The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කැකිල්ලේ රජ්ජුරුවෝවත් නොකරපු වැඩකරන ආණ්ඩුවක් ? -කරු ජයසුරිය

T

The Leader Desk

February 3, 2021 • 4:17 PM

කැකිල්ලේ රජ්ජුරුවෝවත් නොකරපු වැඩකරන ආණ්ඩුවක් ? -කරු ජයසුරිය    

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාව මඟින් චූදිතයන් නිදහස් කරන්නටත්, පැමිණිලි කරුවන්ට දඬුවම් කරන්නටත් සිදු කර ඇති යෝජනාව, ජනප්‍රවාදයේ සඳහන් වන කැකිල්ලේ රජු සමයේදී හෝ සිදුවූ
  •   කරු ජයසුරිය එබව සඳහන් කර සිටියේ අද (03) පැවති මාධ්‍ය සාකච්ඡාව දීය.
  •   මෙම කොමිෂන් සභා වාර්තාව මගින් චුදිතයින් 22 නම් කර නඩු 79 ක්ම ඉවත් කරන ලෙසට නිර්දේශ කර තිබෙන අතර නඩු පැවරූ අයට දඬුවම් කරන ලෙසත්  නිර්දේශ කර තිබේ.
  •   ඒ සම්බන්ධයෙන් එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාර'යේ සභාපති කරු ජයසුරිය මෙසේද සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
බවක් සඳහන්ව නැතැයි හිටපු කතානායක කරු ජයසුරිය පවසයි.
 
කරු ජයසුරිය එබව සඳහන් කර සිටියේ අද (03) පැවති මාධ්‍ය සාකච්ඡාව දීය. 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාර' විසින් එම මාධ්‍ය හමුව කැඳවා තිබිණ.
 
මෙම කොමිෂන් සභා වාර්තාව මගින් චුදිතයින් 22 නම් කර නඩු 79 ක්ම ඉවත් කරන ලෙසට නිර්දේශ කර තිබෙන අතර නඩු පැවරූ අයට දඬුවම් කරන ලෙසත්  නිර්දේශ කර තිබේ.
 
ඒ සම්බන්ධයෙන් එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාර'යේ සභාපති කරු ජයසුරිය මෙසේද සඳහන් කළේය.
 
 
''ඕනෑම රටක අතීතය දෙස  බැලීමේදී බොහෝ වැරදීම් සිදුවී තිබිය හැකිය. එහෙත් රටක අනාගතය යහපත් වීමට නම්, එම වැරදි තුළින් පාඩම් ඉගෙනගෙන එකී වැරදි නැවත සිදු නොවීමට කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වන්නේය.
 
අප රටක් ලෙස අතීතයේ දී සිදුකළ යම් වැරැද්දක් ඒ බව දැන දැනම එහි ප්‍රතිවිපාක මනා සේ ඇස් පනාපිටම සිදුවනු දැක තිබියදීත්, එය නැවත කරන්නට යමෙක් සූදානම් වන්නේ නම්, එතරම් අභාග්‍යයක් තවත් නැත.
 
එසේ වන්නේනම්, එය දැන දැනම චේතනාන්විතවම ජාතියට කරන බලවත් අපරාධයකි. 
 
 
 

Jayawardana2021.02.03

ජේ.ආර්, 1978 දී සිරිමාවෝ ගේ ප්‍රජා අයිතිය අහෝසි කළේ ද කොමිසම් වාර්තාවක් පදනම් කරගනිමිනි.
 
 
 
1978 වර්ෂයේදී විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත්කර සිරිමාවෝ බන්ඩාරණායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට 5/6 බලයක් තිබූ ජේ.ආර්.ජයවර්ධන රජය සූදානම් වූ අවස්ථාවේදී එදා එම ක්‍රියාදාමය  පාර්ලිමේන්තුව අනුමත කලත් සමාජයේ බොහෝ කොටසක් එය අනුමත නොකල බව අපට මතකයි. 
 
