The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මතවලට මතවලින් මුහුණදෙන්න; මර්දනය අතට නොගන්න' -අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

March 18, 2021 • 12:05 PM

 මතවලට මතවලින් මුහුණදෙන්න; මර්දනය අතට නොගන්න' -අජිත් පැරකුම් ජයසිංහ  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුස්ලිම් දේශපාලන නායකයකු හා හිටපු ආණ්ඩුකාරවරයකු වන අසාද් සාලි අත්අඩංගුවට ගෙන තිබේ. තමන් රජයේ නීතියට ගරු නොකරන බව හා ගරු කරන්නේ මුස්ලිම් නීතියකට බව ඔහු විසින් කරන ලද ප්‍රකාශයක්
  • එහෙත්, හුදු මතයක් ප්‍රකාශ කිරීම හේතුවෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම පරිස්සමින් කළ යුතු දෙයකි.
  •   රටේ පවතින නීතිය ධනපති නීතිය ලෙස සඳහන් කරමින් තමන් එය පිළිනොගන්නා බව මාක්ස්වාදීන් ඕනෑතරම් ප්‍රකාශ කර තිබේ.    බෞද්ධ භික්ෂූන් හා ඇතැම් බෞද්ධයන් පවා ‘බෞද්ධ නීතියක්’ ගැන කතා කළ අවස්ථා තිබේ.
  •   අසාද් සාලි දීර්ඝකාලීනව සිරකර තබාගැනීමේ අරමුණක් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ කරන ප්‍රකාශයෙන්ම පෙනේ.
අකුරු ප්‍රමාණය (Font Size):
එයට හේතු වී තිබේ. 
 
 

ඔහුගේ මතය ප්‍රශ්න කළ හැකිය. එම මතයට එරෙහිව අදහස් පළ කළ හැකිය. ප්‍රතික්ෂේප කළ හැකිය. එහෙත්, හුදු මතයක් ප්‍රකාශ කිරීම හේතුවෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම පරිස්සමින් කළ යුතු දෙයකි.
 
රටේ පවතින නීතිය ධනපති නීතිය ලෙස සඳහන් කරමින් තමන් එය පිළිනොගන්නා බව මාක්ස්වාදීන් ඕනෑතරම් ප්‍රකාශ කර තිබේ. 
 
බෞද්ධ භික්ෂූන් හා ඇතැම් බෞද්ධයන් පවා ‘බෞද්ධ නීතියක්’ ගැන කතා කළ අවස්ථා තිබේ.
 
 
 
 
 හෝමාගම අධිකරණ භූමියේ දී සන්ධ්‍යා එක්නැලිගොඩට බැන වැදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් දඬුවම් ලැබූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරයේදී සිවුර ගලවා සාමාන්‍ය සිරකරුවන්ගේ ඇඳුම ඇඳීම ප්‍රතික්ෂේප කළේ එවැනි තර්කයකිනි.
 
 
 
අසාද් සාලිගේ මතය හේතුවෙන් ජාතීන් අතර භේදයක් ඇතිවන බව ප්‍රකාශ කරමින් ඔහු අත්අඩංගුවට ගන්නේ නම් එය තවත් වරක් ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත අවභාවිතා කිරීමක් විය හැකිය. 
 
ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතියෙහි අරමුණ පුද්ගලයන්ගේ අදහස් ප්‍රකාශනයේ නිදහසට බාධාකිරීම නොවේ.
 
 
 

blast feat

මෙම සිද්ධියෙන් පසුව, අසාද් සාලි පාස්කු ප්‍රහාරයට සම්බන්ධදැයි අත්අඩංගුවට ගෙන විමර්ශනය කරනවා නම් එය බරපතල පොලිස් අකාර්යක්ෂමතාවකි. 
 
 
 
මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර වැනි ආන්තික අදහස් දරණ පුද්ගලයන් මේ සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රකාශ නිසා පාස්කු ප්‍රහාර විමර්ශනයේ ඇත්ත අරමුණු ගැන සැක සංකා මතුවීම වැළැක්විය නොහැකිය. 
 
සාලි එම ප්‍රහාරයට සම්බන්ධ බව මෙතෙක් කල් දැන සිටියේ නැද්ද? පාස්කු ප්‍රහාර චෝදනාව දැන් භාවිතා කරන්නේ විරුද්ධ මත දරන දේශපාලකයන් දඩයම් කිරීමටද?
 
අසාද් සාලි දීර්ඝකාලීනව සිරකර තබාගැනීමේ අරමුණක් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ කරන ප්‍රකාශයෙන්ම පෙනේ.
 
 
 දේශපාලනික අරමුණු වෙනුවෙන් හා පළිගැනීමේ චේතනාවෙන් පුද්ගලයන් අනවශ්‍ය පරිදි සිරකර තබාගැනීම සඳහා නීතිය අවභාවිතා කිරීම රටකට හොඳ දෙයක් නොවේ.
 
 
 
ආගම් ඇදහීම හා අදහන ආකාරය පුද්ගල නිදහසට අයත් දෙයකි. පන්සල් යාම අනිවාර්ය කරන බවට අගමැති මහින්ද රාජපක්ෂ විසින් පසුගියදා කරන ලද ප්‍රකාශය ද ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත යටතේ වැරදි ප්‍රකාශයක් විය හැකිය. 
 
එහෙත්, මෙවැනි මත පළ කළ පමණින් එම පුද්ගලයන්ට එරෙහිව ක්‍රියා කිරීම සඳහා නීති අර්ථකථන නොකළ යුතුය. මතවලට මුහුණදිය යුත්තේ මතවලිනි.
 
මතවලට බියෙන් මර්දනය අතට ගන්නේ අසාර්ථක ආණ්ඩුවල අසාර්ථකම අවධිය එළඹුණු විට විය හැකිය. 
 
සාලි සමග අපගේ කිසිදු සම්බන්ධයක් හෝ දේශපාලන පක්ෂපාතීත්වයක් නැත. අප මෙම අදහස පළකරන්නේ අද සාලිට තබන අත හෙට වෙන කාට හෝ තැබිය හැකි බැවිනි.
 
 
(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක 
###############
 
 

 

ICCPR පනත රටට හානියක්! වහාම වෙනස් කළ යුතුයි. - රොහාන් සමරජීව 

කිව්වේ කාබන් නැති පරිසයක්! හදන්නේ ඔක්සිජන් නැති බිමක්! - මේ ආණ්ඩුව කැළයත් එක්ක තරහද? 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...