The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වීරවංශාභිධානය - ඉරිදා දිවයින කතුවැකිය

T

The Leader Desk

February 21, 2021 • 4:54 PM

වීරවංශාභිධානය - ඉරිදා දිවයින කතුවැකිය 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව මේ වන විට කොරෝනා රෝගය නිසා මහත් සේ රෝගීව ආර්ථික අර්බුදය නමැති ළිඳේ පතුලටම බැස ගල් කැට අහුලමින් සිටී. මෙය මේ රටේ ඉතිහාසය තුළ පහළ වූ නරකම දේශපාලන යුගයයි.
  • මෙවැනි සිරභාරයට ගැනීම් ගැන මෛත්‍රී ජනාධිපතිතුමා ඇතැම් විට දැනගත්තේ හයේ ගුවන්විදුලි ප්‍රවෘත්තිවලට සවන් දීමෙනි.
  • ඊළඟ මොහොතේදී එම ජවනිකාවම හාස්‍ය ජවනිකාවක් ලෙස නිරූපණය වේ.
  • ගිය ආණ්ඩුවද මේ ආණ්ඩුව තුළ පුනරුච්චාරණය වෙමින් පවතින අතර මෙවර එය හාස්‍යජනකය.  ඒ මෙසේය; ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පොහොට්ටු පක්ෂයේ ඉහළම තැන ලබාදිය යුතු බව විමල් වීරවංශ පසුගියදා පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 අප දන්නා පරිදි ලංකා ඉතිහාසයේ දරුණුම දේශපාලන කුණාටු හමන ලද්දේ 2015 දී බලයට පත් වූ යහපාලන ආණ්ඩුව හරහා ය. එම ආණ්ඩුව අතට අසුවන හැම දේශපාලන විරුද්ධවාදියෙක්ම හිරේ දැමීය. ඔවුන්ට ඇතුළට දමා ගැනීමට බැරි වූයේ ගෝඨාභය රාජපක්‍ෂ, මහින්ද රාජපක්‍ෂ සහ ශිරන්ති රාජපක්‍ෂ පමණි. 
 
සමහර විට මෙයට හේතු වන්නට ඇත්තේ ගෝඨාභය සහ ශිරන්ති කෙරෙහි ජනාධිපති මෛත්‍රී තුළ වූ හිතවත්කම විය යුතුය. 
 
MR MS SR
මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි සමයේදී මෛත්‍රීපාල සිරිසේනට අගමැති පදවිය දිය යුතුය යන අදහස වෙනුවෙන් ගෝඨාභය සහ ශිරන්ති තරයේ පෙනී සිටියාහ. 
 
 
 
කෙසේ වුවද මහින්දගේ ආණ්ඩුව පැරදුණු පසු එම ආණ්ඩුවේ සිටි බලවන්තයින් වැඩිදෙනා හිරභාරයට ගන්නා ලදී. මෙවැනි සිරභාරයට ගැනීම් ගැන මෛත්‍රී ජනාධිපතිතුමා ඇතැම් විට දැනගත්තේ හයේ ගුවන්විදුලි ප්‍රවෘත්තිවලට සවන් දීමෙනි. නැතහොත් පසුදා පුවත්පත් කියවීමෙනි. 
 
යහපාලන ආණ්ඩුව තුළ ආණ්ඩු දෙකක් තිබිණ. ඉන් පළමුවැන්න ජනාධිපති මෛත්‍රීගේ ආණ්ඩුවය. දෙවැන්න යූ. එන්. පී. ආණ්ඩුවය. ඊට අමතරව තවත් සුළු සුළු දේශපාලන කට්ටිය වෙන වෙනම පුංචි පුංචි ආණ්ඩු පවත්වාගෙන ගියහ.
 
කාල් මාක්ස් වරක් කියූ පරිදි ඉතිහාසය හැමවිටම පුනරුච්චාරණය වෙයි. පළමුව එය ඛේදජනක ජවනිකාවක ස්වරූපය ගනියි. ඊළඟ මොහොතේදී එම ජවනිකාවම හාස්‍ය ජවනිකාවක් ලෙස නිරූපණය වේ. ගිය ආණ්ඩුවද මේ ආණ්ඩුව තුළ පුනරුච්චාරණය වෙමින් පවතින අතර මෙවර එය හාස්‍යජනකය. 
ඒ මෙසේය; ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පොහොට්ටු පක්ෂයේ ඉහළම තැන ලබාදිය යුතු බව විමල් වීරවංශ පසුගියදා පැවසීය. ඔහු විසින් මෙය කියන ලද්දේ ෆන් එකට ද නොඑසේ නම් ජනාධිපතිතුමා සමග තිබෙන ෆිට් එකටද යන්න තවමත් හෙළිවී නැත. 
 
 
 
ලංකා ඉතිහාසය විසින් 1980න් පසු පහල කරන ලද දෙවන තාර්කික කථිකයා වූ විමල් වීරවංශ (පළමුවැන්නා රෝහණ විජේවීරය) ජනතා විමුක්ති පෙරමුණෙන් කැඞී රාජපක්ෂවරුන් වෙත පැමිණි දේශපාලන සහෘදයෙකි. 
 
