The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

යාපනය නගරාධිපති අත්අඩංගුවට ගැනීම හෙලාදකිමු! -මාතර හිටපු මහ නගරාධිපති

T

The Leader Desk

April 11, 2021 • 2:07 PM

යාපනය නගරාධිපති අත්අඩංගුවට ගැනීම හෙලාදකිමු! -මාතර හිටපු මහ නගරාධිපති     

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යාපනය නගරාධිපතිවරයා ‘නගර ආරක්ෂක බලකායක් පිහිටුවීම’ කිසියම් ප්‍රමානයක දේශපාලනික කාල බෝම්භයක් බවට පත්විය.
  • වීථි නඩත්තුව, පාලනය, ථවාහන පාලනය හා නීති පැනවීම, රථ ගාල් ඇති කිරීම, වීථි වලට ඇතිකෙරෙන බාධා හා හානි පාලනය ඇතුලූව විශාල වපසරියකි.
  • මෙම කටයුතු ඉටු කිරීමේ දී ඒ සඳහා රජය විසින් ලබා දෙන ලද තනතුරු හා කාර්ය මණ්ඩලයක් සිටී.    එයට අමතරව නව කාර්ය මණ්ඩල හෝ තනතුරු අවශ්‍ය වන්නේ නම් මහා නගර සභාවකට ඒවා අලූතෙන් ඇතිකර ගත හැකිය.
  • ඒවාට වැටුප්, දීමනා හෝ පාරිශ්‍රමික නියම කිරීමට ද මහා නගර සභාවකට බලය ඇත.    සභාව විසින් ඇති කෙරෙන එම තනතුරු රජයේ තනතුරු ලෙස නොසැලකේ.
අකුරු ප්‍රමාණය (Font Size):
රජය ඔහු අත්අඩංගුවට ගත්තේය. 
 
‘දෙමලූන්’ අපේ යටතට ගනිමින් ‘තම්බියන්’ ද යටත් කිරීමට සිටි පෙරමුණේ රාළලාට නැවත උතුරට හැරෙන්ට ද සිදුවිය.
 
 මෙය නන්නත්තාර වී සිටිනා ආණ්ඩුවේ දේශපාලනයට අස්වැසිල්ලක් ගෙන ආවාට සැකයක් නැත.
 
 බොහෝ විපක්ෂයේ දේශපාලකයෝ ද පටලවාගෙන තිබුනි. 
 
කෙසේ හෝ ගෝඨාබයගේ සපත්තු කුට්ටම දා ගැනීම එකම විකල්පය ලෙස සිහින දකිනා ඔවුන් ද කකුළ කටේ දමාගෙන තිබුනි. 
 
 
 
ප්‍රාදේශීය සභාවකට වැඩියෙන් නගර සභාවකටත්, නගර සභාවකට වැඩියෙන් මහා නගර සභාවකටත් හිමි වන බලතල හා ස්වාධීනත්වය ඉහලය. පළාත් පාලන ආයතන යනු ස්වයං ආදායම් උත්පාදනය කරනු ලබන සහ අදාල පනත අනුව ස්වාධීනව කටයුතු කරනු ලබන ආයතනයන්ය. 
 
මහා නගර සභාවක්, සිය බල ප්‍රදේශයේ ‘මහජන සෞඛ්‍ය ප්‍රරෝහනය කිරීමේ සහ ආරක්ෂා කිරීමේ කාර්යයන් සඳහා වූ පොදු අධිකාරිය’ ලෙස මහා නගර සභා ආඥ පනතින් නම්කර ඇත. ඒ යටතේ පැවරෙන කාර්යය භාරය ඉතා විශාල වපසරියකි. එසේම, මහා නගර සභාවකට පැවරෙන ‘වීථි සම්බන්ධ බලතල හා කාර්යය’ ද අති විශාලය. වීථි නඩත්තුව, පාලනය, ථවාහන පාලනය හා නීති පැනවීම, රථ ගාල් ඇති කිරීම, වීථි වලට ඇතිකෙරෙන බාධා හා හානි පාලනය ඇතුලූව විශාල වපසරියකි. මෙසේ වූ කාර්යයන් හා වගකීම් තවත් බොහෝය. මෙම වගකීම් ඉටු කිරීමට කටයුතු කිරීම මහා නගර සභාවක වගකීමකි. 
 
