The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආණ්ඩුව ගොඩදාන්න මංගලට පුළුවන් ද ? - අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

January 18, 2021 • 3:38 PM

ආණ්ඩුව ගොඩදාන්න මංගලට පුළුවන් ද ? - අජිත් පැරකුම් ජයසිංහ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දේශපාලන අවස්ථාවාදයෙන් තොරව හිටපු ඇමති මංගල සමරවීර රජයට සහාය දීමට ඉදිරිපත් වී තිබේ. වීඩියෝවක් නිකුත් කරමින් මංගල සමරවීර පෙන්වා දෙන්නේ රටේ සංවර්ධනය සඳහා විදේශ ආයෝජන එක්කර
  • විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීම රට විකිණීමක් හෝ පාවාදීමක් බව සිතන්නේ අප රටේ අනාගත පරම්පරාවේ සුබසිද්ධියට වැටබඳින අතලොස්සක් පමණයි,” යි මංගල සමරවීර පවසයි.
  •             මංගල සමරවීර විසින් කරනු ලබන මෙම ප්‍රකාශය වැදගත් වන්නේ, ආණ්ඩුවේ ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය හා සෙසු ඇච්චන්, බැච්චන් කිසිවෙකුත් තමන් කරන්නට යන දේ ගැන විවෘතව කතාකරන්නට පස්සගහන සංදර්භය තුළයි.
  •   ඔවුන් සිර වී තිබේ යයි අප සිතුව ද ඇත්ත එය නොවන්නට පුළුවන.
අකුරු ප්‍රමාණය (Font Size):
ගැනීම අත්‍යවශ්‍යම කාරණය බවයි.
 
”ලංකාව වැනි රටක් දියුණු කළ හැක්කේද, තරැණයින්ට රැකි රක්ෂා පවා උත්පාදනය කළ හැක්කේද, විදේශ ආයෝජකයින් අප රටට වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම සහ සැලසුම් සකස් කිරීමෙන් පමණයි. විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීම රට විකිණීමක් හෝ පාවාදීමක් බව සිතන්නේ අප රටේ අනාගත පරම්පරාවේ සුබසිද්ධියට වැටබඳින අතලොස්සක් පමණයි,” යි මංගල සමරවීර පවසයි.
 
මංගල සමරවීර දක්වන අදහස් ඉතා වැදගත්ය. එම වීඩියෝව මෙහි දැක්වේ. මංගල දක්වන අදහස් පිළිබඳ අපගේ අදහස් ඉන් පසු දැක්වේ.
 
 
 

 
 
 
මංගල සමරවීර විසින් කරනු ලබන මෙම ප්‍රකාශය වැදගත් වන්නේ, ආණ්ඩුවේ ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය හා සෙසු ඇච්චන්, බැච්චන් කිසිවෙකුත් තමන් කරන්නට යන දේ ගැන විවෘතව කතාකරන්නට පස්සගහන සංදර්භය තුළයි.
 
 
 
රාජපක්ෂලාගේ නායකත්වයෙන් පසුගිය කාලය පුරාම නිර්මාණය කරන ලද බොරු කන්දරාවට දැන් ඔවුන්ම යටවෙමින් තිබේ.
 
ඔවුන් සිර වී තිබේ යයි අප සිතුව ද ඇත්ත එය නොවන්නට පුළුවන.
 
වරාය වෘත්තීය සමිති නායකයන් යනු කුමන ආකාරයේ කපටීන් පිරිසක් ද යන්න කවුරුත් දනිති. වරාය සේවකයන් බඳවාගන්නා දැන්වීම් කීයක් නම් ඔබ පුවත්පත්වල දැක තිබේද? වරායට සේවකයන් බඳවාගැනීම සම්ප්‍රදායිකවම සිදුවන්නේ හොර පාරෙනි. විවෘත බඳවාගැනීම් සිදුවන්නේ ඉතා කලාතුරකිනි. 
 
