The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

භාග්‍යාට බය ඇයි? - විමලනාත් වීරරත්නගේ පුංචි පුංචි සටහන්

T

The Leader Desk

March 21, 2021 • 10:32 AM

භාග්‍යාට බය ඇයි? - විමලනාත් වීරරත්නගේ පුංචි පුංචි සටහන් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රටේ විපක්ෂය හා ජනමාධ්‍ය විසින් කළ යුතුව තිබෙන කාර්යභාරය කරන්නට සිදුව තිබෙන්නේ දරුවන්ට හා කාන්තාවන්ටය.
  •   එහෙත් ප්‍රශ්නය වන්නේ දේශපාලනඥයාට වෘත්තීය අයිතියක් ලෙස ලැබී ඇති ආණ්ඩුව විවේචනය කිරීම භාග්‍යා වැනි දැරියන් අතට ගත් විට ආණ්ඩු එය ජනතාව සීමාව ඉක්මවා යාමක් ලෙස සිතීමය.
  • භාග්‍යා කළේ රජතුමා නිරුවතින් යන බව කෑගසා කී කොලූවා කළ ආකාරයේ වැඩකි.
  • ආණ්ඩුවේ ජය හෝ පරාජය ඇත්තේ එහිය.    ආණ්ඩුව භාග්‍යාටත් බය ඇය පැහැදිලිවම මහජනයාගේ මෙන්ම අනාගත පරම්පරාවේ සුපසන් නියෝජනයක් බව පෙනෙන නිසාය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
භාග්‍යා අබේරත්න දැරිය පසුපස පොලිසිය හා වන නිලධාරීන් හඹා යෑම ගැන ජවිපෙ සමන්ත විද්‍යාරත්න කීවේ අපි මේවා කලින් කියලා තියනවා, අපි පසුපසත් හඹා එන්න කියාය. 
 
එහෙත් දේශපාලකයන් සෙසු දේශපාලකයන්ගේත් වෘත්තියට ඉඩදිය යුතුය යන තර්කය මත අනුර දිසානායක, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස වැනි කවුරු වුව ආණ්ඩුවේ අනුග්‍රහයෙන් හැම තැනම වන විනාශයක් සිදුවන බව කීවත් ඔවුන් පසුපස කරුණු විමසීමට යන පොලිසියක් නැත. 
 
ඒ අනුව ගෝඨාභය සමන්තගේ ජොබ් එක කිරීමට සමන්තට ඉඩදී තිබේ. වත්මන් විපක්ෂ කණ්ඩායම බලයේ සිටියදී වුවත්, රාජපක්ෂ කඳවුරේ විවේචනවලට ඕනෑතරම් ඉඩ දී තිබුණි.
 
එහෙත් ප්‍රශ්නය වන්නේ දේශපාලනඥයාට වෘත්තීය අයිතියක් ලෙස ලැබී ඇති ආණ්ඩුව විවේචනය කිරීම භාග්‍යා වැනි දැරියන් අතට ගත් විට ආණ්ඩු එය ජනතාව සීමාව ඉක්මවා යාමක් ලෙස සිතීමය. භාග්‍යා කළේ රජතුමා නිරුවතින් යන බව කෑගසා කී කොලූවා කළ ආකාරයේ වැඩකි.
 
Devanee Bhagya Shukra
කෙසේ වෙතත් විපක්ෂයට හා ජනමාධ්‍යයට බැරි වැඩ දේවානි කළාය. භාග්‍යා ඒ හඬ නැගුවාය. මීට පෙර ශුක්රා මුහව්වර් දැරිය ආදරය ගැන පාඩමක් කියා දුන්නාය. විපක්ෂය විවේචන ටොන් ගණන් කළත්, ආණ්ඩුව ගණන් ගන්නේ නැත. එහෙත් ජනතාව අතරින් එම විවේචන පැන නගිනවාට ආණ්ඩුව බයය.
 
ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය ගැන ජාතිය ඇමතීමකදී විවේචනයක් කළේ ඒ නිසාය. නන්දසීනී කීමට සමාජ මාධ්‍යයට මිස අන් කිසිවකුට නොහැකිය. ආණ්ඩුවේ ජය හෝ පරාජය ඇත්තේ එහිය. 
 
