරීක්ෂණයය.
 
 මා එසේ කියන්නේ සම්ප්‍රදයිකව අපේ රටේ ග්‍රාමීය දේශපාලනයේ පැවති එක් ස්ථාවරයක් වූ 'කැපුවත් කොළ -  කැපුවත් නිල්' යන පක්ෂගතවීමේ දේශපාලන තත්වය 2015 ජනාධිපතිවරණයත් සමගින් වෙනස් වෙන්නට පටන් ගත් නිසාය.
 
 
 
 
''අපේ රටේ ගම් ආශ්‍රිතව පැවති දේශපාලනය 2015 ජනාධිපතිවරණයත් සමගින් වෙනස් වී ගිය බව මගේ නිරීක්ෂණයය. මා එසේ කියන්නේ සම්ප්‍රදයිකව අපේ රටේ ග්‍රාමීය දේශපාලනයේ පැවති එක් ස්ථාවරයක් වූ 'කැපුවත් කොළ -  කැපුවත් නිල්' යන පක්ෂගතවීමේ දේශපාලන තත්වය 2015 ජනාධිපතිවරණයත් සමගින් වෙනස් වෙන්නට පටන් ගත් නිසාය.''
 
 
 
 
 මේ වෙනස පටන් ගත්තේ එවකට ශක්තිමත්ව සිටි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ජනාධිපතිවරණයේදි පරාජයට පත්කරවමින් වන අතර ඒ අලුත් තත්වය විසින් සාම්ප්‍රදායික ග්‍රාමීය දේශපාලන ආකෘතියද උඩු යටිකුරු කරනු ලැබූ බව ඉතාමත් පැහැදිලිය.
 
  2015 තිබූ දේශපාලන බල කදවුරු මේ වන විට සම්පුර්ණයෙන්ම කඩා වැටී ඇතිවා පමණක් නොව පරණ බල කේන්ද්‍රයන් වූ එජාපයට හෝ  ශ්‍රීලනීපය යලිත් වතාවක් රටේ බලය ගැනීමේ හැකියාවක් නැති ගනනට ඒ පක්ෂ දෙක අබලන් වී ඇත.
 
 ශ්‍රී ලංකා පොදූ ජන පෙරමුණ  සහ සමගි ජන බලවේගය ලෙසින් දේශපාලන බල කදවුරු දෙකක් ලෙසින් මතුවී ඇත.
 
 
 
 

gota saji 800px 04 11 19ශ්‍රී ලංකා පොදූ ජන පෙරමුණ  සහ සමගි ජන බලවේගය ලෙසින් දේශපාලන බල කදවුරු දෙකක් ලෙසින් මතුවී ඇත.

 
 මා ඉහතින් කියු කාරණය වඩාත් ශාස්ත්‍රීය ලෙසින් කිව හැක්කේ ග්‍රාමීය සමාජයේ තිබු හෙජමොනික දේශපාලනය මේ වන විට වෙනස් වී ඇති බවයි.
 
 හෙජමොනික දේශපාලනය යැයි කියන්නේ 'යම් දේශපාලනික මතවාදයකට හෝ දේශපාලන කණ්ඩායමකට උපතින්ම සම්බන්ධයි වගේ කල්පනාවකින් දේශපාලන වැඩවලට සහභාගීවීමට' ඇති මෙහෙයවීමයි.
 
 දැන් ගමේ දේශපාලනය කාටවත් භුක්තියට සින්නවී නැති වෙනස්වෙන සුලු ප්‍රවනතාවක් බව මම මෙහිදි කියන කාරණයයි.
 
 
 
'දැන් ගමේ දේශපාලනය කාටවත් භුක්තියට සින්නවී නැති වෙනස්වෙන සුලු ප්‍රවනතාවක් බව මම මෙහිදි කියන කාරණයයි.'
මේ නව තත්වය තුළ ග්‍රාමීය සමාජයේ දේශපාලනය සහ සංවර්ධනය අතර ඉතාමත් ආසන්න සම්බන්ධයක් පවතින බව පිලිගැනීම නිවැරිදිය.
 
