The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බැඳුම්කර වංචාව හා සීනි වංචාව -අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

March 13, 2021 • 2:12 PM

බැඳුම්කර වංචාව හා සීනි වංචාව -අජිත් පැරකුම් ජයසිංහ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුවේ කලිසම මුදල් අමාත්‍යාංශය ගලවා දැම්මේය. මුදල් අමාත්‍යාංශය විසින් 2020 ඔක්තෝබර් 14 සිට 2020 පෙබරවාරි 21 දින
  •   2015 වසරේ යහපාලන ආණ්ඩුවේ දේශපාලකයන් හා නිලධාරීන් ව්‍යාපාරිකයන් සමග එක්ව කරන ලද බැඳුම්කර වංචාවෙන් රජයට සිදු වූ පාඩුවටත් වඩා පාඩුවක් 2020 ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ සීනි වංචාවෙන් සිදු වී තිබේ.
  •     සීනි වංචාව කරන්නේ මෙසේය:   #  ශ්‍රී ලංකා රේගු දත්ත අනුව, ශ්‍රී ලංකාව වසරකට සීනි මෙට්‍රික් ටොන් 550,000 – 650,000 අතර ප්‍රමාණයක් ආනයනය කරයි.
  • ඒ අනුව මසක සාමාන්‍ය ආනයනය මෙට්‍රික් ටොන් 45,000 – 55,000 අතර ප්‍රමාණයකි.
අකුරු ප්‍රමාණය (Font Size):
දක්වා කාලය තුළ සීනි ආනයනය පිළිබඳ පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ දැක්වෙන ආකාරයට ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිසා රජයට අහිමි වූ බදු ආදායම රු. බිලියන 15.9කි.
 
2015 වසරේ යහපාලන ආණ්ඩුවේ දේශපාලකයන් හා නිලධාරීන් ව්‍යාපාරිකයන් සමග එක්ව කරන ලද බැඳුම්කර වංචාවෙන් රජයට සිදු වූ පාඩුවටත් වඩා පාඩුවක් 2020 ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ සීනි වංචාවෙන් සිදු වී තිබේ.
 
 
සීනි වංචාව කරන්නේ මෙසේය:
 
#  ශ්‍රී ලංකා රේගු දත්ත අනුව, ශ්‍රී ලංකාව වසරකට සීනි මෙට්‍රික් ටොන් 550,000 – 650,000 අතර ප්‍රමාණයක් ආනයනය කරයි. ඒ අනුව මසක සාමාන්‍ය ආනයනය මෙට්‍රික් ටොන් 45,000 – 55,000 අතර ප්‍රමාණයකි.
# 2020 වසරේ ජූනි මාසයේදී ගැසට් නිවේදනයක් මගින් ආණ්ඩුව ආනයනික සීනිවලට රු. 50ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවූයේය. එම බද්ද ඔක්තෝබර් 14දා ශත 25ට අඩු කළේය. බද්ද අඩුකිරීම රු. 49.75කි.
# රජය ගැසට් නිවේදනයක් මගින් සීනි කිලෝවක මිල රු. 85 දක්වා අඩු කළමුත්, රු. 50 බැගින් රජයට බදු ගෙවා සීනි ආනයනය කර තිබූ ව්‍යාපාරිකයන්ට එම මිලට සීනි අලෙවි කළ නොහැකි වූ බව කියනු ඇසේ.
#  කෙසේ වෙතත්, වෙළඳපොළේ සීනි මිල අඩු වූයේ නැත. ශත 25ක් බදු ගෙවා සීනි ආනයනය කළ මුදලාලිලා ද සීනි රු. 85ට විකිණුවේ නැත.
# මේ අතර ඔක්තෝබර් 27දා ආණ්ඩුව නැවතත් ආනයනය කරනු ලබන සීනි සඳහා කිලෝවකට රු. 40ක බද්දක් පැණවූයේය. එහෙත්, ආනයන නීති අනුව, ඔක්තෝබර් 14දා සිට ක්‍රියාත්මක වූ බද්ද මාසයක කාලයක් යනතුරු වෙනස් කළ නොහැකි විය.
# එම නිසා, සත 25 බද්ද කාලයේ සීනි ඇණවුම් කර ආනයනය කළ ව්‍යාපාරිකයන්ට ආනයන අපනයන පාලක හරහා බලපත්‍ර ක්‍රමයක් යටතේ ආනයනය කරන ලද සීනි වරායෙන් ඉවත් කරගත හැකි විය. 
ඒ අනුව, ඔක්තෝබර් 27දා සිට නොවැම්බර් 22දා දක්වා ආනයනය කරන ලද සීනි ශත 25 ආනයන බද්දට යටත්ව වරායෙන් නිකුත් කරන ලදී.
 
 
බදු නිසා සීනි මිල අඩු වූයේ නැත ! 
 
# මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ දැක්වෙන පරිදි, මෙම කාලසීමාවේදී සීනි ආනයනය කර තිබෙන සාමාන්‍ය මිල, ආනයන බදු ද ඇතුළුව රු. 84.50කි. 
 