වරායේ සේවකයන් අති බහුතරය රැකියා ලබාගෙන තිබෙන්නේ දේශපාලකයන්ට පන්දම් අල්ලා අතිශය දූෂිත ආකාරයටයි. වරාය අධිකාරියේ සේවකයන් අතරින් වැඩිදෙනෙකු සුදුසුකම්, පුහුණුව හා යහපත් ශ්‍රම ආකල්ප නැති පිරිසකි. 
 
විශේෂයෙන්ම වරාය වෘත්තීය සමිති නායකයන් යනු දේශපාලකයන් වෙතින් පත්වීම් ලබාගත්, දේශපාලනයට කඩේ යාම වෘත්තිය බවට පත් කරගත් පිරිසකි.
 
 
 
වරාය වෘත්තීය සමිති නායකයන් දේශප්‍රේමීන් පිරිසකැයි නිගමනය කරන්නට පෙර, ඔවුන්ගේ සටන පසුපස කෙතරම් චීන යුආන් කැරකෙනවාද යන්නත් අධ්‍යයනය කළ යුතුය. 
 
ලංකාවේ බොහෝ ඉන්දියානු හා බටහිර විරෝධී අරගල පිටුපස චීන යුආන් වැඩකරයි. චීනයට දේපල ලබාදෙන විට මෙවැනි මාරාන්තික දේශප්‍රේමී අරගල නොතිබුණේ ඇයි? ඒ අරගල මෙතරම් ජවයකින් දියත් නොවුණේ ඇයි? ඒවා ඇල්මැරී තිබුණේ ඇයි? මේවා ද විමසා බැලිය යුතු ප්‍රශ්නයි.
 
වරාය වෘත්තීය සමිති දේශප්‍රේමීන් හා ඔවුන්ට දිරිදෙන සෙසු දේශප්‍රේමීන්ට එදා මීට වඩා බොහෝ සෙයින් දුර්වල ආණ්ඩුවක් විසින් හම්බන්තොට වරාය චීනයට බදුදීම වළක්වාගන්නට බැරි වුණේ ඇයි?
 
වර්තමාන ආණ්ඩුවත්, මේ වරාය වෘත්තීය සමිතිත් අතර මහා ගැටුමක් නිර්මාණය වෙමින් තිබේ යයි සිතන්නේ නම් එය ද මුළාවකක් විය හැකිය. 
 
පසුගිය මහ මැතිවරණය අභිමුව වරාය වෘත්තීය සමිති විසින් නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා නොදෙන බවට ලිඛිත පොරොන්දුවක් ඉල්ලා දියත් කරන ලද වෘත්තීය අරගලය අවසන් වූ හැටි නැවත සිහිපත් කරන්න. 
 
එදා අරලියගහ මන්දිරයට ගොස් පැමිණි වෘත්තීය සමිති නායකයන් කතාකළේ ගැහිගැහීය. ලිඛිත පොරොන්දු කිසිවක් නොමැතිව සටන අවසන් විය.
 
 
 
දැන් වෘත්තීය සමිති නායකයන් අතර එහෙම බයක් නැත්තේ ඇයි? වරාය විකිණීමට එරෙහි සටන ද ආණ්ඩුව විසින්ම මෙහෙයවනවා වෙන්නට පුළුවන. ඉන්දියාවට නොදී රැකගන්නා දේ පසුව චීනයට දෙන්නට පුළුවන.
 
රාජපක්ෂලාගේ ප්‍රතිපත්ති තක්සේරු කිරීම සඳහා කිසිසේත්ම පාවිච්චි නොකළ යුතු මෙවලමක් වන්නේ දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික සදාචාරයයි. 
 
මංගල සමරවීරගේ වීඩියෝව ශ්‍රමය අපතේ හැරීමකි.
 
 
(අජිත් පැරකුම් ජයසිංහ - praja.lk)
 
 
 
################
 
 
 
 
 
JR කොටුවූ ඉන්දියානු උගුලට ගෝඨාභයත් කොටු වෙයිද?
 

 
ලංකාවේ කොරෝනා මඩින ඉන්දියාවේ කොමිස් එන්නත
 
 
 

 
###############
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආණ්ඩුව ගොඩදාන්න මංගලට පුළුවන් ද ? - අජිත් පැරකුම් ජයසිංහ | The Leader