The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

භාග්‍යා නොඉවසීම - අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

March 16, 2021 • 11:21 AM

 භාග්‍යා නොඉවසීම - අජිත් පැරකුම් ජයසිංහ       

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන ප්‍රදේශයේ පදිංචි තරුණියක වන භාග්‍යා අබේරත්න සිරස රූපවාහිනියේ ලක්ෂපති වැඩසටහනට සහභාගී වී කළ ප්‍රකාශයක් හේතුවෙන් ආණ්ඩුවේ ආධාරකරුවන්ගේ හා නිලධාරීන්ගේ
  • මෙම සිදුවීම පිටපතක් අනුව සිරස විසින් කරන ලද එකක්දැයි ඔවුන් සොයන බව පෙනේ.
  • පරිසරය රැකගන්නා බවට ගිවිසගනිමින් බලයට පැමිණි ආණ්ඩුවක් යටතේ පරිසරයට සිදුවන හානි ගැන ප්‍රශ්න කිරීම සාධාරණය.
  • ඒ ඇයි?    එයට එක් හේතුවක් වන්නේ පහසු ගොදුරක් දැකීමයි.    මෙම තරුණිය සම්බන්ධයෙන් මෙතරම් ප්‍රචණ්ඩත්වයක් මුදාහැරීමට ඇය කාන්තාවක වීම ද හේතු වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
වෛරයට භාජනය වී තිබේ. 
 
ඇය මෙන්ම, එම වැඩසටහන මෙහෙයවූ චන්දන සූරියබණ්ඩාර හා සිරස රූපවාහිනිය ද මෙම වෛරයේ ඉලක්ක වී තිබේ.
 
එම තරුණියගේ නිවසට ගිය පොලිසිය ඇගෙන් කටඋත්තරයක් ද ලබාගෙන තිබේ. මෙම සිදුවීම පිටපතක් අනුව සිරස විසින් කරන ලද එකක්දැයි ඔවුන් සොයන බව පෙනේ.
 
භාග්‍යා අබේරත්න තමන් ජීවත් වන ප්‍රදේශයේ පිහිටි සිංහරාජ වනාන්තරය, වන විනාශය, එහි ජීවත් වන අලින්, වනය කපා හෝටල් ඉදිකිරීම ආදිය ගැන කතාකරයි. 
 
ඇගේ අදහස් පළකිරීම පෙනෙන අන්දමට නම්, හදිසියේ සිදුවන දෙයකි. 
 
 
 
ඇය අදහස් පළකරන්නේ තම නිරීක්ෂණ අනුව මිස, යම් චෝදනාවක් එල්ල කිරීම සඳහා කරුණු සහිත සූදානමකින් නොවේ. ඇය ඉදිරිපත් වන්නේ ප්‍රවෘත්ති වැඩසටහනකට නොවේ. එසේම, එය හුදු සාමාන්‍ය අදහස් ඉදිරිපත් කිරීමකින් එහා ගිය චෝදනාවක් නොවේ.
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු වන විනාශයන් සිදුවීම හෝ ඒවා ගැන වාර්තා වීම හෝ වැඩි වී තිබේ. පරිසරය රැකගන්නා බවට ගිවිසගනිමින් බලයට පැමිණි ආණ්ඩුවක් යටතේ පරිසරයට සිදුවන හානි ගැන ප්‍රශ්න කිරීම සාධාරණය.
 
මෙම චෝදනා නිසා අපකීර්තියට පත්වී සිටින ආණ්ඩුවේ වන්දිභට්ටයන් විසින් පරිසර විනාශය ගැන ඕනෑතරම් වාර්තා තිබෙද්දී ඒවා පසුපස එළවන්නේ නැතුව, මෙම ගැමි තරුණිය පසුපස වියරු දඩබල්ලන් පිරිසක් සේ හඹා ගියහ. ඒ ඇයි? 
 
එයට එක් හේතුවක් වන්නේ පහසු ගොදුරක් දැකීමයි. 
 
මෙම තරුණිය සම්බන්ධයෙන් මෙතරම් ප්‍රචණ්ඩත්වයක් මුදාහැරීමට ඇය කාන්තාවක වීම ද හේතු වේ.
 