 
# ඔවුන් වෙළඳපොළේ සීනි විකුණා තිබෙන සාමාන්‍ය මිල කර 118.13කි. ලබා තිබෙන ලාභය රු. 44කට වැඩිය. ආනයන තොග වෙළඳාමේදී මෙය අධික ලාභයකි.
 
 
# අඩු කරන ලද බදු නිසා සීනි මිල අඩු වූයේ නැත. සිදුවූයේ සමාගම් දැවැන්ත ලාභයක් ලබාගැනීමයි.
 
වහා ක්‍රියාත්මක වී සීනි ඇණවුම් කළ සමාගමක් වන්නේ පිරමිඩ් විල්මා සමාගමයි. මෙම සමාගම නොවැම්බර් 2දා මෙට්‍රික් ටොන් 26,000ක් ආනයනය කළේය. නොවැම්බර් 25දා තවත් මෙට්‍රික් ටොන් 37,000ක් ආනයනය කළේය. 2020 ඔක්තෝබර් 14 සිට 2020 පෙබරවාරි 21 දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සීනි ප්‍රමාණයෙන් 39%ක් ම ආනයනය කර තිබෙන්නේ මෙම සමාගමයි. ඔවුන් කෙතරම් ලාභයක් ලබන්නට ඇද්ද?
 
මෙම සමාගම අයත් සජාඩ් මවුසූඩ් රාජපක්ෂ ආණ්ඩුව සමග ඉතා සමීප අයෙකි. ඔහුට අධික ලාභ ලැබෙන මෙම තීරණ ගත් ආණ්ඩුවට, එහි ඇමතිවරුන්ට හා ජනාධිපතිවරයාට ඔහු කෘතගුණ සලකනවා ඇත්තේ කෙසේද?
  
cartoon bonds copy
 
මහ බැංකු බැඳුම්කර වංචාව ද මෙවැනිම එකකි. සරලව විස්තර කළොත්, සිදුවූයේ මෙයයි:
 
මහ බැංකුව 12.5%ක ස්ථිර පොළියට තිස් අවුරුදු කාලයක් තුළ ගෙවීම පිණිස රු. බිලියනයක් අවශ්‍ය බව ප්‍රාථමික මුල්‍ය වෙළඳපොළට දැනුම් දුන්නේ ය. 
 
එහෙත්, අවසානයේදී, අසාමාන්‍ය අන්දමට කටයුතු කරමින්, රජය රු. බිලියන 10ක් ම ණයට ගත් අතර එයින් රු. බිලියන පහක් ම රජයට ණයට දුන්නේ එවකට මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර‍න්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමයි. 
 
මෙම ගනුදෙනුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් අධික ලාභයක් ලබන්නේ ඒ වන විට ද්විතීයක වෙළඳපොළේ රු. 120කට පමණ විකිණිය හැකි වූ රු. 100 බැඳුම්කර රු. 91 බැගින් මිළ දී ගන්නට හැකි වීමෙනි. 
 
එයින් එම සමාගම අති දැවැන්ත ලාභයක් ලැබුවේය. 
 
අර්ජුන් ඇලෝසියස්ට අධික ලාභ ලැබිය හැකි තීරණ තීන්දු ගන්නට ඔහුගේ මාමණ්ඩිය වන මහ බැංකු සභාපති අර්ජුන් මහේන්ද්‍රන්, මුදල් ඇමති රවී කරුණානායක, අගමැති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් ආදීහු සම්බන්ධ වූහ.
 
ඒ ආණ්ඩුවට සම්බන්ධ අයට අර්ජුන් ඇලෝසියස් ධන ආකරයක් වූයේ යම් සේද, මේ ආණ්ඩුවට සම්බන්ධ අයට සජාඩ් මවුසූඩ් ධන නිධානයකි.
 
මහ බැංකු බැඳුම්කර වංචාවේ මුල් අවධියේදී තර්කනය තිබුණේ එය වංචාවක් නොව පර්අපෙචුවල් ට්‍රෙෂරීස් සමාගම අසාධාරණ ලාභ ලැබීමක් පමණකැයි කියාය. 
 
සමාගම් තිබෙන්නේ ලාභ ලබන්නට නොවේදැයි ප්‍රශ්න කෙරිණි. 
 
වර්තමානයේ පිරමීඩ් විල්මාර් ඇතුළු සමාගම් ගැනත් නැගෙන්නේ එම තර්කයමය.
 
එහෙත්, ඊට වඩා දෙයක් මෙතන තිබේ. සමාගම්වලට එවැනි අසාධාරණ ලාභ ලබන්නට පහසුකම් සලසන තීරණ ගත් අය නිකම්ම පස්ස පැත්තේ අත පිහදාගත්තාද? මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවේ.
 
 
Ajith Parakum(අජිත් පැරකුම් ජයසිංහ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
පැරාගේ විරාමය, ලංකා පුවත්පත, 2021-03-14
 
(උපුටා ගැනීම- praja.lk)

 

 


 

 

 
 
 

සියලුම ආගමික නීති රටේ නීතියට යටත් - වෛද්‍ය අජිත් අමරසිංහ

චන්ද්‍රිකාට-මහින්දට ඇති - ගෝඨට-සජිත්ට නැති එකක් ගැන චින්තන කියයි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...