ආණ්ඩුව තුළද එයට විරුද්ධව අදහස් ප්‍රකාශ වුණා. ගාමිණි දිසානායක මැතිතුමා ඇතුළු කිහිප දෙනෙක් එහිදී පෙරමුණ ගත්තා.
 
නමුත්, අවුරුදු 40 ගණනකට පසු අද වැනි කාළයක එවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී උත්සාහයක් යළි දකින්නට වේයැයි අපි නොසිතුවෙමු.
 
 පිරිසිදු විනිවිද පේන, පලිගැනීමෙන් තොර පාලනයක් සඳහා වරම් ලබාගත් වර්තමාන රජය එවැනි ක්‍රියාදාමයකට යොමු වේයැයි මේ රජය බලයට පත් කළ කිසිවෙකු හෝ සිතන්නට නැත. අප පවා සිතුවේ නැත.
 
නමුත්, අතිශය බරපතල ප්‍රතිවිපාක ළඟාවිය හැකි එම ශෝචනීය මොහොත උදාවන ආකාරයක් අද වනවිට දකින්නට තිබෙනවා.
 
 
 
වියත්මග, එළිය, යුතුකම ආදී ආණ්ඩුවට හිතවත් විවිධ සංවිධාන ජනතාවට පොරොන්දු වුයේ ප්‍රජාතන්ත්‍රවාදී ආදර්ශමත් පාලනයක් පිළිබඳවය. පසුගිය ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපතිවරයාට ලක්‍ෂ 69ක් ඡන්දය දුන්නේ ඒ නිසාය. එහෙත්, අද වනවිට එම ජනතාවගේ අපේක්ෂා බොඳවී ගොස් තිබෙනවා.
 
ඒනිසා තමයි එදා වර්තමාන පාලනයට පදනම දැමූ 69 ලක්ෂයක් වූ ජනතාව අතරින් බොහෝ දෙනෙක් අද වන විට කම්පා වෙමින් සිටින්නේ. සිදුවන්නට යන මේ ව්‍යසනයෙන් රට මුදවාගන්නට මැදිහත් වන ලෙස ඔවුන් අද අපෙන් ඉල්ලා සිටිනවා.
 
මෙම පුවත්පත් සාකච්ඡාව පැවැත්වෙන්නේ සමාජයේ විවිධ කොටස්වලින් ඉදිරිපත් වන එම ඉල්ලීම් හා විරෝධතාවන්ද සැලකිල්ලට ගෙනයි.
 
 
පක්ෂ නායකයින් පිරිසකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ සුදානම ?
 
 
රජයේ අරමුණ දැන් අපිට පැහැදිලිව පෙනෙනවා. ඔවුනට අවශ්‍ය වන්නේ ඊළඟ මැතිවරණයට පෙර සමගි ජන බලවේගය,එක්සත් ජාතික පක්ෂය,ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම දෙමළ ජාතික සංවිධානය ඇතුළු මුලු විපක්‍ෂෙය් තෝරාගත් ප්‍රමුඛ පුද්ගලයන් පිරිසකගේ ප්‍රජා අයිතිය අහෝසි කර ඒකාධිපතිත්වයකට පාර කැපීමටයි.
 
පසුගිය රජය කාලේ විපක්‍ෂයේ සමහර මන්ත්‍රීවරුන්ට විවිධ චෝදනා එල්ලවීම ගැනත්, ඒ පිළිබඳව ඇතමුන් තුළ තිබූ සිත්වේදනා ගැනත් බොහෝ දෙනෙකුට බොහෝ දේ කියහැකිය. 
 
නමුත්, දැන් මේ රජය කරන්නේ එළිපිටම දේශපාලන පලිගැනීම් වැලකට අර ඇඳීම බව පැහැදිළිවම සඳහන් සඳහන්කළ යුතු වෙනවා.
 
 
 
Report 740x415
දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපතිට පිළිගැන්වූ අවස්ථාව 
 
 
 
පසුගියදා ජනාධිපති වෙත භාරදෙනු ලැබූ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ලෙස සමාජ ගත වී ඇති වාර්තාවට අනුව එම වාර්තාව අධිකරණයට කරන ලද අපහාසයක් ලෙස බොහෝ දෙනෙකු පෙන්වා දී තිබෙනවා. 
 