 කොරොනා තත්වය හමුවේ නව සාමාන්‍යකරණයකට අපි ලක්වෙමින් සිටිනබා වගේම අලුත් සාමාන්‍යකරණයක් ගම තුළ ගොඩනැගී ඇති බව මගේ මතයය.
 
 ආණ්ඩුවේ නව සංකල්පයක් වන 'වැඩ සමග යලි ගමට' වැඩ සටහන විශේෂයෙන් අපේ අවධානයට යොමු විය යුත්තේ ගමේ ඇති මේ නව තත්වයත් සමග කල්පනා කිරීමේ දිය”
 
 
 
යලි ගමට:
 
1 1          'වැඩ සමග යලි ගමට' -බැසිල් රාජපක්ෂගේ මුලිකත්වයෙන්.
 
 
 
'වැඩ සමග යලි ගමට' යන නමින් ඉදිරිපත්වී ඇති ආණ්ඩුවේ නව ව්‍යාපෘතිය මෙහෙයවන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් ඇති ආර්ථික පුනර්ජවනය සදහා වූ විශේෂ ජනාධිපති කාර්යසාධක බලකාය විසින්ය.
 
 මේ ව්‍යාපෘතියේ අරමුණු කීපයක්ම පවතින බව පෙනී යයි.
 
 
 
එහි පළමු අරමුණ වන්නේ ගමේ සංවර්ධනයේ අවශ්‍යතාවන් සහ ප්‍රමුඛතාවන් හදූනාගත යුත්තේ ගම තුළින්ම මිස කොළඹ සීතල කාමර තුල  සිට නොවන බවයි.
 
 
 නිදහසින් පසු ගත කල වසර 70 අධික කාලය පුරාම පෙන්නුම් කරන්නේ ගමේ සංවර්ධන අවශ්‍යතාවන් සහ රජයන් විසින් ඒවා සදහා ලබා දෙන විසදූම් අතර පරස්පරයක් තිඛෙන බවයි.
 
 මේ පරස්පරය සමහන් කරන්නට නම් ගමේ අවශ්‍යතාවන් ගම තුළින්ම සොයා ගැනීම අවශ්‍යම කාරණයක් බව මෙහි ඇති තේරුමයි.
 
 
 
මේ ව්‍යාපෘතියේ දෙවැනි අරමුණ වන්නේ 2021 වසරේ අයවැය ලේඛණයේ ඇති සංවර්ධන යෝජනාවන් රට තුළ ශක්තිමත් ආකාරයෙන් ඛෙදියාමක් නිර්මාණය කිරීමයි.
 
 
 මීට පෙර කාලවල අයවැයකින් පසුව කෙරෙන්නේ ඒ ඒ අමාත්‍යංශවලට පත්වෙන ඇමතිවරුන් විසින් 'තම තම ණැන පමණ' ස්වකීය අමාත්‍යංශවලට හිමි මුදල් ව්‍යාපෘතීන් සදහා යොමු කිරීමයි.
 
 ඒ නිසා සමහර අවස්ථාවල සිදූවන්නේ ව්‍යාපෘතියේ අරමුණුවලට නොගැලපෙන තැන්වල සමහර සංවර්ධන කටයුතු සිදූකිරීමයි.
 
 
collage
               2004 වර්ෂයේ පැමිණි සුනාමි ව්‍යසනය ....
 
 
 
මේ සදහා හොදම උදහරණයක් වන්නේ 2004 වර්ෂයේ සුනාමිය හේතුවෙන් රටට පැමිණ සමහර ව්‍යාපෘතිවලට වුනු දේවල් ගත හැකිය. 
 
ඒ දවස්වල සුනාමියෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් රෝහල් ව්‍යාපෘතීන් සදහා විදේශවලින් ලැබුණු ආධාරවලින් රෝහල් හැදූවේ බදූල්ලේ සහ පොලොන්නරුවේය.
 
 ඒ එම පළාත්වලඑ මුහුද ගොඩ ගැලූ නිසා නොව ආධාර ලැඛෙන කාලයේ පිළිවෙලින් විෂයභාර අමාත්‍යවරුන් හිටියේ ඒ දිස්ත්‍රික්කවල වීම නිසාය.
 