ඔවුන් මහා ගවේෂණයක් කරමින් පෙන්වාදෙන්නේ මෙම තරුණිය සඳහන් කරන වන විනාශය සිදුවන්නේ පෞද්ගලික ඉඩමක බවයි. එම ඉඩමෙහි ඔප්පු තිස්වසක් පැරණි බවක් ද කියැවිණි. තිස් වසකට පෙර ඒවා අයිති වුණේ කාටද? 
 
කළුතර දිස්ත්‍රික්කය තුළට පවා විහිදී තිබුණු සිංහරාජ රක්ෂිතය කප්පාදු වෙමින් යද්දී ඒ ඉඩම් පෞද්ගලික අයිතියට සවි වූ ක්‍රියාවලිය කොයිතරම් විනිවිද පෙනෙනසුලු එකක්ද?
 
1970 දශකයේදී එවකට පැවති ශ්‍රීලනිප, සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ සභාග ආණ්ඩුව විසින් තුනී ලෑලි සඳහා සිංහරාජ වනාන්තරය කපා ජනාවාස බිහිකිරීමට විරුද්ධව පරිසරවේදීහු අරගල කළහ. 
 
ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණගේ බිරිඳ මෙන් ම ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහගේ නැගණිය වූ කාමිනී මීදෙණිය විතාරණ විසින් රුක් රැකගන්නෝ සංවිධානය හරහා එදා අරගල කළාය . එම අරගලය ගැන සටහනක් මෙතනින්:
 
 
Kamini Vitharana 768x739
                        රුක් රැකගන්න සටන් කළ කාමිනී මීදෙණිය විතාරණ 
 
 
මෙවැනි සුළු සිදුවීම් ඉවසන්නට ආණ්ඩුවට හා එයට සම්බන්ධ අයට බැරිවීම හා සාමාන්‍ය ගැමි තරුණියකට එරෙහිව මාධ්‍ය ඔස්සේ ප්‍රචණ්ඩත්වය මුදාහැරීම සහ පොලිසිය මැදිහත්කර බියපත් කිරීම සරල සිදුවීමක් නොවේ. 
 
අසාර්ථක පාලකයන්ට විරුද්ධ මත ඉවසාගැනීමට නොහැකිව සිදුකරන ලද ජන ඝාතන, අතුරුදහන් කිරීම් හා වධහිංසනයන් පිළිබඳ උදාහරණ ශ්‍රී ලංකාවේ එමටය. 
 
ලංකාව වැනි රටවල බලයට පත්වන ජනප්‍රිය, එහෙත්, බුද්ධියෙන් අඩු පාලකයන් පහසුවෙන් මර්දනයට හා රාජ්‍ය ත්‍රස්තවාදයට යොමුවිය හැකිය.
 
 
 
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් සමයේ එවැනි සිදුවීම් රැසක් සිදුවිය. එහෙත්, ඔහු බලයට පත්වීමෙන් පසු, පාලකයකු ලෙස අභියෝග රැසක් මධ්‍යයේ, බරපතල අසාර්ථකභාවයන් තුළ ගිලී ගිය ද ප්‍රතිවාදීන් මර්දනය සම්බන්ධයෙන් යම් විනයක්, පුනරුත්ථාපනය වූ ලක්ෂණයක් ඔහු වෙතින් දක්නට ලැබුණු බව අප කියන්නේ නිසි ගරුත්වයෙනි.
 
ආණ්ඩුවේ ඊනියා හිතවතුන් මේ උත්සාහ කරන්නේ ඒ විනය හා ඉවසීම බිඳදමා යළිත් පෝද්දල ජයන්තලාගේ අතපය කඩා බිඳදැමූ, ලසන්ත වික්‍රමතුංගලා අධි ආරක්ෂක කලාප තුළ මොට්ට ආයුධවලින් පහර දී හිස කුඩු කර මරාදැමූ ඒ ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරන්නද?
 
 
 
14468755 10154515841729326 850087604926106730 o(අජිත් පැරකුම් ජයසිංහ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
 
(උපුටා ගැනීම - praja.lk)
 
 
 

 
###############
 
The Leader TV
තරුණ තරුණියන් මේ ක්‍රමය වෙනස් කරන්න තීන්දුව ගත්ත දවසට මගේ පුතාත් මේ සටනට එයි - CBK
 

 

ලංකාවේ මූලික අයිතිවාසිකම් කියලා දෙයක් නෑ - මහාචාර්ය රෝහාන් සමරජීව

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

භාග්‍යා නොඉවසීම - අජිත් පැරකුම් ජයසිංහ | The Leader