විශේෂයෙන්ම නීති ක්ෂේත්‍රයේ ප්‍රවිණයන් හා අනෙකුත් බොහෝ වියතුන්ගේ මතය වන්නේ ද එයයි. 
 
දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ එම අවසන් වාර්තාව මගින් මේ රටේ ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයින්ද ඇතුළු අවංකව රාජකාරී කටයුතු සිදු කළ සමහර රාජ්‍ය නිලධාරින් විනාශ කිරීමේ ප්‍රයත්නයක යෙදී සිටින බව අපට පැහැදිලිව පෙනෙන්නට තියනවා.
 
 
මෙම කොමිසම ලබාදුන් නිර්දේශ සමාජයේ විහිලුවක් බවට පත්ව තිබෙනවා. ඒ බව කණගාටුවෙන් වුවත් සඳහන් කළ යුතුයි. එමගින් සිදු කර ඇත්තේ මේ රටේ ජනතා අවධානය දිනාගත්, අධිකරණය ඉදිරියේ විභාග වෙමින් තිබෙන නඩු ගණනාවකම චූදිතයා නිදොස් කර නිදහස් කරන්නට නිර්දේශ කරමින් පැමිණිලිකරුවන්ට දඬුවම් කරන්නට යෝජනා කිරීමයි.
  
ජනප්‍රවාදයේ සඳහන් වන කැකිල්ලේ රජු වත් එවැන්නක් කර ඇතැයි සිතන්නට බැහැ. 
 
එහෙත් මෙම කොමිෂන් සභා වාර්තාව මගින් චුදිතයින් 22 නම් කර නඩු 79 ක්ම ඉවත් කරන ලෙසට නිර්දේශ කර තිබෙනවා. එමෙන්ම නඩු පැවරූ අයට දඬුවම් කරන ලෙසත්, නිර්දේශ කර තිබෙනවා.
 
මෙම කොමිෂන් සභා වාර්තාව මඟින් මේ ආකාරයට චූදිතයන් නිදහස් කරන්නටත්, පැමිණිලි කරුවන්ට දඬුවම් කරන්නටත් යෝජනා කරන බොහෝ නඩු ඒ ඒ අධිකරණ හමුවේ පවරන්නට උපදෙස් දී ඇත්තේ රජයේ නීතිපති විසිනුයි.
 
එමෙන්ම, පසුගිය රජය සමයේ දී දූෂණ විරෝධී කටයුතු පිළිබඳ පරීක්ෂණ ආරම්භ කිරීමට තීරණය කරන ලද්දේ කැබිනට් මණ්ඩල තීරණයක් අනුව බවත් සඳහන් කළ යුතුව තිබෙනවා.
 
මෙම කොමිසමේ සාමාජිකයන්ගේ සුදුසුකම් ආදිය ගැන අදහස් ප්‍රකාශ කිරීම අපට අයිති කාර්යයක් නොවුවත් ශ්‍රී ලංකා සමාජයේ මේ ගැන විවිධ මත තිබෙන බවත් සදහන් කල යුතුයි.
 
මෙම කොමිසම මගින් දඬුවම් කරන්නට, එහෙම නැත්නම් ප්‍රජා අයිතිය අහිමි කරන්නට සූදානම් වන දේශපාලන නායකයන් ගැන අප අඩු අවධානයක් යොමු කරනවා නොවේ. නමුත්, කොමිසම මගින් දඬුවම් පැමිණවීමට යෝජනා කරන දක්‍ෂ, කැපවුනු අවංක රජයේ සේවකයින් බොහෝ දෙනෙකු ගැන මො මොහොතේ වැඩි අවධානයක් යොමු කරන්න අප කැමතියි. 
 