 
 
ඒ  සඳහා වැඩ පිළිවෙලවල් යෙදීම, නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම එහි වගකීමයි. මෙම කටයුතු ඉටු කිරීමේ දී ඒ සඳහා රජය විසින් ලබා දෙන ලද තනතුරු හා කාර්ය මණ්ඩලයක් සිටී. 
 
එයට අමතරව නව කාර්ය මණ්ඩල හෝ තනතුරු අවශ්‍ය වන්නේ නම් මහා නගර සභාවකට ඒවා අලූතෙන් ඇතිකර ගත හැකිය. ඒවාට වැටුප්, දීමනා හෝ පාරිශ්‍රමික නියම කිරීමට ද මහා නගර සභාවකට බලය ඇත. 
 
සභාව විසින් ඇති කෙරෙන එම තනතුරු රජයේ තනතුරු ලෙස නොසැලකේ. එම තනතුරු වල වියදම් සභාව විසින් දැරිය යුතුය. 
 
 
606fcc189e00b Jaffna Mayor
        නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන්
 
යාපනය මහා නගර සභාව සිදුකර ඇත්තේ තමන්වෙත නීත්‍යානුකූලව හිමි වූ හා පැවරුන ඉහත සඳහන් බලතල ක්‍රියාවේ යෙදවීමයි. 
 
 
 
එය ඔවුන් මහා නගර සභාවේ මුදල් කමිටුවේ ද අනුමැතිය ඇතිව, සභා සම්මුතියකින් බලය ලබාගනිමින් ක්‍රියාත්මක කල යුතුය. 
 
පසුබිම් වාර්ථාවක් එයට එක්කරමින් එහි අවශ්‍යතාව සහතිකකල හැකිය. එය සිදුකලාද නොකලාදැයි මම නොදනිමි. එසේ නොකලානම් ඇත්තේ තාක්ෂණික හා පරිපාලන වරදකි. 
 
 
 
‘නගර ආරක්ෂක බලකාය’ යනු පළාත් පාලනයට අලූත් වචනයක් නොවේ.
 
 
 
‘නගර ආරක්ෂක බලකාය’ යනු පළාත් පාලනයට අලූත් වචනයක් නොවේ. 
 
මාතර මහා නගර සභාවේ මෙම වචනය කථා බහට ලක්වූයේ වර්ෂ 1999 පමණ ඉහත දීය. 
 
වසර 2011දී පමණ මාතර හිටපු නගරාධිපතිවරයෙකු ද මෙම බලකාය පිහිටුවීම පිළිබඳව අදහස් ඉදිරිපත් කළේය.
 
වර්ෂ 2018 මහා නගර සභා මැතිවරණයේ දී ‘මාතර හදන මග’ නම් වූ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙය නිශ්චිතවම ඇතුලත් කලේ ද මා විසිනි. 
 
අවාසනාවකට මෙම ප්‍රශ්නය දෙස කොළඹ ආණ්ඩුව හා සමහරෙක් බලන්නේ වෙනත් කණ්නාඩියකිනි. 
 
 
 
 අපේම පාර්ලිමේන්තුව විසින් සම්මතකර අදටත් වලංගුව පවතිනා නීතියකට අනුව ක්‍රියා කිරීම වැරදි වන්නේ කෙසේද? යාපනය පමණක් නොව කොළඹ මහා නගර සභාව ද මෙලෙසම වර්ණ භාවිතා කරයි. මාතර මහා නගර සභාවේ ආරක්ෂක අංශය ද මෙම වර්ණම භාවිතා කරයි. නමුත් යාපනය, මාතර මහා නගර සභාවට වඩා ඉදිරියට ගොස් ඇත. 
 
