The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අප්පච්චි මළෝ කොමිසන් ගැන කිව්ව කවිය හරියට - අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

February 27, 2021 • 2:35 PM

අප්පච්චි මළෝ කොමිසන් ගැන කිව්ව කවිය හරියට - අජිත් පැරකුම් ජයසිංහ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු කොමිෂන් සභාව ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුනි සොයිසා
  •    හොද්ද ලුණු වැඩි නිසා අඹුවට ගෙහිමියා සැර වූ සැටී බැද්ද මාළුව හොරෙන් කෑවට කුස්සි අම්මා ලද ගුටී රෙද්ද ඉරිලා හාමිනේගේ දාසි සරදම් කළ සැටී නැද්ද කොමිසම් සභාවට තව කීවේ කවුරුත් වැඳ වැටී     බොරැලැස්ගමුවේ ජී.එච්.
  • ඊයේ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී රැස්වීමෙන් පසු අපූරු කවියක් මතක් කළා.    ඔහු එහි පද කිපයක් අපිළිවෙලට සඳහන් කළත්, ඒ කවිය නිසි පිළිවෙලට ගත් කල ඇත්තෙන්ම මේ කොමිෂන් සභා ගැන සදය උපහාසයක්.
අකුරු ප්‍රමාණය (Font Size):
ඊයේ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී රැස්වීමෙන් පසු අපූරු කවියක් මතක් කළා. 
 
ඔහු එහි පද කිපයක් අපිළිවෙලට සඳහන් කළත්, ඒ කවිය නිසි පිළිවෙලට ගත් කල ඇත්තෙන්ම මේ කොමිෂන් සභා ගැන සදය උපහාසයක්. කවිය මෙහෙමයි:
 
කොළඹ යුගයේ කීර්තිමත් කවියකු වූ බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා එදා මෙම කවිය කිව්වේ හැම දෙයක් ගැනම කොමිසම් පත්කිරීම ගැන සරදමටයි.
  
GH Pereraහොද්ද ලුණු වැඩි නිසා අඹුවට ගෙහිමියා සැර වූ සැටී
බැද්ද මාළුව හොරෙන් කෑවට කුස්සි අම්මා ලද ගුටී
රෙද්ද ඉරිලා හාමිනේගේ දාසි සරදම් කළ සැටී
නැද්ද කොමිසම් සභාවට තව කීවේ කවුරුත් වැඳ වැටී
 
 
බොරැලැස්ගමුවේ ජී.එච්. පෙරේරා (1896-1948) ගුරුවරයෙක් හා විදුහල්පතිවරයෙක්. 
 
සමස්ත ලංකා ජාතික ගුරු සංගමයේ හා සමස්ත ලංකා සිංහල කවි සමිමේලනයේ සභාපති ලෙසද අගනුවර තරුණ කවි සමාජයේ අනුශාසකවරයෙකු ලෙසද කටයුතු කළ ඔහු හිටිවන කවියෙහි ද දක්ෂයෙක්. 
 
බේබදු ගෙදර, පරලොවට පණිවිඩයක්, සුදුඅන්තුවා, කුරක්කන් හේන, බුද්ධ ස්තෝත්‍ර හෙවත් බුදුරජාණන් වහන්සේ වැනි පද්‍ය හා ගද්‍ය කෘති රචනා කළේ ඔහුයි.
 
කුරක්කන් හේන බොරලැස්ගමුවේ ජී.එච්. පෙරේරා කවියාගේ සුප්‍රකට පැදි පෙළකි.
 
මුලදි කැලේ හැටි දැක්කම කුමක් වැනී
පිහිය නුදුටු අපෙ මාමගෙ රැවුල වැනී
හේන කොටා ගිනිතිබ්බම කුමක් වැනී
බදින දවසෙ එළිකල මගෙ මූණ වැනී
 
කුරක්කනේ පොඩි පැල්පත කුමක් වැනී
විසි වයසේ මගෙ කම්මුලෙ පෙනුම වැනී
පීදීගෙන එන කුරහන් කුමක් වැනී
අලුත් ලමිස්සියකගෙ මල් හිනා වැනී
 
බණ්ඩි කුරක්කන් පැද්දෙනු කුමක් වැනී
පොඩි නෑනා දුර සිට අත වනනු වැනී
පැසී තිබෙන විට කුරහන් කුමක් වැනී
පෝරුව උඩ මනමාළිගෙ ඔළුව වැනී
 
නැමී තිබෙන රතු කුරහන් කුමක් වැනී
මගුල් ලඟදි නෑනා ඉස වනනු වැනී
කරල් කපා මළු පුරවනු කුමක් වැනී
අතිරස උයා මගුලට එක් කරනු වැනී
 
කැපූ කුරක්කන් ගෙන යනු කුමක් වැනී
මනමාලිය කැඳවාගෙන යනවා වැනී
වංඩුව බැඳ තැනු පිට්ටුව කුමක් වැනී
මිරිසවැටිය අව්වට දිලිසෙනා වැනී
 
ගමරාළගෙ කට එතකොට කුමක් වැනී
වලාකුළෙන් මතුවී එන සඳක් වැනී
ඒක දැකපු කම්මැලි කට කුමක් වැනී
කරත්තයට අසුවුනු කජු ලෙල්ල වැනී
(praja.lk)

 

 
 
 
500ට තරහා වෙලා මිලියනයට යාළු වුණු ගී ලොවේ පියවරු...
 

 

පාස්කු බෝම්බ සෙට් කලේ මෛත්‍රී ද ?

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...