 

shani 2021.02.03 ශානී අබේසේකර

 
 
මේ අවස්ථාවේ දී ඒ අතරින් නම් දෙකක් ගැන හෝ සඳහන් කිරීම අපගේ යුතුකමක්. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ ඉන් එක් අයෙක්. ඔහු ඉතා දක්‍ෂ අවංක, දේශපාලන ගැතිකම් නොකල රාජ්‍ය සේවකයෙක් ලෙස හැඳින්විය හැකියි. 
 
අද ඔහු අසාධ්‍යව සිහිසුන්ව ප්‍රතිකාර ලබනවා. පසුගිය කාලය තුල ඔහු විශාල මානසික පීඩනයකට ලක්වුණා. අද ඔහු ගෙවමින් සිටින්නේ ජීවිතයත් මරණයත් අතර සටනකයි. 
 
අනෙක් නිළධාරියා වන්නේ ජේෂඨ පොලිස් අධිකාරී ශානී අබේසේකරයි. ඔහු විශිෂ්ඨ ගණයේ පොලිස් නිලධාරියෙක්. මෑත යුගයේ දී බොහෝ අභිරහස් ඔහුගේ දක්ෂතාවය නිසා හෙළි කරගැනීමට හැකි වුණා. මිනිස් ඝාතන හා මංකොල්ලකෑම් රැසක් ඒ අතර තිබෙනවා. 
 
අන්තර්ජාතික පොලීසියේ (INTERPOL) අධ්‍යක්‍ෂකවරයෙක් වරක් ඔහු හැදුන්වූයේ ලෝකයේ සිටින විශිෂ්ඨ ගනයේ පොලිස් නිලධාරියකු ලෙසටයි. නමුත් ඔහු අවංකව කල සමහර පරීක්ෂණ නිසා බලවතුන් ඔහුට එරෙහි වුණා. 
 
ඔහු ජීවත්වන කුලී නිවසේ කාමර හා පැරණි ගෘහ භාණ්ඩවල ඡායාරූප පසුගියදා ඇතැම් මාධ්‍යන්හි පලවුනා. ඔහු ගෙවූ සාමාන්‍ය ජීවිතය එයින් තේරුම් ගත.හැකියි. එහෙත්, ඔහුගේ ලේ ඉල්ලූ කොටසක්ද සිටියා. 
 
 
 
 
මේ සියල්ලටම වඩා පළිගැනීම උදෙසා ඇතමුන් තුළ තිබූ අරමුණුවල කෲරත්වය අපට තේරුම් ගියේ පොලිස් කොමිසමද නිර්දේශ කල ඔහුට ලැබිය යුතු දීමනා ද නොදීම නිසයි. මේ ගැන වගකිව යුතු නිලධාරීන් ලැජ්ජා වියයුතුයි. නිත්‍යානුකූලව ඔහුට ලැබියයුතු දීමනා ඔහු වෙත ලබා දෙන ලෙස මනුෂ්‍යත්වයේ නාමයෙන් අපි ඉල්ලා සිටිනවා. 
 
 
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අපි  මේ කරුණු සඳහන් කලේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීම මේ මොහොතේ අතිශයින්ම  වැදගත් වන බව අප තේරුම් ගෙන ඇති නිසයි.
 
 
යුක්තිය,සාධාරණය හා මිනිස්කම රැකදීම වෙනුවෙන් ඕනෑම මොහොතක අප ඒ සඳ පෙරට එනවා. පටු බල දේශපාලනික අරමුණක් හෝ වෙනත් සැඟවුණු න්‍යායපත්‍ර අප සංවිධානය තුළ නැහැ.
 
සත්භාවයෙන් කෙරෙන මෙම අදහස් බලධාරීන්ගේ අවධානයට යොමුවේවායි ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම මෙම කරුණ ගැන මුලු රටම අවදියෙන් සිටින බවත් සඳහන් කල යුතුයි.''
 
 
 
#############

The Leader TV  

 
 
 
නැගෙනහිර ජැටිය විකුනන්න ගිය හතර දෙනාගේ කල්ලිය  
 

 
 
ගෝඨා මලයා නෝන්ඩි කරමින් මහින්ද අයියා ගහපු ගේම...
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...