ආණ්ඩුව භාග්‍යාටත් බය ඇය පැහැදිලිවම මහජනයාගේ මෙන්ම අනාගත පරම්පරාවේ සුපසන් නියෝජනයක් බව පෙනෙන නිසාය.
 
 
 
වසර 25කට පසු ක්‍රිකට් ?
 
arjuna ranatunga world cup 640x400 1 
 
ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදියකු වන දමින්ද විජේසූරිය, ලංකාව ක්‍රිකට් ලෝක කුසලාන දින වසර 25ක් ගතවීම නිමිත්තෙන් 2021 මාර්තු 17 ලංකාදීප පුවත්පතට ලියූ සටහනක මෙසේ සඳහන්ව තිබුණි. 
 
”රන්ජන් මඩුගල්ලේගේ නායකත්වයෙන් යුතුව 87-88 බෙන්සන් ඇන්ඞ් හෙජස් ලෝක ශූරතා තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවට ගිය යොවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තමන්ගේ තරගයට කෙතරම් ආදරය කළාද යත් අවසන් ඕවරයේදී හෝ ඕවර දෙකේදී තරගයක් පරාජය වූ කල්හි කණ්ඩායම් කාමරයට වී හඬා වැටුණහ. අර්ජුන, අරවින්ද, රොෂාන්, හෂාන් සමග ගුරුසිංහත් ඒ හඬා වැටුණු කණ්ඩායමේ සිටියහ. කණ්ඩායමක් ලෙසින් තරග කිරීමත් ජයග්‍රහණයට ලොල්වීමත් ආරම්භ වූයේ එතැනිනි.”
 
අද තත්ත්වය කොහොමද? මැච් එකක් පැරදුණාට හඬන්නට යැයි අපි නොකියමු. එහෙත් වෘත්තීයමය ක්‍රිඩාවක නිරතවීම පිළිබඳ මඬනා ලද හැඟීමක් ක්‍රීඩකයන්ට තිබිය යුතුය. 
 
මෙරට වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයන් සිය විශේෂඥතා දියුණු කරගන්නවාට වඩා ක්‍රීඩාවට යොමුවීම නිසා ලැබුණු දිදුලන ජීවිතය විඳින බව පෙනේ. ජීවිතය විඳිය යුතු දෙයක් බව සැබෑය. 
 
ප්‍රේමසර ඈපාසිංහ මහතා ක්‍රීඩා විස්තර විචාරයේදී නිතර කියන දෙයක් වූයේ ක්‍රීඩකයන් තවත් රටක ගොස් ක්‍රීඩා  කළ යුත්තේ ක්‍රීඩා තානාපතිවරුන් යන අරුතින් බවය. 
 
එකල ක්‍රීඩකයෝ ක්‍රීඩාවටම කැපවීමෙන් එම කාරණය සනාථ කළහ. මෙකල ක්‍රීඩකයන් පුද්ගලික ප්‍රශ්න ක්‍රීඩාව  තුළට ගෙන ආ අවස්ථා තිබුණි. 
 
අර්ජුන, ක්‍රීකට් ටික හදා දෙන්නැයි අගමැතිගෙන් හා ක්‍රීඩා ඇමතිගෙන් අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී ඉල්ලීමක් කළේය. 
 
ඒ දෙදෙනාට ක්‍රිකට් හදන්නට නොහැකිය. එය කළ හැක්කේ ක්‍රීඩකයන්ටමය. 
 
ඒ විෂය පිළිබඳ සිය ආකල්ප සාධනීයව වෙනස් කර ගැනීමෙනි. අනතුරුව කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරීමෙනි.
 
  
WimalanathWවිමලනාත් වීරරත්න
 
(උපුටා ගැනීම - ravaya.lk)

 

 

 


 

 

The Leader TV

සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ ආණ්ඩුවේ සැබෑ අරමුණ - රොහාන් සමරජීව

 

මේ මහා වන සංහාරයට මුල ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීන්දුවක් ! - සජීව චාමිකර

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...