The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සජිත් සිංහබාහු රනිල් සිංහයා ඇත්තෙන්ම විද මැරුවාද? - අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

March 17, 2021 • 4:34 AM

 සජිත් සිංහබාහු රනිල් සිංහයා ඇත්තෙන්ම විද මැරුවාද? - අජිත් පැරකුම් ජයසිංහ  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමගි ජන බලවේගයට අවුරුද්දක් පිරීම නිමිත්තෙන් හයිඩ් පිටියේ පැවති රැස්වීම අමතමින් සිටි එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායකට සිය කතාව අතරතුර එක් අවස්ථාවකදී සජිත් වෙනුවට රනිල් යයි
  • බලයේ සිටි පක්ෂයකින් ඉදිරිපත් වූ අලුත් ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඔහුට හොඳ තරගයක් දීමට පවා බැරි විය.    ඉන්පසු පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයේදී ද සමගි ජන බලවේගය අන්ත පරාජයකට පත්විය.
  • එම පක්ෂය සාර්ථක වූයේ එක්සත් ජාතික පක්ෂය විනාශ කර 1977න් පසු රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් පවා පළවා හැරීමෙන් හෙවත් සිංහයා මරාදැමීමෙනි.
  •   සිංහබාහු නාට්‍යයේ මෙන් නොව, එජාප සජබ ගැටුමේදී අපට හමුවන්නේ දැඩිලෙස වියපත්, ඉතා දුබල, දත් හැලුණු සිංහයෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):
වැරදීමකින් කියැවේ.
 
තිස්ස අත්තනායක එජාප මහලේකම්කම අතහැර රනිල්ගෙන් වෙන්වී මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරන්නට ගියේ 2014 අගභාගයේදීය. 
 
අවුරුදු හයකට වැඩි කාලයකට පසුව පවා තිස්සගේ අවිඥානයේ රනිල් හොල්මන් කරන්නේ ඇයිද යන්න මනෝවිද්‍යාත්මකව රසවත් කාරණයකි.
 
 
රනිල් යනු තිස්සලාගේ හා සජිත්ලාගේ දේශපාලනික පීතෘවරයා වන අතර ඔහු සිංහබාහු මෙන් ඔවුන් දැඩි විනයගත කිරීමකට, සීමාකිරීමකට ලක් කළේය. එහෙත්, ඉවසීම මඳ, බාහු බලයෙන් යුත්, එතරම් බුද්ධියකින් තොර මේ පුත්තු එක්සත් ජාතික පක්ෂය නම් ගල්ලෙන බිඳ එළියට ආහ.
 
 
එසේ පැමිණ ඉදිරිපත් වූ ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස අන්ත පරාජයකට පත්විය. බලයේ සිටි පක්ෂයකින් ඉදිරිපත් වූ අලුත් ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඔහුට හොඳ තරගයක් දීමට පවා බැරි විය. 
 
ඉන්පසු පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයේදී ද සමගි ජන බලවේගය අන්ත පරාජයකට පත්විය. එම පක්ෂය සාර්ථක වූයේ එක්සත් ජාතික පක්ෂය විනාශ කර 1977න් පසු රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් පවා පළවා හැරීමෙන් හෙවත් සිංහයා මරාදැමීමෙනි.
 
සිංහබාහු නාට්‍යයේ මෙන් නොව, එජාප සජබ ගැටුමේදී අපට හමුවන්නේ දැඩිලෙස වියපත්, ඉතා දුබල, දත් හැලුණු සිංහයෙකි. එහි වීරත්වයකට වඩා ඇත්තේ පීතෘඝාතක ක්‍රියාව පමණි. එහෙත්, සමගි ජන බලවේගය ඇත්තෙන්ම සිංහයා මරාදැමුවාද යන්න ද ප්‍රශ්නයකි.
 
එජාප නම් පීතෘවරයා ඝාතනය කිරීමට දැරූ උත්සාහයෙන් පසු සජබ නම් සිංහබාහුට කුමක් වීද? සමගි ජන බලවේගයට අවුරුද්දක් සපිරුණත්, තවමත් එය දේශපාලන පක්ෂයක් ලෙස ස්ථාපිත වීමට පදනම හෝ දමාගෙන ඇති බවක් හෝ නොපෙනේ. 
 
එය තවමත් මැතිවරණ පෙරමුණකින් එහාට නොගිය බලවේගයකි. 
 
එහි සිටින බොහෝ අය දේශපාලන ෆුට්බෝඩ්කාරයෝය. එම පක්ෂයේ නිල අයිතිය තිබුණු බව කියන ජාතික ලැයිස්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ පවා සජබ පාපුවරුවෙන් පොහොට්ටු පාපුවරුවට පැනගෙන හමාරය.
 