 මේ තත්වය අනෙක් ව්‍යාපෘතිවලටත් ඒ වගේම සමානය.
 
 ඒ නිසා අයවැයේ මුදල් නිශ්චිත ආකෘතියක් තුළ රටට යෙදවීම මේ වැඩ සටහනේ දෙවැනි වැදගත් අරමුණය.
 
 
 
තුන්වෙනුව මේ වැඩ සටහහින් බලාපොරොත්තු වන්නේ ගමේ ජන ජවිතය පිළිබදව 'සමස්තමය ආකල්පයකින්' බලා වැඩ කිරිමය. 
 
ඒ කියන්නේ විවිධ රජයන් එක එක ව්‍යාපෘතින් හරහා ගමේ සිදූකර ඇති සමහර නිම නොවූ සංවර්ධන කටයුතු පවා නිම කරමින් ගම තුළ අලුත් ප්‍රබෝධයක් ගොඩ නැගීමය.
 
 එහිදි,
 
1 .යටිතල පහසුම් (මාර්ග - පානීය ජලය - විදූලිය වැනි) 
 
2. සුභසාධන පහසුකම් (පොහොර සහනාධාරය - සමෘද්ධි සහනාධාරය වැනි ) 
 
3. ජීවනෝපාය සංවර්ධනය (කෘෂි -ධීවර - අපනයන නිෂ්පාදන වැනි) යනාදි ක්ෂේත්‍රයන් සම්බන්ධව සමස්තමය ආකෘතියක් තුළ ගම සංවර්ධනය කිරිමය.
 
 
ගමට බලය:
 
 
ග්‍රාම සංවර්ධනය මත පදනම් වෙමින් රටේ දියුණුව දෙස බැලීම අපේ වැනි රටක ඉතාමත් අවශ්‍ය තත්වයක් වන්නේ හේතු කීපයක්ම නිසාය.
 
 එන පැත්තකින් අපි වෙළදපොළ ආර්ථිකයෙන් ගෝලීයකරණයට ලක්වු රටක් වුනත් තවමත් ජනතාගේ සාතිශය බහුතරය ස්වකීය ජීවන යාන්ත්‍රණය පදනම් කරන්නේ ග්‍රාමීය සංවිධානයක් තුළ බව තේරුම් ගැනීම ඉතාමත් අවශ්‍යය.
 
 ඒ ග්‍රාමීය සංවිධානය වන්නේ ගමයි.
 
 අනෙක් අතට තාක්ෂණක වශයෙන් ගෝලීයකරණය වුවත් ජනතාවගේ සමාජ හා සංස්කෘතික චින්තනය පදනම් වන්නේ ගම මත ගොඩ නැගුනු ආකෘතියකවීම නිසා ගමේ වැදගත්කම ඉතාමත් තීරණාත්මක බව පිලිගැනීම අවශයය.
 
 තවත් පැත්තකින් රටේ බල විමධ්‍යගතකරණයේ වැදගත්ම ඒකකය වන ප්‍රාදේශීය පාලනයේ ප්‍රධාන දැති රෝධය වන්නේ ගම නිසා ගම මත පදනම් වෙමින් සංවර්ධනය සංවිධානය කිරීම ඉතාමත වැදගත් බව මගේ මතයයි.
 
රටේ සංවර්ධනයේ එක් ප්‍රධාන කලාපයක් ලෙසින් ග්‍රාම සංවර්ධනයේ නව පිම්මක් නිර්මාණය කිරීමට හැකිවේවා යි යන්න මගේ දැක්මයි.
 
 
Dr. Charitha Herath 1 scaled(මහාචාර්ය චරිත හේරත්)
පාර්ලිමේන්තු මන්ත්‍රී 
පාර්ලිමේන්තුවේ කෝප් කමිටු සභාපති 
 
 
 
 
 
###################
 
BOC අධ්‍යක්ෂවරු ගෙදර යැව්වේ සිගරට් ඩීල් එක නිසාද?
 

විකුනන්නෙත් නැති බදු දෙන්නෙත් නැති කොළඹ වරායේ ඔට්ටු සෙල්ලම

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බැසිල් සමග යලි ගමට - මහාචාර්ය චරිත හේරත් (පා.ම) | The Leader