 
 
මෙම ‘දේශප්‍රේමය’ අපේ රටේ ලාභම සටන් පාඨයයි! එය  ඕනෑම තැනක විකිණිය හැකිය. ඒ සඳහා ආණ්ඩුපක්ෂ හෝ විරුද්ධ පක්ෂ කියා නැත. කොඩිය උදුරා ගැනීමට දෙගොල්ලෝම පොරකති. පක්ෂ කිහිපයක් වුව ද ඔවුන් සිටිනුයේ එකම දේශපාලන තලයකය. ගෝත්‍රික වැඩවසම් ලක්ෂණ වලින් ඔවුන්ට මිදිය නොහැකිය. 
 
 
 
‘යාපනය නගරාධිපති අත්අඩංගුවට ගැනීම හෙලා දකිමු!’ යැයි මම කී විට සමහරෙක් මට බැන වැදී තිබුනි. දකුණ දිනන්නට උතුරට විරුද්ධවීම අද ජනප්‍රිය දේශපාලනයයි. එහෙත් එයින් දිනූ දෙයක් නම් නැත. 
 
යාපනයේ මෙම ප්‍රවෘත්තියෙන් දකුණේ තරුණයන්, උගතුන් ඇතුලූ සමහර පිරිස් කළබලයට පත්ව ඇති සැටි මම දුටුවෙමි. නොසොයා බලා කලබලයට පත්වන ජන සමූහයක් වීම, පක්ෂ බේදයෙන් තොරව සියළු තක්කඩි දේශපාලකයන්ට කදිම ඉල්ලමකි. 
 
 
 
ඔව්! දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවටම අපි ජයගත යුතුය. ඒ ශ්‍රී ලාංකිකයන් ලෙසය. එය සිදුකල හැක්කේ, උතුරේ මිනිසුන්ගේ නීත්‍යානුකූල හිමිකම් හා මූලික මිනිස් අයිතිවාසිකම් පිළිගැනීමෙනි. ඔවුන් විශ්වාස කරන බව ඔවුන් තුල තහවුරු කිරීමෙනි. ජයග්‍රහනය රැඳී ඇත්තේ සැකය මත නොව විශ්වාසය මතය. 
 
සොයා බැලීමේ කිසිඳු වරදක් නැත. ‘සැකය’ ගොඩනැගීම  ඕනෑම දුර්වලයෙකුට සිදුකල හැකිය. එහෙත්, ‘විශ්වාසය’ පලකල හැක්කේ ධෛර්යවන්ත මිනිසුන්ට පමණි. 
 
ඔබට පක්ෂ වන්නට මෙන්ම විරැද්ධ වන්නට අයිතියක් ඇත. 
 
මම ඔබට ඇරයුම් කරමි. විවේඡනය කරන්න. අදහස් දක්වන්න. එහෙත් සොයා බලන්න.
 
 මක්නිසාද යත් ‘මතුපිටින් පෙනෙනා සියල්ල යථාර්තය නොවනා බැවිනි.‘
 
 
මම නැවත කියමි!
 
‘නගර ආරක්ෂක බලකායට මුවා වී, යාපනය නගරාධිපති අත්අඩංගුවට ගැනීම හෙලා දකිමු!’ 
 
 
44877084 1761906313920973 6592323389707255808 o(උපුල් නිශාන්ත සුභාවික්‍රම)
මාතර මහා නගර සභාවේ විපක්ෂ නායක හා 
මාතර ආසනයේ එජාප සංවිධායක 
 
 
 
සබැඳි පුවත්:
 
THE LEADER TV

 

හුඟ කාලෙකට පස්සේ කරපු ඒ වැඩේ නම් මරු "ස"

 

 මැයි දිනයේදී විමල්ට හු පෝරියල් එකක් දෙන්න සුදානමක් ?

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...