The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'අපි අලූත් හොරෙක් වෙනුවට අලූත් මිනිසෙක් සොයමු.' -විමලනාත් වීරරත්න

T

The Leader Desk

March 27, 2021 • 2:16 PM

'අපි අලූත් හොරෙක් වෙනුවට අලූත් මිනිසෙක් සොයමු.' -විමලනාත් වීරරත්න  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔබ දන්නවාද ශ්‍රී වික්‍රම නර නිඳුන්ගේ ප්‍රේමී අපි යන්න ගියේ නෞකාවක පිටුවහල්ව පාවී මේ බිමට ආදරෙයි වෙන්කත රංගමාල් දේවී
  • එහෙත් රත්න ශ්‍රී විජේසිංහයෝ වෙන්කත රංගමාල් දේවියන් රජු සේම රටට ආදරය කළ බව ඇගේ ආත්මය පාරා කීමට උක්ත ගීතය රචනා කරති.
  • ඒ කාටත් රටට ප්‍රතිපක්ෂ පුද්ගලික අපේක්ෂා තිබිණි.    පුද්ගල අපේක්ෂාවලින් තොරව තමන් නිරත විෂයට ආදරය කරන්නන් කෙරෙහි අප සමාජයක් හැටියට අවධානය යොමු කරනවා අඩුය.    පරිවාරයේ සිටින්නාගේ ආත්මීය ගැඹුර සෙවීම අපෙන් ගිලිහී ඇත.
  •   රත්න ශ්‍රී කවියාට මම මාර්තු 24 දා දුරකථනයෙන් ඇමතුම් දෙකක් දුන්නත් ඔහු සම්බන්ධ කරගත නොහැකි විය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
අධිනිශ්චය වු කාරණය වුයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රටට ආදරය කළ බවය. එහෙත් රත්න ශ්‍රී විජේසිංහයෝ වෙන්කත රංගමාල් දේවියන් රජු සේම රටට ආදරය කළ බව ඇගේ ආත්මය පාරා කීමට උක්ත ගීතය රචනා කරති.
 
අප මෙතෙක් බලා සිටියේ දේශපාලකයන් රටට කරන තෙක්ය. ඒ කාටත් රටට ප්‍රතිපක්ෂ පුද්ගලික අපේක්ෂා තිබිණි. 
 
පුද්ගල අපේක්ෂාවලින් තොරව තමන් නිරත විෂයට ආදරය කරන්නන් කෙරෙහි අප සමාජයක් හැටියට අවධානය යොමු කරනවා අඩුය. 
 
පරිවාරයේ සිටින්නාගේ ආත්මීය ගැඹුර සෙවීම අපෙන් ගිලිහී ඇත.
 
රත්න ශ්‍රී කවියාට මම මාර්තු 24 දා දුරකථනයෙන් ඇමතුම් දෙකක් දුන්නත් ඔහු සම්බන්ධ කරගත නොහැකි විය. පසුදා දහවල් කතා කළ විට කීවේ ඊයේ තමා රක්වානේ ළමයා බැලීමට ගිය බවය. ඒ භාග්‍යා අබේරත්න බව මට සිහි විය. 
 
වෙන්කත රංගමාල් දේවිය ගැන රත්න ශ්‍රී අපට බලන්නට සැලැස්වු දෘෂ්ටිය භාග්‍යා, දේවානි වැනි අය වෙනුවෙන් ඉහළින්ම අදාළ කරගත හැකිය.
 
 yty
වෙන්කත රංගමාල්, දේවානි සහ භාග්‍යා
 
 
පරිසරය රැක දෙන ලෙස අප ඉල්ලා සිටිය යුත්තේ ගෝඨාභයගෙන්ද, සජිත්ගෙන්ද, අනුර දිසානයකගෙන්ද ? මම හිතන හැටියට ඒ කාගෙන්වත් නොවේ. එය පොදු ජනයාගේ වැඩකි. 
 
රංගමාල් දේවිය රජුගේ බිසව වුවත් ජනතාව ඇය සැලකුවේ රාජ්‍ය කටයුතු වලින් විතැන්වය. 
 
එහෙත් ඒ ක්ෂුද්‍ර ලෝකයේ සිට ඇයත් රටට ආදරය කරන්නට ඇත.
 
 අප, අප නොසිතන මිනිසුන්ගේ ලෝකවලට එබී බැලිය යුත්තේ එනිසාය. 
 
අනපේක්ෂිත මිනිස්සු අලූත් ලෝක ඉදි කරති. 
 
බඬේ බිජු තියාගෙන ක්‍රියා කරන නායකයන්ට වඩා දේවානිලාගේ හා භාග්‍යාලාගේ ලෝකය තව එළි පෙහෙළි කරගත යුතු නැද්ද ? 
 
ඔවුන්ගේ ආදරය, අවංකභාවය හා මැදිහත්වීම රටේ දෙකෝටියම පිළිගත යුතු නැද්ද ?
 
ජීවිතේ අලූත් කවුළු පියන් පතක් විවර කළ යුතුව ඇත.
ඒ අලූත් සුළඟක් හමා එනු පිණිසය.
ඉඳින් අපි අලූත් හොරෙක් වෙනුවට
අලූත් මිනිසෙක් සොයමු.
 
(විමලනාත් වීරරත්න)
රාවය කර්තෘ 
 
 
( ravaya.lk හි පුංචි-පුංචි-සටහන් විශේෂාංගයෙන් උපුටා ගන්න ලදී)

 

 

 


 

 

 
 
The Leader TV

 

 

බෙල්ල දෙන්න එන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ?

 

එයාපෝට් PCR පරීක්ෂණ හොර පාරෙන් පෞද්ගලික රෝහලකට ?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'අපි අලූත් හොරෙක් වෙනුවට අලූත් මිනිසෙක් සොයමු.' -විමලනාත් වීරරත්න | The Leader