The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පාම් තෙල් සෞඛ්‍යයට හානිදායක බවට සාක්ෂි කෝ ? - මහාචාර්ය රොහාන් සමරජීව

T

The Leader Desk

April 11, 2021 • 2:42 PM

 පාම් තෙල් සෞඛ්‍යයට හානිදායක බවට සාක්ෂි කෝ ? - මහාචාර්ය රොහාන් සමරජීව     

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝකයේ සියලු ධනවත් රටවල් දියුණු වුනේ විද්‍යාව මත පදනම්වය.
  •   උදාහරණයක් ලෙස, පාම් තෙල් තහනම නිසි ක්‍රමවේදයකින් තොරව කරනු ලබන්නේ එය සෞඛ්‍යයට හානිදායක නිසා බව අඟවනු ලැබුවද, එයට අදාල සාක්ෂි ඉදිරිපත් කර නැත.
  •     පාම් තෙල් වල මෙන්ම මෙම කෘෂි රසායනික ද්‍රව්‍යයේද හානිකර අංග නැතුවා නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 මෑත කාලයේ මොන යම් හෝ හේතුන් පදනම් කරගෙන අප රටේ ආණ්ඩුවේ බලධාරීන් විද්‍යාව පිටුදකිමින් මිත්‍යාව ප්‍රවර්ධනය කරමින්, විද්‍යාත්මක සාක්ෂි නැතුව හෝ අභව්‍ය සාක්ෂි මත පදනම්ව රටේ ජනතාවට බලපාන වැදගත් තීන්දු තීරණ ගන්නා බවක් පෙනෙන්නට තිබේ.
 
උදාහරණයක් ලෙස, පාම් තෙල් තහනම නිසි ක්‍රමවේදයකින් තොරව කරනු ලබන්නේ එය සෞඛ්‍යයට හානිදායක නිසා බව අඟවනු ලැබුවද, එයට අදාල සාක්ෂි ඉදිරිපත් කර නැත.  
 
ධම්මික නමැති පුද්ගලයකුගේ පැනියක් පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් නිෂ්පාදනය කර ප්‍රචාර කර නිසි වෙලාවට එන්නත් ඇනවුම් නොකිරීම, විධිමත් එන්නත් දීමේ ක්‍රියාවලියක් අනුගමනය නොකිරීම, තමන් කියන ආකාරයට චීන එන්නත අනුමත නොකරන නිසා 13 දෙනෙකුගෙන් සමන්විත ඖෂධ නියාමන අධිකාරියේ සාමාජිකයින් හත් දෙනෙකුම අස්කිරීම ආදී ක්‍රියාවන් හේතුවෙන් වසංගත සමන ක්‍රියාදාමය වියවුල් කර, ජනතාව අසරණ තත්වයකට ඇද දමා ඇත.
 
පහුගිය ආණ්ඩු මගින් නිසි ක්‍රමවේදයකින් තොරව හදිසි තහනම් මගින් ආර්ථිකයට හානි කල අවස්ථා අතරින් ප්‍රමුඛ වන්නේ හකුලා ගත් ග්ලයිෆොසෙට් තහනමයි.  
 
පාම් තෙල් වල මෙන්ම මෙම කෘෂි රසායනික ද්‍රව්‍යයේද හානිකර අංග නැතුවා නොවේ.  
 
නමුත් අප කලයුත්තේ අවදානම් විද්‍යාත්මකව තක්සේරු කර තුලනාත්මක ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමයි.
 
 
RS 11.04(මහාචාර්ය රොහාන් සමරජීව)
praja.lk
 
THE LEADER TV

 

හුඟ කාලෙකට පස්සේ කරපු ඒ වැඩේ නම් මරු "ස"

 

 මැයි දිනයේදී විමල්ට හු පෝරියල් එකක් දෙන්න සුදානමක් ?

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...