The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ලිංගික ආබාධ ඇති අයට සතුට සැපයු මනුස්සයෙක් සහ අමුනුස්ස පොලිසියක්

T

The Leader Desk

April 8, 2021 • 6:44 AM

ලිංගික ආබාධ ඇති අයට සතුට සැපයු මනුස්සයෙක් සහ අමුනුස්ස පොලිසියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීගමුව පැත්තේ ලිංගික ආබාධ සහිත ජෝඩුවලට නොමිලේ ලිංගික සතුට ලබා දුන්නා කියල මනුස්සයෙක්ව අත්අඩංගුවට අරගෙන.
  •     (Faculty of Sex)             THE LEADER TV   රට කෑ කැරොලයින් නාඩගමේ තිරයෙන් පිටුපස කතාව!
  •   මේකද පොලිසිය විසින් කරන මහජන සේවය?
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
මේ මනුස්සයා ෆේස්බුක් එකේ දැන්වීමක් දාලා තියෙනවා ඒ සේවය අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් තමන් අමතන්න කියල. 
 
එහෙම සේවය ඉල්ලා සිටි පවුල් කීපයකට සේවය සපයලත් තියෙනවා. 
 
තමන්ට බලහත්කාරකමක් කළා හෝ අපහරණයක් කළා හෝ කියන කිසිදු පැමිනිල්ලක් ඒ කිසි කෙනෙකුගෙන් ඇවිල්ලත් නෑ. 
 
ඒත් පොලිසියෙ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ට පොලිස්පතිවරයා මේ දැන්වීම දැකපු ගමන් කලබල වෙනවා.  
 
කොහොම හරි මේ මනුස්සයාව අල්ලන්න කියල නියෝග කරනවා. 
 
ඒ ඇයි?කවුරුන් හෝ තමන්ගේ කැමැත්තෙන් තව කෙනෙකුගේ ලිංගික සහායක් ලබා ගැනීම වරදක් වෙන්නෙ කොහොමද? 
 
මෙතන මුදල් අයකිරීමක් සිදුවෙලා නැති නිසා මේක ගණිකා වෘත්තියේ යෙදීමක් හැටියට ගන්නත් බෑ. 
 
 

article 2121681 0023F71200000258 317 308x185ඒ වගේම තමන් විසින් ගණිකා වෘත්තියේ යෙදෙන කෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම වැරදියි කියල දුන් ප්‍රසිද්ධ නඩු තීන්දුත් තියෙනවා.

 
ඊට පස්සෙ පොලිසියෙ සැරයන්වරියකුත් යොදාගෙන ලිංගික දුබලතා ඇති ජෝඩුවක් විදිහට රඟපාලා මේ මනුස්සයාව මගට ගෙනල්ලා අල්ලනවා. 
 
සිවිල් පිට තව පිරිස් යොදවලා මේ වෙනුවෙන් මහා මෙහෙයුමක් කරනවා. 
 
 ඊළඟට මේ මනුස්සයාගෙ කසාද බිරිඳවත් ගෙනල්ලා මේ නාට්‍යය විනාශයක් දක්වා අරන් යනවා.
 
විධායක අංශයේ රැකියාවක නියුතු මේ මනුස්සයා කිසිවෙකුට හානියක් නොවන පරිදි පවත්වාගෙන ගිය තමන්ගේ රහස් ජීවිතය පොලිසිය විසින් නින්දිත බලහත්කාරයක් පාවිච්චි කරලා එලිදරව් කරනවා. 
 
ලිංගික ආබාධ සහිත පවුල්වල පිරිමියා සහ ගැහැණිය යන දෙන්නාටම අවශ්‍ය සතුට ලබාදීම තමන් කරගෙන ගියා කියල ඒ මනුස්සයා පිළිගන්නවා. 
 
එයා කරගෙන ගිහින් තියෙන්නෙ මනුස්ස වැඩක්. 
 
පොලිසිය මේ කලේ අමුනුස්ස වැඩක්.
 
මේකද පොලිසිය විසින් කරන මහජන සේවය? මිනිස්සුන්ගෙ පුද්ගලික ලිංගික සම්බන්ධතා ඇතුලට මේ විදිහට කඩා පනින පොලිසියෙ සදාචාරය මොකක්ද? 
 
 කිසිදු අවුලකින් තොරව සියලු පාර්ශ්වයන්ගේ කැමැත්තෙන් තෘප්තියෙන් පවත්වාගෙන ගිය සේවා සම්බන්ධතාවයක් පොලිසිය විසින් පුහු සදාචාරයේ බලහත්කාරය පාවිච්චි කරලා පවුල් කඩා ඉහිරවන තත්වයට අරගෙන ගිහින් තියෙනවා.
 
අවුරුදු 18ට වැඩි පිරිමි හෝ ගැහැණු තමන් කැමති අය සමග ලිංගිකව එක්වීම පොලිසිය විසින් විශේෂ මෙහෙයුම් යොදා අත්අඩංගුවට ගන්නා තරම් වරදක් කරන මේ රටේ නීතිය කුමක්ද? 
  
මේ සදාචාර පොලිසියෙ මෙහෙයුමෙන් සමාජයට අත්වුනු යහපතක් ඇත්නම් ඒ කුමක්ද? 
 
පොලිසිය මේවා කරන්නෙ කා වෙනුවෙන්ද? 
 
මිනිස් නිදහස සීමා කරන මෙවන් අපචාරමය නීති වෙනස් කිරීමට සවිඥානක ජනතාව නීතිය ප්‍රශ්න කළ යුතුය.
 
 
(Faculty of Sex)
 

 

 
 

 
 
THE LEADER TV

 

රට කෑ කැරොලයින් නාඩගමේ තිරයෙන් පිටුපස කතාව!

 

දොලවත්ත කියන්නේ වහ කන කතාවක්නේ 'ස'

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...