The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගෝඨාභය ජනාධිපති වෙනකන් බලන් ඉන්න 'කිං බානට්'

T

The Leader Desk

March 12, 2021 • 2:13 PM

ගෝඨාභය ජනාධිපති වෙනකන් බලන් ඉන්න 'කිං බානට්' 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කිංබානට්තුමා නිකං ඉන්න එකේ ටීවී එක එබුවා.
  •   අපේ වතාවත් ඇවිල්ලා අපේ නීතිය ....
  •   (King Barnet)            The Leader TV   චන්ද්‍රිකාට-මහින්දට ඇති - ගෝඨට-සජිත්ට නැති එකක් ගැන චින්තන කියයි   සමාජ මතවාදය තේරුම් නොගන්නා කිසිම ආණ්ඩුවකට ගමනක් නැත.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
පොරක් කැමරා ඉස්සරහ ඉඳන් හතර අතට වනනවා.
 
මේ මොකාද කියලා බලන්න කිංබානට්තුමා තව ටිකක් ළං වෙලා බැලුවා.
 
" යකෝ මේ අසාද් සාලිනේ...!"
 
කිංබානට්තුමාට නිකම්ම කියවුණා.
 
''මුස්ලිම් නීතිය කවුරු වෙනස් කළත් අපි වෙනස් කරන්නේ නෑ.....
 
අපේ නීතිය අපට.....
 
ඔයගොල්ලන්ගේ නීතිය ඔයගොල්ලන්ට .....
 
අපිට කුරාණයයි, හදීසියයි, ශරියයි තමයි අපේ නීතී රීති .....
 
හරි වැරදි බලන්නේ අපි.....
 
අපේ නීතියට ගරු කරනවා මිසක් අපි රජයේ නීති රීති බලන්නේ නෑ....
 
රජයේ නීති රජයට .....
 
අපේ වතාවත් ඇවිල්ලා අපේ නීතිය ....
 
කුරාණයේ හදීස් එක ....
 
නබිතුමාගේ නීතිය ....
 
ඒ ඇරෙන්න අපිට ඒකට පිට නීතියක් නෑ....
 
අපි ඒක තමයි ගරු කරන්නේ ...
 
අපි ඒකට අනුව ජීවත් වෙන්නෙ ...
 
මෙච්චර කල් ජීවත් වෙච්ච නීතිය මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවා කියලා වෙනස් කරන්නේ නෑ.....! ''
 
අසාද් සාලි ගින්දර වගෙ දුන්නා.
 
"කවදා හරි ගෝඨාභය ජනාධිපති වෙලා තුනෙන් දෙකේ බලය අරන් එක රටක එක නීතියක් ක්‍රියාත්මක කළාම අසාද් සාලිලාට මෙහෙම නටන්න වෙන්නෙ නෑ..."
 
කිංබානට්තුමා එහෙම කියලා ටීවී එක ඕෆ් කරලා දැම්මා.
 
(King Barnet)

 

 

 


 

 

 

චන්ද්‍රිකාට-මහින්දට ඇති - ගෝඨට-සජිත්ට නැති එකක් ගැන චින්තන කියයි

 

සමාජ මතවාදය තේරුම් නොගන්නා කිසිම ආණ්ඩුවකට ගමනක් නැත. - සුරේන් රාඝවන්

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...