මෙම තත්වය උදාහරණයකින් පෙන්වාදීමට පුළුවන. සමගි ජන බලවේගයේ මතුගම නායකයා ලෙස හැඳින්විය හැක්කේ හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් පී. විතානයි. සජිත් ජනාධිපති අපේක්ෂකත්වය නිල වශයෙන් ප්‍රසිද්ධ කළ පළමු රැස්වීම මතුගම නගරයේ සංවිධානය කළේ ද ජගත් පී. විතානයි.
 
 එහෙත්, මහ මැතිවරණයේදී ඔහු පරාජය විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩී වෙනම පක්ෂයක් අටවාගත් කුමාර් වෙල්ගම සමගි ජන බලවේගයෙන් කලුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය.
 
සමගි ජන බලවේගයේ මතුගම ආසන සංවිධායකකම බලාපොරොත්තුවෙන් සිටි ජගත් පී. විතානට ගිය සතියේ සජිත් ප්‍රේමදාස විසින් ලබාදුන්නේ අගලවත්ත සංවිධායකකමයි. මතුගම සංවිධායක වනු ඇත්තේ කුමාර වෙල්ගම විය යුතුය.
 
සමගි ජන බලවේගය නම් සිංහබාහු විසින් එක්සත් ජාතික පක්ෂය නම් සිංහයා විද මැරුවාද? සිංහයාගේ තිබුණු මූලික ශක්තිය වූයේ එජාප ඒකාධිපති පක්ෂ ව්‍යවස්ථාවයි. නායකයාට අසීමිත බලයක් හිමිවන එම ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්ථාව එජාපයේ ශක්තිය මෙන්ම දුබලකම ද විය.
 
 
 
 
 රනිල් වික්‍රමසිංහ නායකත්වය දුන් යුගය තුළදී එජාප තුළ ශක්තිමත් දෙවන පෙළක් ගොඩනොනැගෙන්නට එක් ප්‍රධාන හේතුවක් වන්නේ මෙම ව්‍යවස්ථාවයි. සජිත් ප්‍රේමදාසට එජාප නායකත්වය දක්වා පක්ෂය තුළින් ඉදිරියට පැමිණෙන්නට බැරිවන්නේ එම ව්‍යවස්ථාව නිසායි.
 
සජබ ව්‍යවස්ථාව එජාප ව්‍යවස්ථාවෙන් වෙනස්ද ?
 
 
සමගි ජන බලවේගය විසින් ව්‍යවස්ථාවක් සම්පාදනය කර සම්මත කරගෙන තිබේ. එය සජබ වෙබ් අඩවියෙන් හෝ වෙනත් මාර්ගයකින් සොයාගත නොහැකි විය. 
 
කෙසේ වෙතත්, ප්‍රායෝගිකව එම ව්‍යවස්ථාව එජාප ව්‍යවස්ථාවෙන් වෙනස්දැයි සොයාගත හැකි මාර්ගයක් තිබේ. 
 
මේ වන විටත්, සජබ දෙවන පෙළ සම්බන්ධයෙන් ගැටුමක් තිබේ. සජිත් ප්‍රේමදාස සජබ ජනාධිපති අපේක්ෂකවරයා වෙනවා නම්, අගමැති අපේක්ෂක වනු ඇත්තේ කවුරුද? චම්පික රණවකද? සරත් ෆොන්සේකාද? රංජිත් මද්දුම බණ්ඩාරද? තිස්ස අත්තනායකද? ලක්ෂ්මන් කිරිඇල්ලද? වෙන කවුරුහරිද? එහෙමත් නැතිනම්, ජලනි ප්‍රේමදාසද? මෙවැනි කාරණා ප්‍රජාතාන්ත්‍රික අයුරින් විසඳාගැනීමට සජබ සමත් වේද?
 
සජිත් ප්‍රේමදාස නම් සිංහබාහු රනිල් වික්‍රමසිංහ නම් සිංහයා ඇත්තටම විද මැරුවාදැයි දැනගත හැකිවන්නේ එවිටයි.
 
 
(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක 
 
(උපුටා ගැනීම - praja.lk)
 
 

 

කිව්වේ නම් කාබන් නැති පරිසයක්! හදන්නේ ඔක්සිජන් නැති බිමක්!
මේ ආණ්ඩුව කැළයත් එක්ක තරහද?

 

 

අද පවතින පසුගාමී ලාංකේය සමාජය ජාතික චින්තකයන්ගේ වැඩක්! - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සජිත් සිංහබාහු රනිල් සිංහයා ඇත්තෙන්ම විද මැරුවාද? - අජිත් පැරකුම් ජයසිංහ | The Leader