The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

විවාහක රූ රැජින තරගය නින්දිතයි. අශිෂ්ටයි.

T

The Leader Desk

April 6, 2021 • 10:09 AM

විවාහක රූ රැජින තරගය නින්දිතයි. අශිෂ්ටයි.

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගය ඉතාම නින්දිත කිරුළු පැළඳීමකින් අවසන් වුනා කියන එකයි අපේ හැඟීම.
  •   දික්කසාද වූ කෙනෙකුට අවිවාහක රූ රැජින තරගයකට ඉදිරිපත් විය හැකිද?    අප දන්නා තරමින් දික්කසාද වූ, වෙන් වූ, හෝ ගැබ්ගත් කිසිවෙකුට අවිවාහක රූ රැජින තරගයට ඉදිරිපත් විය නොහැකියි.
  •   මේ තරග සංවිධායකයන් සහ හිටපු විවාහක රූ රැජින මෙසේ අමානුෂික ලෙස වේදිකාවෙන් බැහැර කළ ගැහැණියගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි.
  • එමගින් සමාජයේ වෙසෙන සුවහසක් දික්කසාද කාන්තාවන්ට ඇති කළ සිත් රිදවීම වෙනුවෙන් තමන්ගේ කණගාටුව පළ කල යුතුයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
නෙළුම් පොකුනේ පැවැත්වුනු මේ තරගයෙදි කිරුළ ලබාගන්නේ පුෂ්පිකාද සිල්වා. 
 
නමුත් වේදිකාවට ගොඩවෙන හිටපු විවාහක රූ රැජින මේ ජයග්‍රාහිකාව දික්කසාද වී ඇති බැවින් කිරුළට නුසුදුසු බව කියමින් පුෂ්පිකාගේ කිරුළ ගලවා දෙවෙනි තැන හිමි කාන්තාවට එය පළඳනවා. 
 
පුෂ්පිකා වේදිකාවෙන් ඉවත්ව යනවා. ශාලාව පුරා හූ හඬ නැගෙනවා.
 
juri
කිරුළ හිමි විවාහකයින්ට මිස දික්කසාද අයට නොවේ යි කියමින් කැරලින් ජූරි ජයග්‍රාහිකාවගේ කිරුළ ගලවයි.
 
 
 ජයග්‍රහනය හිමි විවාහක රූ රැජිනියො දෑත් ඔසවාගෙන සතුට බුක්ති විඳිනවා. කසාද ගෑනු ටික එකතු වෙලා දික්කසාද ගෑනිව පලවා හරිනවා.
 
මේක යම් ආකාරයක පිටපතක් අනුව සිදුවුනා වෙන්න පුළුවන්. 
 
කැරලින් එයා විසින්ම විරෝධය දැක්වුවා වෙන්නත් පුළුවන්. 
 
නමුත් මෙතනින් සමාජගත කරන පණිවුඩය ඉතාමත් පහත් එකක්. නොදියුණු එකක්.
 
 ලංකාවේ විවාහක රූ රැජිනියක් වීමේ ගෞරවය සදහටම මේ දවස විසින් අවසන් කරනවා.
 
තරගය සඳහා නියමිත සුදුසුකම් සපුරා නැත්නම් කළ යුතුව තිබුනේ ඇයව තරගයට ඉදිරිපත් නොකිරීමයි. 
 
එය යම් විදිහකින් නොදැන සිටි හෝ වසන් කළ දෙයක් නම් කල් ඇතුව එම තත්වය විසඳා ගැනීමයි. 
 
 dfgdghr
වේදිකාව උඩදි දික්කසාද වීම නුසුදුසුකමක්, හිස පළන් කිරුළ පවා නැවත අහිමි විය හැකි තත්වයක් බවට පත් කිරීමෙන් කරන්නෙ වෙන්ව තනිව ජීවත්වෙන ගැහැණුන්ට අපහාස කිරීමක් මිස අනෙකක් නෙමෙයි. 
 
හූ හඬ නැගිය යුත්තේ කැරොලින්ට සහ තරග සංවිධායකයන්ටයි.
 
දික්කසාද වූ කෙනෙකුට අවිවාහක රූ රැජින තරගයකට ඉදිරිපත් විය හැකිද? 
 
අප දන්නා තරමින් දික්කසාද වූ, වෙන් වූ, හෝ ගැබ්ගත් කිසිවෙකුට අවිවාහක රූ රැජින තරගයට ඉදිරිපත් විය නොහැකියි. නැත්නම් එවන් කාන්තාවන්ගේ සුන්දරත්වය ඇගයුමට දික්කසාද රූ රැජින තරගය යනුවෙන් අපවාදාත්මක ස්වරූපයේ තරගයක් වෙනම පැවැත්විය යුතුද?
  
කවර තරගයක වුවද අවසානයේදී වැදගත් වන්නේ ඉන් සමාජගත කරන පණිවුඩයයි. 
 
එය තමන්ගේ විවාහයෙන් වෙන්වීම නුසුදුසුකමක්, පලවා හැරීමට කාරණයක් යන්න නම් ඒ තරගය ශිෂ්ට සමාජයකට ගැලපෙන එකක් නෙමෙයි.
 
මේ තරග සංවිධායකයන් සහ හිටපු විවාහක රූ රැජින මෙසේ අමානුෂික ලෙස වේදිකාවෙන් බැහැර කළ ගැහැණියගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි. එමගින් සමාජයේ වෙසෙන සුවහසක් දික්කසාද කාන්තාවන්ට ඇති කළ සිත් රිදවීම වෙනුවෙන් තමන්ගේ කණගාටුව පළ කල යුතුයි.
 
 

THE LEADER TV

පොට් සිටි කොමිසෙන් රටට වෙන දේ - ආචාර්ය රොහාන් සමරජීව

 

සීතා - දමිත හුටපටේ...!

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...