2015 දී මහින්ද රාජපක්ෂ යළි බලයට ගෙන ඒම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශ්වකරුවන් විසින් නිපදවන ලද මහින්ද සුළෙඟ් ප්‍රමුඛ සම්පත් දායකයා වූ විමල් වීරවංශ, කට නැමති ඉන්ද්‍රියේ ප්‍රයෝජනය ආහාර ගැනීමට පමණක් සීමා නොවන බවට ඇති යාවජීව නිදර්ශනයකි.
 
විමල්ගේ කට නිසා මහින්ද සුළඟ මුලින්ම කුණාටුවක් බවටත් පසුව සුළි සුළඟක් බවටත් ඊළඟට ටෝනාඩෝවක් බවටත් පත්විය. 
 
 
මේ බව හොඳටම දන්නෝ මහින්ද සුළෙඟ් රැස්වීම්වලට සහභාගි වූ මහා ජනතාවත්, එම සුළෙඟ් සෙසු සම්පත් දායකයන් සිව්දෙනාත්ය. ගෝඨාභයට පොහොට්ටු පක්ෂයේ නායකකම දිය යුතු බව වීරවංශ විසින් ප්‍රකාශයට පත්කරන ලද අවස්ථාවේදී පොහොට්ටු පක්ෂයේ ලේකම් තැන්පත් සාගර කාරියවසම් නමැති අය බලවත් සේ කුලප්පු වී අං සහ ගෙජ්ජි සොලවමින් විමල්ට පහරදෙන අතර ලාඩම්වලින් පොළොව හාරන්නට විය. 
 
මේ ප්‍රහාරය එල්ල කරන ලද්දේ ප්‍රවෘත්ති සාකච්ඡාවක ස්වරූපයෙනි. සංජීව එදිරිමාන්න නමැත්තෙකු ද මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට කඩා පැන විමල්ට පහර දෙන්නට පටන් ගත් අතර එම හාදයා මීට කලකට පෙර ටී වී එකේ කතා කරන ආධුනිකයකු පමණක් බව අපට මතකය. 
 
kjdfk සංජීව එදිරිමාන්න - සාගර කාරියවසම්
 
 
සාගර කාරියවසම් යනු ඡන්දය නොඉල්ලා පාර්ලිමේන්තු ගිය පොහොට්ටු මන්ත්‍රී කෙනෙකි. මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හාමුදුරුවන්ගේ මතයට අනුව හෙතෙම පිං මන්ත්‍රී කෙනෙකි. එහෙත් මෙහිදී අප, අපේ නායක හාමුදුරුවන්ට විරුද්ධය. පිං මන්ත්‍රීලා නැති අතර, සිටින්නේ පිං ගොනුන් පමණක් ය. 
 
මේ අතර මහින්ද පතිරණ නමැති ගොබ්බයෙක් විමල් වීරවංශ යනු රාජපක්ෂලාගේ වැඩ නිසා බලයට පැමිණි පිං ඇමැති කෙනකු බව කියා තිබේ. ශ්‍රී  ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිගේ නම ද මහින්ද පතිරණය. විමල්ට පිං ඇමැති කී ගොබ්බයා එකී මහින්ද පතිරණ නොවන බව අපට විශ්වාසය. 
 
මේ සියලූ කරුණු අතර විමල්ට පහරදෙන අය පිටුපස බැසිල් රාජපක්ෂ සිටින බව උදය ගම්මන්පිල විශ්වාස කරයි. එසේ වුවත් විමල්ට ගහන කට්ටියට බැසිල් නායකත්වය දෙන බව අපි නම් විශ්වාස නොකරමු.
 

hqdefaultවිමල් වීරවංශ යනු ජාතික බලවේගයකි. රට දැය සමය වෙනුවෙන් ගිනි ගොඩක් උඩ ඉඳගැනීමට වුවද ඔහු සූදානම් බව පෙනේ. 

 
දැනට මේ රටේ විපක්ෂයක් නැත. තිබෙන්නේ ආණ්ඩු පක්ෂයක් පමණි. විමල් ඇපයට තබා මේ ආණ්ඩුව කඩා ඉහිරවීමට කිසියම් හරක් රැළක් උත්සහ කරන බව පෙනේ. 
 
මේ හරක් රැළ මෙල්ල කිරීම මහින්ද රාජපක්ෂට භාරය. උන් හරක් ගාලට දක්කාගෙන ගොස් තණ සහ පුන්නක්කු ලබාදීමත් පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ යුතුකමය.
 
 
(දිවයින ඉරිදා සංග්‍රහය කතුවැකිය -2021.02.21)
 

 

 


 

 

 

 

ජාතිකවාදී කිසිවකු බෞද්ධයකු නොවේ - පළමු දිගහැරම

 

සනා පෝලිම කඩන් එන්නත ගහගෙන.. ඇමතිවරු දෙන්නෙක් ගෙදර? ජනතාව අම්බානක සතුටින්...

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...