The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ප්‍රමිති ලොක්කි සිද්ධිකා නොකියා කියපු බරපතලම කතාව?

T

The Leader Desk

April 6, 2021 • 8:13 AM

ප්‍රමිති ලොක්කි සිද්ධිකා නොකියා කියපු බරපතලම කතාව? 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී වස විස ඇති දේශීය ආහාර ද්‍රව්‍
  •   එහිදී ඇය මෙසේ පවසයි.
  •     දේශීය සමාගම්වලට දඬුවම් කර ඔවුන්ගේ ව්‍යාපාර තහනම් කරනවා වෙනුවට ඔවුන්ට කාලයක් දී ඒවා නිවැරදි කර ගත යුතු බව ඇය එහිදී පැහැදිළිව පවසයි.
  •   බොහෝ දෙනෙක් නොදන්නා කරුණ නම් මේ දේශීය නිෂ්පාදන කර්මාන්තශාලා තුළ කිසිදු රසායනාගාරයක් හෝ තත්ත්ව පරීක්ෂණ නිලධාරීන් නොමැති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
ය නියාමනය කරන තෙක් ඒවා ජනතාවට කෑමට සිදුවන බවත්, දේශීය ආහාර වර්ග නියාමණය කිරීමට තම කාර්යාංශයට බලයක් නොමැති බවත් පැවසු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් සිද්ධිකා සේනාරත්න දඬුකඳේ ගැසීමට බොහෝදෙනෙකු උනන්දුවන බවක් පෙනේ.
 
මෙම රුපවාහිනී සාකච්ජාවේ අදාල දෙබස ආරම්භ වන්නේ ප්‍රශ්න විචාරකයා විසින් දේශීය පොල්තෙල් වලත් අෆ්ලාටොක්සින් විෂකාරකය තිබේද යන ප්‍රශ්නය මතුකිරීමත් සමඟය.
 
එහිදී ඇය මෙසේ පවසයි.
 
 
දේශීය සමාගම්වලට දඬුවම් කර ඔවුන්ගේ ව්‍යාපාර තහනම් කරනවා වෙනුවට ඔවුන්ට කාලයක් දී ඒවා නිවැරදි කර ගත යුතු බව ඇය එහිදී පැහැදිළිව පවසයි.
 
බොහෝ දෙනෙක් නොදන්නා කරුණ නම් මේ දේශීය නිෂ්පාදන කර්මාන්තශාලා තුළ කිසිදු රසායනාගාරයක් හෝ තත්ත්ව පරීක්ෂණ නිලධාරීන් නොමැති බවයි.
 
වසර 100 ක් ගත වුවත් තවම පොල් අඹරන්නේ සම්ප්‍රදානුකූල ආකාරයටය. 
 
නිෂ්පාදනයට ගන්න කොප්පරා පරීක්ෂා කිරීමක් ද සිදු නොවේ.
 
1980 සිට පොල්තෙල් හෝ පාම් තෙල් ආනයනයෙන් රජය රැස්කර ගත් මුදලෙන්  1% ක් හෝ පොල්තෙල් කර්මාන්තයේ සුභසිද්ධියට යොදවා නොමැත.
 
මෙරට නිෂ්පාදනය කරන සහල්, තිරිඟු, තුනපහ, අමුමිරිස් ආදී කිසිඳු ආහාර ද්‍රව්‍යයක ප්‍රමිතිය පරික්ෂාවට ලක්නොවේ. 
 
 
කන බොන සියලු ආහාර ද්‍රව්‍ය මිනිස් පරිභෝජනයට සුදුසු ද ? නැද්ද ? යන්න සොයා බැලීමේ වගකීම ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය වෙතයි. එහෙත් මෙහිදී සෞඛ්‍ය බලධාරීන් මෙහිදී නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටියි.
  
බොහෝ දෙනා මෙම සිද්දිකා සේනාරත්නගේ ප්‍රකාශය ආනයනය කරන ලද පොල්තෙල් කරුවන් ආරක්ෂා කරනවා යයි හැගෙන ආකාරයට සමාජ ගත කරන්න උත්සාහ කරමින් සිටියි.
 
අද වෙළඳ තරඟකාරීත්වය තුල පවා ඇමෙරිකාව, චීනය, ඉන්දියාව, ජර්මනිය, මැලේසියාව වැනි රටවල් තමන්ගේ  රටවල දේශීය නිෂ්පාදිතයා ආරක්ෂා කිරීමට නොබියව ඉදිරිපත් වේ.
 
එ අනුව අපි බැලිය යුත්තේ ඇය ප්‍රකාශයේ අන්තර්ගතයි. 
 
එනම්, මෙරට සියළුම වැසියන් ජාති, ආගම්, කුල මල පක්ෂ පාට බේදයකින් තොරව වස විස කමින් සිටින බවයි. ඒවා පාලනය කිරීමට ශක්තිමත් යාන්ත්‍රණයක් මෙරට පාලනය කල කිසිඳු ආණ්ඩුවක් විසින් හඳුන්වා දී නොමැති බවයි. 
 
 
 
ඔබ නැරඹිය යුතුම වීඩියෝවක් !
 
'සිරස -ලක්ෂපති' වැඩසටහනට සහභාගිවුවෙක් එබව පැහැදිලි කරමින් සිදුකරන පහත ප්‍රකාශය ගැන ශ්‍රී ලාංකීය අප සැමගේම අවධානය යොමුකිරිම අතිශයින්ම වැදගත්වේ.
 
 
 
(විශේෂ ලියුම්කරුවකු විසිනි)

 

 


 

 

THE LEADER TV
 
 

සීතා - දමිත හුටපටේ...!

 

 

'ස' ගොනාට අන්දන්න අම්බලන්ගොඩින් මර්වින් කෙනෙක් ?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ප්‍රමිති ලොක්කි සිද්ධිකා නොකියා කියපු බරපතලම කතාව? | The Leader