The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ලෝක උණුසුම වැඩිකරමින් එත්නා ගිණි කන්ද සක්‍රීය වෙයි.

T

The Leader Desk

January 20, 2021 • 6:09 AM

ලෝක උණුසුම වැඩිකරමින් එත්නා ගිණි කන්ද සක්‍රීය වෙයි.

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දරුණු කොවිඩ් වසංගතයෙන් උණුසුම් වී ඇති ගෝලීය තත්වය තුල වර්ෂ 2021 ජනවාරි 18 දින අළුයම එත්නා ගිණි කන්ද අභ්‍යන්තරයේ සගවා සිටි සියලු ශක්තීන් ඕනෑම දෘඩ භෞතික වස්තුවක් ක්ෂණයෙන් අළු දූවිලි කලහැකියි යන්න පසක් කරමින් පුපුරා ගියා..
  • එය අවස්ථා කීපයකම සිදුව ඇත.
  •     අඩි සිය ගණනක් උසට පැතිරී ඇති ඝන දුමාරය හේතුවෙන් ඒ ප්‍රදේශය හරහා ගුවන් ගමන් පවා නවතා දමන වාර අනන්තය මකමක්නිසාදයත් පිටවන අළු හා ඓන්ද්‍රීය ද්‍රවය නිසාවෙනි.
  •   ගිණිකන්දේ දෛනික හැසිරීම් නිරන්තරයෙන් අවදානයට ලක්වන අතර මෙසේ පුපුරායාම සිසිලියානු දූපත්වාසීන් පෙන්වා දෙන්නේ සාධනීය ලක්ෂණයක් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
විසූවියස් ගිනි කන්දට පමණක් දෙවැනි වන එට්නා සිසිලි දූපතේ කතානියා පළාතේ කතානියා හා මෙසීනා යන නගර දෙකට මැදිව පිහිටා ඇත. 
 
මුහුදු මට්ටමේ සිට අඩි 10,922 ක් උසැති ගිනි කන්ද 1669 දී පුපුරා යාමෙන් 20,000 ට වැඩි පිරිසක් මියගොස් ඇතැයි ද වාර්තා වේ. 
 
අප්‍රිකා භූතැටිය හා යුරෝපා භූ තැටිය එකිනෙකට හමුවන මායිමේ මේ ගිනිකන්ද පිහිටා තිබෙන බව භූ විද්‍යාඥයෝ කියති.
 
මෙහිදී පැතිර යන දැඩි උණුසුම හා කළු පැහැති උණුසුම් වාතය හේතුවෙන් ඉතාලියේ ඉතා කාර්යබහුල ගුවන්තොටුපොළක් වන සිසිලියා ගුවන්තොටුපොළ තාවකාලිකව වසා දමන්නට පවා එරට පාලන අධිකාරිය කටයුතු කරනු ඇත. එය අවස්ථා කීපයකම සිදුව ඇත.
 

maxresdefault

 
අඩි සිය ගණනක් උසට පැතිරී ඇති ඝන දුමාරය හේතුවෙන් ඒ ප්‍රදේශය හරහා ගුවන් ගමන් පවා නවතා දමන වාර අනන්තය මකමක්නිසාදයත් පිටවන අළු හා ඓන්ද්‍රීය ද්‍රවය නිසාවෙනි.
 
ගිණිකන්දේ දෛනික හැසිරීම් නිරන්තරයෙන් අවදානයට ලක්වන අතර මෙසේ පුපුරායාම සිසිලියානු දූපත්වාසීන් පෙන්වා දෙන්නේ සාධනීය ලක්ෂණයක් බවයි.
 
 මක්නිසාදයත් එසේ පුපුරා නොයන්නේ නම් දරුණු භූමිකම්පා ඇතුවීමට ඉඩ ඇති බව ඔවුන් පවසයි.
 
 එත්නා ගිණිකන්ද සක්‍රීය වීමත් සමග වැසියන් මාර්ගයේ ගමන් කිරීමේදී කුඩ භාවිතා කරන අතර ඒ අළු හා දූවිලි කොටස් වලින් ආරක්ෂා වීමටයි.. 
 
ඉතාලි යුද හමුදාව හා සහන සේවක කණ්ඩායම් ලාව ගලා යාමට සුදුසු පරිදි අගල් කැපීමේ නිරතව සිටින අතර දැනටමත්  අවදානම් කලාපයේ පදිංචි කරුවන් ඉවත්කර අවසන්ය. 
 
එත්නා කෙතරම් භයානක කෲර හැසිරීම් පෙන්වුවද සිසිලියානු භූමියේ පාංශු ගුණාත්වයේ අසම සමබව ඇය නිසා බව සිසිලියානු වැසියන් පවසන්නේ ඉතාමත් ආඩම්බරයෙනි.
 
මක්නිසාදයත් එම පොළොවේ වැවෙන එළවලු හා පළතුරු වල ඇති නැවුම් බව ආවේනික සුවද හා රසය නිසාවෙනි.
 
 
1277495 188255701358196 475172200 oසුමුදු මද්දුමආරච්චි 
මිලානෝ 
ඉතාලිය.
 

 

 


 

 
පොලිස් ඇමතිට එරෙහි පොලිස් පැමිණිල්ලක්
 
 
මංගල මොකාට ද එන්න හදන්නේ? 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...