The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

යූරි ගගාරින් හා වීර මැගිලින්

T

The Leader Desk

April 13, 2021 • 5:03 AM

යූරි ගගාරින් හා වීර මැගිලින්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යූරි ගගාරින් ලෝක ඉතිහාසයේ පළමු වතාවට අභ්‍යවකාශයට ගිය මිනිසා බවට පත්වුණේ 1961 වසරේ අප්‍රේල් 12දාය. ඊයේ දිනයේ යෙදුනේ එහි 60 සංවත්සරයයි.
  • ඒ අතරෙ සැඩ පහරට ගහගෙන ගිය අනික් අයත් වාසනාවට වගේ ඉවුරුවලට කිට්ටු වෙලා රබර් මුල් අල්ලගෙන හිටියෙ.
  • කාටවත් කරදරයක් විපතක් වුණේ නෑ.“   මෙම සිදුවීම නිසා ඇයට අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක විසින් වීර මාතා සම්මානය පිරිනමන ලදී.      එදා මෙන්ම අද ද, සිදුවීම් ප්‍රවෘත්ති බවට පත්කරන්නේ මාධ්‍ය විසිනි.
  • ඇගේ මෙම ප්‍රකාශයෙන් එය මැනැවින් ඔප්පු වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
ඉන් පසු ලෝක සංචාරයක යෙදුණු යූරි ගගාරින් 1961 දෙසැම්බර් හත්වෙනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණියේය. 
 
රත්මලාන ගුවන් තොටුපළේදී මල් මාලයක් පළඳා ගගාරින් පිළිගත්තේ වීරමලගේ මැගිලින් නෝනා හෙවත් වීර මැගිලින්ය. 
 
24 03
 
ඡායාරූපයේ සිටින රෙදි හැට්ට ඇඳි මේ නව යෞවනිය කවුරුද?
 
ඒ වනවිට වයස අවුරුදු 14ක් වූ ඇය ජීවිත දිවි නොතකා කටයුතු කරමින් අනතුරකින් විපතට පත් ජීවිත 12ක් බේරාගෙන තිබිණි. 
 
ඒ පිළිබඳ සිහිපත් කරමින් සිළුමිණ පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඇය මෙසේ පැවසුවාය:
 
 MAgilin
 
“ඔය සිද්ධිය වෙන්නෙ මගේ පුතේ 1961 අවුරුද්දේ ජූලි 07. මට අවුරුදු 14යි. මගෙ ගම දියගම තෝරමුල්ල. හෝමාගමට තමයි අයිති. ඒ දවස්වල මේවා මහා රබර් වතු.
 
“දියගම ඔය හින්දා ගම දෙකට බෙදිලා තිබුණෙ. ඉස්කෝලෙයි පන්සලයි තිබුණෙ ඔයෙන් එගොඩ. අපි එගොඩ මෙගොඩ ගියේ ඔය හරහා දාලා තිබුණු පොල් කොටන් දෙකක් තියන ඒදණ්ඩකින්.
 
“ඒ දවස්වල හොඳටම වැස්ස. ඔයේ වතුර හොඳටම පිරිලා. අපි දොළොස් දෙනෙක් විතර වෙනදා විදිහටම පෝලිමට ඒදණ්ඩෙ නැගලා එනවා ඔයෙන් එගොඩ වෙන්න. මගෙ දෙයියනේ ! එදා ඔය මැද්දට එද්දි එකපාරටම ඒදණ්ඩ කැඩිලා කට්ටියම ඔයට වැටුණා.
 
“මට පීනන්න පුළුවන්. වැටෙනවත් එක්කම මම පීනලා ඉවුරට ඇවිත් රබර් මුලක් අල්ලගනිද්දි මට පේනවා අපේ කට්ටිය වතුරෙ ගිලි ගිලී උඩට එනවා. මම ඔය මැදට පීනලා දෙන්නා දෙන්නා අරන් කොණ්ඩවලින් ඇදගෙන ඉවුරට ගෙනාවා. හය දෙනෙක් ගේනකොට ඒ දණ්ඩෙ ඉතිරි කෑල්ල කැඩිලා මගෙ කකුලට වැටුණා.
 
“දැන් මට හෙල්ලෙන්න බෑ. මම කළේ අනික් අයටත් කියලා පුළුවන් තරම් හයියෙන් කෑ ගහන්න ගත්තා. අහල පහලක ගෙයක් නැති වුණාට මගෙ කෑ ගැහිල්ල ඇහිලා ඈතින් යන්න ආපු දෙන්නෙක් දුවගෙන ආවා. ඇවිත් අපිව ගොඩට ගත්තා. ඒ අතරෙ සැඩ පහරට ගහගෙන ගිය අනික් අයත් වාසනාවට වගේ ඉවුරුවලට කිට්ටු වෙලා රබර් මුල් අල්ලගෙන හිටියෙ. කාටවත් කරදරයක් විපතක් වුණේ නෑ.“
 
24 2
මෙම සිදුවීම නිසා ඇයට අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක විසින් වීර මාතා සම්මානය පිරිනමන ලදී. 
 
 
එදා මෙන්ම අද ද, සිදුවීම් ප්‍රවෘත්ති බවට පත්කරන්නේ මාධ්‍ය විසිනි. ඇගේ මෙම ප්‍රකාශයෙන් එය මැනැවින් ඔප්පු වෙයි.
 
“අපේ ගම්වල ඇත්තන්ට මේවා ඉතින් එහෙමටම අරුමත් නෙමෙයි. ඒත් ගමේ මැනේජර් මහත්තයා මුල් වෙලා මේ සිද්ධිය ජනතා පත්තරේට යොමු කළා. සිද්ධිය වාර්තා වුණාම ඒ ගැන ගමෙයි රටෙයි අවධානය යොමු වුණා. 1961 අවුරුද්දෙ වීර පදක්කම හම්බ වුණේ ඒකෙ ප්‍රතිඵලයක් විදිහට.“
 
ඒ වනවිට පිළියන්දල මධ්‍යමහා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වූ මැගිලින් නෝනාට රජය විසින් විශාඛා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම සඳහා ශිෂ්‍යත්වයක් ලබාදුන්නේය. පියා මියයාම නිසා අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා උගත් ඇයට විශාඛාව හැර යන්නට සිදුවිය. මැලිබන් සමාගමේ රැකියාව කළ ඇය දැන් විවාපත්ව, විශ්‍රාමිකව, දරු මුණුබුරන්ගේ සුරතල් බලමින් ජීවත් වන බව සිළුමිණ පුවත්පත වාර්තා කරයි.
 
එදා පොල්කොට ඒ දණ්ඩ අද වීර මැගිලින් නමින් නම් කරන ලද පාලමකි. ඒ වනවිට වයස අවුරුදු 14ක් වූ ඇයට දැන් වයස අවුරුදු 74කි. ඒ වනවිට 27වන වියේ පසුවූ යූරි ගගාරින් 1968දී 34වන වියේදී මියගියේය.
 
(උපුටා ගැනීම - praja.lk)
 
ඡායාරූප සිළුමිණ පුවත්පතෙනි.
 
 
මුල් ලිපිය :
 

 

 


 

 

THE LEADER TV

 

අපි නොදන්න ස්ටියරිං - සිද්ධිකාට දැම්ම වගේ 'තගක්' දමයන්තිටත් දායිද ?

 

 

හුඟ කාලෙකට පස්සේ කරපු ඒ වැඩේ නම් මරු "ස"

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...