The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සූට් කේස් මරණය, පොලීසිය හා කාන්තා සංවිධාන

T

The Leader Desk

March 4, 2021 • 10:40 AM

සූට් කේස් මරණය, පොලීසිය හා කාන්තා සංවිධාන       

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තරුණියක් ඝාතනය කර තමන්ද සිය සියදිවි නසාගත් උප පොලිස් පරීක්ෂකවරයා විසින් තම බිරිඳ වෙත ලියන ලද ලිපියක් මේ වන විට සමාජ ජාල ඔස්සේ සංසරණය වෙයි.
  • මම නැති වුණාට ඔයාලා බලාගන්න කෙනෙක් ඇති.
  • ඇත්තෙන්ම එහෙම නොවෙන්න තිබුන නම් හොදයි කියල දැන් හිතෙනව.
  •   ලෝකයේ ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ඒකයි ලෝක ධර්මය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
මේ ලිපිය දෙරණ නාලිකාව තම ප්‍රධාන පුවත සදහා ද යොදාගත්තේ කුණු මාළුවලට මාධ්‍ය වෙළෙඳ පොළේ ඇති අධි ඉල්ලුම ගැන ඔවුන් හොදින්ම දන්නා බැවිනි.
 
පහතින් දැක්වෙන්නේ එම ලිපියයි.
 
 
අම්මට,
 
මට සමාවෙන්න, මගේ ජිවිතේ පන මගේ පවුල, මොන විදියේ වැඩ කළත් මම එක දුන්නෙ පවුලට. එය එසේ වෙද්දී SI අංකල් ,SI අන්කල් කිය කියා මගේ මිතුරකුගේ දියණියක් මට ළං වුණා. එයා දැනගත්තා මගේ ළමයින්ට මං කොච්චර ආදරේද කියලා .මුලදි ලොකුවට නොවුනට පසුව ඒ ළමයටත් මගේ දරුවකුට වගේම සලකන්න කීවා .එය එහෙම කරන්න මට බෑ .කියපු හැමදේම කරා. ඉල්ලපු හැමදේම දුන්නා. පසුවට ඔයාටයි ළමයින් ටයිත් එක්ක බනින්න ගත්තා. මට එපා උනා. නවත්තපු මේ සම්බන්දෙ කිව්වා. එහෙම බෑ කියලා නොයෙක් දේ කළා. ඒක ඔයා දන්නවා.
 
ඔයාගේ තරහ කේන්තිය ගෑනියෙක් හැටියට සාධාරණයි. ඒත් දැන් මම නීතියෙ වරදකාරයෙක් වෙලා. කවුරුත් නොදන්න තැනකට ගිහින් මේ දේ කරගන්න තිබ්බා .එහෙම වුනොත් මාව හොයා ගන්නකං ඔයාලට පොලීසියෙන් වද දෙයි. ඒ නිසා මම පොලිසියට පෙනෙන්න කරගන්නවා. එතකොට ඔයාලට වද දෙන්නෙ නෑ. අවනම්බුවක් වෙයි ඉවසලා වැඩ කරන්න.
 
මම දන්නවා ඔයා ශක්තිවන්ත ගැහැනියක් කියලා. මම දන්නේ නෑ ලෝකෙ ගැන. නොදැන නෙමෙයි මම මේවට පැටලුණේ. ඒත් දැන් ඉතිරිවෙලා නෑ කිසි දෙයක්. ඔයා හිතින් විඳපු වේදනාව මම මගේ ජීවිතෙන්ම දැන් විඳිනවා. මගේ වරද. මම නැති වුණාට ඔයාලා බලාගන්න කෙනෙක් ඇති. අවුරුදු ගණන් හිරබත් කන්න වෙයි මට.
 
මේක ප්ලෑන් කරලා කරපු දෙයක් නෙමෙයි. ඇත්තෙන්ම එහෙම නොවෙන්න තිබුන නම් හොදයි කියල දැන් හිතෙනව. මගේ ළමයි තුන්දෙනා එක්ක සතුටින් ඉන්න. ටික කාලයක් යනකොට දුක ඇරිල යාවි.
 
ලෝකයේ ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ඒකයි ලෝක ධර්මය. දැනටත් මාව සීඅයිඩී එකෙන් හොයනව. පොලිසිය ආවොත් ඇත්ත තත්ත්වය කියන්න. කාලයක් තිස්සේ වුණ දේ ….. ආදරය කිය කිය ඉදල වෛර කළා …
 
මට සමාවෙන්න .
තෙරුවන් සරණයි.
 
මේ ලිපියේ වැදගත්කම කොටස මාධ්‍ය ආයතන විසින් හිතාමතාම මඟහැර තිබුණි.
 
 
''මේක කාටවත්ම පෙන්වන්න එපා.
ළමයින්ටවත් පෙන්වන්න එපා.''
 
එසේ නම් පොලීසිය මේ ලිපිය මාධ්‍ය සදහා නිකුත් කරන්නේ ඇයි? 
 
තම පොලිස් සගයා නිර්දෝෂි කරගැනීම සදහා යි.
 
මේ ලිපිය කියවන කිසිවකු පොලිස් නිලධාරියාට දොස් පවරන්නේ නැත.
 
සියලු දෙනාම ඇඟිල්ල දිගු කරන්නේ ඝාතනය වූ තරුණියටයි.
 
පොලීසියේ සදාචාරය මෙයද?
 
සතුටින් ජීවිතය දරන්නී යැයි කියමින් කාන්තා පත්තර අච්චු ගසන දෙරණේ මාධ්‍ය සදාචාරය මෙයද?
 
ඝාතනය වූ තරුණියගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන කිසිම කෙනෙක් නැත.
 
සමාජ මාධ්‍ය ජාලා කරුවන් ද මේ ඛේදවාචකය හුදු විනෝදාස්වාදයකට පමණක් පරිවර්තනය කරගෙන ඇත.
 
නියෝජ්‍ය පොලිස්පතිනිය වෙනුවෙන් පෙනී සිටි පාර්ලිමේන්තුවේපක්ෂ විපක්ෂ කාන්තා නියෝජිතයන් ද මේ යුවතියට වූ අසාධාරණය හමුවේ අන්ධය.
 
ලොකුම විහිළුව වන්නේ කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට පිහිටුවාගෙන ඇති රාජ්‍ය නොවන කාන්තා සංවිධාන  මේ අවස්ථාවේ දක්වන දැඩි නිහඬතාවයයි.
 
මේ සියල්ලම සිදුවන්නේ මාර්තු 08 වැනිදාට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනය අත ළඟට පැමිණ තිබියදී ය.
 
ඇතැම් විට මේ සියලු දෙනා ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට ලහි ලහියේ ලක ලැහැස්ති වන නිසා ඉහත තරුණියගේ ඝාතනය නොවැදගත් එකක් වන්නට ඇත.
 

 

වී ගොවින්ට තර්ජනය කරලා ආණ්ඩුවේ බැරිකම වහගන්න බෑ

 

ගෝඨාභය නෙමෙයි, රට පාලනය කරන්නෙ, බල කේන්ද්‍ර තුනක්! - නිශාන්ත හෙළිකරයි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සූට් කේස් මරණය, පොලීසිය හා කාන්තා සංවිධාන | The Leader